වචනයක් පිට කළ යුත්තෙත් පරිස්සමෙන් "හොඳට " නරකට හිටි හැටි දෝංකාරය දෝංකාරය මගේ දිනපොතක් සේය. මගේ දෛනික අත්දැකීම් ඉඩ ලැබෙන වෙලාවට ධර්මය හා මුසුකර ඉදිරිපත් කරන්නම්.වචන පාවිච්චි කළ යුත්තේ මොනතරම් ප්රවේසමින්ද කියා මට සිතේ. අපූරු වැඩක් දිනක් සිදුවිය. ඒ කේන්දරබලන කෙනෙක් මාව වරදවා වටහා ගැනීමයි. මට ලැබුන කේන්දර ඔහු ලවා බලවා ගෙන ඔහුට මුදල් දීම මා දෙතුන් වරක් කර තිබුනි. මා එම කේන්දරය දී අනේ මේක හොදට බලන්න කියා කිව්වෙමි.ඉන් පසු ...
මට හමුවූ උතුමෙක් දෝංකාරය එම පුද්ගලයා හමුවීමට මා ගියේ එකළ ඔහු අප සමග දේශපාලන කටයුතු කළ නිසා ඒ සම්බන්ධ හිතවත්කමකටය. එහෙත් ඔහු මුණගැසුන විට ඔහු හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකුවී ඇති බව මට තේරුනා.ඔහු මගේ ඉල්ලීම ප්‍රතික්ශේප කළේ ඉතා කාරුණිකවයි.අප එදා සාකච්ඡාකලේ අධ්‍යාත්මික කරුණුයි.ඔහු කොතරම් දියුණුවීද යත් චුතූපපාත ඥානයද ලබා තිබුනා. චුතූපපාත ඥානය යනු පෙර විසූ කද පිළිවෙල සිහිකිරීමයි. ඔහුට ඔහුගේ පෙරභවයන් සිහිකළ හැකිව තිබුනා.නිශ්ඵල දේශපාලන ...
කොවුර්ගෙ චැලේන්ජ් එක බාර ගනිමුද දෝංකාරය අධිමානසිකලාභීහු සිටිති. එහෙත් තමන්ට බලයක් ඇතැයි අණබෙර ගසන්නේ නැත.එසේනම් කොවුර්ගෙ ලක්ෂ දහය ගන්න චැලේන්ජ් එක බාර නොගන්නේ ඇයි ? ඔබ අසනු ඇත.එයට නම් හිනාවීම ඇර වෙන දෙයක් නැත. මෙවැනි යම් බලයක් ඇති අය එවැනි දෙකයි පනහෙ වැඩනොකරති.උසස් බලයක් ඇති අයෙක් හමුවීමට මා ඔහුගේ රාජකාරී ස්ථානයට ගිය විට අඩුගනනේ ඔහු තමන් යෝග කරන බවවත් එහි කිසිවෙකුට කියා නැත. එහෙත් ඔහුගේ විශ්මයජනක ...
ප්‍රීති ප්‍රමෝදය දෝංකාරය ඔබ කිසිම කණ්ඩායමකට අයත් නැහැ. කිසිම දේශපාලන පක්ෂයක සාමාජිකයෙක්ද නොවෙයි. කිසිම ජාතියකට ආගමකට කුලයකට ප්‍රදේශයකට අයත් නැහැ. කොටින්ම ඔබ මනුෂ්‍යයෙකුත් නොවෙයි.එසේ කියන්නේ මේ සියල්ල ඉතාම තාවකාලිකව අප මත පැටවූ සම්මුතීන් පමණක්ම නිසයි.අපේ සිතිවිලි යනු බාහිර අරමුණු නිසා ඇතිවන ඡායාමාත්‍රයන්. ඒවා ඇතිවන්නේ බාහිර අරමුණු පාදක කොටගෙනයි.එබැවින් ඒවා බැහැරකර තබන විට සැනසිල්ල ඇතිවේ.අපට තරහක් ඇතිවෙනවා කියන්නේ ආශාවක් ඇතිවෙනවා කියන්නේ අප ඒ බාහිර ...
අධිමානසිකලාභීන් සිල්වත්තුද දෝංකාරය නොරැවටෙන්න බුදුදහමේ නිර්වාන මාර්ගය සහ අප මෙහිදී කතාකරන එක් ක්ශේත්‍රයක් වූ අධිමානසික බල අතර සම්බන්ධයක් නැත. ධර්ම මාර්ගයෙහිදී මෙම බල ලැබේ. එහෙත් මෙම ලිපියේ අප කතා කරන්නේ අනායාසයෙන් හා ඇතැම් අභ්‍යාස තුලින් යම් බලයක් ලැබූවන් ගැනය.අධිමානසිකබලයක් ඇතිබවට මට සෑහීමට පත්විය හැකිවූ පළමු තැනැත්තා හමුවීමට මා ගිය ගමන ගැනද කියන්නම්. මාගිගේ මාත් සමඟ යෝග කරන මගේ මිතුරාද සමගිනි. එක් දිනක් ඔහු ...
අනාගතය දකිමු දෝංකාරය මම බෞද්ධයෙක්මි .ඔබ සේම සිතුම් පැතුම් වලින් සමාන සාමාන්‍ය මිනිසෙක්මි. සිසුවෙකු මිස ගුරුවරයෙකු නොවන්නෙමි.සත්‍යම පවසමි. එහෙත් අධිමානසික පර්යේශනවලදී මට ඇතිවූ ගැටළුව නම් අධිමානසිකලාභීන්ගේ අනාවැකි අනුව සිදුවීම් යම් පෙළගැස්මකට අනුව සිදුවන්නේද යන්නයි.ඇතැම් ආගම්වල තිබෙන සේ. මෙය මට නිරාකරණය නොවූවකි.නෝත්රදාම්ස් එඩ්ගාර් කේසි වැන්නන්ගේ අනාවැකි බලන්න .ඔවුහු වසරසියගනන් ඉදිරියට කියා ඇත.මිතුරනි මා අධිමානසික විද්‍යාව ගැන කතා කරන්නේ පොත පතින් ලැබූ දැනුමින් නොවේ. ගුරුන් ...
සැබෑ උතුමන් වූ අඝෝරීහු දෝංකාරය මෙරට බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඉන්දියාව යනු හාස්කම් වලින් පිරි යෝගීන්ගේ පාරාදීසයක් බවයි. එහෙත් එය අර්ධ සත්‍යයකි. මා මෙසේ කියන්නේ ඉන්දියාවේ සැරි සරා ලද අත්දැකීමෙනි. හාස්ක කළ හකියැයි පුවත්පත්වල පිටු සරසන බොහෝදෙනාකරන්නේ ව්‍යාපාරයකි. ඔවුන්ගේ සුඵෝඛබෝගී නිවෙස් ඇමරිකාව වැනි රටවල පිහිටා ඇත. ඔවුන්ගේ ආශ්‍රමද මාළිගා වැනිය..සැබෑ අධිමානසික බලවතුන් කවුද කියා ඔබට පැනයක් නැගෙයි. ඔවුහු නම් අඝෝරීන්ය. අඝෝරි කර්මය ලෙහෙසි නැත. එසේම ...
මේ පින්බර පොහෝදා ඔබ සැමගේ සිත් සතන් සිසිල් වේවා දෝංකාරය වෙසක් පෝ දින ඔබේ හදවත සිසිල් වේවාඅද මේ පින්බර දවසේ සියළු බැදීම් වලින් නිදහස් වීමේ සතුට ගැන කතා කරමු.අවාසනාවට භාවනාවට දිය යුතු මුල්තැන වෙනත් ආමිස පූජාවන්ට දීම නිසා අපගේ මනස සිසිල් කරගැනීමට අපට ලැබී ඇති උතුම්ම අවස්ථාව මගහැරී ගොස් ඇත. දන් දීම හොද වැඩකි. එහෙත් දානයෙන් විවිධ අලංකාර ප්‍රදර්ශනවලින් සිතට ලොකු සහනයක් නැත.කොතරම් දන් දුන්නත් කොතරම් අලංකාර වෙසක් කූඩු හැදුවත් ...
ඔබට සැහැල්ලුවක් දැනේවි. දෝංකාරය ඔබ මෙලොවට අයත් නැති කෙනෙක් ලෙස ඔබට සිතන්නට හැකිනම් මෙලොව සිටින අය සමඟ ඇති ගැටීම්වලින් මිදෙන්නටපුළුවන. ඔබගේ හිස මත තබාගෙන බරක් කරගෙන සිටින සියළු දෙනා බිම තබන්නසියළුම දේවල් බිම තබන්න .ඔබට සැහැල්ලුවක් දැනේවි.එවිට මෙලොව තිබෙන කිසිම භේදයකට ඔබ අයිති නැහැ. කිසිම කණ්ඩායමකට ඔබ අයිති නැහැ. ඔබ අයිති සැහැල්ලුව සතුට ප්රමෝදයට පමණයි.සතුරාගෙන් මෙන්ම මිතුරාගෙන්ද ප්‍රවේසම් වෙන්න. කෙනෙක් ඔබට යම් සතුරුකමක් කළ ...
ධර්ම මාර්ගයේ යාමෙන් මාතුල ඇතිවූ විපර්යාසය දෝංකාරය සිත තුල අරමුණුවලින් නිදහස්ව තබාගෙන ක්ලේෂයන් ප්‍රහීන කිරීමට පටන්ගත්විට ද්වේශය, කලබලකාරී ගතිය , බිය නැතිවී යයි.උපේක්ෂාව වර්ධනය වෙයි. ලෝභය දුරුවෙයි. මෙය අද්දුටුවකි. එසේම වචනයෙන් විස්තරකළ නොහැකි ප්රමෝදයක් දැනේ. සමහරු සෝවාන් වුනා කියා රැවටෙන්නේ මේ තත්වයටයි.සිත තුල අරමුණුවලින් නිදහස්ව තබාගෙන ක්ලේෂයන් ප්‍රහීන කිරීමට පටන්ගත්විට ද්වේශය, කලබලකාරී ගතිය , බිය නැතිවී යයි.උපේක්ෂාව වර්ධනය වෙයි. ලෝභය දුරුවෙයි. මෙය අද්දුටුවකි. එසේම වචනයෙන් විස්තරකළ නොහැකි ...
ටෙලිපති පර්යේශන දෝංකාරය යෝග හදාරන විට අපගේ කණ්ඩායමට අවබෝධවූ දෙයක් නම් අප සිතන්නෙ කිසියම් නිශ්චිත සිතිවිලි දාමයක් බවයි. එක්කෝ බිරිද දරුවන් ,කාර්යාලය, හෙට කළ යුතුව තිබෙන වැඩ ආදී වශයෙන්.අප මේ සිතිවිලි පළවා හැරියා. ඉන් පසුයි ටෙලිපති වැනි පර්යේශන කළේ. අපේ අරමුණ වුනේ දැනුම ලබාගැනීමට විකල්ප මාවත් තිබේද යන්න සොයාබැලීමයි.විචිත්‍රවත් වූ ඔබ මවිත කරවන සුළු තොරතුරු මෙසේ අවකාශයට මුදාහැරෙන්නේ ඔබ ගැන අනුක්මපාවෙන්මයි. ...
යෝගියාගේ පරම හතුරා නිදිමතයි දෝංකාරය යෝගීහු බඩගින්න ,පිපාසය හා ලිංගික ආශා නිසා ධර්ම මාර්ගයේ ප්‍රමාද වන බව සාමාන්‍ය පිළිගැනීම වුවත් යෝගියාගේ සැබෑ සතුරා අන් කිසිවක් නොව නිදිමතයිභාවනාවේදී නීවරණයන් යටපත් කරමින් සිහිය වඩන යෝගියා වෙහෙසට පත්කර නින්දට යවා සියල්ල අඩාල කරන නිසා දැඩි වීර්යයකින් නින්ද පාලනය කර සතිපට්ඨානය වැඩිය යුතුය. ...
සිතේ සහනය සහ සැනසිල්ල දෝංකාරය 1. ඔබට අත්විදින්නට අභ්‍යාස කිහිපයක් දෙන්නම්. මේ එක් අභ්‍යාසයක් විනාඩි දෙකක්වත් කළ යුතුයි. පෘථිවියේ සිටින්නේ ඔබ පමණක් යැයි සිතන්න.පෘථිවිය මළ පාළු ග්‍රහලෝකයකි. එහි සතුන් ගස්වැල් ගොඩනැගිලි කිසිවක් නැත. ඔබ දුටු ග්‍රහ වස්තුවක ඡායාරූපයක් සිහිතබා ගැනීම පහසුය.විනාඩි දෙකකින් ඔබට සහනයක් දැනේ2 . ඔබ වනාන්තරයක තනිව සිටින්නේයැයි සිතන්න.අසලින් දියපාරක් ගලා යයි. බැලූ බැලූ අත කොළවන් තුරුලතාය. අවශ්‍ය නම් ඈත එක යායාට හිමතලාවක් ...