5. සිරියානු දියණිය පුරුදු ආකාසේ මේ ඡායාරූපය දැක්කද?මේ ඉන්නේ පොඩි දරුවෙක්. අවුරුදු හතරක ගැහැණු ළමයෙක්. ඇයගේ නම Hudea. පහුගිය දෙසැම්බරයේ සිරියාවේ සරණාගත කඳවුරකදී Osman Sagirli නැමති ඡායාරූප ශිල්පියාගේ කැමරා ඇසට ඇයව හසුවුනේ මෙසේයි.ලියන්නාගේ මෙන්ම තවත් දස දහසක් මිනිසුන්ගේ හද සසළ කරන්නට මේ ඡායාරූපය හේතුව වුනේ ඇයි?තමාගේ ජීවිත කාලයටම කැමරාවක් නුදුටු අවුරුදු හතරක චූටි Hudea ඇයගේ අත් දෙක ඔසවාගෙන ඉන්නේ මේ ඡායාරූප ශිල්පියාගේ අතේ තියෙන්නේ කැමරාවක් ...
මම කව්ද? මොනවද කරන්නේ? පුරුදු ආකාසේ අපි හරිම අමුතු සත්ත්ව කොට්ඨාශයක්.මොන දේ ලැබුණත් අන්තිමේදි අපිට ඕන ඊට හාත්පසින්ම වෙනස් දෙයක්.තමන්ට ඇත්තටම ඕන මොකද්ද කියන එක තේරුම් ගත්ත එක හෝමෝ සේපියන්ස් කෙනෙක්වත් මේ පොලව මත නම් නැතිව ඇති. එහෙම කිව්වෙ පිසාචයා.අහම්බෙන් දැක්ක ඔය වචන පේළි ටික මාව කල්පනා සාගරයක අතරමං කලා. ඇත්තටම අපි කව්ද? අපිට ඇත්තටම ඕනෙ මොනවද? අපි ලෝකය තේරුම් ගන්න හැදුවට, අනුන්ව තේරුම් ගන්න උත්සාහ ...
7. බන්දු සමරසිංහ - තොට දැන් හිමි දඬුකඳ ය පුරුදු ආකාසේ බන්දු සමරසිංහ විසින් කෙරුන පැමිණිල්ලකට අනුව බින්දු බෝතලේගම නම් වූ පුද්ගලයෙක්ව අත් අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කොට ඇත. ඔහුට එල්ලවී ඇති චෝදනාව නම් බන්දු සමරසිංහගේ අවසරයකින් තොරව ඔහුව අනුකරණය කරමින් සී.ඩී තැටි විකිණීම සහ රංගන කටයුතු වල යෙදීමය.ඇප ලබාගෙන උසාවියෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ බින්දු බෝතලේගම පවසා සිටියේ බන්දු සමරසිංහ විසින් ඔහුව අනුගමනය කිරීමේ වරදට තමාට නඩු දමා ඇති ...
6. පිං මාළු වලේ කුසල් හාමිලාගේ සත්ත්ව අවිහිංසාව පුරුදු ආකාසේ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සැමරීම නිමිති කොට ගෙන සංවිධානය කොට තිබුණු අවුරුදු උත්සවයකදී ප්‍රකට දේශපාලකයෙකු වන කබීර් හෂීම් මහතා විසින් අලියාට ඇහැ තැබීමේ තරඟයක් සඳහා සැබෑම අලියෙකු යොදාගත් අයුරු දැක්වෙන් ඡායාරූපයක් පසුගිය දිනවල අන්තර්ජාලයේ කතාබහට ලක් විය.අවුරුදු උත්සව ආශ්‍රිතව සුලබ ක්‍රීඩාවක් ලෙස සැලකෙන අලියාට ඇහැ තැබීම තරඟයේදී සාමාන්‍යයෙන් රූපමය වශයෙන් යොදාගන්නා ඇත් රූපයක් වෙනුවට සැබෑ අලියෙක් යොදා ගැනීම විවිධ ...
සිල්ලර උසාවිය; නිශ්ශබ්ද වෙනු..! පුරුදු ආකාසේ 2014 දෙසැම්බර් 05 - හලාවත, මායික්කුලමඅප වර්තාකරු - මෙතන වෙලා තියෙන්නෙ මොකක්ද කියල පොඩ්ඩක් පැහැදිළි කරන්න පුළුවන්ද?" මේකයි... උනේ. මේ වෙලාව ඉස්කෝල ඇරෙන වෙලාවනෙ. මුං දැන ගන්න ඕනෙ..කල්පනාවෙන් වාහන එලවන්න...(හති දමයී)"අප වර්තාකරු - මොකද කතා කරන්න අමාරුද?"සමාවෙන්න මහත්තයා (හති දමයී).. මට පොඩ්ඩක් හති.. මේකයි.. උනේ...මේ පැත්තෙන් ඉස්කෝලේ ඇරිලා පොඩි කොලුවෙක් බයිසිකලේක නැගලා ආවා. ගෙදර යන ගමන්ද කොහෙද. එවෙලෙම අනිපත් පැත්තෙන් ...
Why me ? - ඇයි මටම වෙන්නේ ? පුරුදු ආකාසේ "මට ම මයි වෙන්නෙ"අපේ ජීවිත කාලයේ කී පාරක් නම් අපට ඒ විදිහට හිතිලා ඇද්ද?ඇයි මටම මෙහෙම වෙන්නෙ? කොච්චර හොඳ කලත් වැඩක් නෑ.. හොඳ මිනිස්සුන්ට මයි නරක දේවල් වෙන්නෙ..ඇයි ?ඇයි මේ අසාධාරණය...?හොඳ දේවල් වෙන්න ඕන හොඳ මිනිස්සුන්ටනෙ. නරක දේවල් කාටහරි වෙනවා නම්, එහෙම වෙන්න ඕන නරක අයටනෙ. එහෙම නෙමේද?අපි හැමෝම හිතන්න පුරුදු වෙලා තියෙන්නෙ අපිට වෙනවා නම් වෙන්න ඕන හොඳ දේවල් ...
කලාකරුවන් නඟන නලා හඬ - රසිකලොජිස්ට් අයියා තරහා වෙයිද? පුරුදු ආකාසේ පුදපු ගමන් කාපි යකා කියලා බ්ලොග පටන් ගත්ත ගමන් බ්ලොග් අවකාශයේ නමක් හදාගෙන ඉන්න ජනප්‍රිය පොරවල් එක්ක නෝක්කාඩුකම් ඇති කරන්න බෑ. ඒත් රසිකලොජිස්ට් අමනාපකමක් ඇති කරගන්න එකක් නෑ කියලා හිතෙන නිසා එයා ලියපු මේ ලිපියේ මතුවුන කරුණු දෙකතුනක් ගැන මගේ සතදෙක මෙහෙම එකතු කරන්නම්.රසිකලොජිස්ට් ගෙ ලිපියේ එයා අහල තිබ්බ එක ප්‍රශ්නයක් මගෙ හිත ගත්තා. කාලයක් තිස්සෙ මගේ ඔලුවෙත් කැරකි කැරකි ...
ඉරුණු අත්තටු පුරුදු ආකාසේ වළා තීරයෙන් එහා සැඟවුණපෙනෙන මානයෙන් එහා ලොවකටඉරුණු අත්තටු අත දරාගෙනඉගිල යන්නට තනන අපහටසරණ ඇත්තේ ඉරුණු තටු මදනීල අහසේ හමන සුළඟදනැතොත් වෙනයම් කුමක් හෝ අපනොදත් දෙවියන් කෙනෙක් ගෙන් මදඅනේ අසරණ අනථ අපහටසරණ වන්නේ කවුරු කොහොමද..උපන් කූඩුව දමා හැර අපකොයිද යන්නේ දන්නවද නුඹසුමුදු සුව ඇති ලොවක් මඟකදඅඳුරු බියකරු කටුක තැනකදනොදත් මඟකට පාර පෙන්වනඉදිරියේ සිටි කෙනා මිතුර ද?මගේ පසුපස සිටින දරු හටනොදත් බව ...