"හව් ඊස් ඉට් ගොයිං?" සහ "හව් ආයා ගොයිං?" මගේ ඕස්ට්‍රේලියානු අත්දැකීමක් - A page from my diary රසිකොලොජි - Rasikology මා පාසල් සමයේ පරිහරණය කළ "ඇන් ඉංග්ලිෂ් කෝස් ෆෝ ග්‍රෙඩ් සික්ස්/සෙවන්/එයිට්/නයින්/ටෙන්" වැනි අච්චුපොත්වල ද, පසු කලෙක කියවූ "බීබීසියේ", "ෆලෝ මී!" නමැති ගුවන් විදුලි ඉංගිලිසි ඉගැන්වීමේ වැඩ සටහනේ අත් පොතේ ද, ගම්පහ "ලාල් සෑර්" ගේ "ඉස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියේ දී බෙදා හැරුණු රෝනියෝ කළ පත්‍රිකාවලද සඳහන් වූ පරිදි අපට කිසිවෙකුව අලුතෙන් හඳුන්වා දුන් විට ඇති විය යුතු සම්ප්‍රදායානුකූල දෙබස මෙසේය.හව් ඩූ යූ ...
අමතක වී ගිය සංවත්සරය - Fading away......! රසිකොලොජි - Rasikology ඊයේ දිනයට යෙදුණු, මගේ ජීවිතයේ වැදගත්ම සංවත්සරයක් මට අමතක වී ගියේ ය. ඒ සංවත්සරය වැදගත් එකකැයි මා කියන්නේ, අවාසනවන්ත ආකාරයට අමතක වී ගියේ ජීවිතයේ එක් වැදගත් සන්ධිස්ථානයක දසවෙනි සංවත්සරය නිසායි.මේ අමතක වීම සිදු වුණේත්, අමතක වුණු බව සිහි වුණේත්, පුදුම සහගත ආකාරයටය. මීට සති දෙකකට පමණ පෙර මට මේ සංවත්සර දිනය ද, එය දසවෙනි සංවත්සරය බව ද, එනිසා ම එහි ...
බ්‍රිස්බේන් නගරයේ නිවාඩුවක් - I had a week off රසිකොලොජි - Rasikology මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්.බිරිඳ ද, දරු දෙදෙනා ද සමග මම පසුගිය දා සතියක පමණ පොඩි පහේ නිවාඩුවක් ගත්තෙමි.ඒ මා වෙසෙන සිඩ්නි නුවර හෙවත් සිනුවරින් කිලෝමීටර් 900 ක් පමණ උතුරු දෙසින් පිහිටි බ්‍රිස්බේන් නගරයේ ය. බ්‍රිස්බේන් යනු ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රාජ්‍යයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවරයි.වංගු ගැසෙමින් ඇදී යන බ්‍රිස්බේන් නදිය දෙපස පිහිටා ඇති බ්‍රිස්බේන් නගරය මනරම් පුරවරයකි. බ්‍රිස්බේන් කරා ගුවනින් ගිය අප නගර මධ්‍යයේ ...
වාසනාවන්ත 2018 නව වසරට ආසිරි සහ 2016 ලග්න පලාපල - Happy new year 2018 to all රසිකොලොජි - Rasikology උදාවෙන 2018 නව වසර ඔබ සැමට ජොලි ගුඩ් නිව්ඉයරයක් ම වේවා යැයි ඉත සිතින් පතමි!වෑර් මාරු වීමක් නොවේ.කොහොමටත් 2017 සඳහා සුබ පැතීමට දැන් ප්‍රමාද වැඩි ය. ඒ නැතිවුණත්, මට අවශ්‍ය වූයේ 2018 වසර සඳහා ඔබට සුබ පතන ලෝකයේ පළමුවැන්නා වීමයි. තව දින 354 කින්, වෙනත් අය ඔබට සුබ නව වසරක් කියා ප්‍රාර්ථනා කරන විට, 2018 සඳහා ඔබට මුලින් ම සුබ ...
ජනාධිපති ඡන්දය ගැන මගේ පැතුම - What I wish to see on 9 January 2015 රසිකොලොජි - Rasikology සති දෙකක නිවාඩුව මැද මේ ලියන්නේ වත්පොත හරහා ලැබුණු ගිතයක් ඔබ හා බෙදා ගන්නයි. මෙන්න අසා රස විඳින්න.ජනවාරි අටවෙනිදා පැවැත්වෙන ජනාධිපති ඡන්දය ගැන මගේ පැතුම මෙයයි.මහින්ද රාජපක්ෂට ඡන්ද ප්‍රතිශතය 33.34% හෝ ඊට අඩුවෙන් ලැබේවා!ජනවාරි නමවෙනිදා මගේ පැතුම ඉටුවුණු පසු නැවතත් හමුවෙමු.ස්තුතියි.-රසිකොලොජිස්ට් ...
ඩ්‍රයි ජුලයි හෙවත් පිං අතේ වැඩ! - Dry July in blogging රසිකොලොජි - Rasikology මුස්ලිම් ආගමේ අයට තම ආදායමින් නියමිත ප්‍රතිශතයක් අනිවාර්යෙන් ම දන් දෙන්නට යැයි උපදෙසක් ඇති බව මා අසා ඇත. දානය යනු බුද්ධාගමේ ද පින් රැස් කිරීමේ එක් ප්‍රධාන ක්රමයකි. දස කුසලින් එකක් යැයි ද, දස පාරමිතාවෙන් එකක් යැයි ද කියවේ. තමන්ගේ ආදායමෙන් යම් නිශ්චිත කොටසක් පුණ්‍ය කටයුතු සඳහා යොදවන්නැයි උපදෙසක් සිඟාලෝවාද සූත්‍රය හෝ එවැනි තැනක ඇති යැයි මා සිතා සිටියද එය ...
අත බලා සාස්තර කීමට දැන සිටීමේ හොඳ ප්‍රතිඵල - Those were the days! රසිකොලොජි - Rasikology මම ඊයේ මගේ දෙඅල්ලේ ම ඡායාරූප විස්තර කතාවක් ද සහිතව රසිකොලොජියේ පළ කර මා මැරෙන දවස හැකි නම් කියන ලෙස අභියෝගයක් ද කළෙමි. ඒ ඊට පෙර දින ෆෙස්බුක් හි දකුණු අල්ලේ ඡායාරූපයක් පළ කර මුට්ටිය දමා බැලීමෙන් අනතුරුවයි. මට මා මිය යන දිනය දැන ගන්නට අවශ්‍ය වී ඇත්තේ, වෙන දේකට නොව, මැරෙන්නට පෙර කළ යුතුම වැඩ රාජකාරී කිහිපයක් ඇති නිසා ...
විස්කි පිදුරු රහයි ද? - What taste is Whiskey? රසිකොලොජි - Rasikology වෑන් ෆ්‍රෝසම් සහ වෑන් ඔයුඩියුස්ඩන් නම් බෙල්ජියන් ජාතික ආචාර්යවරුන් ගැන මා ලියූ ලිපි ද්වයේ සඳහන් වුණු, මා පශ්චාත් උපාධියක් ලබාගත් තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඒෂියන් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි හෙවත් ආසියානු තාක්ෂණික ආයතනය, අද වන විට වසර හැටකට කිට්ටු ඉතිහාසයක් ඇති විශ්ව විද්‍යාලයකි. සියැටෝ ග්‍රැජුවේට් ස්කූල් ලෙස මෙය ඇරඹී ඇත්තේ වසර 1959 දී ය. සියැටෝ (SEATO) යනු සවුත් ඊස්ට් ඒෂියා ට්‍රීටි ...
දේශපාලුවන් සම්මාන දුන් අපි නොදන්නා සයිබර් සම්මාන උළෙලක් - Cyber Awards 2016 (Blogs, Vlogs, Twitter, Instagram and all included) රසිකොලොජි - Rasikology දේශපාලුවන් පැමිණ සම්මාන ප්රදානය කළ නමුත්, ඒ ගැන කිසිදු කචල්-බචල් ඇති වූ බවට ආරංචියක් නැති සම්මාන උළෙලක් ගැන විස්තරයක් පසුගිය දා මට අසන්නට ලැබුණි.මේ සම්මාන උළෙල බ්ලොග් සඳහා පමණක් පැවැත්වූ එකක් නොවේ. මෙය බ්ලොග්වලට පමණක් නොව ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම්, ව්ලොග් හෙවත් වීඩියෝ බ්ලොග් ඇතුළු සයිබර් අවකාශයේ සමස්ත සමාජ මාධ්‍ය සියල්ලට ම වාගේ සම්මාන පිරිනැමූ අප නොදන්නා සම්මාන උත්සවයකි.සම්මාන පිරිනැමීම සංවිධානය ...
සිගරැට් බීම - Who else hates smoking? රසිකොලොජි - Rasikology මා මුලින් ම සිගරැට් දුම් උගුරක් ඇද්දේ "වෙසක් එකට" පින් සිදු වෙන්නට ය.ඒ වසරේ වෙසක් එකට මා උගත් ගලහිටියාව මධ්‍යම පාසලේ හැම පන්තියකටම වෙසක් කූඩු සාදන්නට යැයි ඉහළින් අණක් හෝ ඕඩරයක් හෝ ඉල්ලීමක් හෝ නිවේදනයක් හෝ එවැනි මොකක්දෝ එකක් ලැබී තිබුණි.වෙසක් කූඩු තැනීම වනාහී, පාසල පැවැත්වෙන වේලාවේ කළ හැකි කාර්යයක් නොවේ.අපි පාසල අවසාන වූ පසු නැවතීමට කතා කර ගත්තෙමු.සෑහෙන පිරිසක් ...
අජිත් පැරකුම් ජයසිංහ, ෆේස්බුක් දේශපාලනය සහ වෘත්තිය බ්ලොග්කරනය - Para the man...! රසිකොලොජි - Rasikology ලංකාවේ ප්රමුඛ දේශපාලන බ්ලොග්කරුවෙකු වෙන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා යනු කවුද කියා නොදන්නා අයෙකු මේ ලිපිය කියවන්නන් අතර නැති බව මට සැක නැතුව කිව හැක. කොටින්ම ඉඳහිට පමණක් රසිකොලොජි බ්ලොගය කියවන මගේ මව පවා දැන් පැරාව හඳුනයි. ඒ නම් පැරා ගේ බ්ලොග්කරනය නිසා නොව, මගෙන් ආරංචිය ලැබ ඇය පසුගිය දිනයක හවස් වරුවේ පියෝ ටීවී සේවය හරහා පැරා රඟ පෑ ...
ලංකාවේ බියර් බීම සහ ඕස්ට්‍රේලියාවේ බියර් බීම - Its all in water රසිකොලොජි - Rasikology මා මුලින් ම බියර් බිව් ආකාරය ගැන පෙර දිනයක පළ කළ ලිපියක සඳහන් කළෙමි. මුලින් ම අරක්කු බිව් දිනයේ දී, ඇත්තටම හෝ බොරුවට හෝ මත් වුවද, බියර් නිසා මත් වී ඇත්තේ කලාතුරකිනි. ජර්මන්කාර බොසා සමග බියර් බෝතලයකට ඔට්ටුවක් ඇල්ලුූ දිනයේ දී නම්, බියර් බෝතලයක් ම බිව් නිසා තරමක මත්වීමක් ඇති වුණද, එදා රාත්‍රියේ නුවරඑළිය ටවුමේ සිට හාවා එළියට ඇවිද ආ ...
දුම් බොන්නන් යනු අපතයින් ය - Kiss only non-smokers! රසිකොලොජි - Rasikology මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිද්දී පාසලේ අමතර ක්‍රියාකාරකමක් ලෙස අපේ පන්තියෙන් ද මහා වෙසක් කූඩු රාජයෙකු සෑදීමේ ව්‍යපෘතියක් ඇරඹුණි. මෙහි වැඩකටයුතු සඳහා පාසලෙන් පසු පැය කිහිපයක් නතරවීමට අප කතා කරගත්තෙමු.අදාළ දිනයේ දහවල් දෙක පමණ වෙන විට ව්‍යාපෘතියට අවශ්‍ය උණ ගසක් කපා ගැනීමට හැකි විය. එයින් පසු, ඒ උණ කපා කොටා, අවශ්‍ය ලී පතුරු සාදා ගන්නවා වෙනුවට, අපේ කොලු පිරිසට ...
දෙකේ කොලේ කතාවක් - My lottery win රසිකොලොජි - Rasikology මා කියන්නට යන මේ කතාව එක්තරා ආකාරයක හොරකමක් හෝ වංචාවක් හෝ ලෙසත් සැලකිය හැකි බව මුලින්ම පවසමි. අද මට එසේ සිතුනත්, එදා එසේ නොසිතීම ඇත්තටම අභාග්‍යයක් බව ද අද සිතේ.ඒ දිනවල මා තුන්වෙනි ශ්‍රේණියේ ඉගෙන ලබමින් සිටි කුඩා දරුවෙකි. පරකන්දෙණිය නම් ගමේ කෙළවරේ පිහිටි අපේ නිවසේ සිට මා උගත් කොස්සින්න සිරි සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට දුර කිලෝමීටරයක් පමණ වූ අතර මා ...
නොබී ඉන්න අවශ්‍ය නම් ඒ සඳහා උදව් කර ගත හැකි විවිධ ප්‍රායෝගික ක්‍රම - Year end survival guide for men රසිකොලොජි - Rasikology පොඩි අඩියක් ගහමු ද?, පොඩ්ඩක් අනුමත වෙමු ද?, පොඩ්ඩක් සළු වෙමු ද? මොනව හරි බොමු ද, පොඩි ඩ්‍රින්ක් එකක් දාමු ද? වැනි ප්‍රශ්නයක් වෙනකෙකු විසින් තමන්ගෙන් අසනු ලැබී නැති හෝ තමන් විසින් වෙනත් අයෙකුගෙන් අසා නොමැති හෝ අය සිටී ද?විශේෂයෙන් ම හෙට හවස සිට ඇරඹෙන නත්තල් සමයේ දී මේ ප්රශ්නය ලක්ෂ සංඛ්‍යාත වාරයක් ඇසෙනු ඇත!මද පමණින් බීම ගැන සැවොම පවසති. ...
ජෝර්ජ් ලොක්කාට කන්න යමක් දෙමු - Sri Lankan Samosa? රසිකොලොජි - Rasikology මීට පෙර දෙවසරක පමණ කාලයක් ඇතුළත හතර පස් වරක් රාජකාරි රැස්වීම්වලදී හමුවුණු අවස්ථාවලදී සහ දුරකථනයෙන් කතා බස් කර හඳුනන මගේ රාජකාරි සගයෙකු, මීට සතියකට පෙර අපේ ආයතනයේ සිදුවුණු කාර්යාල ස්ථාන මාරුව නිසා, දැන් දිනපතා ම පාහේ මුණ ගැසේ.මම මෙහිදි ඔහුව ජෝර්ජ් කියා හඳුන්වන්නෙමි. එය ඔහු ගේ සැබෑ නම වීමට ඉඩ ඇත. එක්සත් රාජධානියෙන් සංක්‍රමණය කළ හෝ එසේ සංක්‍රමණය කළ අයගෙන් ...
රාවයේ පළවූ මගේ ලිපිය - Forcing the sun to rise at mid-night රසිකොලොජි - Rasikology පසුගිය ඉරිදා රාවය පුවත් සඟරාවේ මගේ ලිපියක් පළවිය. එය මගේ විශ්ව විද්‍යාල ජීවිතය හා බැඳුණු එකකි. හැබැයි එහි ප්‍රධාන නළුවා මා නොව, ජනතා විමුක්ති පෙරමුණ / සමාජවාදී ශිෂ්‍ය සංගමය විසින් මරා දැමූ බවට සැක කෙරෙන කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකු වූ දයා පතිරණ ය.මගේ ලිපිය දිග වැඩි වීම නිසා එහි අවසාන පරිච්ඡේද කිහිපය රාවයෙන් හැලී ගොස් තිබුණු බැවින් මුළු ලිපියම (කොටස් ...
ඔසී රටේ සිංහල දෙමව්පියන් මා දකින අයුරු - Becasue I can රසිකොලොජි - Rasikology ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හෙවත් "මෙපුර" දී සහ සිඩ්නි හෙවත් "සිනුවර" දී මා ලබා ඇති අත්දැකීම් මත පදනම්ව, මෙරට වසන සංක්‍රමණික සිංහල දෙමව්පියන් පිරිස ඔවුන් තම දරුවන් සමග සිංහල භාෂාව භාවිතා කරන ආකාරය අනුව කොටස් කිහිපයකට බෙදා විශ්ලේෂණය කිරීමට මට හැක.1. ලංකාවේ දී කුඩා කල සිටම දෙමව්පියන්, ඥාතීන් සහ මිතුරන් සමග ඉංග්ලිෂ් භාෂාවෙන් කතා කර ඇති අය.මේ පිරිස දැන් දෙමව්පියන් ලෙස ඕස්ට්‍රේලියාවේ ...
ඕස්ට්‍රේලියාවේ දී බියර් බීපු හැටි - All about amber fluid රසිකොලොජි - Rasikology අරක්කු සමග එකට බිව් දවසේ මිස, වෙනත් කිසි දිනයක මා බියර් බී මත් වී නැත්තේ, නුවරඑළියේ සිටි ජර්මන් බොස් මෙන් බියර් කේස් පිටින් නිවසට ගෙනැවිත් නොබී, ජපන් තේ බීමක් මෙන් සැදී පැහැදී චාරිත්‍රානුකූලව පමණක් බිව් නිසා යැයි සිතමි.පෙර සූදානම්, හිස් බෝතල්, ඩිපොසිට්, බයිට් ආදී කිසිවක් නොමැතිව, ඕස්ට්‍රේලියාවේ මිනිසුන් බියර් බොන ආකාරය නේබර්ස් නම් ටෙලි නාට්‍යයෙන් දැක මා සතුටු වුණේ කෙදිනක ...
සජිත් ප්‍රේමදාස සහ ඉංග්ලිෂ් භාෂාව ඉගෙනීම - Sajith's has good advice for all of us about learning English රසිකොලොජි - Rasikology මේ ළඟ දී දිනක, මා හොඳින් දන්නා හඳුනන අයෙකු මා සමග කියා සිටියේ ඔහු ඇතුළු මිතුරන් පිරිස පාසල් යන කාලයේ ඉංග්ලිෂ් භාෂාවට කෙතරම් නොසැලකිල්ලක් දැක්වූයේ ද යත් සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්ලිෂ් විෂය පැවති දිනයේ දී ඔවුන් පිරිස උදෑසන නමයට විභාගය ඇරඹී පැය භාගයක් ගත වුණු පසු පිළිතුරු පත්‍රය ශාලාධිපතිට භාර දී විභාග ශාලාවෙන් පිටවී ගොස් අසල නගරයේ පිහිටි සිනමා ශාලාවේ ...