ඇඹිලිපිටියේ සිසු ඛේදවාචකය උපාදාන මම ඉතාම සංවේදී ය.අනුන්ගේ විපතේදී තදින් කම්පා වෙමි. මට අපූරු පොතක් කියවන්නට ලැබුණි. එය 2014 දි පළ කළ පොතක් වුනත් මගේ ඇස ගැටී තිබුනේ නැත.එම පොත අමාවක සද යට "නම් වේ.ඇඹිලිපිටියේ සිසු ඛේදවාචකය පිළිබද පුවත්පත්වල පළවූ ලිපි කියවීමෙන් පසු ඇඹිලිපිටියේ මිණීමරුවෝ නමින් පොතක් කුලරත්න කුරුකුලසූරිය මහතා විසින් ලියා ඇති බව අන්තර්ජාලයෙන් දැන එම පොත සොයා ගියත් එය කිසිම පොත් සාප්පුවක ...
කාන්තා විමුක්තිය උපාදාන මෙය මට ඊ මේල් එකකින් ආ ලිපියකි.මම පෝස්ට් කරන්නට සිතා සිටි ලිපිය පසෙක දමා මෙය පෝස්ට් කරන්නට සිතුවේ මේ ලිපියෙන් මා කම්පනයට පත් වූ බැවිනි.ලිපියේ තිබූ දේශපාලන කරුණු ඉවත් කළ බව සලකන්න.යකෙකුත් කම්පනයට පත් කළා කියන්නේ සිරාවටම ලියන්න ඇති.ගුරුන්නාන්සෙ කෙනෙක්ද දන්නෙත් නෑ ලිව්වෙ.ගුනසේන සමඟ සුමනා විවාහ වුනේ ප්‍රේම සමබන්ධයකිනි.ඔවුහු අවුරුදු හයක් ප්‍රේම කළහ.ගුනසේන ගුරුවරයෙකි.ඔහු සුමනාට ප්‍රේම කරන කාලයේ ගුනසේන සුමනා ...
ජනතාවට ඍජුව වගකියන මන්ත්‍රීවරයෙක් පත්කරගනිමු. උපාදාන වර්තමානයේ සිදුවන සිදුවීම් වලින් දේශපාලකයන්ට මතුනොව සැමටම අපූරු පාඩමකි.එසේම තමන් ගැන අධිතක්සේරුවක් තබා ගැනීමද එසේම මෝඩකමකි.ෆොන්සේකා මහතා අපූරු කතාවක් කීවේය.බල්ලෙකුට කෑමක් දුන් විට ඌ කළගුණ සළකන සැටි ගැනයි.පනින අය බල්ලන්ටත් අන්ත බව එයින් ගම්‍ය වේ.කෙසේ හෝ මේ පනින අය කිසිවෙකු මතවාදී පුද්ගලයෝ නොවේ.මතවාදී පුද්ගලයන් අපේ සමාජයේ නැද්දවික්රමබාහු කරුණාරත්න මහතා මා අසා ඇති එවැන්නෙකි.නලින් ද සිල්වාද එසේමය.මෙවැනි අතලොස්සක් හැරුන විට අන් ...
තමන්ගෙ මට්ටම් තම්මට්ටම් කිව්වලු.තමන්ගෙ මිම්මට සපත්තුවක් රටට කැපීම උපාදාන ජනාධිපතිවරණය කෙනෙක් කෙමෙන් ලංවේ.නිර්පාක්ෂිකයන් වන අපට එහි අමාරුවක් නැතත් වෙන දේවල් ඔහේ බලා සිටින අතරෙ ලියා තබන්නටද සිත්වේ.මරා පාක්ෂිකයෝ හා සිරා පාක්ෂිකයෝ තවම සිටින්නේ දෙගිඩියාවෙනි.සිරා නැතිව රනී ආවානම් අපට නොමිලෙ ෆිල්ම් එකක් වත් බලන්නට තිබුනි.සිරාගෙ ආගමනයෙන් පසු සිහි එළවා ගැනීමට බැරුව සතියක් හමාරක් සිටි මරා වාදීහු දැන් යම් යම් දේ කියති.එක් මරාවාදියෙක් අපි දොඹෙන් හරි දොඹ තෙලෙන් හරි දිනනවා කියා ...
ජනාධිපතිද අගමැතිද උපාදාන අගමැති ක්රමයද ජනාධිපති ක්රමයද වඩා හොඳ කියා වර්තමාන දේශපාලන ගැටළුව වඩාත් සරල කරමු.ජනාධිපතික්රමය පවතින රටවලින් ඉතාම සාර්ථකව එය පවත්වාගෙන යන්නේ ඇමරිකාවයි.එහි වසර හතරෙන් හතරට ජනාධිපතිවරණ පැවැත්වෙයි.ඡන්දය පවත්වන්නේද නිශ්චිත දිනකය.ඊටම ගැලපෙන සම්ප්‍රදායන් ඇමරිකාවේ වර්ධනය වී ඇත.ඇමරිකානු නිදහස් සටනින් පසු ඒකාධිපතිකම භාරගන්නා ලෙස ජෝජ් වොෂින්ටන් ගෙන් ඉල්ලීමක් කරනු ලැබීය.ඔහු එය ප්‍රතික්ෂේප කළා පමනක් නොව රාජකාර්යයෙන්ද අස් වීමට කැමැත්ත පළ කළේය.ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අභිප්‍රාය ...
සුරංගනා කතාවක් වගෙයි උපාදාන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ගැන අහන අහන අය කියන්නේ තමන්ගෙ පැත්ත දිනන බවයි.යූඇන්පී කාරයෙකුගෙන් ඇහුවොත් කියන්නෙ දැන් ශ්‍රීලංකා කාරයෙක් බේතකටවත් හොයාගන්න බැරි බවයි.ශ්‍රී ලංකා කාරයන් කියන්නෙ මෛත්‍රී ආ නිසා එජාපය දුර්මුඛ වී ඇති බවයි.මට නම් හිතෙන්නෙ විපක්ෂය යම් ප්‍රබෝධයක සිටින බවයි.එහෙත් 2010 දී තිබුනේත් මේ ප්රබෝධයමය.එදාද ඡන්ද පොළට නොයන්නේ යයි කියන යූඇන්පී කාරයෝ ඡන්ද පොළට ගියහ.මහින්දට ජවිපෙ ඡන්ද නොවීය.එහෙත් එය ලොකු අඩුවක් ...
මොඩ් හෙළ උරුමය පරණ කෑමට රහ වැටුන ජවිපෙ හා යළිත් වාදනය කරන එකම තැටිය උපාදාන පසුගිය දිනවල සිදුවූ සිදුවීම් නිසා ආණ්ඩුව තවම සිහි එළවාගෙන නැති බව ඔවුන් කරන කියන දෙයින් පෙනේ.ඇඩ් එකක් දැම්මත් දාන්නේ අතිශයින් මුග්ධ ලෙසය.ආණ්ඩුවට පමණක් නොව පිටත සිටින හුදී ජනයන් වන අපටද මේ වෙච්ච දේ තේරුම් ගන්න ඉතා අපහසුය.පසුගිය කාලයේ සිදුවීම් මට වැටහෙන අකාරයයි මේ.ආණ්ඩුවේ සෙල්ලම කාලයක සිට විරුද්ධවාදීන් නිරීක්ෂණය කරන්නට ඇත.දේශප්‍රේමීන් හා දේශද්‍රෝහීන් ලෙස සියළු බලවේග බෙදා ආණ්ඩුව ජාතියේ ආරක්ෂකයාය යන ...
1987, 1988 ,1989 භීෂනය වළක්වා ගත හැකිව තිබුනකි. උපාදාන ධර්මන් වික්‍රමරත්න මහතා අසූව දශකයේ අවසාන හාගයේ මෙරට පැවති භීෂණ සමය ගැන ශාස්ත්‍රීය විචාරයක් කරයි. එම යුගය ගැන ලියවුන විචාර ලියවී නැති තරම්ය.ලියවී ඇත්තේ වීර කාව්‍යයන්ය.වධකාගාර ගැන දියතේ පළවූ සිනහ උපදවන ලිපි පෙළ හැරුන විට මේ කාලය ගැන පර්යේශනයක් කර නැති තරම්ය.එහෙත් දෙවෙනි ලෝක සංග්‍රාමය ගැන අදටත් කතා කෙරේ,පොත් ලියවේ.ඒ වෙන වැඩක් නැති නිසා නොව යළි මෙවැනි ඛේදවාචාක සිදු නොවනු ...
පශ්චාත් මැතිවරන සමය ගැන පුරෝකථනයක් උපාදාන පසුගිය ලිපිය ලිපි දෙකක එකතුවකි.එහිදී කට් කොපි පේස්ට් කිරීමේ දී අවුලක් වී යලිත් සංස්කරණය කරන්නට සිදුවී සංශෝධිත පෝස්ටුවක් දැමීමටද සිදුවිය.ඒ ගැන කමාවදෙවන ලෝක යුද්ධයෙන් පසු අධිරාජ්‍ය බිඳ වැටී රටවල් රැසක්ම ලෝක සිතියමට එක් විය.මේ රටවල තිබුනේ පසුගාමී වැඩවසම් සමාජ බැවින් ඒවායේ සාම්ප්‍රදායික ප්‍රභූන් ද විය.නිදහසත් සමඟ එම සමාජවල නායකත්වයටඉබේම පත් වුනේ මේ අයයි.මේ කියන කාලයේ ඇමරිකාව හා සෝවියට් දේශය අතර ...
ජනාධිපතිවරණය ගැන පුරෝකථනයක් ( සංශෝධිත පෝස්ටුව ) උපාදාන ශ්රීලනිපය යනු මේ රටේ ජනතාවගේ වැඩවසම් මානසිකත්වයයි.දේශීයත්වය,ජාතිකත්වය යන වදන් තුලින් එන්නේ මේ අතීතකාමයයි.මෙහිදීරාජ වන්දනාව හා ප්‍රවේණිදාස ක්රමයේ නෂ්ඨාවශේෂ දැකිය හැක.මෙම වැඩවසම් ෆොසිලය තුල පවුල වාදය යනු අරුමයක් නොවේ.1977 ට පෙර බණ්ඩාරනායක,රත්වත්තෙ,ඔබේසේකර පවුල් වල පක්ෂයක් වූ ශ්රීලනිපය 1994 න් පසු දුව ජනාධිපති,රෝද පුටුවෙන් යන අම්මා අගමැති,මාමා ආරක්ෂක ඇමති ,මල්ලි කථානායක ලෙස තිබුණි.මෙය ශ්‍රීලනිප ක්‍රමයයි.මීට වෙනස්ව එජාපය තුල දියුණු ලිබරවාදයක් දැකිය හැක.මෙම ...
සමාජවාදය අත්හදා බැලිය නොහැකිද උපාදාන මම සමාජවාදියෙක්මි.එහෙත් ප්රචන්ඩ විප්ලවය ප්‍රතික්ෂේප කරන්නෙක්මි.බහුතරයක් සමාජවාදීන් මෙන් පිළිම වන්දනාවෙහිද නොයෙදෙමි.ඇත්තෙන්ම සමාජවාදය අප්පිරිය වී ඇත්තේ වාක්‍ය කටපාඩම් කරගෙන නන්දොඩවන ඊර්ෂ්‍යාකාරයන් නිසාය.මොවුහු සැබෑ සමාජවාදීන් නොව කුහකයෝය.උන්ට ඇති ප්රශ්නය සමාජ ආර්ථික විශ්ලේෂනයක යෙදෙන්නේ කෙසේද යන්න නොව ධනපතියන් දැන් විඳින සැපය.තමන්ට මේ සැප නැති නිසා හූල්ලන මේ අයට අවශ්‍ය ධනපති සමාජයේ ඉහලට යාම මිස වෙන කිසිවක් නොවේ.තමන්ට හැකි දෙයක් සම්බන්ධව සමාජවාදී පැෂන් එකක් ...
රනිල් ගැන මට හිතෙන හැටි උපාදාන .ඇත්තටම රනිල් කියන්නෙ අවංක මිනිහෙක්.ඒක ඕන කෙනෙක් පිළිගන්නව.ඔහුට මිනිස්සු රවට්ටන්න තේරෙන්නෙ නැහැ.ඇත්තම කතාව ඔහුට ඒ කලාව පිහිටල නෑ කියන එක.එහෙම කෙනෙකුට ලංකාවෙ දේශපාලකයෙක් වෙන එක අමාරුයි.එහෙම කෙනෙක් අනෙක් අය කරන ජනප්‍රිය රඟපෑම් කරන්න ගියොත් ලොකු අමාරුවක වැටෙන්නෙ.එතකොට ඒක විකාරයක් වෙනව.ඒ නිසා එහෙම දේවල් නොකර ඉන්න තරමට හොඳයි.රබන් ගැහිල්ල, පොලේ යාම,ළමයි වැඩිල්ල වගෙ ඒව නොකර ඉන්න තරමට හොඳයි.රනිල් 1994 දි ඇන්දෙ ...
බ්ලොග් ලොවේ මහා හෙළිදරව්ව උපාදාන දැනට සක්‍රිය බ්ලොග්කරුවන් අතරින් මුලින්ම බ්ලොග් එකක් ආරම්භ කළේ මම බව මට සිතේ.ඒ 2007 දී පමණය.එකළ බ්ලොග් නිර්මානය අද තරම් user friendly නොවීය.එම බ්ලොග් එක ආරම්භ කිරීමට හේතුව එසේ කරන ලෙස පරිගනක ගුරුතුමා උපදෙස් දීමය.අනෙක් සිසුන් සමඟ මමද බ්ලොග් එකක් හැදුවෙමි.එය පසුකලෙක වසා දැමුනි.එය තිබුනානම් මම ජ්‍යේෂ්ඨම බ්ලොග්කරුලෙස පෙන්වන්නට තිබුනි.මට එවැනි උණක් නැත.බ්ලොග් ලියන්නේද සාමාන්‍ය සමාජයේ මිනිසුන්ය.සමාජයේ ඇති දුර්ගුණ බ්ලොග් ...
ගුරුතුමා ළමුන් ලවා ටොකු ඇන්නවිම හා ගුරු ගුටි උපාදාන http://kolambagamaya.blogspot.com/2014/08/blog-post.htmlමේ කොමෙන්ට් එක දැම්මෙ කොළඹ ගමයගෙ පෝස්ට් එකකටඔය සිද්ධිය වෙලා තියෙන්නෙ මානව හිමිකම් ,ළමා අයිතිවාසිකම් හෝ වෙන කිසිවක් නොතිබුන අන්ධකාර යුගයක.මේ එක සිද්ධියක් නොවෙයි.මේකට හේතු කීපයක් තියනවා.ගුරුවරුන් බඳවා ගැනීමට පෙර අනිවාර්යයෙන්ම මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගත යුතුයි.මට මතක් වෙනවා මා පාසල් යන කාලෙ මේවගෙ දේවල්.එක් ගුරුවරයෙක් හිටිය ගහන්න ප්‍රසිද්ධ.මේ රුචිකත්වය නිසා ඔහු මහා කීර්තියක් ඉසිලුවා.මට හිතෙනව මොහු මෙම පහරදීම් නිසා ...
උගන්වන්න දෙයක් නැති තැන ප්‍රේමයේ මිහිරියාව පෑම උපාදාන http://www.w3lanka.com/2014/07/blog-post_28.htmlධනවාදයේ කෲරත්වය හා නිර්ධන පන්තිය ගොනාට ඇන්දවීමට ධනපති යාන්ත්‍රනය සෑම ප්රෝඩාවක්ම කරයි.තරුණ මොළ සේදීමට විවිධ ආටක නාටක පායි.එවිට අර්බුදය ඇත්තේ ධනපති පන්තියේ නොව වෙන කොහෙවත්යැයි තරුණයාට සිතෙන තරමට ධනපති මාධ්‍ය යාන්ත්‍රනය ශක්තිමත්ය.මේ ඔළු අවුල් කිරීම ටියුෂන් පන්තියේ සිට ධනපති මාධ්‍ය දක්වාම සිදුවේ.සිසුවාගේ ඇස් නිලන්කාර කිරීම ඔහු තේරුම් ගන්නේ අලුත් පැශන් එකක් ලෙසය. W3lanka බ්ලොග් එක කරන අජිත් පැරකුම් සුන්දර මිනිහෙකි.බොහෝ ...
ලිපි තුනකට දාපු කොමෙන්ට් කීපයක් - චන්දිම ගෝමස්,අසම්මතයා ,අටම්පහුර උපාදාන විශිෂ්ට සාරගර්භ බ්ලොග්කරුවෙකු වන චන්දිම ගෝමස් ව්සින් ලියන ලද ලිපියකට මම මෙසේ අදහස් පළ කළෙමි.http://chandimagomes.blogspot.com/2014/07/blog-post_26.htmlලිපිය අතිවිශිෂ්ට බව මුලින්ම කියමි.බටහිර ක්‍රිස්තියානි ලෝකය මුස්ලිම්වරුන් සමඟ සටන් කරන්නේ බාහුවේ හයියෙන් නොවේ.එසේ කරනවානම් ඔවුන්ට මුස්ලිම් ලෝකයම සුන් කිරීමට තරම් අවි බලයක් ඇත.එහෙත් ඔවුහු මොළයෙන් වැඩ ගනිති.අද මැදපෙරදිග සිදුවන්නේ සුන්නි ශියා සටනකි.සවුදි අරාබියේ ඉස්ලාමීය කාල්ෆ් රාජ්‍යයේ සතුරා ශියා ඉරානයයි.ඊශ්‍රායලය නොවේ.මට හිතෙන හැටියට ඊශ්‍රායල් ඇමරිකා සැලැස්ම ..
මාවෝ සේතුන් ගේ ජීවහරණ දර්ශනය උපාදාන ෆේස්බුක් එකේ සැරිසරමින් සිටින විටලැබුන අත්දැකීමකි.මාක්ස්වාදියෙක්යැයි තමාවම හදුන්වාගන්නා තැනැත්තෙක් ජවිපෙට දොස් නගමින් මාවෝවාදය උත්කර්ශයට නංවයි.ඔහුගේ ලින්ක් ඔස්සේ ගිය මා හට ඔහු නියම ත්‍රස්තවාදියෙක් බවත් ත්‍රස්තවාදය ප්‍රමෝට් කරන බවත් පෙනුනි.මාවෝගේ දැක්මට පදනම් වුනේ ගම විසින් නගරය පෝෂනය කරයි යන්නය.ගම නගරයෙන් විනිර්මුක්ත කරන අතර ගමේ පාලනය කැරලිකරුවන් අතට පත් වේ.මෙය තනිකරම භීෂනයෙන් සිදුකෙරේ.මාවෝට එල්ලවුන ප්‍රධාන චෝදනාවක් නම් මිනීමැරීමයීඑට හැරෙන තැපෑලෙන් ලැබුන පිළිතුර ...
ආයුබෝවන් උපාදාන ලියන්නට නොව අනුන්ගේ අඩවිවල අදහස් දක්වන්නට ආධාරකයක් ලෙස මෙය ආරම්භ කරමි. අනුන්ගේ අඩවිවල මා දැමූ අදහස් හා කෙටි සංවාද පසු කලෙක මට බලා ගැනීමට මෙහි ඩ්‍රාෆ්ට් කර ගනිමි. -අනුර සත්‍යජිත් ස්තුතියි ...