පොදු සිරිසේනගේ වැඩ... දිගා ගේ ආ ගිය කතා මෙවර ජනාධිපතිවරණය ඉතිහාසගත මැතිවරණයක් වන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ආණ්ඩු පක්ෂයෙන් හා පොදු විපක්ෂයෙන් ඉදිරිපත් කල අපේක්ෂකයන් දෙදෙනා අතර ඉතාමත් තියුණු තරඟයක් පවතිනවා. එලෙසම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයෙක් වන මෛත්‍රීපාල සිරිසේන මහතා පොලිතින් භාවිතා නොකර චන්ද ව්‍යාපාරය සිදුකිරීම ඉතාමත් ප්‍රශංසනීයයි සහ යුක්ති ගරුකයි. මෙම කරුණම ශ්‍රී ලංකාවේ දේශපාලනයේ සන්ධිස්ථානයක් ලෙස සලකන පුළුවන්.ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 18ක් ඉදිරිපත් ...
කොත්මලේ ජලාශය යට සැඟවුණු අපගේ ඉතිහාසය දිගා ගේ ආ ගිය කතා වියළි සුළං රොද අප ගතෙහි දැවටුනේ පවතින ඉඩෝරයේ සලකුණු පෙන්නුම් කරමිනි. සියලුම ප්‍රධාන ජලාශ සිඳී ගොසිනි. ස්වාභාව ධර්මය ඔච්චමට මෙන් පොලව විටින් විට තෙත් කරමින් මිනිසුන්ගේ සිතේ බලාපොරොත්තු ඇතිකරනමුත්, වරුසාවක පෙරනිමිත්තක් පෙනෙන්නට නැත. මෙවන් අවදියකදී අප බලාපොරොත්තුවෙන් සිටි පුවතක් දැනගැනීමට ලැබුණි. එනම් කොත්මලේ ජලාශයේ සැගව තිබෙන නටබුන් මතුවී ඇත යන්නයි. මීට කලින් කොත්මලේ ජලාශය නරඹා තිබුනද නටඹුන් නැරඹීමේ අවස්ථාක් නොලැබුනි.ලංකාවේ ...
ඔබේ දෛවය වෙනස් කල හැකිද? දිගා ගේ ආ ගිය කතා දෛවය පිලිබඳ අපුරු කතා පුවතක් රැගත් Predestination චිත්‍රපටය නැරඹීමේ භාග්‍යය ඊයේ මට උදා උනා. මේ චිත්‍රපටය Robert A. Heinlein ගේ කෙටිකතාවක් වන "—All You Zombies—" තුලින් නිර්මාණය වුවක්. මෙම චිත්‍රපටය ඔස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වන අතර Michael Spierig හා Peter Spierig නමැති නිවුන් සොයුරන් විසින් නිර්මාණය කර තිබෙනවා. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වන්නේ ප්‍රසිද්ධ නළුවකු වන Ethan Hawke හා Sarah Snook යන ...
ගීයක මියුරු - මහා වැස්සක පෙරනිමිති... දිගා ගේ ආ ගිය කතා මම ඉතාමත් ආදරය කරන ගීතයක් ගැන මට දැනුන දේ මට පුළුවන් විදිහට ලියලා ඔබ හා බෙදාගන්න හිතුවා.. සුභාවිත ගීතයේ රසය සොයා යන පුද්ගලයෙකුට අමතක කල නොහැකි ගීතයක් ඔබ අතරේ බෙදාගැනීමට තීරණය කළා. සරල පද පෙලකින් යුක්ත උවත් ගැඹුරු යතාර්තයක් හොවා දක්වන මෙම ගීතය කේ.ඩී.කේ ධර්මවර්ධනයන්ගේ රචනයකි. මෙය සංගීතවත් කර ඇත්තේ සනත් නන්දසිරි කලාකරුවා විසිනි. මියුරු හඬින් ගායනා කරනු ලබන්නේ W.D ...
A picture is worth a thousand words දිගා ගේ ආ ගිය කතා ශ්‍රී ලංකාව කියන්නේ සොබාදහමේ ආශ්චර්යයක්. අප රටේ සුන්දර තැන් නැරඹීමට යන සෑම විටකම එහි සුන්දරත්වය යහපත් මනසින් රසවිඳීමට පුරුදුවන්න. මතින් ලොල්වී fun එකක් ගත්තට ඒ කිසිම දෙයක් මතක හිටින්නේ නැහැ. නමුත් නිරවුල් මනසින් විඳි සොබා සුන්දරත්වය සදා මතකයේ රැඳෙනවා. එපමණක් නොව මතක පොතට ඡායාරූපයක් එක් කර ගැනීමටත් අමතක නොකරන්න. ඔබ ඒ අත්විඳි මොහොත යේ කවදාවත් නො එන නිසා.උදාහරණයක් විදිහට ඔබ ...
සීතල යුද්ධය... දිගා ගේ ආ ගිය කතා ලෝකයේ කාර් නිෂ්පාදකයින් බොහොමයක් අතර තිබෙන්නේ ඉතාමත් තරඟකාරිත්වයක්. නමුත් මේ සීතල යුද්ධය සඳහා ඔවුන් භාවිතා කරන්නේ වෙළඳ ප්‍රචාරණයයි. මේ සඳහා නිර්මාණශීලි උපහාසාත්මක හා අපහාසාත්මක දැන්වීම් ඔවුන් භාවිතා කරනවා. එම සීතල යුද්ධයේ ඔබ නුදුටු පැත්ත ඔබ හා බෙදාගන්න කියල අද මම කල්පනා කළා.BMW හා Audi යන ජර්මානු කාර් නිෂ්පාදකයින් අතර කලක සිට සීතල යුද්ධයක් පැවතියද මේ බව හොඳින් සනාථ උනේ Audi ...
ශ්‍රී ලංකාවේ දේශපාලනය කාටුන් ශිල්පයින්ගේ ඇසින්... දිගා ගේ ආ ගිය කතා ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉතාමත් දක්ෂ කාටුන් ශිල්පීන් සිටිනවා. ඔවුන් තම පෑන් තුඩින් සිත්තම් කරනා කාටුන් මගින් බොහෝ විට ඉතාමත් හරබර පණිවුඩයන් ගෙන එනවා. අපිට හිතන්න දේකුත් ඉතුරු කරනවා...(උපුටා ගැනීම : www.dailymirror.lk ) ...
හත්වලාමේ... දිගා ගේ ආ ගිය කතා මට මේ ලිපිය ලියන්න හිතුනේ පසුගිය දවස් වල රුපවාහිනියේ හා ජාතික පුවත් පත් වල පලවූ ප්රවෘත්ති දැක්කම ඇතිවුණු කලකිරීම නිසා."ගණිතයට අනුව උඩ දෙකට යට දෙක කැපුනාම බිංදුවක් උනා" - විමල් වීරවංශ "දුටුගැමුණු රජුගේ මව මහාමායා දේවිය" - නියෝජ්‍ය අමාත්‍ය සරත් වීරසේකර"වනජීවී ඇමති වෙලා මට ඇත්දළයක් ගලවගන්න බැරිනං වැඩක් නෑනෙ.." - විජිත් විජයමුණි සොයිසා (වන ජීවී ඇමති)ගිරිය පුප්පාගෙන පොර talks දෙන ...
තරු එක්ක සෙල්ලම් කිරීම... දිගා ගේ ආ ගිය කතා ශ්‍රී ලංකාවේ මේ දවස් වල සිද්ධ වෙන දේවල් දැක්කම මතක් වෙන්නේ කොසොල් රජතුමාගේ සිහින දහසයයි. බුදු රජාණන් වහන්සේ එම සිහින නිර්වචනය කලේ කොහොමද බලන්න මෙතැන කොටන්න.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයකු විය හැක්කේ බෞද්ධ පසුබිමකින් පැවත එන පුද්ගලයෙකුටය. බුදු රජාණන් වහන්සේ ජ්‍යෝතිෂ්‍ය පිලිබඳ මිනිසුන් නැඹුරු වීම අනුමත නොකරයි. බුදු හිමියන්ගේ අනුශාසනා වලට පිටු පා රටේ මුල් පුරවැසියා සියලුම ...
ඉන්දියාවේ අධ්‍යාපනය කොයිබටද? දිගා ගේ ආ ගිය කතා දෙමවුපියන් තම දරුවන් ලොකු මහත් කරලා හොඳින් අධ්‍යාපනය ලබා දීල බලාපොරොත්තු වන්නේ හොඳ රැකියාවක්. උපාධියක් ගත් පුද්ගලයන් බහුල උනත් ශාස්ත්‍රපති උපාධියක් ලබාගන්න සමත් වන්නේ ඉතාමත් සුලු පිරිසක්, එයිනුත් අල්ප මාත්‍රයක් තමයි ආචාර්ය උපාධිය ලබා ගන්න සමත් වන්නේ. සමාජයේ ආචාර්ය උපාධියක් ලබා ගත් කෙනෙකු හඳුන්වන්නේ ආචාර්ය එහෙමත් නැත්නම් ඉංග්‍රීසියෙන් Dr කියන ගරු නම්බු නාමය දීලා.ඉන්දියාවේ පුවත්පතක පලවූ පුදුම සහගත වාර්තාවක් දුටුවාම ...
කෙසෙල් ල් ල් ල් ල් ල් ල් ල් ල් ල් ල් දිගා ගේ ආ ගිය කතා 2010 තිරගත කරන ලද "Despicable Me" චිත්‍රපටය කා අතරත් ජනප්‍රිය උනා. ලෝක පුජිත සොරෙකු වීම සඳහා සිහින දකින සොරෙකු වටා ගෙතුණු මනරම් කතා තේමාවක් තිස්සේ මෙම චිත්‍රපටය දිව යනවා. ඒ අතර Gru නමැති සොරාගේ ආවතේව කරුවන් ලෙස සිටින්නේ කහ වර්ණයෙන් යුක්ත හුරුබුහුටි "minions" නමින් හඳුන්වන කණ්ඩායමක්. ප්‍රථමවරට minions ලාව අපට දැක ගන්න ලැබෙන්නේ මෙම චිත්‍රපටයෙන්. ඉන්පසු මෙම minion චරිත කා ...
A cappella (සංගීතය නැති සිංදු...) දිගා ගේ ආ ගිය කතා සංගීත ලෝකයේ විටින් විට විවිධ ප්රවනතාවයන් ඇති වෙනවා. ඒ අතරින් A cappella (ඉතාලි භාෂාවෙන් "පල්ලියේ ඇති ආකාරයට") කියන්නේ අතීතයේ සිට පැවතෙන ගායනා ක්‍රමයක්. මෙහිදී කිසිදු වාද්‍ය භාණ්ඩයක් භාවිතා කිරීමෙන් තොරව ගීතය ගායන කෙරෙනවා. ඉතාලියේ පුනරුද සමයේ සිට පැවතෙන ගීතිකා ගයනා කිරීමේ ක්‍රමයක් වන මෙය අද වනවිට වඩාත් ජනප්‍රියත්වයට පත්ව ඇත. A cappella ලෙස ගායනා කිරීමේදී බොහෝවිට සිදුවන්නේ harmonize එහෙමත් නැත්නම් ...
බරක් ඔබාමා ජනපති කරමු, යුතුකම් ඉටුකරමු.. දිගා ගේ ආ ගිය කතා ඊයේ රෑ මම හීනයක් දැක්කා... උඩ ගිහින් ඇහැරුනේ ජයවේවා කියාගෙන..2001 වසරේ සැප්තැම්බර් 11 වන දින ලෝක ත්රස්තවාදයේ කුරිරු කම සටහන් කරන දවසක් වුනා. අල්කයිඩා ත්‍රස්ත සංවිධානය විසින් 2,996 දෙනෙකු හට ජීවිත අහිමි කල අතර 6000+ වඩා තුවාලකරුවන් බවට පත් කළා. දහස් ගණනක් හට තමාගේ ආදරණීයන් අහිමි කළා. ඉන්පසු මේ ත්‍රස්ත සංවිධානය පරාජය කිරීම සඳහා යුද්ධය ඇරඹුනා. නමුත් 2011 දී අල්කයිඩා ...
අපොයි Google... දිගා ගේ ආ ගිය කතා අන්තර්ජාලය කියන වචනය ඇසු සැනින් ඔබට මතක් වන්නේ කුමක්ද?මේ ප්රශ්නය අසු විට වැඩි ප්‍රතිශතයක් හට මතක් වන්නේ Google සමාගමයි.1996 දී Stanford විශ්වවිද්‍යාලයේ Phd සිසුවන් දෙදෙනෙකු වූ Larry Page හා Sergey Brin විසින් තමන්ගේ පර්යේෂණ ව්‍යාපෘතිය වශයෙන් Google සෙවුම් යන්ත්‍රය නිපදවන ලදී. නමුත් වර්තමානය වන විට ලෝකයේ අංක එකේ සෙවුම් යන්ත්‍රය බවට Google පත්ව ඇත්තේ නිතරඟයෙනි.Google සමාගම දිනෙන් දින දියුණු වීමට ...
සත්තමයි සර්... මහින්ද මහත්තයාට දැම්මේ දිගා ගේ ආ ගිය කතා (සියලුම සිද්ධීන් හා පුද්ගලයන් මනංකල්පිත බව සලකන්න.)ජනාධිපතිවරණ උණුසුම පවතින කාලේ ගොඩක් දේශපාලඥයෝ උත්සහ කරන දෙයක් තමයි පාවෙන චන්ද තමන්ට හා තමන්ගේ පක්ෂයට ලබාගැනීමට. මොකද පාවෙන චන්ද කියන්නේ පවුල් පසුබ්මින් හෝ වෙනත් ආකාරයකින් එක් පක්ෂයක් සඳහාම චන්දය පාවිච්චි නොකර රටේ පවතින වාතාවරණය අනුව භාවිතා කරන චන්දයි. ඉතින් මේ පාවෙන චන්ද ඉතාමත් තීරණාත්මකයි.ජනාධිපතිවරණය දවසේ සිරිපාල චන්ද පොලට පිටත් උනේ කාටවත් චන්දය නොදී ...
ඉදිරියේදී සිද්ධ වෙන්නේ කුමක්ද?? දිගා ගේ ආ ගිය කතා මේ දවස්වල තිබෙන දේශපාලන තත්වය දැක දැකත් අන්ධයන් මෙන් කටයුතු කිරීම අප රටේ අභාගයක් බව මට හැඟේ.මේ වන විට රට තිබෙන තත්වය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. නමුත් ඔබට ඒ සඳහා කරන්න පුළුවන් මොකක්ද කියන එක තීරණය කරන්න පුළුවන් සබුද්ධික ඔබට බුදුරජාණන් වහන්සේ විසින් දේශානා කරන ලද කාරණාවක් මතු කරන්න කැමතියි. බුදුරජාණන් වහන්සේගේ සුත්‍ර දේශනයක් (Lotus Suthra) ඇසුරින් Bertolt Brecht‘s ...
නවතින්න තිස්ස නවතින්න... දිගා ගේ ආ ගිය කතා "නවතින්න තිස්ස නවතින්න..." කියලා ඇහුන ගමන් මතක් වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාට මිහිඳු හිමියන් කතා කල අන්දම. ඒත් මේ දවස් වලදී නම් තිස්ස නම ඇහුන ගමන් මතක් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ තිස්ස අත්තනායකව. ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ලේකම් විපක්ෂයට සහයෝගය දෙනවා. ඊයේ ඉඳන් විපක්ෂයේ ලේකම් ආණ්ඩු පක්ෂයට සහයෝගය දෙනවා.ඇත්තටම දේශපාලනය කියන්නේ මඩ ගොහොරුවක්. මේ මඩ ගොඩට බැස්ස උදවියගෙන් ඉතාමත් ටික දෙනයි අතපය පිරිසිදුවට ...
ඇම්ඩන්ගේ රස කථා - 1 වැනි කොටස දිගා ගේ ආ ගිය කතා මොන්ටිසෝරියේ ඉන්න ඇම්ඩා යාලුවෙක් එක්ක හෙන වාදෙලු තාත්තලාගේ වැඩ කිඩ ගැන කියල..යාලුවා - “ඔයා දන්නවද සූවස් ඇළ?ඇම්ඩා - “ඔව්“යාලුවා - “ඒක හෑරුවේ අපේ තාත්තා“ඇම්ඩා - “ඔයා දන්නවද මළ මුහුද?“යාලුවා - “ඔව්“ඇම්ඩා - “ඒක මැරුවෙ අපේ තාත්තා හ්ම්...“ඔන්න දවසක් ජපනෙකුයි,ඇමරිකන් කරයෙකුයි,ලඞකාවෙ පොරකුයි බාර් එකකට සෙට් වුනාලු පොඩි අඩියක් ගහන්න.මුන් තුන් දෙනාම ලොකු ලොකු විද්‍යාඥයො .දන්නවනෙ ඉතින් SCIENTIST ලගෙ හැටි,ගිය ගිය තැන ...
හරිම රස්නෙයි මෙයා.. දිගා ගේ ආ ගිය කතා අලුත බැඳපු ජෝඩුවක් නිවාඩුවක් ගත කරන්න තායිලන්තයට යන්න තීරණය කළා. මහත්තයා සැලසුම් කල දවසෙම පිටත් උනත් අන්තිම මොහොතේදී යෙදුනු වැඩක් නිසා නෝනට ගමනට සහභාගී වෙන්න පුළුවන් වන්නේ දවස් දෙකකට පස්සේ.. දෙන්නා තායිලන්තයේදී මුණ ගැසෙන්න තීරණය කළා.ගුවන් තොටුපොළේ ඉඳන් හෝටලයට ආපු ගමන් නෝනට විද්‍යුත් පණිවුඩයක් (email එකක්) යවන්න තීරණය කළා.අවාසනාවට විද්‍යුත් ලිපිනය ටයිප් කරන කොට අකුරක් වැරදුනා... email එක වැරදිලා ලැබුනේ ...
දන්නෝ බුදුන්ගේ සින්දුවට වෙච්ච වැඩේ... දිගා ගේ ආ ගිය කතා 68 වන නිදහස් දින සැමරුම අවසානයේ කොළඹ ගාළු මුවදොර පිටියේ පැවති සංස්කෘතික උත්සයේදී ගායනා වූ ගීයක් නිසාවෙන් මේ වන විට අන්තර්ජාලය කැළඹීමට ලක් උනා. ඒ අපි කවුරුත් ප්‍රිය කරන දන්නෝ බුදුන්ගේ ගීතය බටහිර ඔපෙරා සංගීතයට ගායනා කිරීම හේතුවෙන්.දන්නෝ බුදුන්ගේ ගීතය කියන්නේ මොකක්ද?ලෝකයේ විශිෂ්ඨ සංගීත රචකයෙකු වූ වැග්නර් විසින් 1880's නිමවා පල්ලියේ ගැයුනු කන්තාරැ ගීතයකි. මේ පිළිබදව මහාචාර්ය සුනිල් ආරියරත්න ලියූ ...