ආඩම්බරකාර අපේ තාත්තා මම දසයා - I am DaSaYa අපේ තාත්තා හැමදාම සෝමෙ මාමගේ පොට් එකට ගිහින් හොඳටම බොනවාය.අපේ අම්ම නම් කියන්නේ අපිට වේලක් ඇර වේලක් හරි කන්න දෙන නිසා කමක් නෑ කියාය.තාත්තා බිව්වෙ නැත්නම් අපිට වේල් තුනම කන්න තිබුණ නේද අම්මෙ?අපේ තාත්තා බීගෙන ඇවිත් හැමදාම අම්මටයි මටයි තඩිබනවාය.අපේ අම්ම නම් කියන්නේ අල්ලපු ගෙදර චන්දරේගෙන් තිබුන කරදරේ හැටියට මේක දාහෙන් සැපයි කියාය.චන්දරෙත් නැති එකේ තාත්ත අපිට ආදරෙන් සලකුවනම් මීට ...
පොදු අපේක්ෂකයාට ප්‍රශ්න පහක් සහ උත්තර දහයක් මම දසයා - I am DaSaYa 01. ඔබ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ ඇයි?වැරදි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට සෞඛ්‍ය ඇමතිකම හරියට කරගෙන යන්න දුන්නේ නෑ. මට ගොඩක් හිරිහැර කළා. මම ගොඩක් හිතේ අමාරුවෙන් හිටියේ. මගෙන් මහවැලි ඇමතිකම උදුරගත්ත දවසේ තමා මට මේ ආණ්ඩුව එපා උනේ.හරි උත්තරය: මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ඔහුගේ සහෝදරයන් සහ ගෝලබාලයන් මේ රට ඒකාධිපති පාලනයක් කරා ගෙනයමින් ඉන්නවා. රටේ යහපාලනය බිඳවැටිලා, වංචාව දූෂණය ඉහවහා ගිහිල්ලා. ...
ජනපතිවරණ සිහින සාප්පුව මම දසයා - I am DaSaYa අකලට පීදුනත් මේ ජනාධිපතිවරණය සිහින සාප්පුවකි. මේ මල්වට්ටිය කරේ තියන් යන සහ මල්වට්ටියට අතගහන සියලු දෙනාටම සිහින ඇත. ඒ හැමටම තමන්ට අවැසි සිහිනය ජනවාරි අටවෙනිදා වෙනතෙක් දකින්න විඳින්න පුළුවන් උනත් සැබෑවන්නේ කිහිපදෙනෙකුගේ සිහින පමණි. අනික් අයට සිදුවන්නේ තවත් අවුරුදු හතරකට අටකට හෝ ජීවිත කාලය පුරාවටම "මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න" කියා සිහින දැක දැක්ම ඉන්නටය.මේ ජනාධිපතිවරණය කරලියට එන්නේම ජනාධිපතිතුමාගේ මැරෙනතුරා ...
බයියාගේ ඉලෙක්ෂන් කවි මම දසයා - I am DaSaYa සුමනේ ගෙන්නලා ඇහුවා සාස්තරේග්රහයෝ ටොපේ ටොප් බැලුවම කේන්දරේඉතිරිව දෙකක් තිබුනත් තව මෙදා සැරේතව ඉනිමකට යන්නයි මම ප්ලෑන් කරේමහින්ද බෝඩ් ගැහුවා අඩියෙන් අඩියබෙදුවා බෙදිල්ලක් හැමටම බෑ නොකියඅරලිය දන්සලේ තුන්වේලම රෙඩියඕපන් කෙරිලි ඕසෙට දවසත් මදියමමනම් ඇවිත් දැන් ඉන්නේ වළල්ලටකෝ පොද්දා එන් නැත්තේ බයද මටඔය මොන එකා ආවත් මට කෙළින්නටචන්දත් වැඩද මැදමුලනේ මහින්දටආප්ප කාල ගිය මගෙ ලේකම් මයියාගැහුවා කරණමක් වෙන්නට පොදු ටොයියාදැක්කම ඉන්න ...
ගොබෙල්ස්ලා ඇවිත් මම දසයා - I am DaSaYa මීට පෙර මැතිවරණ හා සසඳන විට මේ චන්දයේදී ආණ්ඩුව ප්‍රබල සටන් පාඨ හිගයකින් පෙලේ. මහින්ද හා සටනට රනිල් පැමිණෙනු ඇතැයි සිතා තැනූ ටෙලි නාට්‍ය, මුද්‍රණය කල පෝස්ටර්, බටලන්ද හොර ගිවිසුම් වැනි සටන් පාට කිසිවකින් මේ වන විට වැඩක් ගන්නට නොහැක. වෙනකක් තියා පාර්ලිමේන්තු සම්ප්රදායේ වැදගත්ම අවස්ථාවක් වන අයවැය කතාව පාවිච්චි කරමින් ප්‍රසිද්ධ කරන්නට හැදූ බයියා - ටොයියා සටන් පාඨයද කුණු ...
සනා බෝයි මේ අහන්න, බලන්න මේ සුසී දිහා | Sana Boy, Learn from Her මම දසයා - I am DaSaYa "සනා මාතරින් ඡන්දෙ ඉල්ලන්න යනවා" මේ දැනට සති දෙකතුනකට පෙර කන වැකුණු ආරංචියකි. එය ඇසූ විට සිදුහත් කුමාරයා මුලින් දුටුදා අසිත තවුසාට ඇති උනාක් මෙන් මටද සතුටකුත් ඇතිවිය දුකකුත් ඇතිවිය. සතුටක් ඇතිවූයේ මහත්හොරුන්ගෙන් පිරි ඉතිරී ගිය පාර්ලිමේන්තුවේ සනා වැනි මහත්වරුද දකින්න ලැබෙන නිසාය. දුක ඇතිවූයේ මගේ ප්‍රියතම ක්‍රීඩකයා වූ සනාගේ වේගවත් පිති හරඹය මෙයින් මතු දකින්න ලැබෙන්නෙ නෑනේ කියා සිහිවූ ...
ආදරණීය ලොකු පුතේ... මම දසයා - I am DaSaYa ආදරණීය ලොකු පුතේ,උඹ බලනව ඇති උඹේ තාත්ත වෙනද වගේ නෙමේ පහුගිය ටිකේ දකින දකින කෙනා එක්ක වාද කරන්නෙ මොකද කියල. පුංචි උඹට කළගුණ සලකීම, යහපාලනය වගේ දේවල් නොතේරුණත් උඹට හිතෙනව ඇති ලොසින්ජරයක්වත් හම්බවෙන්නෙ නැති දේකට උඹේ තාත්ත මෙච්චර වද වෙන්නෙ ඇයි කියල. ඒ හැම වාද විවාදයක්ම අවසානයේ ඒ හැමදේටම වඩා ප්රබලව පුංචි කතිරෙකින් අපේ තීරණය ප්‍රකාශ කරන දවස තමයි අද.දෙදාස් ...
මාතෘකාව: ඕන එකක්, තහනම් වචනය: දේශපාලනය | Anything But Politics මම දසයා - I am DaSaYa පහුගිය දවස්වල ලියපු ලංකාවට හිම වැටුනොත් ලියමනට බොහොම හොඳ ප්‍රතිචාර ලැබිල තිබුනා. ලංකා නිව්ස් වෙබ් වෙබ් අඩවියත් ඒ ලිපිය උපුටාගෙන පල කරල තිබුනා. බොහොම සන්තෝසයි. ඒ කික් එකත් එක්කම බහිමුකො අද වැඩේට. වැඩේ කියන්නෙ කොහෙන් පටන් අරන් අරන් කොහෙන් ඉවර කරන්න ගියත් අන්තිමේදි දේශපාලන කොනක් ගෑවෙනවමයි. අනේ ඉතින් ඒකට මම මක් කොරන්නද දියවන්නා ඔය මැද්දට වෙලා රුපියල් පහේ බත් එක ...
උතුමාණන්ගෙන් කෝල් එකක් මම දසයා - I am DaSaYa හෙලෝ දසේහෙලෝ හෙලෝ කවුද මචංමම මම බංමම කියන්නෙඒක වැඩක් නෑ මචංපොඩි වැඩකට කතා කලේඕකේ ඕකේ කියපන් මචං...දැන් කාලෙකට කලින් මචංලංකාවෙන් කෑල්ලක් සෙට් එකක් අල්ලන් හිටියනේ මචංඅපි මහන්සිවෙලා ඒක බේරලා දුන්නනෙ බංහ්ම් හ්ම්ඊට පස්සෙ අපි රට විනාස කලා තමයි මචංඒ උනාට රට එක් සේසත් කලේ අපිනෙ බංඉතින්ඒක නිසා ආයෙත් රට අපිට දියන් මචංමම දන්නව උඹ සොරි සොරි ඔබතුමා කවුද කියල...ඒ විතරක් ...
ලංකාවට හිම වැටුනොත් | Talks from Snowy Sri Lanka මම දසයා - I am DaSaYa මේ දවස්වල යුරෝපයේ සහ ඇමරිකාවේ ගොඩක් රටවල් වලට අධික ලෙස හිම වැටීම නිසා හරි ජරමර නේ. සමහර රටවල් කොහොමත් ඒවට පුරුදු නිසා අපහසුවක් නැතිව මූණදෙද්දි තවත් සමහර රටවල ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් වෙලා. ඉතින් මේවා ඇහෙද්දී මට හිතුනේ නත්තල් කාලෙට රූපවාහිනී නිවේදිකාවන්ගේ ඉස්සරහින් වැටෙන හිමයි නුවරඑලියට යාන්තන් වැටෙන මල් තුහිනයි ඇරෙන්න වෙන හිමක් වැටිල නැති අපේ ලංකාවට හිම වැටුනොත් කොහොමට ...
චන්ද කාලේ ඇඩ්ස් මම දසයා - I am DaSaYa අරලිය සුදු ආප්ප - "නෙත් පාදයි. සිත් පාරයි"ගණිත චක්‍රවර්තී විමල් සර් - "බෙදිල්ල ඇර ඕන එකක්"බර්බරි බ්‍රිට් - "කුමන්ත්‍රණ පරදන්න කියාපු ඇඳුම්"පිලාස් ජිම්නාස්ටික් - "එහෙට මෙහෙට දෙකටම සීයයි."මැදමුලන එක්ස්චේන්ජ් - "පරණ එකට අලුත් එකක්"අයි.ටී.එන් වේස්ට් මැනේජ්මන්ට් - "කප්පරක් කුණු තප්පරෙන්"නව තිස්ස අවමංගල අධ්‍යක්ෂකයෝ - "විසි වසරක අත්දැකීම. අලුත් තැනක. පරණ විදිහට."මෛත්‍රී ප්‍රින්ටර්ස් - "පොරොන්දු පත්‍ර මුද්‍රණයේ ප්‍රමුඛයෝ"සැටලයිට් රෙක්රූට්මන්ට්ස් - "ලොකු ...
අපි මැට්ටෝය... අමුම අමු මැට්ටෝය... මම දසයා - I am DaSaYa අපට කුඩා කල සිට උගන්වා ඇත්තේ ලද දෙයින් සතුටුවන්නටය. එනිසා අප කරන්නේ මහන්සියට සරිලන වැටුපක්, අදායම් සාධාරණව බෙදීයන ක්‍රමයක් ලබාගැනීමට උත්සාහ දරනු වෙනුවට ලැබෙන සොච්චමෙන් බඩ බාගෙට කා ලද දෙයින් සතුටු වීමට උත්සාහ කිරීමය. ඒ මදිවාට බන්දුල ගුණවර්ධන වැනි ඇම්බැට්ටයින් විසින් තියරියට අනුව එසේ ජීවත් වන ආකාරය ගැන නොමිලේ දෙන උපදෙස් ලබා ගැනීමටද අප සුදානම්ය. වැඩිහිටියන්ට ගරු කළ යුතු නිසා ...
දේශපාලනේ කන්නද? මම දසයා - I am DaSaYa "දේශපාලනේ කන්නද?" "ඕකෙන් අපිට ලැබෙන දෙයක් නෑ" "අපි හම්බකරගත්තොත් අපි කනවා" "මහින්ද දිනුවත් මෛත්‍රී දිනුවත් අපිට වෙන සෙතේ මොකද්ද?" මේ දිනවල බොහොම අහන්න ලැබෙන කතා කිහිපයකි. විශේෂයෙන් නිදන්ගත් දේශපාලන උණෙන් පෙලෙන උනුත් චන්දයක් ලංවන විට දේශපාලන උණ ගැනෙන උනුත් කොච්චි ගෑවුනා සේ දඟලද්දී අම්මලා තාත්තලා ගෙදර උන්දලා ඇතුළුව වටෙපිටේ බලන් ඉන්නවුන් කියන්නේ ඔය කතාවය. ඊට අමතරව "මටනම් දේශපාලනේ පෙන්නන්න බෑ", ...
ඇයි අපි මේ පාරත් මහින්දටම දෙන්න ඕනේ? මම දසයා - I am DaSaYa මේකට බොහොම බුද්ධිමත් උත්තරයක් ආණ්ඩුවේ කළමනාකරණය ආපදාවට ලක්කරන ඇමතිතුමා වන මහින්ද අමරවීර මැතිතුමා කියල තිබුන. ඒ "අපේ කට්ටිය දැන් හොඳට ගහල ඉන්නේ, අරුන් ආවොත් ආයෙත් මුල ඉඳන් ගහන්න ගනියි. ඒක නිසා අපිටම දෙන්න" කියලා. මේක අහපු වෙලේ ඉඳන් අනික් මැති ඇමතිතුමලත් එතුමන්ලාගේ බුද්ධිය විදහා දක්වන්න පොරකනවා. මෙන්න ඒවායින් කීපයක්. පුළුවන් නම් කියමු බලන්න කවුද මේ මැති ඇමැතිතුමාල කියලා."අපි ලංකාවට ඇති ...
ඉංග්‍රීසි බැරි අපේ ජනපති... ලැජ්ජයි මම දසයා - I am DaSaYa ජනාධිපති මෛත්‍රීගේ ඉඳගන්නා විලාසය, ඔහුගේ ඇඳුම්, ඉංග්‍රීසි නොහැකියාව ආදිය උලුප්පා දක්වමින් සමච්චල් කරන මහා උගතුන්යැයි කියන ෆේස්බුක් වීරයන් දකින විට මට ඇතිවන්නේ තරහකටත් වඩා අප්පිරියාවකි. සිංහල බෞද්ධකම ගැන දිවි දෙවෙනිකොට පෙනී සිටිනවායැයි කියමින් ඉංග්‍රීසි නොහැකියාවට සමච්චල්කිරීමෙන්ම මොවුන්ගේ නිරුවත හෙළිවෙන බව ඔවුන්ට නොතේරේ. පිටිසර ගමක ඉංග්‍රීසි නොදන්නා දෙමව්පියන් දෙදෙනෙකුට දාව ඉපිද මහන්සියෙන් ඉංග්‍රීසි ඉගෙනගත් මටනම් ඉංග්‍රීසිය යනු සන්නිවේදන මාධ්‍යයක් මිස ලොවට ...
බල්ලා බැඳ දමනු! මම දසයා - I am DaSaYa ඔන්න එකෝමත් එක රටක ගමරාල කෙනෙකුයි බල්ලෙකුයි සන්තෝසෙන් ජීවත් උනාලු. ටික කාලයක් මෙහෙම ඉද්දි බල්ලට පිස්සු හැදිල මිනිස්සු හපාකන්න පටන් ගත්තලු. බල්ලගෙන් බේරෙන්නම බැරි තැන ගමේ මිනිස්සු ටික එකතුවෙලා අමාරුවෙන් ගමරාලවත් කැමති කරගෙන බල්ලව අල්ලල කූඩුවකට දැම්මලු. වැඩි පරිස්සමට කියල කූඩුවෙ යතුරත් ගමරාලටම දුන්නලු. බල්ල කුඩුවෙ දාපු වෙලේ ඉඳන් ගමේ හිටපු ඔක්කොම බල්ලො ටික පිස්සු බල්ලගෙ කූඩුව වටේට එකතුවෙලා අපේ ...
ඇවන්ගාර්ඩ් මාර-ගාඩ් මම දසයා - I am DaSaYa පරණ කතාවේ තියෙන්නේ මහ එවුන් හිටගෙන චූ කරනකොට, පොඩි එවුන් දුව දුව චූ කරනවා කියල උනත් පහුගිය දවස් ටිකේම අපේ පොලෝසිය පාර දිගේ දුව දුව කරපු එක, පොලෝසිය බාර ඇමතිතුමා ඊයේ පාර්ලිමේන්තුවේ හිටගෙන කරලා පෙන්නුවේය. නෙගෝසියේෂන් ස්කිල්ස් තියා ගමේ මරණාධාර සමිතියක ප්‍රශ්නයක් විසඳා ගන්නා විදිහවත් දන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ ඉල්ලගෙන කන්න ලෑස්ති වූ සැනින්ම පොලෝසියේ රාළහාමිලාත් එක පොදියට පැන තමන්ගේ ...
මිථ්‍යාදෘෂ්ටිය මම දසයා - I am DaSaYa හරිද නැකතඅත්සන් කරන්නදඔන්න මිරිකුව බෝලේදැපනෙ වැටෙයි නේද ඔක්කොමසුමනේ සුමනේමාර වැඩේකොමා ඉන්නේ වැරදි පැත්තටමම යන්නම් පිටිපස්සෙන්මූණ දාල සුබ පැත්තටඔන්න වැඩ ඔක්කොම තියලයනව තිරුපති කියපු විදිහටඉන්දියාවෙ දෙවියෙක්නේ බංසලකයිද ලංකාවෙ එකෙකුටපඬුරු ළඟ දෙයියොත් නැමෙයිනේචීනො ළඟ අපි නැමෙන විදිහටඅනේ තැන්ක්යූ සුමනෙඋඹල නැත්නම්කොහොම ගෙනියන්නද මේ රටආසියාවේ ඈස්චර්යට- දසයාපින්තූරෙ ඉස්සුවේ මෙතනින් ...
කට... කට... මම දසයා - I am DaSaYa අම්ම කියන්නෙ,පුතේ කට පරිස්සම් කරගනින් කියල.ගෙදර නෝනා කියන්නෙ,ඔය දරුවො ඉන්න තාත්ත කෙනෙක්. පොඩ්ඩක් හිතල මතල කතා කරන්න කියල.යාළුවො කියන්නෙ,මචං සුදු වෑන් එකක් එයි පරිස්සමින් ඉඳපන් කියල.දන්නෙත් නැති උන් කියන්නෙ,මූට පිස්සු. ඉල්ලන් කන්න හදන්නෙ කියල.ඉතින් යකුනේ, තමන්ගෙ රට ගැන තමන්ගෙ අයිතීන් ගැන තමන්ට තේරෙන ඇත්ත ගැන කතා කරන්න ඔය තරම්ම බයවෙන්න ඕනෙනම්, ඒ පාලකයව ගෙදර යවන්න තව හේතු ඕනද?- දසයාපින්තූරෙ ඉස්සුවේ ...
කළගුණ අමතක නොකරමු! මම දසයා - I am DaSaYa අපේ රට වසර තිහක් තිබූ යුද්ධයෙන් රට මිදුනේ මහින්ද රාජපක්ෂ යුගයේය. ජාතික ප්රශ්නය අවසන් කල යුතුව තිබූ විදිහ ගැන යුද්ධයේ ගෞරවය බෙදී යාම ගැන විවිධ මතිමතාන්තර තිබුනත් යුද්ධය අවසන් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කල කාර්ය භාරය ගැන පිලිනොගන්නන් අල්පය. උදේ ගෙදරින් ගිය දරුවා යලි නිවසට එනතුරු බියෙන් සිටින තමන් අසල බසයේ වාඩිවී සිටින මිනිසා මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුදැයි මරබියෙන් ...