රොකට් එකේ ගියපු සිරිපාල මනාගෙ පින්තාරුව අපේ රටේ හැම තැනකම - හැම කෙනෙක්ම දන්න දෙයකිගංජා ගැන පුවතකි මේ - කියන්න යන්නේ හිටියා එක මනුස්සයෙක් - කොළඹට ළඟ හොඳ නගරෙකසිරිපාලයා නමින් තමයි - ඔහු හැඳින්නුවේපුළුවන් හැම වෙලාවකම - ගංජා සුරුට්ටුව ඇදීමසිරිපාලගේ තිබුන - ලොකුම රාජකාරියයිමේ අතරේ ලෝකෙ අපේ - වෙන්න යන්නෙ පුදුම දෙයකිනාසා එකෙන් රොකට් එකක් - යවන්න යන්නේලෝකෙ ඉන්න මිනිසුන්ගෙන් - තුන් දෙනෙක්ම තෝරාලාරොකට් එකේ දැමීමටයි ...
සංගීතයි සම්මානයි නෙළුම් යායයි මනාගෙ පින්තාරුව නෙළුම් යාය බ්ලොග් සම්මාන උළෙල පසුගිය මාර්තු 26 දින පැවැත්වුණු බව මේ වන විට ඔබ සියළු දෙනාම දන්නා කරුණක්. පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ පැවැත්වුණු සම්මාන උළෙල ගොඩක් සාර්ථකව කිරීමට හැකිවීම සතුට දනවන කරුණක්. අජිත් අයියා, කල්‍යාණ මිත්‍ර, ඉවාන් අයියල ප්‍රධානව තවත් විශාල පිරිසක් වූ සංවිධායක මණ්ඩලයේ දිවා රෑ නොබලා කැපවීමේ ප්‍රථිපලයක් ලෙස මෙවර සම්මාන උළෙල ගියවරට වඩා සාර්ථක කර ...
මගහැරුණද? නැත්තම් මගහැරියද? මනාගෙ පින්තාරුව ටික දවසකට මගෙ බ්ලොග් එක පැත්තෙ එන්න බැරිවුන නිසා බ්ලොග් එක පාළුවට ගිහින් කියල හිතෙනවා. ඒ වගේම කාගෙවත් බ්ලොගකට ගොඩ වෙන්නත් බැරි උනා. ඒ ගතිය නැති කරල දාන්නත් එක්ක මේ පෝස්ට් එක ලියලා දාන්න හිතුනා. කියන්න හදන්නෙ බ්ලොග් එකක් ගැන පොඩි ඔත්තුවක්. ඇත්තටම ඔත්තුවක් දෙන්න දේකුත් නෑ. ඒ බ්ලොග් එක පටන් අරන් දැන් අවුරුදු ගාණක් වෙනවා. නමුත් මට හිතෙනව ඒ ...
ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 5 මනාගෙ පින්තාරුව සුභ දවසක් ඔයාල සියළු දෙනාටම. පසු ගිය පෝස්ටුවෙන් අපි මෙතෙක් ඉගෙන ගත්ත ඕපන් කෝඩ්ස් වලින් අභ්‍යාසයක් කතා කලා ඔයාලට මතක ඇති. ඉතින් ඔයාල ඒක පුරුදු වෙන්න උත්සහයක් දැරුවානම් තේරුම් යන්න ඇති ඒ තිබ්බ කෝඩ්ස් ටික මාරු කරන්න ටිකක් අපහසු බව. මම කලින් පෝස්ට් එකකදී කීව මතක ඇති එක කෝඩ් එකක් ඇල්ලිය හැකි ආකාරයන් කිහිපයක් තිබෙන බව. අන්න ඒ විදිහට විවිධ ...
ඔබට හැගෙන්නේ කුමක්ද? මනාගෙ පින්තාරුව ලොකු කුඩා, ජාති ආගම් භේදයකින් තොරව සියල්ලන්ම කුමන ආකාරයකින් හෝ ඇලුම්කමක් දක්වන විශ්ව &
ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 7 මනාගෙ පින්තාරුව සුභ දවසක් වේවා සියළු දෙනාටම. අලුත් අවුරුද්දේ මගේ දෙවන පෝස්ට් එක විදිහට ඔන්න මම මෙතෙක් සාකච්ඡා කරන් ආව ගිටාර් පාඩම් මාලාවට අදාල ලිපියක් තමා ගේන්නෙ. මෙතෙක් අපි කතා කලේ මේජර් මයිනර් කෝඩ්ස් අල්ලන මූලික ක්‍රම ගැනයි. එසේ මේජර් මයිනර් කෝඩ්ස් ඇල්ලිය හැකි මූලික ක්‍රම තුනක් තිබෙන බව මම කලින් ලිපි වල පැවසුවා ඔබට මතක ඇති. අද කතා කරන්නේ අවසන් ක්‍රමය ...
එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ? මනාගෙ පින්තාරුව "එන්න ෂර් ඇතුළට! මොනවද බෙලුවේ?" "මට හොඳ බැක්පැක් එකක් ගන්න ඕනෙ. ඔයාල ළඟ තියෙනවද?""තියෙනවා ෂර්. සර්ට මොනවගේ එකක්ද ඕනෙ. ට්‍රැවල් කරන්නද? නැත්තං ඔෆිස් යන්නද?""මට ට්‍රැවල් කරන්නයි ඔෆිස් යන්නයි සේරටම හොඳ එකක් ඕනෙ. තව ලැප් එක අවුලක් නැතුව ගෙනියන්නත් පුළුවන් වෙන්න ඕනෙ""ඇවිත් බලන්නකො ෂර් මේ තියෙන්නෙ ෂර් කීව විදිහෙ එකක්. තව මේ සෙට් එකත් ඒ විදිහෙ ඒවා. තෝරලා බලන්නකො ""ම්ම් මේක ...
කලාකරුවාගේ සංවේදීත්වය සහ වසරක අවසානය. මනාගෙ පින්තාරුව 2014 වසර අවසන් වෙලා 2015 වර්ෂය උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. ඉතින් මට හිතුන අළුත් අවුරුද්දට කලින් පරණ අවුරුද්දේ වෙච්ච සිද්දියක් ගැන කතා කරන්න. මේක පුද්ගලික තරහක් හරි එහෙම නැතිනම් කඩේ යාමක් නොවන වග ලිපිය ආරම්භයේදීම සටහන් කරන්න කැමතියි. ශ්‍රී ලාංකිකයන් වන අපට ශ්‍රී ලාංකේය කලාකරුවන් යනු බොහෝ සෙයින් වටිනා සහ ගරු කරන පිරිසකි. එය අප කාගෙන් ඇසුවත් ලැබෙන ...
ශ්‍රී ලංකා පකිස්තාන දෙවෙනි විස්සයි විස්ස තරඟයේ රහස් කතාව. මනාගෙ පින්තාරුව තරඟයට පෙර පැවති පුහුණු සැසියේදී මාලිංග: මචන්ලා අපි මේ පක්කොන්ට නැති වෙන්නම පැරදිලා ඉන්නෙ. උඹල ඒක දන්නවනේ? ඒත් අද අපි උන්ට පාඩමක් උගන්නන්න ඕනෙ.මැතිව්ස්: ඒක හරි. මාලි අයිය කීවා වගේ අද අපේ උපරිමයෙන් සෙල්ලම් කරන්න ඕනෙ. මාලිංග: අනිවා අපි එහෙම සෙල්ලම් කරනවා. ඒත් ඇන්ජි අද එලියෙ.කපුගෙදර: හිකිස්. හතර විලි ලැජ්ජාව(රහසින් මිලින්දගේ කනට ලංවෙමින්).මැතිව්ස්: මේ #කයා මටත් ඇරියා එහෙනං(තමන්ටම කියා ගනියි).මාලිංග: ...
වාසියටද? අවාසියටද? මනාගෙ පින්තාරුව ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කිව්වට අපේ රටේ මිනිස්සුන්ගෙ ඔය කියන තරම් වෙනසක් නෑ කියල තමා මට නම් පේන්නේ. ලංකාවේ මූලිකවම ඉන්නෙ වාසියට වැඩ කරන සහ වාසියට වැඩ නොකරන කියන මූලික වර්ග දෙකට අයත් මිනිස්සු විතරයි. මං අපේ මිනිස්සුන්ව පිට රටවල් වල ඉන්න මිනිස්සු එක්ක සංසන්දනය කරන්න යන්නෙ නෑ. ඒ කීවෙ සුද්දො එක්ක. එහෙම කිවේ මොකද මම රට ගිහින් නැති නිසා. ...
බලාපොරොත්තු පොදි බැඳගෙන බලාගෙන ඉන්නවා මනාගෙ පින්තාරුව ක්‍රිකට් ලෝක කුසලානෙත් ගැට්ටටම ඇවිත් තියෙන වෙලාවේ මට හිතුන පාළුවට ගිහින් තිබ්බ මගේ බ්ලොග් එකේ මොකක් හරි දාන්න ඕනෙ කියල. මම හිතල බැලුව මෙහෙම කාලෙකින් බ්ලොගක් දාද්දි මගෙ ආදරණිය රසික රසිකාවියන්ට දෙන්න පුළුවන් හොඳම දේ මොකද්ද කියල. ඕක ගැන හිතල හිතල අන්තිමේට මතක් උනා " අඩේ අප්පා මොකක්වත් නෑ නොවැ ලියන්න කියල". ඔන්න ඔය සිතුවිල්ල ගැන මම ලත වේවි ඉන්දෙද්දී ...
නිදහස? මනාගෙ පින්තාරුව කොළඹින් වැලිමඩ බලා රාත්‍රී 10 ට පිටත් වන අර්ධ සුඛෝපබෝගී බස් රථයේ ක්‍රියාත්මක වෙමින් තිබූ රේඩියෝවේ හඬ බසය තුළ හීන් හඬින් ඇසෙයි. නිමල් බස් රථයේ පිටුපස ආසනයේ වම් කොනකට වී තරමක කල්පනාවක ගිලී සිටියේය.බස් රථයේ ආසන සියල්ලකම වාගේ එකා දෙන්නා ඉඳගෙන සිටියි. අයෙකු කෙටි නින්දකට වැටී සිටියි. තවකෙකු ජංගම දුරකථනය කනේ ගසාගෙන මල් යායක තනිවී ඇත. තව කීප දෙනෙකු කෙටි ...
~~~රොබරෝසියා~~~ මනාගෙ පින්තාරුව ඔන්න ඉඳල ඉඳලා ආවා පොඩි පෝස්ට් එකක් දාන්න. එක දිගට බිසී වෙලා ඉඳල මේ දවස් ටිකේ තමා පොඩි නිවාඩුවක් ලැබුනෙ. ඉතිං මට හිතුනා අළුත් අවුරුද්දකුත් ලබන්න එන නිසා මොකක් හරි තෑග්ගක් දෙන්න ඕනෙ කියල. ඒ තෑග්ග එසේ මෙසේ එකක් නෙමේ. මනා හැදුව සිංදු වලින් හැදුන සාර්ථකම සිංදුව කීවොත් නිවැරදියි. සාර්ථක කම සලකා බැලුවේ තාක්ෂණික අතින් විතරයි. එහෙම නැතුව පදමාලාව අතින් ...
කැම් එක වැඩ නෑ අළුත් වෙලා මූණ පේන්නෑ වුන හැටි. මනාගෙ පින්තාරුව ඔන්න සිංහල අවුරුද්දත් ඉවර වෙලා සති එකහමාරකට විතර පස්සෙ පොඩි පෝස්ට් කට්ටක් දාන්න හිතුනා. වෙන මොකකටවත් නෙමෙයි පොඩි මියුසික් වැඩක් ගැන කියන්න. ගොඩ දෙනෙක් අහන්න ඇතිනෙ අපේ මාතෙගෙ කුළුඳුල් ගීතය "තුම්මුල්ලේ ගීතය". ඒ ගීතෙ අයිතිය ගැන කවුරුහරි අහල තිබ්බ කමෙන්ට් එකකට මාතලන් අයියා කියල තිබ්බෙ අයිතිය ගායකයා සතුයි කියල. ඒත් මම හිතන විදිහට ගී පද නොමැතිව ගීතයක් සම්පුර්ණ වෙන්නෙ නෑ ...
පාරුවට පවා සැනසුම දැනේ! මනාගෙ පින්තාරුව තෙරක් නොපෙනෙන විසල් වැව් මත පාරු පැද යමි සීරුවේඇතත් සිත තුළ හැඟුම් රොද බැඳ උහුල ගෙන ඉමි පාළුවේනුඹත් සිහිවිය තනිව සිටි කල නිසල වැව මත පාරුවේඉමක් දුටු විට සතුට ගෙන දේ වෙහෙස හෙමිහිට මාරුවේcanvas by Karen Tarltonවැරදි හැදුවෙ නිහඬ සිත්තරාවි ...
වර්ණකුලකයේ ආදරය ගිනි ගනී මනාගෙ පින්තාරුව ඔන්න හදිස්සියෙන්ම පෝස්ට් එකක් දාන්න මතක් උනා.ඒ මීට සති කීපයකට කලින් අපේ කුරැටු ගෑ ගී පවුර මගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා කරපු ඉල්ලීමක් ඉෂ්ඨ කරන්න. ඒ අපේ වර්ණ කුලකය බ්ලොග් එක ලියන වර්ණකුලසූරිය ලියපු ලස්සන පද පේලියක් ගීතයක් විදිහට නිර්මාණය කරන්න කියලා. ඇත්තටම හරිම ලස්සන පද පේලි ටිකක් ඒ පෝස්ට් එකේ තිබ්බෙ. ප්‍රවීන රචකයෙක්ගෙ ලක්ෂණ ඒ නිර්මාණයේ මම ...
සංගීත ජීවිතයේ සොඳුරු මතක - 2 මනාගෙ පින්තාරුව ඔන්න අද ඉතුරු කොටස කියන්න හදන්නෙ. මුල් කොටස කියෙව්වෙ නැතිනම් ඒකත් කියවල එන්න. සංගීත ජීවිතයේ සොඳුරු මතක - 1.ඔන්න දැන් සිංදු හතරක් පහක් ගහගන්න පුළුවන් තත්වෙට බෑන්ඩ් එක හැදුන. ඉතිං අපිත් ෆ්ලෑෂ් බැක් වගේ කියල හිතාගෙන ප්ලේ කරනව.ඒත් අපිට තේරුම් ගියා ඒ උගන්නන කෙනාත් පොඩි දේවල් ටිකක් විතරක් දැනගෙන පොඩ්ඩ පොඩ්ඩ උගන්නන විත්තියක්. ඉතිං අපි හෙමින් සීරුවෙ එතැනින් සමු අරගෙන ...
නෙළුම් යාය සම්මාන උළෙලේ තේමා ගීතය හැදුණු හැටි. මනාගෙ පින්තාරුව නෙළුම් යාය සම්මාන උළෙල මාර්තු 26 පැවැත්වුන බව ඔයාල හැමදෙනාම වගේ දන්නව ඇතිනෙ. ඉතිං ඒකට මමත් සහභාගී වුනා. එතනදි මට බ්ලොග් ලියන කීප දෙනෙක්ම හම්බවෙන්න අවස්ථාවත් උදාවුණා. කොළඹ ගමයා ලියන අජිත් අයියා, මාතලන් අයියා, ඉවාන් අයියා, සුදීක අයිය, අටං අයියා, බස්සි, කල්‍යාණ මිත්‍ර, කටුස්සා, මනෝගේ ලෝකය ලියන මනෝජ් ෆර්නැන්ඩු, අපේ දිලිනි, සජ්ජා, ගන අඳුර ලියන මහේෂ්, හිත හීලෑ නෑ ලියන ...
පියෙකුගේ ආදරය... මනාගෙ පින්තාරුව ඉපදුණු දා සිටම නුඹ මේ ලෝකයට ඇතිවුනෙ සතුටක්ම පමණකි පුතුනේ මෙමට මවු තුමියටත් ඉහළින් නුඹ මා හදට ලංවුනෙ ඒ නිසයි ආදර පුතුනී මට කැත කුණු අත ගගා මා නොහැදුවත් නුඹ නව ජීවයකින්ය රැකියා කළේ මම වෙනදා මෙන් නොවේ එය හරි මිහිරි විය ඉන් ලැබෙනා සියළු දෑ මගෙ රන් පුතාටය ටික ටික නැගිට ඇවිදින කාලයත් නුඹ මතකය අද වගේ තවමත් පුතුනි ...
ශ්‍රී ලංකා කොටියා | Sri Lankan leopard මනාගෙ පින්තාරුව ඡායාරුපකරණය: හේෂාන් පීරිස් ෆොටෝග්රැෆිඔයාලට මතක ඇති ශ්‍රී ලංකාවෙ කොටි හිටියා කියල. ඔව් ඔව් කකුල් දෙකේ එවුන් තමා. මතක නැතිනම් ඔය ගූගල් දෙයියන්ගෙන් හරි ඒ කාලෙ මතක, තාමත් ඒ විදිහටම තියෙන කෙනෙක්ගෙන් හරි අහල බලන්නකො. ඒ උනාට අද කියන්න යන්නෙ කකුල් දෙකේ කොටි ගැන නෙමේ. එවුන් වඳ වෙලා දැන් ගොඩක් කල් නෙ. මේ කියන්න හදන්නෙ කකුල් හතරෙ කොටි ගැන. ඔව් ලංකාවේ ...