හැමදාටම අවුරුදු !!! මනාගෙ පින්තාරුව " තමුන් දන්නවද මේ හොර වැඩ නිසා අපිට තමුන්ව පොලිසියට අල්ලලා දීල අවුරුදු ගානකට බලු කුඩුවේ දාන්න පුළුවන්. ඒක නිසා හොඳ හිතිං කියහන් උඹ මොකටද මේ අසේල මහත්තයගෙ ගෙදරට හොරෙන් පැන්නෙ? "" අනේ බුදු සර්. මාව හිරේ දාන්න එපා. මගේ දරුවොන්ට කන්න දෙන්නෙ කවුද එතකොට. ""තෝ අපිව අන්දන්නද හදන්නෙ. අනුකම්පාව දිනාගන්නද? ඈ බොල පාහරයො."" අනේ නෑ මහත්තයො මම කියන්නෙ ඇත්තක්. ...
මචං අර ඇන්තනී සුරේන්ද්‍ර ගහපු භාණ්ඩෙ මොකද්ද? මනාගෙ පින්තාරුව මීට මාස කිහිපයකට කලින් මම පල කරපු සංගීත පෝස්ට් එකකට කටුසු හදවතේ කටුස්සා මෙන්න මෙහෙම කමෙන්ට් එකක් දාල තිබ්බා." මනා,මේක ටිකක් පෞද්ගලික ප්‍රශ්නයක්...ඔය ගිටාර් එකවගේම තියන යට හරිය රබානක් වගේ පෙනුමක් තියන වාදන භාන්ඩය මොකද්ද මචෝ?උඹට මතකනම් "ආදරනීය රෝහණ "ෂෝ එකේ ඇන්තනී සුරේන්ද්‍ර වාදනය කරපු එක.ඒකේ ලීඩ් ගිටාර් එකක් තිබුනේ නෑ.සුරේන්ද්‍ර ඒකෙන් තමා ලීඩ් පාර්ට් ප්ලේ කලේ.අහල තියන විදිහටනම් ඒක ...
ෆුල් ෆේස් ෆුල් ෆේක් | Full Face Full Fake මනාගෙ පින්තාරුව දිනෙන් දින දික් ගැස්සෙන නිතරෝම මගෙ හිතට වද දෙන මල හත්තිලව්වකි මේ මගුල් ෆුල් ෆේස් හෙල්මට් තහනමවිටෙක බළ ගන්වන්නටම යන කාටත් පොදුවේ ඇඟටම දැනෙන කිසි විටක පණ නොලත් යකාගේ නීතියකි මෙය අපේ මුළු රටටමපොලිසියත් ෆුල් සීරියස් පිට කියයි නිසැකෙටම පණ ගැන්වෙන බව නමුත් ලෙසටම කිච වෙයි ඊට පසු දින ගෙනා විට නියෝගය අධිකරණෙන් මුළු රටටමයත්න දැරුවත් ගෙනෙන්නට මේ තහනම මෙතෙක් ...
මචං කටුස්සා සහ රූපේ... මනාගෙ පින්තාරුව ඉතිං මචං උඹලට කොහොමද? මේ වෙද්දි උඹල මාත් එක්ක අමනාපෙන්වත්ද කියලත් හිතෙනවා. එහෙම කිව්වම සමහරවිට බලයි මොකද එහෙම කියන්නෙ කියල. ඒ තරමටම උඹලටත් සෑහෙන්න වැඩ රාජකාරි තියෙනවා කියල මම දන්නවා. එහෙම ඉද්දිත් කීප පාරක්ම අපේ උන්ගෙ විවිධ වැඩසටහන් වලට යන්න, තව පොඩි පොඩි පාටි වලට සෙට් වෙන්න අමතක කරේ නෑ. මට මතකයි මුලින්ම අපේ බ්ලොග් ලියන රූපෙ කෝල් එකක් දීලා ...
ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 1 මනාගෙ පින්තාරුව සුභ දවසක් ඔයාල හැමදෙනාටම. මනා අද ගේන පෝස්ට් එකත් සංගීතය හා සම්බන්ධ එකක්. මේ ලියන පෝස්ට් එක මීට කලින් ලියන ලද සංගීතය සම්බන්ධ පෝස්ටුව සමග තරමක් සම්බන්ධයි.ඒ පෝස්ට් දෙක මෙතනින් සහ මෙතනින් ගිහින් බලන්න. අද මම කියන්න යන්නෙ ගිටාරය (Guitar) වාදනය කිරීමට ඉගෙන ගන්නා අකාරය ගැනයි.මේ පෝස්ටුවේ කියන සියලුම කරුණු ඉතා හොඳින් මතක තබා ගැනීම වැදගත් යැයි මනාට හිතෙනවා. ගිටාරය ...
සංගීතයේ ස්වර පිලිබඳව සරලව අවබෝධයෙන් ඉගෙන ගනිමු. මනාගෙ පින්තාරුව සුභ දවසක් යාලුවනේ.අද මනා ඔයාලට ගේන්නේ සංගීතය පිළිබඳව ලිපියක්.මේ ලිපිය කියවන සමහර අයට සංගීතය පිළිබඳව හොඳ දැනුමක් තියෙන්න පුළුවන්. ඒ වගේම සමහර යට කිසිම දැනුමක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් මේ ලිපියේ කොතැනක හරි වැරද්දක් තිබුනොත් ඒ ගැන කොම්මේන්ටුවකින් මනාට දැනුම් දෙන්න කියල ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා.හරි අපි අපේ මාතෘකාවට යමු.සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් කියල ඔයාල කවුරුත් අහල ඇතිනෙ. ඒකනේ අපිට ...
කපුගේ ශුරීන්ගේ අමරණිය ගීතයක් සමගින් ගිටාර් අභ්‍යාසය 1 මනාගෙ පින්තාරුව සුභ දවසක් සියළු දෙනාටම. ඔන්න ගොඩ දවසකින් වෙනද වගේම අපේ සුපුරුදු ගිටාර් පාඩම් මාලාවට අදාළ ලිපියක් ලියන්න කල්පනා කළා. අපි මෙතෙක් කල් කතා කලේ කොහොමද ගිටාරයෙන් මේජර් සහ මයිනර් කෝඩ්ස් අල්ලන්නෙ කියල. එකම කෝඩ් එකක් ප්‍රධාන වශයෙන් ක්‍රම තුනකට අල්ලන අකාරය ඒ යටතේ මම ඔයාලට කියල දුන්නා. ඉතින් ඒ ක්‍රම දැන ගත්තට විතරක් මදි නොවැ ඒවා කොහොමද සිංදුවකට හරි වෙනත් ...
ප්‍රමාදය මනාගෙ පින්තාරුව අලුත් දවසක් උදාවීමට ඇත්තේ තවත් හෝරා කිහිපයක් පමණි. සංඛ තම ජංගම දුරකතනයද අතැතිව මතක සයුරක අතරමං වී බලාගත්වන බලා සිටියි. ඔහුගේ සිත තවමත් අතීතයේ සිදුවූ සිද්දි දාමයක පැටලී ඇත.ඉවෝන්, ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයක සංඛ සමගම උපාධි පාඨමාලාවක් සඳහා ඉගෙන ගැනීමට පැමිණි තරුණියකි. බාලිකා පාසැලක අධ්‍යාපනය ලබා තිබූ ඇය පිරිමි ළමුන් සමග කතා කලේම නැති තරම්ය. තමා මෙන්ම හැසිරෙන තවත් ගැහැණු ළමුන් ...
සංගීත ජීවිතයේ සොඳුරු මතක මනාගෙ පින්තාරුව මම පොඩි දවස් වල ඒ කියන්නෙ අවරුදු පහේ වගේ කාලෙ ඉඳන් රේඩියෝ එකක හොඳ සිංදුවක් ඇහුණොත් එහෙම මම කරන්නෙ ගෙදර තියෙන ටින් බෙලෙක්ක ටිකක් වටේ තියාගෙන කෝටු කෑලි දෙකකින් ඒවට තලන එක. ඉතිං ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහල ඉවරයක් නෑ මගේ ටින් බෙලෙක්ක ඩ්‍රම් ගැහිල්ල හින්ද කනක් ඇහෙන්න නෑ කියල. ඒ උනාට මම නෙමේ ඒවා නැවත්තුවෙ. හැමදාම ඔය වැඩේ කළා.ඔය කාලෙ ...
ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 2 මනාගෙ පින්තාරුව සුභ දවසක් ඔයාල හැම දෙනාටම. මම අද කතා කරන්නේ මිට කලින් සංගීතය සම්බන්ධ පෝස්ට් එකේ තිබුණු ගිටාර් වාදනය හා සම්බන්ධවයි. එම පොස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. අද එම පෝස්ට් එකේ සිට ඉදිරියට කතා කරන් යන්න තමයි මනා හිතන් ඉන්නේ. අද දින සිට ගිටාරය මගින් කෝඩ්ස් (Chords) වාදනය කරන විවිද ආකාරයන් ගැන ඉගෙන ගන්න ඔයාලට පුළුවන්. කෝඩ්ස් ...
අද මෙන් නොව එදා, අපි හිටියෙ ගොඩක් ලෙන්ගතුකමින්... මනාගෙ පින්තාරුව සිත ගියා මගෙ අතීතය වෙත නිකමට මෙන් එක් නිමේෂයකට මතකය ගලාගෙන ඇවිත් මවයි එදවස අප කල කී දෑ මොහොතකට කාලයක් පුරාවට ඇසුරු කළ ඒ සොඳුරු යුවතියන් ගැන අද මෙන් නොව එදා අපි හිටියෙ සිතින් ගොඩක් සමිපවය පැටළුනා එක් දිනක් අහම්බෙන් මෙන් කතා බහකට ගෙන ගියා බොහො දුරක් එම කතා බහ හැකි පමණ අද මෙන් නොව එදා අපි හිටියෙ සිතින් ගොඩක් ...
ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 6 මනාගෙ පින්තාරුව සුභ දවසක් සියළු දෙනාටම. අද මම මේ පෝස්ට් එකෙන් කතා කරන්නෙ අපි මෙතෙක් කතා කරපු ගිටාර් කෝඩ්ස් අල්ලන ක්‍රම සියල්ලම ආවරණය වන විදිහේ පොඩි අභ්‍යාසයක්. මම මෙතෙක් කතා කරලා තියෙන්නෙ ඕපන් කෝඩ්ස් සහ එම ඕපන් කෝඩ්ස් වලින්ම ඉදිරියට විකාශනය වන තවත් ක්‍රම දෙකක් ගැනයි. එම ලිපි බලපු නැති අය සහ එම කරුණු අමතක අය නැවත ගිහින් පරණ ලිපි ටික බලල ...
ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 4 මනාගෙ පින්තාරුව සුභදවසක් හැමදෙනාටම. මම අද කතා කරන්නෙත් අපි කලින් කතා කරපු ගිටාර් වාදනය හා සම්බන්ධවයි. අද මම ඔයාලට මේ පෝස්ට් එකෙන් අපි මෙතුවක් කල් කතා කරපු සහ ඉගෙන ගත්ත කරුණු වලින් අභ්‍යාසයක් කරන්න තමයි යන්නෙ. ඉතින් අද මුලින්ම මනාගෙ පින්තාරුව බලන කෙනෙක් ඉන්නවනම් මම කලින් කතා කරපු ගිටාර් වාදනය සම්බන්ධ ලිපි ටික කියවල එන්න කියල මතක් කරනව. ඒ වගේම මතක් කරන්න ...
ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 3 මනාගෙ පින්තාරුව සුභ දවසක් සියළු දෙනාටම. අද කතා කරන්න යන්නෙ මම කලින් ලියන ලද ගිටාරය හා සම්බන්ධ ලිපි මාලාවේ තුන්වෙනි ලිපියයි. මෙම ලිපි මාලාවේදී මනා විසින් තවමත් කතා කරමින් සිටින්නේ මේජර් සහ මයිනර් කෝඩ්ස් ගැන පමණයි. මෙම කෝඩ්ස් වර්ග දෙක අල්ලන ආකාරයන් ඉගෙන ගත් පසුව අනෙක් කෝඩ්ස් වර්ග ඇල්ලීමට ඉතාමත්ම පහසු බව ඔයාල මතකයේ තබා ගන්න. වමත් සහ දකුණත් යන ගිටාර් වාදකයින් ...
තුති පිදුම සහ ඉදිරි දැක්ම. මනාගෙ පින්තාරුව සුභ දවසක් ඔයාල සියලු දෙනාටම. මම අද මේ ලියන ලිපිය බොහොම කෙටි එකක්. නමුත් මම මෙය පළ කල යුතුයි කියල හිතනවා. මොකද එහෙම නොකලොත් මානාගෙ හිතට හරි නැති නිසා. අද මට ගොඩක් සතුටුයි වෙන මොකකටවත් නෙවෙයි. මනාගෙ පින්තාරුව ගැන අගය කරල වෙනත් හොඳ බ්ලොග් එකක වෙනමම ලිපියක් පල කරලා තිබුනා. ආධුනික බ්ලොග් කරුවෙක්ගෙ බ්ලොග් එකක් සම්බන්ධව තවත් හොඳ බ්ලොග් එකක් ...
ෆේස්බුක් (Facebook) හි ඇති ස්කෑම් (Scams) හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වෙමු. මනාගෙ පින්තාරුව සුභ දවසක් ඔයාල හැමදෙනාටම. අද මම ගේන්නෙ facebook (ෆේස්බුක්) සමාජ ජාලය සම්බන්ධ වැදගත් කියල හිතෙන පෝස්ට් එකක්. facebook සමාජ ජාලය පුරා ඇති විවිධ වර්ගයේ Scams (ස්කෑම්ස්) පිළිබඳව දැනුවත් කරිමක් කරන්න තමයි මේ පෝස්ටුවෙන් මනා බලා පොරොත්තු වෙන්නේ.මොකද්ද මේ Scam (ස්කෑම්) එකක් කියල කියන්නේ?ස්කෑම් (Scam) එකක් කියන එක සරලවම පැහැදිලි කලොත් මෙහෙම කියන්න පුළුවන්. කෙනෙකුට අයිති වටිනාකමක් ඇති දෙයක්, කුට(වංචාකාර) උපක්‍රමයක් ...
සංගීතයේ ඇති කෝඩ්ස් (chords) පිලිබඳව මූලික අවබෝධයක් ලබා ගනිමු, මනාගෙ පින්තාරුව සුභ දවසක් ඔයාල සියලු දෙනාටම.අද මනා ඔයාලට සංගීතය සම්බන්ධ පෝස්ට් එකක් තමා ගෙනාවේ. මනා ගෙනාව මුල්ම සංගීතය සම්බන්ධ පොස්ට් එක ස්වර පිලිබඳව හඳුන්වල තිබ්බේ. ඒ පෝස්ට් එක බලපු නැති අය මෙතනින් ගිහින් බලන්න. අද පෝස්ට් එකෙන් කතා කරන්නෙ එම පාඩමේ සිට ඉදිරියටයි. මතකනේ කලින් පෝස්ට් එකෙන් කිව්වා ප්‍රධාන වශයෙන් සංගීත ශයිලීන් දෙකක් ගැන අපට කතා කරන්න පුළුවන් කියල. පෙරදිග සංගීතය ...
Windows Registry කියන්නේ මොකද්ද කියල දැනගනිමු. මනාගෙ පින්තාරුව මේ ලිපිය මගින් මනා කියන්න යන්නෙ windows ඔපරේටින් සිස්ටම්ස් (windows xp ,7 සහ 8) භාවිතා කරන අය දැන ගන්න ඕන වැදගත් මාතෘකාවක් ගැන. ඒ තමයි Windows Registry(වින්ඩොව්ස් රෙජිස්ට්‍රි). සමහර අය මේ registry ගැන අහන්නෙ පළවෙනි වතාවට වෙන්න පුළුවන්. ඒ වගේම මේ ගැන දන්න ගොඩ දෙනෙකුත් ඉන්න පුළුවන්. කොහොම හරි මනා බලාපොරොත්තු වෙන්නේ මේ ගැන මුලික දැනුමක් අවබෝධයක් ඔයාලට ලබාදෙන්න. මොකද ...
සපත්තු දෙක මනාගෙ පින්තාරුව " යාළුවා!!! උඹ මේකෙන් යන දවසට මට උඹේ සපත්තු දෙක දීල පලයන්. මගෙ සපත්තු දෙක හොඳටම කැඩිල " මේ වචන ටික ඇහුනු ගමන් මගේ ඇඟේ ලේ රත් වෙන්නට වුණා. මට හිතට ආව තරහ පිට කරගන්නට ක්‍රමයක් නොමැතිව ඒවා මගෙ ඇස් වලින් පිට වුන බව තේරුම් ගියේ ඔහු මාදෙස බලමින් ඇසූ පැනය නිසාවෙනි." මොකෝ යාළුවා ඇස් රතු වෙලා. බොලාගෙන් සපත්තු දෙක ...
වමත් කරුවන් (Left Handers) හට ගිටාර් වාදනය කිරීමට දැනගත යුතු මුලික කරුණු සහ කෝඩ්ස් අවබෝධයෙන් ඉගෙන ගනිමු. මනාගෙ පින්තාරුව සුභ දවසක් සියළු දෙනාටම. අද දින මනා කියන්න හදන්නෙ ගිටාර් වාදනය සම්බන්ධ ලිපියක්. නමුත් මෙම පෝස්ටුව ගොඩක් වැදගත් වෙන්නෙ වමත හුරු අත වූ අය එහෙම නැත්තම් වමත් කරුවන් සඳහායි. මෙය කලින් කතා කරන ලද ගිටාර් වාදනය මුල සිටම අවබෝධයෙන් ඉගෙන ගනිමු - 1 සහ 2 පෝස්ටුවල පළවූ කරුණුම වමත් කරුවන් හට ගැලපෙන පරිදි සැකසූ පෝස්ටුවකි. මෙම පෝස්ටුවෙන් පසුව අපගේ සුපුරුදු ...