ජනාධිපතිවරණයෙන් පසු Yakaagea Daviya ජනාධිපතිවරණය අවසන් වී දින කිහිපයකි.මීට මාස කිහිපයකට පෙර සිදුවෙතැයි සිහිනෙන්වත් නොසිතූ දේ සිදුවී ඇත.සර්වබලධාරී යැයි සිතූ මහා වෘක්ෂ පුංචි වී කුඩා ගස් අතර නොපෙනී ගොස් ඇත.මහින්ද රාජපක්ෂ පරාජය වී දැන් සතියකට ආසන්නය.මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වීමේ යහපත් අයහපත් පැති ඇත.ප්‍රධානම දෙය නම් ජ්‍යොතිෂ මිත්‍යාව යම් සෙලවීමකට ලක් වීමයි.යුද්ධය ජයගත් අලුතම රටේ ප්‍රමුඛම ජ්‍යොතිර්වේදීන් සිවු දෙනෙක් කළ මාධ්‍ය සාකච්ඡාවක් මට මතකය.මට ...
බ්ලොග් වලට ආචාර ධර්ම අවශ්‍ය (ද ) එසේනම් මගේ යෝජනා Yakaagea Daviya දෙසතියක විරාමය තුල මෙම අඩවියේ සහ වෙනත් අඩවිවල සංවාදවලට සහභාගි නොවන අතර විවේකයක් ලැබෙන විටක කොමෙන්ට් වලට පිළිතුරු දීම පමනක් සිදුවේ. එයද විවේකය ලැබෙන විටය. මෙසේ වී ඇත්තේ සංවාද වලට සහභාගිවන විට නොදැනුවත්වම මම ඊට ඇබ්බැහි වන නිසාය.දවස අවසානයේ බලන විට මා කර ඇත්තේ බ්ලොග් රාජකාරිය පමනි. බොහෝ වැඩ රාජකාරි අත හැර දමා ඇත. වෙනත් දේවල් අත හැර දැමුවත් දෙමළ ...
සැක්කර දෙයියන්ගෙ පිහිටයි Yakaagea Daviya පහුගිය කාලයේ අපට තිබූ එකම අඩුවද සම්පූර්ණ විය.එනම් රහතන් වහන්සෙ කෙනෙක්ද ලැබීමයි එක්කෙනෙක් මදිවාට දෙදෙනෙක්ම ලැබුණි. මට මතක් වන්නේ ඇයි එකක් ඉල්ලන්නකො දෙකක් යන පැරණි වෙළද දැන්වීමය.රහතන් වහන්සෙලා දෙදෙනා වෙනස් වීම පොඩි අවුලකි. එක් වහන්සේ කෙනෙක් බහුභාන්ඩිකය. එහෙත් කිසිවක නො ඇලී වැඩවසන සේක. අනෙක් වහන්සේ අල්පෙච්ඡය උන් වහන්සේද කිසිවක නො ඇලී සිටින සේක. මේ සබැදියhttp://denethharinna.blogspot.com/2015/03/blog-post_49.htmlකෙසේ වෙතත් මේ දෙදෙනා එකිනෙකා රුස්සන ...
දුටුගැමුණු එළාර ප්රභාකරන් හා කිරිබත් Yakaagea Daviya ප්රභාකරන්ගේ මරණය ඇසූ ජනයා ස්වෙච්ඡාවෙන් කිරිබත් කා උත්සව පැවැත්වීම සමහරුන්ට ප්රශ්නයකි. ඇත්තෙන්ම විදේශගත දෙමළ ඩයස්පෝරාව සමඟ ආර්ථික සම්බන්ධතා තිබූ කිහිපදෙනෙකුට හැර සෙසු සියල්ලන්ටම ප්රභාකරන් යනු ත්‍රස්තවාදියෙකි . එකළ බසයකට නැගුනේ කොයිවෙලේ පුපුරයිද යන බියෙනි. එය යුද්ධය සම්බන්දව යුධ කලාපයෙන් බැහැරව ජීවත්වූ අප මුහුන දුන් පෞද්ගලික අත්දැකීමයි. යුධ කලාපයේ ජනයා වර්ග සමූලඝාතන බියෙන් ජීවත් වූහ. උයා ගත් දේ කෑවේ කැළයේය. එසේම ...
සෙනසුරු මාරුව හා තවත් කතා Yakaagea Daviya මෙයා හීනයක් දැකල. මෙය කලින් ලිපියක සංස්කරණයකි.මම ජ්‍යොතිෂය හැඳෑරුවේ එයින් ආර්ථික වාසියක් ලබන්නට නොව එහි සත්‍ය අසත්‍යතාව තේරුම් ගැනීමටය.මෙම ප්රයත්නයේදී මට නමක් හදාගන්නටද හැකිවිය.මට බොහෝ දෙනා තම තමන්ගේ කේන්ද්‍ර ගෙනත් දුන්හ.මා ඒවා ගේ හිමිකරුවන් ගේ විස්තර හා ඔවුන්ගේ කේන්ද්‍ර සටහන කුඩා නෝට් බුක් එකක සටහන් කර ගතිමි.එසේම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ කේන්ද්‍ර ද එම පොතේ සටහන් කරගනිමි.උදාහරනයකට කලත්තෑවෙ සොයිසා ගේ කේන්ද්‍රය පත්තරයක ...
මට පිස්සු තිබුනා කියා මට සිතේ Yakaagea Daviya මාන්සඉක රෝග යනු ඕනෑම කෙනෙකුට ඕනෑම අවස්ථාවක හැදෙන්නට පුලුවන් ලෙඩකි. ඒවා කායික රෝග මෙන්ය. එහෙත් කායික රෝග හැදුනාට වඩා ලැජ්ජාවක් සමාජමය ලෙසින් මානසික රෝග සමග බැදී ඇත. හදිසියේ මානසික රෝග ගැන මට මතක් වුනේ වෙන දෙයක් නිසා නෙමෙයි. අහම්බෙන් මා විස්න් දැමූ කොමෙන්ට් වගයක් දැකීමෙනි. බ්ලොග් වලට ෆේස් බුක් වලට යොමුවූ මුල් දිනවල මා හැසිරී ඇත්තේ විකාරෙනි.හැම තැනම කොමෙන්ට් දමමින් ...
ෆේස්බුක් තහනමේ හොඳ පැත්තක් Yakaagea Daviya ෆේස්බුක් ගැන මට මුලින්ම දැනගන්නට ලැබුනේ පුවත්පතක අතිරේකයකිනි. දියුණු රටවල තරුන තරුණියන් අතර ෆේස්බුක් නම් දෙයක් ජනප්‍රිය බවත් ලංකාවේද ඉහළ සමාජයේ තරුන තරුණියන් ට ෆේස්බුක් ගිණුම් පවා තිබෙන බව එම පුවත් පත් අතිරේකයේ සඳහන් විය.වැඩිකලක් නොගියේය. ෆේස්බුක් යන්න අසා නැති කෙනෙක් සොයාගත නොහැකි තරමටම පැතිරුනි. මේ වන විට ෆේස්බුක් ගිනුම් ලක්ෂ 60 ක් පමන තිබෙන බව අසා මම මවිතයට පත් ...
රත්තරන් බැන්ද කටුස්සා Yakaagea Daviya දැනුම පිළිබද ව්‍යාජ ආරෝපණය ක් තියෙනවා. දැනුම දරන්නා සහ සෙසු අය මෙහි ගොදුරු. නමුත් බලපුවම ඇති දෙයක් නෑ. මෙම බන්ධනය බිදින තුරු සමානතා සමාජය ක් බිහි වෙන්නේ නෑ.මට මතකයි අපේ ඉස්සර අපේ ට්‍රැක්ටර් එකේ වැඩ කරපු කෙනා කියපු කතාවක්.ට්‍රැක්ටර් එකක වැඩ දන්නවා කියන්නේ රටක් රාජ්‍යයක් වගේ කියලා. ට්‍රැක්ටර් ගැන නොදන්නා අයට මෙය පීඩිත ආරෝපනයක්, ට්‍රැක්ටර් කාරයට පීඩක ආරෝපණය ක්.මේ වගේම ...
කිඹිසිමාට සහ සෙසු අයට වචනයක් Yakaagea Daviya කිඹිසිමා යනු මම ගුරුවරියකගේ අසාමාන්‍ය දඩුවමක් විවේචනය කර දැමූ පෝස්ට් එකක එම ගුරුවරියගේ පැත්ත අරන් මට කුණුහරපෙන් බැන්න පුද්ගලයාය. මා බ්ලොග් අවකාශයෙන් අතුගා දැමිය යුතු බව ඌ කියා ඇත. එසේම මා ඌ මෙන් අනුන් බ්ලොග් ලිවීම නැවැත්වීමට උත්සාහ කරන්නෙක් යැයි අබූත චෝදනාද කර ඇත. එයට පිළිතුරු දීම මගේ වගකීමයි.ගුරුවරියගේ සිද්ධියට අදාල සියලු පෝස්ට් යළි පබ්ලිශ් කළෙමි. මෙන්න ලින්ක්.කිඹිසිමා මට තර්ජනය ...
පස් රහිත වී වගාව Yakaagea Daviya වී වගාව තුල මා නිරීක්ෂණය කළ එක් අයහපත් දෙයක්නම් මහා පරිමාන ජල නාස්තියයි. ඇත්තෙන්ම ගොයම් ශාකය නෙළුම් මෙන් ජලය විශාල වශයෙන් අවශ්‍ය බෝගයක් නොවේ. අපේ ගොවීහු වී වගාවේදී අධික ජල නාස්තියක් සිදුකරති. හයිඩ්‍රොපොනික් ක්‍රමයේදී 95% ක් ම ජලය ඉතිරි කර ගත හැක. එසේම කෘමිහානි ද නැත. වල් නාශක යෙදීමේ අවශ්‍යතාවයක්ද නැත. වසවිසෙන් තොර බතක් කෑමට ඇති හූදම ක්‍රමය මෙයයි.නමුත් ...
බොරු කීමේ කලාව Yakaagea Daviya මම සාමාන්‍යයෙන් පුවත්පත්වල බොරු අතිරේකයද කියවමි. ඒ මේ බොරු අතේ කයිතන් වෙනවා දැක කිසියම් සතුටක් ලබන්නටය. මම කිසිම කෙනෙකු බොරු කියා රැවටීමට අකමැති කෙනෙක්මි. රටක ජනතාවක් බොරු කියා රවටා මිත්යාන්ධකාරයේ ගිල්වන පුද්ගලයන් ගැන මට ඇත්තේ විශ්මයකි. ඔවුන්ගේ මනස ක්‍රියා කරන හැටි මට අනුමාන කරන්නවත් බැරිය.එක්කෝ මෙවැනි අය සිතන්නේ ජනතාව යනු පල් මෝඩයන් බවය.මෑත කාලීන ජ්‍යොතිෂ අනාවැකි දෙස බලන්න. ජනාධිපතිවරණයෙන් මහින්ද ...
අමුතු මුසල්මානයා Yakaagea Daviya සුගතපාල සිල්වාගේ අමුතු ඉළන්දාරියා කතාව ඔබ අතරින් කිහිප දෙන්ක්වත් කියවාඇතැයි සිතමි. බ්ලොග් ලෝකය නම් විශ්මයජනකය එය මේ යැයි අතැඹුලක් ලෙස ගෙන හැර දැක්විය නොහැක.බ්ලොග් සප්තමහ සාගරයේ විවිධාකාර මත්ස්‍යයෝ පිහිනති. ඔවුහු තම තමන්ගේ ලෝකවල සැරිසරති. එවැනි ලස්සන මත්ස්‍යයෙකි උන්මන්තක නොහොත් අමුතු මුසල්මානයාලිංගිකත්වය සමහරෙකුට හපූයියෙකි. එහෙත් අපේ අමුතු මුසල්මානයාට එය ගැන වගේ වගක් නැත. ඔහු ගෙන හැර පාන්නේ ආගම ,ලිංගිකත්වය හා මිනිස් ...
ගින්නෙන් උපන් සීතල Yakaagea Daviya ගින්නෙන් උපන් සීතල නමින් තිරගත වූ විජේවීර ගැන සිනමා සිතුවම මමද බැලුවෙමි. ඇත්තෙන්ම මා චිත්‍රපටයක් බැලුවේ සෑහෙන කලකට පසුවයි. මීට පෙර මා බැලුවේ ගුරුගෙදර චිත්‍රපටයයි. ගින්නෙන් උපන් සීතල බලන්නට මම පුලපුලා සිටියෙමි. ඇත්තෙන්ම මට සිනමා ශාලාවද ප්‍රවේශ පත්‍රයක මිලද ආගන්තුක විය. මා සමග ටිකට් ගත් දෙතුන් දෙනාටද එසේම ආග්න්තුක වීමෙන් මෙම සිනමා සිත්තම සාමාන්‍යයෙන් චිත්‍රපට නොබලන යම් පිරිසක් සිනමා ...
කට වට කර වැටක් බඳිමු දෙබසින් දුක වැඩි හන්දා Yakaagea Daviya ලිපිය ටයිප් කරන්නට රියල් ටයිම් යුනිකෝඩ් කන්වර්ටරය ගත්තෙමි.ඒකෙ වදින්නෙත් දෙමළ අකුරුය. වැරදිලා බාමිනි යුනිකෝඩ් එක ක්ලික් කරලාය.මට අද අතිශයින්ම කාර්යබහුල වුවත් තනිතරුව හා අටමා ගේ පෝස්ට් දැක නොලියා ඉන්නට බැරිවිය. තනි තරුව කියන ලෙසම වැඩ යකාට ගියදෙන් කියා ටයිප් කරමි.මේ දවස්වල බොහෝ දෙනා කතා කරන දේශපාලන දේවල් වල සාම්‍යයක් දැකිය හැක. ඉදිරියට බොහෝ දේවල් කතා කරන්නට ලැබෙනු ඇත.ඊයෙ බස් එකට ...
සයිටම් නැපෝලියන්ලා සහ මිසර පූසෝ Yakaagea Daviya බ්ලොග් ගුණ විනිස සයිටම් සයිටම් උද්ඝෝෂනය ගැන බ්ලොග් අවකාශයේ දුටු අංග සම්පූර්නම ලිපිය පලකලේ ප්‍රේමලාල් රණවීරගේ විසින් ඔහුගේ සුදුකුකුලා බ්ලොග් අඩවියේය. පහත ලින්ක් එකhttp://sudukukula.blogspot.com/2017/06/blog-post_22.htmlරසිකොලොජිස්ට් ට්‍රාන්සිල් බ්ලොගයේ මෙසේ කියයි."සිසුන් යනු වැඩිහිටියන්ය .ඔවුහු සටන් කරන්නේ ස්ව කැමැත්තෙනි."එය සත්‍ය නොවේ. බහුතරය යනවා නොව යැවෙනවාය. නිහඩ බහුතරය සංවිධානාත්මක සුළුතරයට නොදැනුවත්වම සහාය වෙයි.ඇත්තෙන්ම මෙම සිසුන් බලෙන් හා බලකිරීමෙන් උද්ඝෝශනවලට ගෙන යන අයයි. සමහරෙක් මොබ් එකක ...
හීතලට හිතුන දේවල් Yakaagea Daviya අද දවසෙම වැස්ස. පසුගිය මාස කීපයෙ තිබුන දරුනු රස්නය වෙනස් වෙලා. දැන් සීතයි. කොහොමත් මම උනුසුමට වඩා සීතලට කැමතියි.බස් එකත් වැරදුනා. ගස් කඩාවැටිල කියලත් ආරංචි ආව. වැහි දවස්වලට සිග්නල් කොහොමත් අවුල් නිසා මේ වගෙ අනෝරා වැහි දාක වැඩට ගියත් යන්න වෙන්නෙ ශෝට් එකක් නෙමෙයි කෙලින්ම හාෆ් එකක්ම දාන්න බලාගෙන. කොහොමත් වැහි අන්ධකාරෙත් එක්ක මල පාලුව. නමුත් මාර සුන්දරත්වයක්. බ්ලොග් පෝස්ට් ...
ම්ලේච්ඡයන් ට එරෙහිව මනුෂ්‍යයන් ගේ ව්‍යාපාරය - මරණ දඩුවම තුච්ඡ මිනීමැරුමකි Yakaagea Daviya ප්‍රවීණ බ්ලොග්කරුවෙකු වන රසිකොලොජිස්ට් මරණ දඩුවම ගැන පළ කළ පෝස්ටුව අතිශයින්ම ඉදිරිගාමී එකකි. එම පෝස්ටුවට පාදක වුනේ ඊයෙ පෙරේදා ඉන්දුනීසියාවේදී විදේශිකයන් කිහිප දෙනෙක් මරණ දඩුවමට යටත් කිරීමයි. මෙයට ජාත්‍යාන්තර වශයෙන් දැඩි විරෝධයක් එල්ල විය.එම විරෝධයට පදනම වුනේ ශිෂ්ට ලෝකය මරණ දඩුවමට එරෙහි වීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් ද මෙය ලෝක මට්ටමින් අහෝසි කළ යුතුයැයි යෝජනා කළේය. ...
පාට කණ්ණාඩි නැතිව දේශපාලන ලෝකයට එබී බලමු Yakaagea Daviya මේ පාර ඡන්දදායකයා විපක්ෂයට බර බව පේනව.ඒකට එක හේතුවක් නිතර දෙවේලෙ දකින කුකුලගෙ කරමල සුදුයි වගේ මහින්ද එපාවෙලා තියන එක.1994 දි ඩී .බී කළා වගේ බන්දේසියක තියල බලය විපක්ෂයට දෙන්න මහින්ද සූදානම් නෑ.ඒ නිසා තරඟයක් තියනව.ආණ්ඩුව අප්‍රසාදයට පත්වීම එක රැයකින් සිදුවූ දෙයක් නොවෙයි.ඇමති පුත්තු නයිට් ක්ලබ් වල ගහගෙන ගුටිකාපු අය තමන්ම ගහගත්ත කියපුව ,ඥානසාරලගෙ විකාර වලන් තවකාලික විනෝදයක් සැපයුනත් උගත් ...
යුධ සැමරුම ගැන බ්ලොග් ලෝකයේ මත සම්පිණ්ඩනය Yakaagea Daviya යුධ සැමරුම් ගැන බ්ලොග් අවකාශයේ පෝස්ට් කිහිපයක් පළවී තිබිණි. බොහෝ පෝස්ට් කියවූ මම ඒවාට ප්‍රතිචාරද දැක්වීමි. රළු වුවද සුහද සංවාද ඇතිවිය. ඒ අදහස් කැටි කර වඩා මධ්‍යස්ථ මතයක් ගෙන හැර දැක්වීමටත් අදහස් සම්පිණ්ඩනය කිරීමටත් මගේ බ්ලොගයේ පෝස්ටුවක්ම දැමීමට සිත්විය.මමත් කුමක් හෝ නොකිව්වොත් නුසුදුසු යැයි සිතුණි. තනිතරුව , දෙතිස් කතා මහ කළු ලාංකිකයා රාජ්,චාමි සෑම්, රසික සූරියආරච්චි, සුජීව කොකාවල, මාතලන්, සුදාරක, ...
ඉරිද පත්තර කැප්පෙටිපොලලා සහ ව්‍යවස්ථාදායකය Yakaagea Daviya ලංකාදීප හා රිවිර අපේ ගෙදර ගන්නා පත්තර දෙකයි. මටනම් මේ පත්තර බලන්නට විනාඩි පහක්වත් යන්නෙ නැත. කියවන්නට කිසිමදෙයක් නැති බැවිනි. රිවිර වෙනම බොරු අතිරේකයක් ( ජ්‍යොතිෂ ,වාස්තු වැනි මිත්‍යා )පළ කිරීම අපට පහසුවකි. එවිට එය පෙරලන්නෙවත් නැතිව සිටිය හැකි බවිනි.පත්තර පෙරලන විට මට සිතුන දෙයක් නම් ජවිපෙ දෙවරක් කැරළි ගැසුවෙ නැත්නම් ලංකාවෙ පත්තරවලට යන කලදසාව ගැනය. 88/89 මිනීමැරුම් හෝද හෝදා ...