බුදු හිමියන් ගිය මඟ ඔස්සේ Yakaagea Daviya මම ලෝකය දකින්නේ මගේ ඇස්වලිනි. එසේම තේරුම් ගන්නේ මගේ දැනුමෙනි. මගේ අවබෝධය මත තීරන ගැනීම මගේ අයිතියයි. කාලාම සූත්‍රයටද එකඟවය.ක්‍රි :පූ 6 වන සියවසේ ලොව පහළවූ සිද්ධාර්ථ ගෞතමයානන් වහන්සේ ශ්‍රේෂ්ට සමාජ ශෝදකයෙකු වූහ. ඒ බ්‍රාහ්මණයන්ගේ සමාජ ආධිපත්‍යයට එරෙහිව මතවාදී අරගලයක් කරමිනි.උන්වහන්සේගේ විවේචනයට ලක්වුනේ නිෂ්ඵල පූජා විධිය. විශේෂයෙන් බිලිපූජාවට එරෙහි විය.විශේෂම කාරණය නම් උන් වහන්සේ ආගමක් දේශනා නොකිරීමයි.එකළ සමාජ චාරීත්රානුව ...
මම බයියෙක්ද ටොයියෙක්ද Yakaagea Daviya මම බයියෙක්ද ටොයියෙක්ද යන ප්රශ්නය මට ඇතිවී තිබේ. බයියෝ මම ටොයියෙක් කියාද ටොයියෝ මම බයියෙක් කියාද හදුන්වති.බයියන් හා ටොයියන් වෙන්කර හදුනා ගත හැකි ක්‍රමවේදයක් නැද්දසත්ව විද්‍යාඥයන්ට සමහර සතුන් වර්ගීකරනයේ කොයි කොටසට දමන්නේද යන ගැටළුව ඇතිවී ඇත.ආවර්තිතා වගුව සැදූ රසායන විද්‍යාඥයන්ට සමහර ඌලද්රව්ය කොයි පැත්තට දාන්නේද යන ගැටලුව ඇතිවියවාග් විද්‍යාඥයන්ට බුරුම ජපන් වැනි භාෂා කුමක භාෂා ගණයට දමන්නේද යන ගැටළුව ඇතිවී ...
අද වැලන්ටයින් දවසෙ රූකඩ නටවන සහ රූකඩ වෙන සියල්ලන්ට සුබ පැතුම් Yakaagea Daviya අද වැලන්ටයින් දිනය.වැලන්ටයින් සාන්තුවරයා රෝමයෙ ක්ලෝ ඩියස් අධිරාජයාගෙ නියමයක් උල්ලංඝනය කරල තරුණවන් විවාහ කරවපු එකට උදහස් වුන ක්ලෝඩියස් වැලන්ටයින්ව මරල දැම්ම. එහෙම මරල දාපු දවස සමරන්න පසුකාලෙක ජනතාව පුරුදුවුනා. ඒත් රෝමයේ ආදරයේ දෙවගන වූ ජූනෝ සමරපු දවසත් මෙයමයි.මේ නිසා නත්තලට වගේම වැලන්ටයින් දව්සටත් පැහැදිලි රෝම උරුමයක් තිබෙනව.ලංකාවෙ අපි මේක සමරන්න පටන් ගත්තෙ අනූව දශකයෙ. වලන්ටයින් කියන වචනවත් අහල නැති ලංකාවෙ ...
ඇමති මණ්ඩලය අඩුකිරීමට යෝජනාවක් Yakaagea Daviya වර්තමාන දේශපාලන ක්රමයේ ඇති එක් අඩුපාඩුවක් වන්නේ වට්ටක්කා පුහුල් ඇමතිවරු පත්කිරීමය.කැබිනට් මණ්ඩලය ප්‍රසාරණය වීමෙන් විශාල වියදමක් සිදුවන බව හැමෝම දනිති.කිසිම ආණ්ඩුවක් මෙය කැමත්තෙන් කරනවා නොවේ.නොකර බැරිකමට කරන දෙයකි.යම් පක්ෂයක් ජයගන්නා මුල් වාරයේදී මෙය ලොකු ප්‍රශ්නයක් නොවේ.කැපී පෙනුන මන්ත්‍රීවරු ඇමතිකම් ප්‍රාර්ථනා කරති.එහෙත් දෙවැනි වටයෙදී නවක විශාල පිරිසක් ඇමතිකම් බලාපොරොත්තු වෙති. දෑත් ශක්තිමත් කිරීමට විපක්ෂයෙන් මන්ත්‍රීවරු ගන්නේනම් වට්ටක්ක පුහුල් ඇමතිවරෞ පත් කිරීමට ...
පැම්ප්ලෝනා ස්ත්‍රී දූෂන සිද්ධිය හා ලිංගිකත්වයේ ඛේදවාචකය Yakaagea Daviya පුරා තුන් දිනටත් ස්පාඤ්ඤයේ උද්ඝෝෂන පැවැත්වේ. ඒ සමූහ ස්ත්‍රී දූෂනයක විත්තිකරුවන්ට නිසි දඩුවම් ලබා නොදීම ගැන අප්‍රසාදය පළ කරමිනි. තමන්ට පුද්ගලික සම්බන්ධයක් ණැති කෙනෙක් වෙනුවෙන් මෙසේ ක්‍රියාකිරීම ගැන ස්පාඤ්ඤ කාන්තාවන් ප්රමුඛ උද්ඝෝෂකයන් පැසසිය යුතුමය. පම්ප්ලෝනා පොලීසියට අනුව 35000 ක් පමන රැස් ව සිටි අතර ඔවුහු සාමකාමීව සිය විරෝධය පළ කළහ.මෙය සිදුකර ඇත්තේ පිරිමින් පස් දෙනෙක් විසිනි ඔවුහු සමාජ ජාල වල ...
සමරසේකර සිතිවිලි ගෙනෙයි මේ විමසිලි Yakaagea Daviya මට කියන්නට අවශ්‍ය කරන දෙයක් වෙන කෙනෙක් කියන විට මා කරන්නේ වහා අසුන් පනවා මයික් එක දීමයි. මට වඩා හොදට අදහස් ප්රකාශනයේ දක්ෂ කෙනෙක් මුලසුන ගැනීම මට සතුටකි. මට ඇත්තේ හූමිටි තැබීම පමණි.මම චීන සෝවියට් තනි පක්ෂ ආණ්ඩු විවේචනය කළෙමි. රාජාණ්ඩු විවේචනය කලෙමි. හමුදා ආන්ඩු විවේචනය කළෙමි. ඒ කියන්නෙ බටහිරරටවල පාලන ක්‍රම චෝයි කියාදඉහත කී ආණ්ඩු වලට වඩා නම් හොඳ ...
හොල්මන් මන්දිරයේ රැයක් Yakaagea Daviya මීට ටික කාලයකට ඉහත මහත් ආන්දෝලනයක් ඇති කළ හොල්මන් මන්දිරය ඔබට මතක ඇතැයි සිතමි. කලක් මාධ්‍යවල අංක එකේ පුවත් මවන තැනක් වූ මෙහි වැදගත්කම නැතිකර දැමුවේ අප විසිනි. අපගේ පර්යේශනයෙන් පසු මේ ගැන රටේ උනන්දුව අඩු විය. කෙසේ වෙතත් මේ ගැන විවිධ මත තිබුණි.සමහරු පැවසුවේ හොල්මන් කතා පෙරට දමා යම් නීතිවිරෝධී ක්‍රියා සිදුවන බවය. මේ සියලු සංවාද අවසන් වුනේ අපගේ ...
කැටපත් පවුරේ කිවිදිය උදයා 2221 සරසවි සිසුවාට සමාව දෙන්න Yakaagea Daviya අවන්හලේ කෙළවර මේසයේ පුටුවේ වාඩිවී යන එන අය දෙස බැලුවේ ඕනවට එපාවටය. ඇත්තෙන්ම ශ්‍රී නිවාස් සමඟ ඇතිවූ හබය මා නොසන්සුන් කර තිබිණි. ශ්‍රීනිවාස් උස් හීන්දෑරි නිතර සිනාසෙන මුහුණක් සහිත සුන්දර මිනිසෙකි. ඔහු සමඟ අමනාප කෙනෙකුටද ඔහු සමඟ දබර කළ නොහැක. කෙනෙක් වශී කරවන අපූර්වත්වයක් ඔහුගේ දෑස්වල දසන්වල තිබුණි.ශ්‍රී නිවාස් සමඟ ගැටුනේ මහම මළ විකාරයකටය. 16 වන සියවසේ සමහර විට 18 ...
ජනාධිපතිවරණයේ මිත්‍යා කතා Yakaagea Daviya ජනාධිපතිවරණයක් කැදවීමෙන් ආණ්ඩුව කළේ මෝඩකමක් බව මම මාතලන්ගේ බ්ලොගයේ කොමෙන්ටුවක් දමමින් කියා සිටියෙමි.ජ්‍යොතිෂ උපදෙස් නිසා හෝ වෙනයම් දෙයක් නිසා එය සිදුවිය.සමහරවිට මින් පෙර සිදුවුනාසේ යූඇන්පියෙන් කට්ටියක් ගෙන ඒ නැවුම්බවත් එක්කම ජයග්‍රාහීව ඡන්දෙට යන්නට සිතා සිටියා විය හැක.එහෙත් සිදුවුනේනොසිතූ දෙයකි.ආන්ඩුව නායගොස් ඇති බව ඕනම කෙනෙකුට අවබෝධ වේ.මේ නාය යාම කොටියාගේ බලයෙන්වත් ආපසු හැරවිය නොහැකි තරම්ය.එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයක් තිබ්බානම් විධායක බලය යොදා ...
අබිරහස මුහුණට මුහුණ හමුවේ. Yakaagea Daviya ලං වන විට කලින්ට සැර බාල වී තිබුණි. මගේ බයද අඩුවිය. ලඟටම ඒමට හැකිවිය. වක්රාකාර කටාරමක් වැනි යමක් ලඟ නැවතුනෙමි.යමක් දිලිසෙනවා කැකෑරෙනවා පෙනුනි. මට කළ හැක්කේ බලා සිටීම පමණි.එහි තේරුමක් නැත. තිබෙන දෙය ටිකෙන් ටික නොපෙනී යයි. දැන් එළිවෙන්නටත් කිට්ටුය.මම ආපසු යමි.මීට වඩා සූදානම්ව එමි.අඩුම ගනනේ කැමරාවක්වත් රැගෙන ආ යුතුය. එසේම තව උදව්කරුවෙක්ද කැදවා ගෙන ඒම ප්රයෝජනවත්ය. අඩුගනනේ සාක්ෂියක් ලෙස ...
හෙළුවැලි ලෝකයක් Yakaagea Daviya මෙම ක්‍රමය අනුගමනය කිරීමට හේතු කිහිපයක් ඇත. එකක් නම් බ්ලොග් එකක පළවූ මගේ අවධානය දිනාගත් කොමෙන්ට් මගින් මා සම්බන්ධවූ ලිපියක් අවශ්‍ය වෙලාවට පහසුවෙන් මට යළි කියවීමට ලැබීමයි . අනෙක් අරමුණ එම ලිපියට බ්ලොග් අවකාශය තුල ප්‍රචාරයක් ලබා දීමයි. මෙය එකම පෝස්ටුවක දෝංකාරයකි.නිරුවත ගැන පෝස්ට් දෙකක්ම හමුවිය. ඒවායේ සබැදිසම්පුර්ණ ලිපි පළ කළ නොහැක්කේ ඒ දෙකම මා කියන කතාවට අදාල නැති බැවිනි. ...
කෝටියකට වඩා අල්ලස් ගන්නා හෝ හොරාකන අයට මරන දඩුවම දීම සුදුසුයි නේද Yakaagea Daviya අල්ලස් ගැනීම ආදිකාලයේ සිටම පැවති වරදකි. රජවරු අල්ලස් ගෙන අසුවූ නිළධාරීන්ට ඉතා දරුණු දඩුවම් දුන්හ. ඊට හේතුව නිළධාරියාගේ සාක්කුවට ගියේ රජුට ලැබිය යුතු ධනයක් වීමයි. මේ නිසා රජු තදින් කිපීම නිසා අල්ලස් ගත් අයට නිසි සැලකිළි ලැබිනි. එහෙත් පසුව අල්ලස් ගැනීම දරුණු කම අඩු අපරාධයක් ලෙස පිළිගැනුනි. අල්ලස් ගැනීම සමස්ත සමාජයටම එරෙහි අපරාධයකි. මන්ද අල්ලස් ගත් විට සාමාන්‍ය නෛතික පිළිවෙල ...
සීතාවක රාජසිංහ , අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් දුෂ්ටයින්ද Yakaagea Daviya සීතාවක රාජසිංහ හා අරිට්ට කීවෙන්ඩු පෙරුමාල් ලංකා ඉතිහාසයේ දුෂ්ටයන් ලෙස පෙන්වා දී ඇත. රාජසිංහ කෲරතරයෙක් හා පීතෘඝාතකයෙක් ලෙස ත් බෞද්ධාගම විනාශකළ තැනැත්තෙකු ලෙසත් පෙන්වා දී ඇත. එහෙත් මේ සියලු චෝදනා පදනම් විරහිතය. රාජසිංහ ගේ පියා වූ මායාදුන්නේ වයස අවුරුදු 85 දී මියගිය බව සදහනව ඇත. ඒ ස්වාභාවිකවය. ක්වේරෝස්ද මෙය සනාථ කරයි. අනෙක් අතට රාජසිංහ අවුරුදු 11 සිටම රාජ්‍යත්වය ස්ථිර ...
නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේසරණං වරං - බුද්ධිය හැර අන් සරණක් නැත. පින්බර වෙසක් මංගල්‍යයක් වේවා Yakaagea Daviya බුදුන් වහන්සේ යනු උන්වහන්සේ සිටි යුගයේ මතුනොව සදහටම ඉතා උතුම් මගක් දේශනා කළ ශාස්තෲවරයානන් වහන්සේ කෙනෙකි. උන් වහන්සේ සිටි යුගයේ ජනප්‍රියව සිටි අවිහිංසාවාදී මහාවීරයන් සැම අතින්ම උන්වහන්සේට සමවිය. එහෙත් ධර්මයෙන් නොවේ.මන්ද මහාවීර ලා අවිහිංසාවාදයේ ඇලුන බැවිනි. ලංකාවේද මහාවීර අනුගාමිකයෙක් ගවයන් ඝාතනයට විරුද්ධව සිරුරට ගිනි තබා ගත් බව ඔබට මතක ඇති. මෙවැනි ඇලීම් බුදු දහමින් පිළිකෙවි කෙරේ. අජිත කේශ කම්බලද උන් ...
ඩිස්ටි ඩිඩින් නැති ලෝකයක් Yakaagea Daviya ආතර් සී ක්ලාක් මහතාගේ අනාගත කැලැන්ඩරය කාලයක් යනතුරුම මා සතුව තිබිනි. 2001 දී මිනිස් ක්ලෝන නිර්මාණය කරනු ඇතැයි ඔහු පැවසීය . එහෙත් 2018 දීවත් එය සැබෑ නොවීය. තවද ආරක්ෂිත බලශක්ති ක්‍රමවේදයක් භාවිතයට එනු ඇතැයි අනාවැකි පළකලද එයද සැබෑ නොවීය. එහෙත් අතත්‍ය අවකාශය මගින් මිනිසුන් සම්පූර්නයෙන්ම ලිංගික ක්‍රියාවලින් මුදාගන්නට හැකිවනු ඇත.යාන්ත්‍රික ජීවන රටාවකට හුරුවී ඇති ජපන් ජාතිකයන් ලිංගික ක්‍රියාවලට එතරම් කැමැත්තක් ...
බොරුව සිතින් දුරලා හොද විරේකයක් කරලා ඉමු රටට වැඩක් කරලා ( කිං කරිස්සන්ති තාරකා / අහසේ තරු රටා වල කවර නම් අර්ථයක් තිබේද පෙරේරා මහත්තයෝ ) Yakaagea Daviya දුම් රිය ට පැන සියදිවිහානිකර ගැනීම සුබ දෙයකි. එවැන්නක් වූ විට අපට ට්‍රේන් එක ලේට් වේ. එවිට හවසට ලේට් කවරකරන්නට සිදුවේ. එහෙත් සියදිවි හානිකරගත් තැනැත්තා එය කළේ සෙල්ලමකට නොවේ. ඔහුගේ ප්‍රශ්න වලට වෙන විසදුමක් නුදුටු නිසාය. ඇයි අපේ කෝච්චියටම පැන්නෙ කියා ඔහුට දෙස් දෙවොල් තබමු.පසුගිය සදුදා හවස කට්ටුව හරියේදී කෙනෙක් දුම් රියට පැන තිබුනි. කොටුවෙනුත් ලේට් වූ කෝච්චිය මේ නිසා ...
යුධ විරෝධීන්ගේ විලාප මැද දෙවන ලෝක සංග්‍රාමය අවසන් වී හෙටට අවුරුදු 72 කුත් මාස ගනනකුත් දවස් ගනනක් වෙන බව ඔබට අමතකද Yakaagea Daviya යුද්ධය අවසන් වීම එදා පුවත්පත් වාර්තා කර තිබූ අයුරු යුද්ධය අවසන් වීම එදා පුවත්පත් වාර්තා කර තිබූ අයුරුමේ පෝස්ට් එක දැම්මේ අන් කිසිවක් නිසා නොව දෙවන ලෝක සංග්‍රාමය අවසන් වී අවුරුදු 72 කුත් මාස ගනනක් ගතවී ඇති බව මට හදිසියේ මතක් වූ නිසයි.ප්‍රකෘති සිහියෙන් සිටින කිසිම කෙනෙකුට ගැටුම් ඇතිකරගන්නට අවශ්‍ය නැත. එහෙත් නරක යැයි සම්මත ඇතැම් දේ ඇතැම් අවස්ථාවල හොඳම ...
මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සදහා යෝජනාවක් Yakaagea Daviya 1977 ට පෙර මන්ත්‍රීවරුන් තෝරා පත්කර ගත්තේ කේවළ ක්රමයටය.ඒ අනුව මන්ත්‍රී කොට්ඨාසයකට එක් මන්ත්‍රීවරයෙක් පත් වෙයි.මොහු එම කොට්ටාසයේ ඒකාධිපතියාය. ඊට හේතුව එකළ ජනතාව ඡන්දය දුන්නේ පළාතේ ප්රභූවරයාට නිසායමෙම ක්‍රමයෙන් නිවැරදිව ජනමතය නියෝජනය නොවේ.A = 2000B = 3000C = 4000ඉහත ක්‍රමය ට චන්දය දුන්නොත් C ජයගත්තත් බහුතර පිරිසක් ඔහුට විරුද්ධය. රටක් ලෙස ගත්තොත් ඡන්දයෙන් ජයගන්නේ ඇත්තෙන්ම බහුතර ජනතාවගේ කැමැත්ත නොවේ.1970 මහ ...
ට්‍රම්ප් සමග නැගිටිමු Yakaagea Daviya ඇමරිකානු ජනාධිපතිවරනයෙන් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ජයක් ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් මහතා ලබාගෙන ඇත. ඇත්තෙන්ම ලෝකයේ ගමන්මග තීරනය කරන්නේ ඇමරිකාව රුසියාව ඉන්දියාව හා චීනය වැනි රටවල් නිසා කුඩා රටවල ජනයාට තම රටේ මැතිවරනයකට වඩා මෙම රටවල මැතිවරන ගැන උනන්දු වීම වැදගත්ය.තමරටේ අය ක්‍රියා කරන්නේ මේ අය කියන ලෙස නිසා තම රටේ චන්දය දා පොරවගෙන නිදාගෙන මෙම රටවල චන්ද නිදිමරා ඇසුවත් පාඩු නැත.එහෙත් ...
යකා ෆේස්බුක් යයි Yakaagea Daviya බ්ලොග් එක හදා සෑහෙන කාලයක් ගතවුනත් බ්ලොග් එකට ෆේස්බුක් ප්‍රොෆයිල් එකක් හදාගන්නට මට ඕනෑ නොවීය. ඒ මම හිට්ස් පස්සේ එලවූයේ නැති නිසාය. එහෙත් මට මේ අලුත් අත්දැකීම ලබන්නට සිත්විය. ඉතා වටිනා ෆේස්බුක් අධ්‍යාපනික ගෲප් https://www.facebook.com/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD-Diary-Of-Evolution-1317737654994637/?hc_ref=ARSebqbrh1vkHg9EtAZ4JDRcC22s4xrZ6D0yx17Cf0m55HylNL_-746BdPoejaWrK88https://www.facebook.com/groups/kalukuh