Untitled Post Yakaagea Daviya රජ්ජුරුවෝ උඩයි උඩයි මිටි කොල්ලෝ බිමයි බිමයිමේ අපි පොඩිකාලෙ කරපු සෙල්ලමක් . එකෙක් කොහොමහරි ගහක අත්තක් උඩට නැගගත්තම ඌ මෙහෙම කියල ඔජ වඩනවා. අනික් උන් ඌව බිමදාල ගහේ අත්ත උඩට නගිනවා.අපේ උප විඥානයෙ සැගවිලා තියෙන මේ රාජ ආශාව හරිම චමත්කාරජනකයි. මේක ලෝකෙ හැම රටකම තියෙන දෙයක් . ඩෙන්මාර්ක් ඉන්ග්ලන්ඩ් වගෙ රටවලත් මිනිස්සු රජ්ජුරුවන්ට මාර ආදරෙයි. ඇත්තටම රජා කියන්නෙ ඉස්සර හිටිය ...
රෝමවරු පරාජය කළ කූෂ් හි රැජින Yakaagea Daviya ඉතිහාසය ගැන මට උනන්දුවක් ඇතිවුනේ කුඩා කලදීමය. පෘතුගීසි යුගය ඉන්දියානු නිතිහසාය් ,පුරාණ ශිෂ්ටාචාර ආදිය ගැන ලියවුන පොත් කීපයක්ම අපේ ගෙදර තිබුනි.මේ පොත් අතර තිබූ ලක්දිව ප්‍රතිකාල් ප්රයත්නය නම්වූ පොත නැතිවූ සැටි මට හොදට මතකය. ඥාති පවුලක ගෙට ගෙවදීමකට යනවිට බස් එකේ යද්දි කියවන්නට පොත මම ගෙන ගියෙමි.බස් එකේ යද්දි කම්මැලිකමට කියවන්න මම ඔය පොත ගෙනිච්චා මතකයි.ඒ ගෙදරින් තමා නැතිවුනේ.ඒ පොතේ ...
අතීතයේදී පෘතුගීසීන් අනෙක් යුරෝපීය ජාතීන්ට වඩා ප්රචන්ඩ වීමේ යම් විද්‍යාත්මක හේතු තිබේද? Yakaagea Daviya උපුටා ගැනීම සාමන්ත ඒකනායක ෆේස්බුක් ප්රෆයිල් එකෙ. සීමන් කොරෙයා හා අසවේදු ගැන මාද මේවා මීට පෙර අසා ඇත. බුද්දි කලම්බනය සදහා මේ පෝස්ට් එක දාන්නෙ යුරෝපීය ජාතීන් ආසියාවේ අප්‍රිකාවේ සිදුකල විනාශයන් ගැන යම් ශාස්ත්‍රීය අධ්‍යනයක් අවශ්‍ය නිසාය.පෘතුගීසීන් මේ සා කෲර වීමට යම් විද්‍යාත්මක හේතුවක් තිබේද?වර්තමාන යුරෝපීයයන් ගැන මට ඇත්තේ පහන් හැඟීමකි. පෘතුගීසීන් හා ස්පාඤ්ඤ වරු කළ නින්දිත ක්‍රියා ගැන ඔවුන්ගේ ...
මානව ඉතිහාසයේ අග්‍රගණ්‍ය විශිෂ්ටතමයන් තිදෙනා Yakaagea Daviya මානව ඉතිහාසයේ අග්‍රගණ්‍ය විශිෂ්ටතමයන් තිදෙනා තීරණය කි9රීමේදී මා විසින් නිර්ණායක කිහිපයක් යොදාගත්තෙමි.එම පුද්ගලයා වර්තමානයට කර ඇති බලපෑම -එනම් ඔහු නොසිටින්නට අද අප දන්නා ලොව වෙනස් වී තිබිය යුතුය.දේශපාලනික කරුණු පමණක් අදාල කර ගැනීම _ විද්‍යාත්මක සොයාගැනීම් කළ අය මානව සමාජයට කර ඇති බලපෑම් කොතරම් ප්‍රබල වුවද අදාල කරගෙන නැත.සමස්ත ලෝකයටම බලපා තිබිය යුතුය.- ලොව එක් කොටසකට පමණක් බලපෑම අදාල නැත.බලපැම ...
හුදකලාව බොහෝ ප්‍රශ්න වලට විසදුමකි Yakaagea Daviya කොරෝනාවෙන් උගත් පාඩමක් නම් එකිනෙකාගෙන් ඇත්ව සිටීමෙන් බොහෝ ප්‍රශ්න විසදාගත හැකි බවයි . නිවෙස් වල හුදකලා වීමෙන් ගැටුම්වල පවා අඩුවක් ඇත. මෙවර රතිඤ්ඤා අනතුරු එකක්වත් නැත. ...
සිත්වල ඇති කොරෝනා- තොටවත්ත හා මෝදර කොල්ලා Yakaagea Daviya කොරෝනා කාලේ කාගේත් සිත් නිදහස් ව තිබේ.ඇත්තටම මෙය අලුතෙන් කල්පනා කිරීමට හොඳම අවස්ථාවකි. ලැබෙන විවේකය අන්තර්ජාලය ඇසුරු කරමින් දැහැමෙන් සෙමෙන් ගත කරමු. තෙද ඇති ශාස්ත්රකරුවෙක් මේ බිමේ වෙයි. ඔහුට පැසසිය යුතු මට්ටමේ ඥාන සම්භාරයක් ඇති බවද කිවයුතුය. ඔහු අනාවැකි කියා අතේ කයිතන් වූ අයෙක් බව නොකියාම බැරිය.වෙනත් සාත්තරකාරයන් සේම ඔහු කරන්නේද දක්ෂ අනුමාන කිරීම්ය. බල්ලෙක්වත් ආයෙ එන්නෑ කියපු කතාව මෙන්ම ...
කොරෝනා බටහිර හා ආසියාව Yakaagea Daviya ලොව පුරා කොරෝනා රෝගයට අලුතෙන් ආසාදනය වීම හා මරන ප්‍රස්තාරය ෆ්ලැට් වී ඇත.ලෝකයේ අලුතෙන් 80000 ක් දිනකට ආසාදනය වන විට 5000 ක් පමන මියයන මට්ටමේ නතර වී ඇත.කොරෝනා නිසා බලවත් අපහසුතාවයට පත්වුනේ බටහිර වන්දනාමාන කරන පිරිසයි. සුද්ද මෙච්චර අනාගනීවිද කියා ඔවුන් අන්ද මන්ද වී ඇත.අච්චර සුද්ද මෙච්චර ඇනගනියිද කියා විශ්මයට පත් අය විවිධ සිත නිවන කතා කියති.බටහිර රටවල් මේ කරන්නෙ ...
කොරෝනා වලින් උගත් පාඩම් Yakaagea Daviya කිසිම ජ්‍යොතිර්වේදියෙකුට අධිමානසිකලාභියෙකුට කලින් කොරෝනා ගැන අනාවැකි කීමට බැරිවූ බවපන්සල් ,පල්ලි,දේවාල වසා ඇති බව රෝහල් විවෘත කර ඇති බවඉහත කාරනා ගැන කතා කිරීමද කාලය කා දැමීමකි.ග්රහලෝකකාරයෝ,වාලම්පුරිකාරයෝ ,දෙවිවරු එකෙක්වත් නැත.ප්රශ්නය විසදුන පසු සාක්කු සුද්ද කිරීමට ඔවුන් ආපසු එනු ඇත.රාජ්‍ය අංශය ශක්තිමත් විය යුතු බව. - ඕනෑම හදිසි අවස්ථාවකට මුහුන දිය හැකි ශක්තිමත් රාජ්‍ය අංශයක් ඕනෑම රටකට තිබිය යුතුය.මෙම ශක්තිමත් රාජ්‍ය අංශයට ...
බළළා මැටියෙන් වුනත් මොකද මීයො අල්ලනවනම් Yakaagea Daviya පසුගිය දිනවල ස්වාමීන් වහන්සේ නමක් ධර්ම දේශනාවන්වලදී කළ අදහස් දැක්වීම් අල්ලගෙන පිරිසක් බුකිය දෙවනත් කල බව අපි දනිමු.එහෙත් අප කළ යුත්තේ වචනාර්ථය ගැනීම නොව අභිලාශය තේරුම් ගැනීමයි. එසේ නොවුනහොත් ස්වාමීන් වහන්සේගේ අදහසට විසුලු සහගත තේරුමක් ලැබෙනු නො අනුමානය.ප්රස්තුත කතාව සැමියා බිරිදට තේ හදා දුනහොත් බිරිද අපායෙ යයි.මේ අදහස බොහෝ ඊනියා නූතනවාදීන්ගේ බයිට් එකක් වීම නො වැලැක්විය හැක. එහෙත් ඇත්තටම ස්වාමීන් ...
රත්තරන් බැන්ද කටුස්සා Yakaagea Daviya දැනුම පිළිබද ව්‍යාජ ආරෝපණය ක් තියෙනවා. දැනුම දරන්නා සහ සෙසු අය මෙහි ගොදුරු. නමුත් බලපුවම ඇති දෙයක් නෑ. මෙම බන්ධනය බිදින තුරු සමානතා සමාජය ක් බිහි වෙන්නේ නෑ.මට මතකයි අපේ ඉස්සර අපේ ට්‍රැක්ටර් එකේ වැඩ කරපු කෙනා කියපු කතාවක්.ට්‍රැක්ටර් එකක වැඩ දන්නවා කියන්නේ රටක් රාජ්‍යයක් වගේ කියලා. ට්‍රැක්ටර් ගැන නොදන්නා අයට මෙය පීඩිත ආරෝපනයක්, ට්‍රැක්ටර් කාරයට පීඩක ආරෝපණය ක්.මේ වගේම ...
එලිසබෙත් වොරන් Yakaagea Daviya එලිසබෙත් වොරන් මහත්මිය සිය ජනාධිපතිවරන ව්‍යාපාරය අව්සන් කරන බව දන්වා ඇත. එයට ඉදිරියට ඒමට නොහැකිවීම මට නම් මහත් කනගාටුවකි. මන්ද ඇය ඇමරිකාවේ ජනාදිපති වුනානම් එය ඓතිහාසික දෙයක් වීමට ඉඩ තිබිනි. ඒ ඇය ට දේශීය ඇමරිකානු මූලයක් තිබෙන බවට ඇති මතය නිසාය. බැරැඛ් ඔබාමා ට කෙලින්ම කලු වහල් උරුමයක් නොවීය. එම උරුමය තිබුනේ ඔහුගේ ආර්යාවටය. කෙසේ නමුත් වහලුන්ටත් වඩා ඇමරිකානු බිමේ ...
තව තවත් ගොඩනැගිලි හදමුද ඔන්ලයින් සිස්ටම් හදමුද Yakaagea Daviya නව තාක්ෂනය නිසා කාර්යාල වලට නොගොස් වැඩකර ගැනීමට මහජනතාවට හැකිවී තිබේ. එසේම කාර්යාල සේවකයන්ටද නිවෙස්වල සිට වැඩ කළ හැක. මෙහි ප්‍රතිපලයක් ලෙස මහාමාර්ගවල තදබදය අඩුවේ. මගීන්ගෙන් සීයට පනහක්ම අඩුකරගත හැක.මේ නිසා ගොඩනැගිලි මහාමාර්ග සදහා යන වියදම් අඩුකරගත හැකි නේද?පරිසරයටත් හොදයි නේද? ...
මිතුරෙකුට අතදීමක් , අලුත් බ්ලොග් එකක් - ස්ත්‍රීවාදය Yakaagea Daviya https://maheshikamadhu.blogspot.com/ ස්ත්‍රීවාදය
පිකටින් කරන්නට තමන්ගෙම කියල තැනක් Yakaagea Daviya උද්ඝෝෂන කරන්නට සිසුන්ට වෙනම තැනක් දෙන්නට යන බව ආරංචි වී ඇත. එහෙත් සිසුන්ගේ ඇත්ත මානසික අවශ්‍යතා ඉන් සම්පූර්න වේද ? ෆන් එක ආතල් එක ගතිය ත්රිල එයින් ලැබේදපාරවල් වහල වොයිස් කට් දීල ඇගේ පතේ හිරි ඇරගෙන යටි ගිරියෙන් කෑ ගහල එහෙමමේ පරන පෝස්ට් එකකි. මෙහි අපූරු විසදුමක් යෝජනා කර තිබේ. කියවන්නමෙතනින් මෙතනින් ...
කොරෝනා Yakaagea Daviya අප කොරෝනා වෛරස් ගැන බියවී සිටිමු. එහි වරදක් නැත. සූදානම් සරීරෙ කියල පිටපොට ගහගෙනම සිටීම නරකක් නැති බැවිනි. එහෙත් අප බියවිය යුත්තේ බිය විය යුතු සැලකිල්ලක් දැක්විය යුතු අනුපිලිවෙලටමද නැත අප බිය වන්නේ අප බිය විය යුතුයැයි මාධ්‍ය මගින් අපට නිර්දේශකරන ඒවාටය.මගේ මතය නම් අප කොරෝනාට වඩා බිය විය යුතු දේවල් සැලකිල්ලක් දැක්විය යුතු දේවල් තිබෙන බවයි.කොරෝනා වැලදී ඇත්තේ ප්‍රධාන ...
සයිබර් ට්‍රක් Yakaagea Daviya ලිපිය ගැන මෙන්ම ගූගල් ට්‍රාන්ස්ලේටර් ගැන්ද යමක් කිව යුතුය. විවේක වෙලාවක ලිපිය තවත් සුමට කරමි. ගූගල්හි පරිවර්තන මෘදුකාංගය බොහෝ දුරට සාර්ථක බව පෙනේ. අනාගතවාදියෙක් ලෙස මට එය ඔබට පෙන්වීමටද අවශ්‍ය විය.https://paleofuture.gizmodo.com/will-elon-musks-cybertruck-arrive-before-the-flying-car-1839995088අනාගතය ගොඩනැගීම දුෂ්කර ය. ටෙස්ලා විසින් ඊයේ රාත්‍රියේ ලොස් ඇන්ජලීස් හි සයිබර්ට්‍රක් එළිදැක්වීමේ උත්සවයට වඩා වැඩි යමක් වෙනත් තැනක දක්නට නොලැබුණි. නමුත් ඕනෑම කෙනෙකුට එය කළ හැකි නම්, එලොන් මස්ක්ට ...
කවුද හොද - ජනාධිපතිවරනයේ සැනසිලි තෑගි ලැබුන අය ගැන සාරාංශ කතාබහක් Yakaagea Daviya මා ඡන්දය දුන් අපේක්ෂකයා ගැන කලින් ලිපියේ සදහන් කළෙමි.ඒ දෙදෙනෙකු ගෙන් එක්කෙනෙක් ජයගන්නා සංදර්භයකදීය. එහෙත් එවැන්නක් නොවීනම් ?ඒ කියන්නෙ ඕනැම කෙනෙක් දිනන්න ඉඩ තිබෙන විටෙක කවුද හොදඒ කියන්නෙ නිදහස් පරිසරයක් තිබ්බනම්. නිදහස් පරිසරය කියන්නෙ ජයගැනීමි වියහැකියාව අතින් 35 ම සමාන වන පසුබිමක.මෙහිදී මුල් දෙන්න අත හරිනව 71 අවුරුදු අස්මත්කමට ඔවුන් වගකිවයුතු නිසා වක්‍රව හෝ ඍජුව . කවුද හොදඅනුර කුමාරත් නරකම ...
ජනාධිපතිවරණය ගැන විමසුම -මා ඡන්දය දුන්නේ ඇයි. Yakaagea Daviya ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වී ඇත. පළමුව එතුමාට ශුභාසිංසන පිරිනමමි.මෙතුමා කිහිප ආකාරයකින්ම වෙනස්ය. එනම් ඔහු සම්ප්‍රදායික දේශපාලනඥයෙකු නොවීමයි. සම්ප්‍රදායික දේශපාලනය යනු රට යාචක මානසිකත්වයක තබා යටි ගිරියෙන් බෙරිහන් දීමයි. උගත් බුද්ධිමත් ජනතාව මීට අකමැතිය. තව අතකින් මෙතුමා විදේශයක ජීවත්වී ඇත. ඒ රටවල පිලිවෙල අත් දැක තිබේ. හමුදා පසුබිම නිසාද විනයකින් කටයුතුකිරීමේ හැකියාව ඇත.නිවේදකයකු කී ලෙසම ...
රෝයල් පාක් Yakaagea Daviya අප ජීවත් වන්නේ අති භයානක සමාජයකය. එය අපේ වෑඩිහිටියන්ට තේරෙන්නේ නැති එක අවාසනාවකි. යුක්තියක් සාධාරනයක් නැති බනානා රාජ්‍යයක ජීවත්වීම බිය දනවන සුලු දෙයකි. ලොක්කෙක් නොවන කිසිම කෙනෙකුට ආරක්ෂාවක් නැත. වින්දිතයා විදේශීය තරුණියක් වීමත් තානාපති කාර්යාලවල බලපෑමත් නිසා මෙච්චර දුර මෙය ඇදුනත් සාමාන්‍ය ශ්‍රී ලාංකිකයකු අරභයා නම් ජනාදිපති සමා දක්වා දුර යන්නේ නැත. මුලින්ම විසදාගන්නට ධනය ඇති පාර්ශ්වයට හැක.මෙයින් උගන්වන පාඩමනම් ...
3 ඩී නිවසටම Yakaagea Daviya ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණයෙහි ඇති ලොකුම ගැටලුවක් නම් එය පරිගණකය මෙන් ගෘහස්ථ මට්ටමට ලගානොවීමයි. මේ දැරිය හැකි මිලකට හොද තත්වයේ නිර්මාණ කිරීමට තාක්ෂනය ලබාදීමට ගත් උත්සාහයකි.https://www.entrepreneur.com/article/341958 ...