ගම්පෙරළිය - මාර්ටින් වික්‍රමසිංහ පොතක මහිම නන්දා කුලසිරිතෙන් ආඪ්‍ය වූ නිවස්නයක උපත ලැබුවෙකි. ටිකෙන් ටික මේ කුලගෙයි අගහිඟකම් මතුව ඒවා උත්සන්න වී යයි.නන්දාගේ අත පතා එන පියල් නම් වූ තරුණයෙකි.කුලීන බැවින් ඔහුගේ යෝජනාව උපන්ගෙයි ම නැතිව යයි.නන්දා හා සිරියහනට පිය නඟන්නේ ජිනදාස නම් වූ අයෙකි.ඔවුන්ගේ කැදැල්ලේ වූ මුදල් ටිකෙන් ටික අඩුවී යද්දී ජිනදාස කාසි සොයා ඈත ගම් දනව්වකට නික්ම යයි.ටික කලකින් ඔහු අතුරුදන් වී යයි.ඔහු ගැන ...
The Murder of Roger Ackroyd - Agatha Christie පොතක මහිම ඔයත් අළුතෙන් එන ෂර්ලොක් හෝම්ස් 'හප' කියවලා එපා වෙලා ඉන්න කෙනෙක් ද? වෙනසකටත් එක්ක හර්කියුල් පොයිරොත් එක්ක මර්ඩර් කේස් එකකට සෙට් වෙමු ද ?කියවලා බලන්න යාලුවනේ... අන්තිම හරියට එනකන් ම අපරාධකාරයා කවුද කියල හිතා ගන්නවත් බෑ...අගතා ක්‍රිස්ටි මහත්මිය මිට සියවසකට පමණ ඉහත දී (1926) රචනා කළ මෙම නව කථාව අදටත් ලෝක අපරාධ සාහිත්‍යයේ අග්‍රස්ථානයක වැජඹෙනවා කියල මං කිව්වොත් ඒක බොරුවක් ...
සංසාරාරණ්‍යයේ දඩයක්කාරයා පොතක මහිම ඔහු අතවැසියා වූ හැටි. අතවැසියා දඩයක්කරුවා වූ හැටි. බෙරකාරයාගේ දියණිය, වෘක්ෂ දෙවියා, හාමුදුරුවෝ සහ තවත් බොහෝ දෙනෙකු අතර ගලායන ජීවිතයේ කතාව...ලෝකයේ වන්නේ එක ම එක ධර්මතාවයකි. එය නම් අනිත්‍යයයි...පොඩ්ඩක් විතර මොලේ කොලොප්පං වෙලා ගියා මේක කියවලා... ...
Fifty Shades of Grey - E. L. James ( අතිශයින්ම 18 + ) පොතක මහිම දහතුන් වන දිග හැරුම..."රූ සපුවෙන් අග තැන්පත් හුරුබුහුටි ඇනාගේ දඟකාරකම් හමුවේ ඇයට ආලය කිරීමට ඔහු සැරසෙයි. නමුත් ඒ කොන්දේසි විරහිතව නොවේ... කොන්දේසි සහිතවය... " **********************විසි එක් හැවිරිදි තරුණියක වූ ඇනා සරසවි අධ්‍යාපනය ලබන්නියක වුවාය...ඇගේ හොඳම යෙහෙළිය කේට්, සති පතා පළවන සරසවි පුවත්පතට ලිපි ලිවිම සිදු කළාය.දිනක් සියැටල් හි ජීවත් වන විසි හත් හැවිරිදි අතිශය දක්ෂ, තරුණ විවසායකයෙකු ගැන දැනගන්නා කේට් ...
අපේ ගමේ විත්ති - පියසේන කහඳගමගේ පොතක මහිම ගම්බද සිරියාව අපුරුවට මනසෙහි සිත්තම්වන ගෙත්තමක්...වියැකී ගිය පැරණි ගමක පැවති සොඳුරු වූ ආශ්වාදය යලිත් විඳගන්නට නගරබදව කාර්යබහුල ජිවන රටාවකට හුරුවූ ඔබ බොහෝදෙනෙක් එක සිතින් මනාප ඇති.වැව අද්දර කජු සෙල්ලං කර මහන්සි වූ විට පින්තලියෙන් පැන් පොදක් තොල ගාන්නට ඔබටත් ඕනිද...සුවාරිස් මුත්තාගේ පිඟානෙන් බතල කා රුකඩ සෙල්ලම් බලන්න යන්න ඔබත් එනවද...කරත්ත කාරයින්ගේ කඩෙන් තේ බී කිතලගමට නෑගම් යන්න ඔබත් ආසද...පෙරහැර බලා ...
One Night @ the Call Center - Chetan Bhagat හලෝ හලෝ - දිලීප ජයකොඩි පොතක මහිම නව වන දිග හැරුම...හේමන්ත ඍතුවේ එක්තරා දිනෙක රාත්‍රී දුම්රියක ගමනේ යෙදෙන ලේඛකයෙක් හට යව්වනියක මුණ ගැසෙයි. ඒකාකාරී වුත් අතිශය වෙහෙසකර වුත් දුම්රිය ගමෙනේ ගමන් විඩාව දුරු කරගැනීම සඳහා ඔහු ඈ හා දොඩමලු වෙයි. මා ඔබට කතාවක් කියන්න ද???ඈ අසයි... හැබැයි...මගේ කතාව ඔබගේ මීළඟ කෘතිය විය යුතුය.... ඈ කොන්දේසියක් පනවයි. ඒ අසා ඔහු වික්ෂිප්ත වෙයි... එනමුදු ඇගේ කතාව ඇසීමට ඔහු සිත්ගනී. ...
Message in a Bottle - Nicholas Sparks පොතක මහිම දසවන දිගහැරුම...මුහුදට විසිකරනා කුඩා බෝතලයකට ඉනික්බිතිව අත්වන ඉරණම කුමක් විය හැකිද ? සප්ත මහා සාගරය තරණය කරනා එය මිහිමඬලේ එහා කොන සිටින්නෙකුගේ වුව නෙත ගැටිය හැක. පුවත්පත් තීරු ලිපි සම්පාදිකාවක ලෙස ගෙවනා වෙහෙසකර දිවියට මද විරාමයක් තැබීමේ අරමුණෙන් වෙරළ තීරයක් අභිමුවට පැමිණෙන වැන්දඹුවක වූ Theresa Osborne හට දිනක් මුහුදු වෙරළෙහි අද්දරට වන්නට තිබී එවන් කුඩා බෝතලයක් හමුවෙයි.එහි වූ රෝල් කරන ...
The Choice - Nicholas Sparks පොතක මහිම ඔහු Travis Parker ය. North Carolina හි මුහුදු වෙරළක් අබියස මනස්කාන්ත නිවස්නයක වාසය කළ ඔහු වටා කෙළිලොල් යහළුවන් පිරිසක් ද විය. බෝට්ටු පදිමින්, පිහිනමින්, එළිමහන් barbecue සාද පවත්වමින් ඔහු ගතකළ ජීවිතය බොහෝ මිනිසුන් හුදෙක් නිවාඩුවක දී පමණක් ම ගතකළ එකක් විය. දිගු කාලීන පෙම්වතියක් සොයාගැනීම වනාහි ඔහුගේ මෙම නිදහස් ජීවිතයට බාධා කරන්නක් බව ඔහු තරයේ ම විශ්වාස කළේය. නමුත් ඒ ...
තුන් යහළු වික්‍රමය - කුලසේන ෆොන්සේකා... පොතක මහිම හත්වන දිගහැරුම...පෑනේ මිතුරන් තිදෙනෙකු වූ සුනිල්,රුවන් සහ අජිත් උසස් පෙළ විභාග කඩඉම හමාර කිරීමෙන් අනතුරුව මහනුවර රුවන්ගේ නිවස්නයේ දී යලිත් මුණ ගැසෙති...පසු දිනෙක ඔවුන් අසල පිහිටි සුන්දර දිය ඇල්ලක මිහිදුම් සළු අතරේ කිමිදීමට යති...එහි වූ කව්රුන් හෝ විසි කර තිබු පුවත් පත් කොටසක් නිකමට මෙන් කියවන ඔවුන්,නිදන් හොරුන් කණ්ඩායමක් අසල ගමක සිදු කරන ලද පුපුරවා හැරීමක් පිලිබඳ පුවතක් දකියි...පසු දිනම ...
Nothing Lasts Forever - Sidney Sheldon පොතක මහිම දොළොස් වන දිගහැරුම...නමින් ඈ Paige ය. හෘද හා උරස් ශල්‍ය වෛද්‍යවරියක( Senior resident in Cardio thorasic surgery) විම සඳහා වූ අවසන් පුහුණු කාලය ගත කල ඈ සැම සිත් ගත් සුන්දර තරුණියක වුවාය. අසරණ රෝගීන් කෙරෙහි වෙඩරු පිඩක් මෙන් සැනෙන් උණුවන හදවතක් දරා සිටි ඈ කිසි දිනෙක මුදල් පසු පස හඹා නොගියාය. මඩිය තර කරගැනීම නම්වූ පහත අරමුණ සපත කරගැනීමේ මන්ද ...
ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල පොතක මහිම අටවන දිගහැරුම...ඇති තරම් කාසි අතට ලැබුනත් ඉන් සැහීමකට පත්වන්නන් සිටින්නේ ඉතා කලාතුරකිනි.ඔබ ඔබේ මුළු ජීවිතයම කාසි කරගත් කල ඔබේන් ජීවිතය බලාපොරොත්තු වන්නන් හට යන කල දසාව කුමක්ද???උන්, උන්ට ඕනෑ හැටියකට ජීවන ඉනිමග නගිනු ඇත.උන්ගේ අවසානය සුඛන්තයක් සේම දුඛන්තයක් ද විය හැක.කලාතුරකින් දවසක හවසට රා විඩක් බොන්නට පුරුදුව සිටි උඩරටීයා කිසිදිනෙක සිහි විකල් වනතුරු රහ මෙරින් සප්පායම් වු අයෙක් නොවේ.නමුත් ඒ ...
The Witness by Nora Roberts පොතක මහිම දාහතර වන දිගහැරුම....කුතුහලය අවුස්සන භයංකර අභිරහසක් හා සුන්දර ආදරයක් අතරට මැදිව දිවිගෙවනා ඇයට සැමදා සැඟව සිටිය නොහැකියි.තම මවගේ දැඩි පාලනයට නතුව දිවි ගෙවූ එලිසබෙත්, ඈ නොමැති එක් දිනෙක රාත්‍රී සමාජ ශාලාවක් වෙතට පිය නඟයි. එහිදී ඈ ඇති පදමට රහ මෙරින් සප්පායම් වෙයි. මත් වී සිටිනා ඈ වෙත පැමිණෙන එක්තරා රුසියානුවෙක් Lake Shore Drive නමින් හැඳින්වෙන පෙදෙසක ඇති නිවසක් තුළට ඈ ...
ලන්තෑරුම් දහසේ නිවහන - පරි: සේමාලි කැල්ලපත පොතක මහිම අනික් අය පට්ට, මාර, සුපිරි, එල කියල හඳුන්වදීපු පොතක් කියෙව්වට පස්සේ මෙලෝ රහක් නැති එකක් වෙලා තියෙනවද? මේ මට එහෙම වෙච්චි පොතක්.ලන්තෑරුම් දහසේ නිවහන - පරි: සේමාලි කැල්ලපත [ MY RATINGS : 6/10 ]තම පියාගේ අකල් වියෝවෙන් පසු ගෘහ පලිකවක වන සිය මව සමඟ පිටිසර බද මහා මන්දිරයකට යන ජේන් එහි වූ රහස් කාමරයක් දැක එහි ඇතුල්වන ආකාරයක් සිතයි.අතිශය පෞරාණික ...
Untitled Post පොතක මහිම ශ්‍රී ලාංකික රචකයෙකු අතින් ලියැවුණු රහස් පරීක්ෂණයක්... එක හුස්මට කියවා ඉවරකළ හැක්කක්.නිතර රණ්ඩු සරුවල් වෙන තරුණ වයසේ විවාහක යුවලක්.පාන්දර ජාමේ අධි වේගයෙන් තනිවම රිය පදවන ස්වාමිපුරුෂයාගේ වහනය පොලිස් අනින් නතර වෙයි. එහි ඩිකිය ඇර බලන විට කාන්තා මළසිරුරකි.පොඩ්ඩක් ඉන්න.ඔහු නැවත මළසිරුර දෙස නෙත යොමයි.මේකනම් වෙන්න බැහැ. මේ හෝරාවකට පමණ ප්‍රථම ගිහින් එන්නම් කියූ තම භාර්යාව නේද...මිනීමැරීමට සැකපිට ඔහුව අත්අඩංගුවට ගැනෙයි.මේ ...
සුරිය කුසුම - චුලාභය ශාන්ත කුමාර හේරත් පොතක මහිම එක හුස්මට කියවා අවසන් කල පොතක් පැයක් ගතවීමටත් මත්තෙන් යලිත් අතට ගෙන තවත් වරක් එක හුස්මට කියවා ඉවර කොට තිබේද??? මේ මං එහෙම කියවපු පොතක්...තම මා පියන්, නෑ හිත මිතුරන් කොහේ සිටී දැයි කිසිදා නොදත් ඈ ඒ දක්වා වාසය කළේ එවැන්නන් සඳහා ම වෙන් වූ නිවස්නයක ය. එකී නිවස්නයේ එක්තරා නීතියක් වෙයි. එහි කිසිවෙකු වයස අවු: 21 සම්පුර්ණ කරයි ද ...
ගැට කපන පුංචා - වෛද්‍ය චන්දන මෙන්ඩිස් ,Smith - Lion Garfield පොතක මහිම එකොළොස් වන දිගහැරුම...මිනිසුන් සියගණනින් ඔබ මොබ ඇවිදින ජරාජිර්ණවී ගිය විදී ඔබ කොතෙකුත් දැක ඇති.මනු සතුන්ගෙන් මෙන්ම සතුන්ගෙන් ද ගහන එවන් අපුල විදී ස්වකීය වාසස්ථානය කරගත් මිනිසුන් ද ඔබ ඕනෑ තරම් දැක ඇති. ඔබේ දෑස අවදි කර බැලුවා නම් නාවර පෙරාගත් චූටි කොල්ලන් ද ඒ අතර සිටිනු ඔබේ නෙත ගැටෙන්නට ඇති. ඒ 18 වන ශත වර්ෂයයි. ස්ථානය ලන්ඩනයේ අඳුරු අහු මුළු ...
මල්ලිගේ විත්ති - ගුණදාස ලියනගේ පොතක මහිම ඔබ වැඩිම වාරයක් කියවා ඇති පොත කුමක්දැයි කවුරුන් හෝ ඇසුවහොත් ඔබේ පිළිතුර කුමක්ද? මේ තමයි මගේ පිළිතුර. :-)කෙටි කතා සමුච්චයකින් ගොඩ නැංවෙන මේ මහා කතාන්දරයේ ගැබ්ව ඇති සොඳුරු ගැමි සුන්දරත්වය සහ සරල හාස්‍ය රසය, ඔබව වෙනත් ලොවක් වෙත රැගෙන යාවි. ඒ හැටේ දශකයයි. ස්ථානය අද දවසේ පවතී දැයි සැක සහිත සොඳුරු ගම්මානයකි.රසකතා සියල්ල පාඨක අපට පවසන්නේ ඉස්කෝලේ තුන වසරේ පමණ ...
Jamaica Inn - Daphne du Maurier (යකාගේ නවාතැන - Dr.චන්දන මෙන්ඩිස්...) පොතක මහිම පස්වන දිග හැරුම...හෙල්ෆොර්ඩ් හි ගම්බද ගොවිපොලක ඇති දැඩි වූ විසි හැවිරිදි Mary Yellan හට ස්වකීය මවගේ අකල් මරණයෙන් පසු කොන්වෝල් හි පිහිටා ඇති සිය නැන්දණිය ජීවත් වන Jamaica Inn තානායම වෙත යාමට සිදුවෙයි.එහි සිට ගව් ගණනක් දුරට මනුෂ්‍ය වාසයෙන් තොර වූ තානායම වෙතට ඈ කැඳවාගෙන යන කරත්ත කරුවා එහි නොයන ලෙස ඈ හට බැගපත් වෙයි.සැර පරුෂ දාමරිකයෙකු වන ඇගේ මාමණ්ඩිය ...
The Whiff of Money - James Hadley Chase පොතක මහිම සිව්වන දිග හැරුම… එක්තරා අඳුරු රාත්‍රියක හිටපු CIA රහස් පරීක්ෂකයෙකු වන Mark Girland සොයා ප්‍රංශයේ පැරිස් නුවර CIA ප්රධානීතෙම පැමිණෙයි. ඔබත් මමත් නොදන්නා එක්තරා අභිරහස් තරුණියක රංගනයේ යෙදෙන නිල් වීඩියෝවක් සහ එම තරුණිය සොයාගැනීම ඔහු Girland හට බාර කරයි..සුරූපී ඈ කවරෙක් ද?අනපේක්ෂිත මොහොතක මේ තරුණිය කවරෙක් ද යන වග ඔහු දැන ගනියි.Gilly නම් වන ඈ ඇමෙරිකානු ජනපති අපේක්ෂක දියණියයි.නිල් වීඩියෝවක ...
The Day of the Jackal - Frederick Forsyth (වෘකයාගේ දවස - අභය හේවාවසම්) පොතක මහිම පහළොස් වන දිගහැරුම...රයිෆලයක් අතින් ගත්, රටක අනාගතය වෙනස් කල හැකි මිනිසෙක්...ජනපතිවරයෙකු ඝාතනය කිරීමේ අතිශය රහස් කුමන්ත්‍රණයක්... තවත් මිනිත්තු කිහිපයකින් සිදුවන්නට නියමිත කුරිරු ඝාතනයක්... නමුත් එම ඝාතන තැත වැළක්වීමට සමතෙක් අහලකවත් නැත...රනින් දිදුලන කෙස් කළඹක් වටකොට ගත් අතිශය තියුණු නෙත් සඟලක් හිමි ඔහුගේ සැබෑ නම අදටත් රහසකි. අපි ඔහුට Jackal කියමු. තවකෙකු වෙනුවෙන් කුලියට තවත් එකෙකු මරාදැමීම ජීවිකාව කරගත් ඔහු ඉංග්‍රීසි ...