Five Point Someone - Chetan Bhagat පොතක මහිම සයවන දිග හැරුම...ඔබ 3 Idiots හින්දි සිනමා සිත්තම නරඹා ඇති.එහෙත් ඒ සඳහා පාදක වූ ඒ අපුර්වතම අකුරු ඇමිණුම ඔබ කෙදිනක වත් කියවා නැතුවා වන්නට පුළුවන්. ඉදින් මේ ඒ ගැනයි.ඒ ඉන්දියානු තාක්ෂණික විද්යයතනයයි.( Indian Institute of Technology - IIT ).දිනෙන් දින වෙනස් වන තාක්ෂණික ලෝකයේ ජය කෙහෙළි නැංවීමේ සොදුරු සිහිනය සැබෑ කරගැනීමේ අභිප්‍රායෙන් Hari, Alok සහ Ryan ඒ වෙත පැමිණෙයි. නමුත් ...
ගොඩානා / සරණ පතා මහ පාරට...The Garbage King - Elizabeth Laird... පොතක මහිම ඒ වූ කලී ඉතියෝපියාවේ අඩිස් අබාබා නගරයයි. හේ නමින් මැමෝ විය. භද්‍ර යෞවන වියේ සිටි ටිගිස්ට් මැමෝගේ සොයුරිය ය. මුන් දෙදෙනා අපට හමුවන්නේ උන්ගේ මව මියගොසින් සතියක ඇවෑමෙනි. පිය සෙනෙහස යනු උන් කිසිදා අසා නොමැති වදනක් බව මා ඔබට කියන්නම්. කුලී නවාතැන් පොළක සිටියද මෙතෙක් කල් උන්ගේ මව මේ දෙදෙනා කවා පොවා ඇතිදැඩි කොට ආරක්ෂා කළාය. නවාතැන් පොළෙහි මාසික අයකිරීම ...
තවත් ඉසව්වක් කරා... පොතක මහිම තවත් අලුත් බ්ලොග් කට්ටක් අටවා ගත්ත. දැන් ටිකක් කල්... :-)ඒ පැත්තටත් ඇවිත් යන්න එන්න...http://doczdiery.blogspot.com/
A Walk to Remember - Nicholas Sparks පොතක මහිම තෙවන දිග හැරුමනිල් වන්ව නෙත රඳනා lilac මලෙහි වූ ඒ අපුර්වතම සුගන්ධය , සෑම වසරක ම අප්‍රියෙල් මාසයේදී ,හමනා මුහුදු සුළං ප්රවාහයට මුසුවී දසත හමායන්නට වූ කළ ඔහුගේ සිත තමන් පාසල තුල ගෙවූ ඒ අවසන් වසරේ සදාදරණීය මතක සටහන් සොයා යයි. ඒ 1958 වර්ෂයයි.ඔහු ඒ වන විටත් යව්වනියන් කිහිප දෙනෙකු යහළුවන් සේ ඇසුරු කර තිබුණු අතර ඉන් එකියකට ඔහු සැබෑවටම ...
Veronika Decides to Die-Paulo Coelho පොතක මහිම දෙවන දිගහැරුම...තෘප්තිමත් රැකියාවක්,ආකර්ෂණිය පෙම්වතුන්,ආදරණීයයන්ගෙන් පිරුණු නිවස්නයක්,මන බඳිනා රූසපුවක් යනාදී සියලු සිතූ පැතූ සම්පත් වලීන් අනුන ජීවිතයක් ගතකළ විසි හතර හැවිරිදි වෙරෝනිකා උක්ත කිසිම දෙයකින් සතුටු වන බවක් පෙනෙන්නට නොතිබිණි.ඉදින් ඈ මරණය කරා පිය නැඟීමට තීරණය කොට යලි කිසි දිනෙක අවදි නොවීමේ අරමුණෙන් වසර 1997 නොවැම්බර් මස 11 වන දින හිරු නැගෙන කනිසමේදී නිදි පෙති අහුරක් ගිල දැමුවාය .මරණයේ සේයාවන් ...
Dan Brown-Angels & Demons පොතක මහිම පොතක මහිම...පළමුවන දිගහැරුම... Dan Brown-Angels & Demons...ස්වීඩන පර්යේෂනාගාරයක මරා දමා සිටි භෞතික විද්‍යාඥයෙකුගේ සිරුරේ ඇඳ තිබූ අසාමාන්‍ය සංඛේතයක් සහිත පච්චයක් පිළිබඳව අධ්‍යනය කිරීමට හාවඩ් සරසවියේ සංකේත පිලිබඳ විශේෂඥ Robert Langdon කැදවෙයි.එකී පච්චය අධ්‍යනය කරන ඔහු එතෙක් මෙතෙක් ලොව බිහිව තිබී වියකී ගිය බලගතුම සහෝදරත්ව කණ්ඩායමක යලි පිබිදීමක් පිලිබඳව හෝඩුවාවක් ලබාගනියි.ඉලුමිනාටි නම් වන එකී සමුහයේ පුනරාගමනය, තමන් පුරාතන යුගයේ සිටම බද්ධ ...
Message in a Bottle - Nicholas Sparks පොතක මහිම සයවන දිගහැරුම...මුහුදට විසිකරනා කුඩා බෝතලයකට ඉනික්බිතිව අත්වන ඉරණම කුමක් විය හැකිද ? සප්ත මහා සාගරය තරණය කරනා එය මිහිමඬලේ එහා කොන සිටින්නෙකුගේ වුව නෙත ගැටිය හැක. පුවත්පත් තීරු ලිපි සම්පාදිකාවක ලෙස ගෙවනා වෙහෙසකර දිවියට මද විරාමයක් තැබීමේ අරමුණෙන් වෙරළ තීරයක් අභිමුවට පැමිණෙන වැන්දඹුවක වූ Theresa Osborne හට දිනක් මුහුදු වෙරළෙහි අද්දරට වන්නට තිබී එවන් කුඩා බෝතලයක් හමුවෙයි.එහි වූ රෝල් කරන ...
සත්වෙනි තරුව - සෙව්වන්දි රුක්මල්දෙණිය පොතක මහිම තරමක අමුතු කතා තේමාවක්. හීන් සීරුවේ හැල්මේ ගලා යන ලව් ස්ටොරියක්. ඇක්ෂන් ෆිලුමක් මෙන් අති ධාවනකාරී අවසානයක්. නැවත වරක් රස බලන්නට සිතෙනා අපුර්ව ගෙත්තමක්. හැබැයි පට්ට චාටර් පිට කවරයක්...ඔහු සභිශාන්. තවත් එක් දේසපාලු පුත්‍ර රත්නයක්. කෙල්ලන් දපනේ දා ගැනීමට රුසියෙක්. නිතර කට කතා වලට ලක් වන්නෙක්. හැබැයි රසායන විද්‍යාවෙන් පරතෙරට ම යන්නට මාන බලන්නෙක්.සිය රසායන විද්‍යා පරීක්ෂණ සඳහා නිදහස් නිස්කලංක ...