භානුක රාජපක්ෂට වසර 02කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් Daily Sports කොන්ත්‍රාත් ගිවිසුම උල්ලංඝණය කිරීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර 02කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් සහ ඩොලර් 5,000 ක දඩයක් නියම කර තිබෙන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය වලට ලබාදුන් සම්මුඛ සාකච්ඡාව හේතුවෙන් මෙම තහනම පනවා තිබෙනවා. කෙසේවෙතත් භානුක රාජපක්ෂ හෙට දිනයේ ඉදිරි සංචාර සදහා පුහුණුවීම සඳහා කොළඹ bio bubble එකට ...
නිමාලි ලියනාරච්චි ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබයි Daily Sports ඔලිම්පික් උළෙලේ මීටර් 800 කාන්තා ඉසව්ව නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ නිමාලි ලියනාරච්චි සුදුසුකම් ලබා තිබෙනවා. මේ මස 23 වන දා ජපානයේ ටෝකියෝ නුවරදී ඔලිම්පික් තරගාවලිය ආරම්භ වීමට මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්. ඇය මීට පෙර ජාතික මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ද හොඳම දක්ෂතාව දක්වා තිබෙනවා. (dailysports.lk) The post නිමාලි ලියනාරච්චි ඔලිම්පික් සඳහා සුදුසුකම් ලබයි appeared first ...
ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණි සර්බියානු ක්‍රීඩකයෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනේ Daily Sports ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණි සර්බියානු ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන තිබෙනවා. මෙලෙස කොවිඩ් ආසාදිත බව හඳුනාගෙන ඇත්තේ සර්බියානු ඔරුපැදීමේ කණ්ඩායම් සාමාජිකයෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහුව මේ වනවිට හුදෙකලා කර ඇති අතර කණ්ඩයමේ සෙසු සාමාජිකයින් සිව් දෙනා වෙනම නවාතැන් ගැන්වීමට කටයුතු යොදා තිබෙනවා. (dailysports.lk) The post ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණි ...
එංගලන්තයෙන් හරවා එවූ ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි විනය ක්‍රියාමාර්ග Daily Sports එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුලෙන් ඉවත් වී විනය විරෝධීව නගර තුළ හැසිරීම හේතුවෙන් ආපසු මෙරටට එවූ ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳ දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක මෙසේ ආපසු ලංකාවට හරවා එවනු ලැබුවා. මෙ වන විට දින 14ක නිරෝධායන කාලයක් ගත ...
LPL සඳහා ලියාපදිංචි වූ සුපිරි ක්‍රීඩකයින් Daily Sports ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට සුපිරි ක්‍රීඩකයින් ලෙස බංගලාදේශ් කණ්ඩායමේ ෂකීබ් අල්හසන්, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බෙන් කටින් සහ ජේම්ස් ෆොල්ක්නර් මෙන්ම දකුණු අප්‍රිකානු ක්‍රීඩක ටෙම්බා බවුමා ලියාපදිංචි වී ඇති බව වාර්තා වෙනවා. මීට අමතරව තවත් විදේශ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම මේ සඳහා ලියාපදිංචි වී ඇති අතර ජුලි මස 30 වනදා සිට අගෝස්තු 22 දක්වා කණ්ඩායම් 5 කින් සමන්විත LPL තරඟාවලිය පැවැත්වීමට ...
පාපන්දු සම්මේලනයේ නව සභාපති Daily Sports පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් තේරී පත් වී තිබෙනවා.(dailysports.lk) The post පාපන්දු සම්මේලනයේ නව සභාපති appeared first on Daily Sports.
යුපුන් සහ නිලානිට ඔලිම්පික් වරම් Daily Sports මෙරට කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් සහ බාධක දිවීමේ ශූරියක වන නිලානි රත්නායක ටොකියෝ නුවරදී පැවැත්වෙන මීලඟ ඔලිම්පික් තරඟාවලියට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. යුපුන් මෑතක සිට මීටර 100 ඉසව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දැක්වූවෙක් වන අතර ඔහු ඉතාලියේ පැවැති තරඟාවලියකදී තත්ත්පර 10.16 ක කාලයක් සටහන් කරමින් ඔලිම්පික් තරඟාවලිය සඳහා සුදුසුකම් ලබා ගත්තා. නිලානි මීටර් 3000 බාධක දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් ...
2021 ICC විස්සයි විස්ස ආරම්භක දිනය ප්‍රකාශයට පත් කරයි Daily Sports 2021 ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලානය ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවැත්වීමට පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව ප්‍රකාශ කළා.(dailysports.lk) The post 2021 ICC විස්සයි විස්ස ආරම්භක දිනය ප්‍රකාශයට පත් කරයි appeared first on Daily Sports. ...
ඉන්දියාවේ දී ලංකාවට රන් පදක්කමක් Daily Sports 60 වන අන්තර් ප්‍රාන්ත මළල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි 400m ඉසව්ව තත්පර 45.73ක කාලයකින් නිමාකරමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනාදීමට කාලිංග කුමාරගේ සමත් වුණා. මෙම තරගාවලිය ඉන්දියාවේ පටීලා හී පැවැත්වෙන අතර කාලිංග කුමාරගේ පුද්ගලික හොඳම කාලය ද මෙයයි. (dailysports.lk) The post ඉන්දියාවේ දී ලංකාවට රන් පදක්කමක් appeared first on Daily Sports. ...
මහ රෑ විදී දිගේ ගිය කුසල් සහ දික්වැල්ල යළි මෙරටට ගෙන්වා ගැනීමට කටයුතුකෙරේ Daily Sports ජෛව ආරක්ෂණ බුබුලෙන් පිටතට ගිය සිද්ධිය සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල වහාම දිවයිනට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. එමෙන්ම කණ්ඩායම් කළමණාකරුගෙන් වාර්තාවක් කැඳවා විනය පියවර ගැනීමටත් තීරණය කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ. (dailysports.lk) සබැඳි පුවත ශ්‍රී ලංකා අභිමානය විදෙස් නගරයකදී කෙලෙසෙයි The post මහ රෑ විදී දිගේ ගිය කුසල් ...
ශ්‍රී ලංකා අභිමානය විදෙස් නගරයකදී කෙලෙසෙයි Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට දිනයේදී රිවර්සයිඩ් ක්‍රීඩා පිටියේදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. කෙසේ වෙතත්, දෙරට අතර පැවැති විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ පරාජයට පත් වුණා. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායක කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල විදී සංචාරයක නිතර වන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ...
රංගනට බංග්ලාදේශයේ අලුත් තනතුරක් Daily Sports බංග්ලාදේශ ක්‍රිකට් පිලේ නව දඟ පන්දු යැවීමේ පුහුණු උපදේශකයා වශයෙන්, ශ්‍රී ලංකාවේ හිටපු විශිෂ්ටතම වමත් දඟ පන්දු යවන්නා වන රංගන හේරත් පත්කර තිබෙනවා. හිටපු දඟ පන්දු යැවීමේ පුහුණුකරු නවසීලන්ත ජාතික ඩැනියෙල් විටෝරිගෙන් පුරප්පාඩු වූ තනතුර සඳහායි රංගනව මෙසේ පත්කර ඇත්තේ. එම පුහුණුකාර තනතුර සඳහා ඉන්දියාවේ සයිරාජ් බහතුලේ සහ පාකිස්තානයේ සයිඩ් අජ්මාල් කෙරෙහිද, බංග්ලාදේශයේ අවධානය යොමුව තිබුණද, අවසානයේ රංගන හේරත් ...
ලංකාවෙන් ඔලිම්පික් යන ජුඩෝ ක්‍රීඩකයා Daily Sports 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවෙන් ජුඩෝ ක්‍රීඩක චාමර නුවන් සමත් වී තිබෙන බව ජාතික ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කළා.(dailysports.lk) The post ලංකාවෙන් ඔලිම්පික් යන ජුඩෝ ක්‍රීඩකයා appeared first on Daily Sports. ...
දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් එංගලන්තයට කඩුලු 05ක ජයක් Daily Sports සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 111ක් ලබා ගැනීමට සමත් වුණා. ශ්‍රි ලංකා ඉනිම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් ලබා ...
දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව සාරංගි අලුත් කරයි Daily Sports තුර්කියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී දුර පැනීමේ කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තමන් සතු කරගැනීමට ශ්‍රී ලංකාවේ සාරංගි සිල්වා සමත්වී තිබෙනවා. ඒ, මීටර් 6 යි දශම 4 යි 4 ක දක්ෂතාවක් දක්වමින්. දකුණු ආසියානු මලල ක්‍රීඩා උළලේදී දුර පැනීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගත් සාරංගි සිල්වා මේ වනවිට කටාර් රාජ්‍යයේ පුහුණු කටයුතුවල නිරත වනු ඇති. (dailysports.lk) The post ...
පළමු විස්සයි විස්ස තරගයේ ජය එංගලන්තයට Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් පළමු විස්සයි විස්ස තරගයේ ජය වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත්වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 129ක් රැස් කරගත් අතර එංගලන්තය කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 130ක් රැස්කර ගත්තා. (dailysports.lk) The post පළමු විස්සයි විස්ස තරගයේ ජය එංගලන්තයට appeared first on Daily Sports. ...
කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට දඩ Daily Sports බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයින්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් තරග ගාස්තුවෙන් සියයට 60ක දඩ මුදලක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය නිසි පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්. අදාළ තරගයේදී ක්‍රෙයිග් බ්රැත්වෙයිට්ගේ නායකත්වයෙන් යුත් කොදෙව් කණ්ඩායමට නියමිත කාලය තුළ පන්දුවාර 3ක් යවා නිමා කිරීමට හැකියාව ලැබුණේ නැහැ. දඩ පැනවීමට අමතරව ...
ශ්‍රී ලංකා – එංගලන්ත ප්‍රථම විස්සයි විස්ස තරගය අද Daily Sports ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය ආරම්භ කරමින් ප්‍රථම විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (23) කාර්ඩිෆ්හී සොෆියා ගාර්ඩ්න්ස් ක්‍රීඩා පිටියේදී මෙරට වේලාවෙන් රාත්‍රී 11 ට ආරම්භ වනවා. 2016 වසරට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම 20/20 සීමිත පන්දුවාර තරගාවලියක් ක්‍රීඩා කිරීම සදහා එංගලන්ත සංචාරයක නිරතවන ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම සංචාරයට විස්සයි විස්ස තරග තුනක් සහ එක්දින තරග තුනක් ඇතුළත්. ප්‍රථම විස්සයි ...
ටෝකියෝ ඔලිම්පික් උළෙලට ප්‍රථම වරට “සංක්‍රාන්ති ලිංගිකතත්වයට” පත් පුද්ගලයෙක් Daily Sports ඔලිම්පික් උළෙලක් සඳහා පළමුවරට “සංක්‍රාන්ති ලිංගිකතත්වයට” පත් පුද්ගලක් එක් වී තිබෙනවා. ඒ, නවසීලන්තයේ බර උසුලන ශූරියක් වන ලොරල් හබර්ඩ්. 43 හැවිරිදි ඇය ඔලිම්පික් උළෙලක බර ඉසිලීමේ ඉසව්වට එක්වූ සිව්වැනි වයස්ගතම නියෝජනය වන අතර ඇයට මෙවර පදක්කමක් හිමිවෙතැයි අනුමාන කෙරෙනවා. කිලෝ ග්‍රෑම් 87ට වැඩි බර පන්තියෙන් ඇය මෙවර තරඟ වදින බවයි වාර්තා වන්නේ. ඔලිම්පික් උළෙලක් සඳහා පළමුවරට “සංක්‍රාන්ති ලිංගිකතත්වයට” පත් ...
2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නැරඹීමට එරට වැසියන් සීමිත පිරිසකට අවසර Daily Sports 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ජපාන ජාතික නරඹන්නන් 10,000 කට ක්‍රීඩාංගණ සඳහා පැමිණීමට අවසර දීමට ජපාන බළධාරීන් අවසර දී තිබෙනවා. ඒ අනුව කිසිදු ක්‍රීඩාංගණයක ධාරිතාවය සියයට 50 ඉක්මවා නොයා යුතු බව යි සෞඛ්‍ය උපදෙස් ලැබී ඇත්තේ. ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා කිසිදු විදේශීය නරඹන්නෙකුට අවසර හිමි නොවන්නේ පවතින කොවිඩ් වසංගත තත්වය නිසාවෙන්. 2020 ඔලිම්පික් තරගාවලිය ලබන මස 23 වනදා සිට ...