ශ්‍රී ලාංකික බ්ලොග් කරුවනට නේපාල සංචාරයක් සඳහා අවස්ථාවක් දම්පාට දේදුන්න නේපාල සංචාරක මණ්ඩලය ප්‍රථම වතාවට සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර බෞද්ධ සංචාරක ප්‍රදර්ශනය (Buddhist International Travel Mart) වසර 2019 ජනවාරි 10 -12 දෙදින තුල පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත. මෙම ප්‍රදර්ශනයට සමගාමීව විවිධ රටවල බ්ලොග් කරුවන් සදහා දින හතක දැනුවත් කිරීමේ චාරිකාවක් (Familiarization Tour) අදාළ ආයතනය විසින් සංවිධානය කර ඇත. අදාළ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලාංකික මාධ්‍ය කරුවන් සහ බ්ලොග් කරුවන් ...
සංගීත චාරිකාවක් 30 - ABBA හතරවන කොටස - ඇබා කණ්ඩායමේ ගොඩනැගීම දම්පාට දේදුන්න දම්පාට දේදුන්න ලියන්න අතපසු උන පසුගිය කාලය පුරාවටම බ්ලොග් ලොව මිතුරු කැල නැවත ලියන්න බෙහෙවින් උනන්දු කළා. සිංහල බ්ලොග් ලෝකයේ හිත මිතුරන්ගෙන් දම්පාට දේදුන්න පටන් ගත් මුල් කාලයේ සිටම ලැබුන සහයෝගය ඉතා විශිෂ්ඨයි. මේ කිසිවකුත් අද වෙනකම් මා හැබැහින් දැක නැහැ. නමුත් මේ නොදුටු මිතුරන් බොහොමයක් සමග අද වෙනකොට දැඩි මිතුරු දමක් ගොඩනැගිල තියෙනවා. කොහොම නමුත් මා උනන්දු කල සැම ...
පැයක කාලයකදී බ්ලොග් අඩවියක් නිර්මාණය කර ගනිමු දම්පාට දේදුන්න පලමු කොටස මෙතැනින් බ්ලොග් අඩවි නිර්මාණය සහ යාවත්කාලීන කර පවත්වාගෙන යාම සඳහා ගුගල් වෙතින් නොමිලේ ලබාදෙන සේවාව බ්ලොගර් නම් වෙයි . බ්ලොගර් සේවාව ලබා ගැනීම සඳහා ගුගල් ගිණුමක් අත්‍යාවශ්‍ය වේ. බ්ලොග් අඩවිය ආරම්භ කිරීමට අදහස් කරනා අය බ්ලොග්කරණය තුල සිය සත්‍ය ප්‍රොෆයිලයෙන් පෙනීසිටීමට අකමැති නම් අලුත් ගුගල් ගිණුමක් ආරම්භ කිරීම කලයුතු වෙයි. නමුත් අපගේ අදහස නම් බ්ලොග් කරණය සත්‍ය ප්‍රොෆයිලයෙන් ...
සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව - ඌන පූර්ණයක් දම්පාට දේදුන්න අප සුමිතුරු සින්දු ඇනෝ සිය බ්ලොගයේ පලකළ ගනුෂ්ක රන්දුල විසින් රචිත සිංහල ගීත සාහිත්‍යයේ සී. ටී. ප්‍රනාන්දු මුද්‍රාව ඉතාමත් ඉහල මට්ටමේ පර්ය්ෂනාත්මක ලිපිය කියවීමට ලැබුනේ පලකොට දින කිහිපයක් ඇවෑමෙනි. එබැවින් මවිසින් එම ලිපියට දැමු කොමෙන්ටුව බොහෝදෙනෙකු ඇස නොගැටීම තුල සී ටී ප්‍රනාන්දු ගේ ගීත තැටි ජනප්‍රිය වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් පිලිබඳ මා කියවා ඇති සාධකයක් ඔබ වෙත සන්නිවේදනයට එහි ...
සාජාහි සංගීතය දම්පාට දේදුන්න සිංහල අලුත් අවුරුදු උත්සවයකට සමගාමීව සාජාහි පවත්වන ලද සංගීත ප්‍රසංගයක සිදුවූ අමන සිදුවීමකට අදාළ වීඩියෝ දර්ශන රැසක් මේ දිනවල සමාජ ජාලා තුල සංසරණය වෙයි. අදාළ සංගීත සංදර්ශනය පමා කිරීම හෝ අවලංගු කිරීම නිසා කෝපයට පත්වූ බේබද්දන් පිරිසක් සංගීත ප්‍රසංග වේදිකාව සහ එහි වූ සංගීත භාණ්ඩ මෙලේච්චයන් මෙන් විනාශ කරනු එහි දැක්වෙයි. එයට අමතරව එක දර්ශනයක දැක්වෙනුයේ සංගීත ප්‍රසංගය පැවැත්වූ භුමිය ...
මාර පරාජයෙන් පසු ආයෙත් අපි ආවා................................ දම්පාට දේදුන්න මාස තුනකට ආසන්න කාලයක් පුරාවටම දම්පාට දේදුන්නට පොස්ට් එකක් දාන්න බැරි උනා. කලින් නම් සතියකට දෙක ගානේ විතර පොස්ට් ලිව්වත් ජනාධිපතිවරණ සටන පටන් ගත්තට පස්සේ සංගීතය ගැන ලියනවට වැඩිය ඒකාධිපති රෙජීමය එලවන්න සම්පුර්ණ කාලය මිඩංගු කිරීම වඩා වැදගත් කියල හිතුනා. රාජ්‍ය බලය, රාජ්‍ය මර්ධනය සහ රාජ්‍ය දේපල භාවිතා කරමින් රාජ්‍ය මුදල් මංකොල්ලකමින් රාජපක්ෂ රෙජීමය සහ එහි සට්ටම්බියන් ජනාධිපතිවරන ප්රචාරක යාන්ත්‍රනය ...
පැරණි ගී රසාංග - පොඩ්ඩන්ට ගී තෝරමු දම්පාට දේදුන්න පහුගිය අවුරුදු දෙක දිහා හැරිලා බැලුවොත් නටපු නැටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ තත්වයක් තියෙන්නේ. කලින් නම් පල්ලියේ ධර්ම දුත ළමා සමාජේ පොඩ්ඩෝ ටික එකතු කරගෙන මොනවා හරි කලා කටයුත්තක් කරනවා. 2011 අවුරුද්දේ පොඩ්ඩන්ගේ සංගීත ප්‍රසංගයක් කළා. ඒ කාලේ ගෙදර ඉන්ස්ට්රුමන්ට් තිබුනේ කී බෝඩ් එකයි බොක්ස් ගිටාර් එකයි බොන්ගෝ එකයි චල් (ටැම්බරින්) එකයි විතරයි. සංගීතේ සුපිරියට නැගල ගියා. ඕකෙන් මේකෙන් බැන්දට ...
රජයේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදය වැලැක්වීම සඳහා විද්‍යුත් ප්‍රසම්පාදනය - බලධාරීන්ගේ අවධානය පිණිසයි. දම්පාට දේදුන්න යහපාලන රජය පත්වූ පසුව රටේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමාදයක් ඇතිබව බහුතරයක් මහජනතාවගේ චෝදනාවකි. එහි සත්‍යයක් නැත්තේ නොවේ. මහා පරිමාන සංවර්ධන ව්‍යාපෘති පමණක් නොව බොහොමයක් රජයේ ආයතන වල එදිනෙදා ක්‍රියාකාරකම් වලද විශාල ප්‍රමාදයක් දක්නට ලැබෙයි.මෙයට හේතුව රජයේ ව්‍යාපෘති බොහොමයක් ප්‍රසම්පාදන ක්‍රියාදාමය තුල සිරවීමය. දැනට බලපවත්නා ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය වසර 10කට ඉහත 2006 වසරේ සම්පාදනය කරනා ලද්දකි. එවකට පිහිටුවා තිබූ ජාතික ප්‍රසම්පාදන නියෝජ්‍යායතනය ...
පරපුරක් කියැවීමට යොමුකළ ඩීමන් ආනන්ද දම්පාට දේදුන්න "උසාවි නැත. නඩු නැත. ඇසට ඇසක්. උණ්ඩයට උණ්ඩය. එයයි ඔහුගේ නීතිය."මේ ජේමිස් බණ්ඩා නම් වන වීරයකුගේ සටන් පාඨයයි.ජේමිස් බණ්ඩා නම් වන රහස් පරීක්ෂකයාගේ නිර්මාපකයා වුයේ ඩීමන් ආනන්ද නම් වූ අසාහය ලේඛකයාය. මාරක කථා චක්‍රවර්තී යනුවෙන් හැඳින්වුණු ඩීමන් ආනන්ද සිංහල සාහිත්‍යට අසාමාන්‍ය සහ අසම්මත මෙහෙයක් ඉටුකළ ලේඛකයකු වශයෙන් සම්භාවනාවට පත් කල හැක. සරල ලේඛණ ශෛලියකින් හිත් ඇදගන්නා සුළු මාරක කථා ඉදිරිපත් ...
සිංහල ම්ලෙච්ඡයෝ දම්පාට දේදුන්න අපගේ රැකියා ස්වභාවයට අනුව නිරතුරුවම විවිධ රටවලට සහ ජාතීනට අයත් විදේශිකන් හමුවෙති. ඔවුහු ඉංග්‍රීසියෙන් Good Morning, Good Evening නැතහොත් Hello යනුවෙන් මුල් සුභ පැතුම පිරිනමනා විට අප හුරුවී සිටිනුයේ දෑත් වැඳ හෝ අතට අත දී "ආයුබෝවන්" කියමින් සුභ පැතීමටය. එවිට බොහෝ විදේශිකයින් වචනයේ තේරුම අසති. වචනයේ තේරුම "ඔබට දීර්ඝායු වේවා" යයි දැනගන්නා ඔවුහු අප සමග සාකච්චාව අරඹන්නේම පැහැදීමකිනි. අනතුරුව අපගේ ...
මොබයිල් දුරකථන වංචාවට ඔබත් හසුවෙලාද? දම්පාට දේදුන්න අසරණ මිනිසුන් මුලා කොට මඩිය තර කරගන්නා වංචා කරුවන් කොතෙකුත් සිටිති. ඔවුන් වංචා සඳහා අනුගමනය කරනා ක්‍රමවේද විවිධාකාරය. බොහෝ වංචා කරුවන් ඉතාමත් සුළු කාලෙකින් හෙළිවී සමාජයේ කළු චරිත බවට පත් වෙති. ඒ අතරම වංචා කරුවනට ඍජුව හෝ වක්‍රාකාරව සහය දී තමන්ටද කොටසක් කඩා ගන්නා තවත් පිරිසක් වෙති. මොවුන් සමාජය ඉදිරියේ සුදු පිරුවට පෙරවාගෙන සිටිනා සමාජයේ සම්මත වැදගත් පිරිසකි. කට්ටඩින්, හූනියම් ...
කසීර, ජ්‍යෝෆ්‍රී බේකන් සහ කට්ටකාඩුව දම්පාට දේදුන්න පසුගිය මාස කිහිපය සිංහල බ්ලොග් කලාව තුල වැඩි ප්රගමනයක් දක්නට නොලැබෙනා කාලයකි. ප්‍රශස්ථ මට්ටමේ ලේඛනයක යෙදුන බ්ලොග් කරුවන් රැසක්ම නිහඬ වීම සහ තවත් බ්ලොග්කරුවන් රැසක් ෆේස් බුක් සරණ යාම මෙයට හේතුව බව නිරීක්ෂණය වේ. පසුගිය වසර තුලදී ලේඛණයේ දක්ෂයන් කිහිප දෙනෙකු බ්ලොග් කරණය ඇරඹුවේ වුවද ටික කාලෙකින් බ්ලොග් කලාව හැර යාම සිදුවුනි. මෙරට ප්‍රසිද්ධම සමාජ ජාලය වන ෆේස් බුක් ජාලය ...
සිංහල සාහිත්‍යය කෙරෙහි බ්ලොග් අවකාශයේ බලපෑම දම්පාට දේදුන්න තිස්ස දොඩන්ගොඩ සොයුරා විසින් දයානන්ද ගුණවර්ධනයන් ආනන්ද ජවනිකා සහ මධුර ජවනිකා නාට්‍ය ද්විත්වය මුල් කොට ගත් ශාස්ත්‍රීය විවරණයක් ''මල්ලී පුබුදු'' නමින් සිය හද ගී පොත බ්ලොගයේ පළකර තිබෙනවා. එම ලිපියේ ඔහු උපුටා දක්වන පරණවිතාන පඬිරුවනගේ ''සිංහල සාහිත්‍ය කෙරෙහි පාලි, සංස්කෘත භාෂා අධ්‍යයනයේ බලපෑම'' ලිපිය නව මානයක් කෙරෙහි මා සිත යොමුකරවන්නට යෙදුනා. එනම් සිංහල සාහිත්‍යය කෙරෙහි බ්ලොග් අවකාශයේ බලපෑම කුමක් ...
1981 වර්ෂයේ කැළණි සරසවියේ උපාධි ප්රදානෝත්සවයේදී මහාචාර්ය වල්පොල රාහුල ස්ථවිරයන් වහන්සේ කළ දෙසුම දම්පාට දේදුන්න දේශපේ‍්‍රමයේ ජාතිපේ‍්‍රමයේ ආගමේ හා මතවාදයන්ගේ පෙනෙන්නට තිබෙන යහපත් දේ මොනවාද? ඒවා ප්‍රශ්න කිරීමකට භාජනය වනු ඇත්තේ කවදාද? අපගේ ජීවිත රැදී පවත්නා සදාකාලික සත්‍යයන් ඒවා බව පෙනේ. එසේ වුවද වරදවා තේරුම් ගත් විට වාර්ගික අරගල, ආගමික ගැටුම්, ප්‍රාදේශීය හා ජාතිවාදී සටන් හා ජාත්‍යන්තර යුද්ධ ඇති කරන ප්‍රධාන මූලයන් බවට ඒවා පත්වේ. ඔබ හොඳින් නැවත සිතා බැලුවහොත් පුද්ගලයෙකු ලෝකයේ එක් තැනක ...
සුනිල් පෙරේරා - සිංහල ගීතය මාකට් කිරීම සහ කුහක ප්‍රවීනයන්ගේ භූමිකාව - අංක 03 දම්පාට දේදුන්න ලිපි පෙළෙහි පෙර කොටස් පහතින් පලමු කොටස දෙවන කොටස හැත්තෑව දශකයේ අග භාගයේදී ඉන්දියානු සංගීත ගුරු කුලය අමන මුග්ධයන් බව පසු කලෙක ලොවට හෙළිකළ තරුණයකු සිංහල සංගීත ක්ෂේත්රය ආක්‍රමණය කළේය. ඔහු සුනිල් පෙරේරා විය. ඉහල මධ්‍යම පන්තියට අයත් කර්මාන්ත කරුවකුගේ පුත්‍රයකු වූ හෙතෙම ඒ වන විට බටහිර සංගීතයේ නිපුනයකු විය. සුනිල් පෙරේරා සහ ඔහුගේ සහෝදරයන්ගෙන් සැදුම්ලත් ජිප්සීස් සංගීත කණ්ඩායම පොප්, ...
බ්ලොග් වසන්තය හෙළි කරනා සිංහල බ්ලොග් අවකාශයේ අභියෝග ජය ගැනීම දම්පාට දේදුන්න සිංහල මාධ්‍ය බ්ලොග් ප්‍රවර්ධනයට සුවිසල් මෙහෙවරක් කරනා ප්‍රධානතම සම්මාන උළෙල දෙක වන්නේ නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙල සහ බ්ලොග් වසන්තයයි. එම සම්මාන උළෙල දෙක වසරින් වසර දියුනුවට පත් වීම සතුටට කරුණකි. මෙවර බ්ලොග් වසන්තය චන්ද විමසීම සාර්ථක ලෙසින් 2017 මැයි මස 21 දින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය. බ්ලොග් වසන්තය චන්ද ප්‍රතිපල නිරීක්ෂණය කරනා විට සිංහල බ්ලොග් අවකාශය පවතිනුයේ සෑහීමකට පත්විය ...
මහා මැතිවරණය 2015 - අපේක්ෂිත ප්‍රතිපල දම්පාට දේදුන්න මේ ලිපිය ලියනා මොහොත වනවිට 2015 මහා මැතිවරණය වෙත ඉතිරිව ඇත්තේ තවත් දින 16ක කාලසීමාවක් පමණි. වෙනත් මැතිවරණ සමග සසඳන විට රට තුල මැතිවරණ උණුසුමක් නොමැති තරම්ය. එය ඉතාමත් සුභදායක තත්වයකි. ප්රචණ්ඩ සිද්ධීන් කිහිපයක් වාර්තා වුවද සමස්තයක් වශයෙන් ගත්කල සාමකාමී බවක් රටතුල පෙන්නුම් කරයි. රාජ්‍ය බලය, රාජ්‍ය මාධ්‍ය සහ රාජ්‍ය දේපල මැතිවරණය සඳහා අවභාවිතයවන බව වාර්තා නොවේ. කෙසේ නමුදු එක්සත් ...
වෛද්‍ය වැඩ වර්ජන සම්බන්ධව විමසුමක් දම්පාට දේදුන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේසඥ වෛද්‍ය අනුරුද්ද පාදෙණිය මහතා වෙතින්, වෛද්‍ය වැඩ වර්ජනය පැවති මැයි මස පස්වන දින, නවලෝක රෝහලේදී, පුද්ගලික වෛද්‍ය සේවා ලබා ගැනීමට රන්ජන් රාමනායක මන්ත්‍රී වරයා මුදල් ගෙවා ඇති රිසිට් පත පසුගිය දින සමාජ ජාල මාධ්‍ය තුල සංසරණය විණ.මේ සම්බන්ධව පාදෙණිය මහතාගේ ප්‍රතිචාරය වුයේ එදින ඔහු විසින් පුද්ගලික වෛද්‍ය සේවා අවලංගු කර ඇති නමුත් අදාළ රෝහල ...
යාපනය පුස්තකාලය දම්පාට දේදුන්න අප ජීවත් වන යුගයේ ලංකා ඉතිහාසයේ සිදුකරනා ලද දුෂ්ඨතම ක්‍රියාව ලෙසින් මා දකිනුයේ යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීමය. එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂ රජයට සම්බන්ධ මැර පිරිසක් විසින් මේ අලජ්ජී විනාශය සිදු කර තිබිණ. එය සිදු කරනා ලද පිරිස මෙහෙයවන ලද්දේ ඉහල අධ්‍යාපන සහතිකධාරීයකු වුවද මා නම් මුග්ධයකු ලෙස සලකන එවකට රජයේ ප්‍රභල ඇමති වරයකු විසින් බව කියවෙයි. ඔහුට ...
ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා කරමු දම්පාට දේදුන්න ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ නායකයා විය යුතු බවට පසුගිය සති දෙක තුල තැනින් තැන මත පැනනගිනු දක්නට ලැබිණ. මේ මතයන් ඉදිරිපත් කර ඇත්තේ පසුගිය චන්ද වලදී යහපාලනය වෙනුවෙන් කැපවූ ක්‍රියාධරයන් වීමද සුවිශේෂී කරුණක් බව කිවයුතුය. මේ අතරම වියත් මග නම් සංවිධානයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රතිරුපය නැංවීමේ ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයති. නමුත් සංවිධිත සමාජ ජාලා ප්‍රචාරණ ව්‍යාපාරයක් නම් දක්නට නැත. එයට හේතුව ...