පොඩ්ඩො හංසි(swan) දැන් කලේ මොන්ටිසෝරි ළමයි 'රෝස මලේ නටුවෙ කටූ' කිව්ව කාලෙ ගිහින්. ඒ වෙනුවට දැන් කියන්නෙ 'රාජ මාලිගේ පරවියා ' වගේ කියල.බොරුනම් ඔය ගෙදර ඉන්න පොඩි එකාගෙන් හරි අහල පහල ඉන්න පොඩි එවුන්ගෙන් හරි අහල බලන්න අපිට වඩා හොඳට මුළු සින්දුවම කියයි.මොන්ටිසෝරි ටීච කෙනෙක් වෙච්ච අපේ අම්ම ගෙදර ඇවිත් කියන කතා තමයි ඔය.මට මතකයි අම්ම කිව්ව ගිය අවුරුද්දෙ එම්. ඩී. ධනුෂ්ක ...
අසම්මතය හංසි(swan) කෙටි කතාව වෙලාව රාත්‍රී දහයට විතර ඇති. පාරේ තිබ්බ ලයිට් කණුවට ඔරලෝසුව අල්ලල මම වෙලාව බැලුව. හරියටම දහයයි තිහයි එයා තාම නෑ.මම කීපාරක් වෙලාව බැලුව ද හ්ම්ම් ... මට මතක නෑ .මං හිතන්නෙ දහදොළොස් වතාවකට වැඩි.එයා අද එන්නැති වෙයිද ? අනේ මන්ද ..මං හිතන්නෙ මං අද ගොඩක් නොඉවසිලිමත් වෙනදාටත් වැඩිය නොඉවසිලිමත්. කියාගන්න ගොඩාක් දේවල් හිතේ තියාගෙන. කොයි වෙලේ කියගන්නද බැරිව ...
දුක දැනුන දවසක් හංසි(swan) ඊයෙත් අදත් පෙරේදාත් වාට්ටුව කෙලවර නුඹව නොදුටුවා නොවෙයි නංගියේ හැමදාම ගොඩවදින පිලිකා රෝහලේ හිසට අතගසා සුසුම් හෙල හෙලා අත වනන මරණය දෙස බලා හුන් දස දහස් ලෙඩුන් අතරේ නුඹව පෙනුනේ නුඹේ ඔය පියකරු වත නිසාම වෙන්ටැතිසිනහව හොරු ගෙනිච්ච ඔය මුණුනේ විඩාබර පුංචි ඇස් දෙකඅතොරක් නැතිව බයිබලය පුරා දිවෙද්දී අනේ පව් කියවුනේ නොදැනීමයි නුඹට නිනව්වක් නැත ගෙවෙන උදයක් දහවල රැයක් නුඹට ...
ඈ හංසි(swan) ඈ නිල් නයන නිති දිදුලන රුව නුඹදඈ වත කමල හැඩවෙන සිනහව නුඹදඈ සිත් මලට පෙම් කල බඹරිඳු නුඹද සවනට කොඳුර පෙම් බස් කීවේ නුඹදනුබ ගැබ සිසාරා සිසි හිනැහෙන රැයක දහසක් තාරුකා ඇසි පිය නිති සලනඅහසට මුව අයා සිත පා කර යවනඈමද නුඹ සෙවූ කැලයක පිපුණු මලමදනල නටන රැඟුමක මතකය පටලවිහඟෙකු සේම කිච් බිචි ගා බස් තෙපල තුරු ලිය සේම සීතල ...
තවත් එක් මිනිසෙක් හංසි(swan) පාරේ එහා කොනේ ඉඳන් මෙහා කොනටම මම අතුගාගෙන එනව.කරාස් කරාස් ගාල ඉදල් පාර සිමෙන්ති පොලව හූරගෙන යනව.ටික ටික පාර පිරිසිදු වෙනව.කුණු ඔක්කොම කුණු කරත්තෙට එකතුවෙනව.පාර ලස්සන වෙනව.මිනිස්සු හිරිකිතයක් නැතිව පාරේ ඇවිදිනව. මම ..හ්ම්ම් මම .. කරගැට ඇවිච්චි ගොරෝසු අත්ලෙන් ඉදල් මිට කිටි කිටියේ අල්ලාගෙන තව තව කුණු එකතු කරනවා.රෝද දෙකේ මගේ වාහනය කුණු වලින් පිරෙනකන්ම ඉදලට නිවනක් නොදී අතුගානවා අතුගානවා ...
නුඹ බෝ දුරයි හංසි(swan) නොපෙනී ඉරට අඳුරට මැදිව මුකුලිත කුසුම සුවඳද රැගෙන දුර බව දැනම සඳ දෙස බැලුව තරු රැස් දහස් පෙම් කල සඳක් අහිමියි සිතුව නටුවෙන් ගිලී මිහිමව් බදා ඉකිබිඳ හැඬුවසේපාලිකා මම වෙමි සඳේ නුඹ නොම දුටුව ...
අහන්න වෙලාවක් තියෙයිද ? හංසි(swan) මට මතක නැහැ එකම එක දවසක් සින්දුවක් අහන්නේ නැතිව රැයක් ගෙවපු ඒ තරමට සංගීතෙට මම ආසයි.ඇයි මම විතරද ඔයාලත් එහෙමනෙ නැද්ද ? හිත හොරා ගන්න සමහර සිංදු සරින් සැරේ නැවත නැවත වාදනය වෙන්නේ අපිටත් නොදැනීම. සිංහල සින්දු විතරක් නෙවේ ඕනෑම රටක ඕනෑම භාෂාවක හිතට අල්ලන සින්දුවක් තිබ්බොත් මම අහනවා ඒ අතරිනුත් හින්දි සින්දු වලට නම් වෙනමම ඇබ්බැහියක් තියනවා ඒක වෙනම ...
සුදු වෑන් හංසි(swan) අක්කල අය්යලට මහපොළ මට කුඩාපොලක් වත් නෑ මාමල නැන්දලාට රත්තරං මට තම්බක්ක වත් නෑ එතනින් ඉවර නෑ අම්මට අලුත් DVD player එකක් ළඟ ළඟ නත්තලට අය්යට මල් මන්දිරෙන් කෑමක් එතකොට මට විතරද මෙහෙම -_-බ්ලොගේ හංසයයි කියල මං හංසයෙක් කිව්වේ මොකාද ? ? ? හැමෝටම තෑගි මට විතරක් .... සුදු වෑන් :'(ජාත්‍යන්තර කුමන්ත්‍රණ මේව ජාත්‍යන්තර කුමන්ත්‍රණ :( ...
බොයිලර් හංසි(swan) මං ඉපදුනෙ පුංචි ගොවිපලක ගොවිපොළක් කිව්වම ඔයාල හිතින් මවා ගනී එක යායට ලස්සනට තණකොළ වැවිච්ච පොළවක නිදහසෙ එහෙමෙහෙ තණකොළ කකා යන හරක් රංචු ඉන්න ,චුටි චුටි පණු පැටව් ඇහිඳින් යන කුකුල්ලු ඉන්න,කෙළවරක තියන පොඩි පොකුණක නිදහසේ ජල ක්‍රීඩා කරන තාරාවෝ ඉන්න ලස්සනම ලස්සන ගොවිපොළක්.ඒත් මං එච්චර වාසනාවන්තයෙක් නෙමෙයි.මං ඉපදුනේ පුංචිම පුංචි කුකුල් කූඩුවක.හුස්ම ගන්නවත් ඉඩක් නැති හරිම අපිරිසිදු කුකුල් කූඩුවක.අඳුරු ...
2015 සිනා බෝ වේවා !!! :) :) :) හංසි(swan) 2014 පරණ අවුරුද්දට හැමෝම ආයුබෝවන් කියල දැන් 2015 අලුත් අවුරුද්දත් සමරන්නත් පටන් අරන්. 31 වෙනිදා රෑ මන්සියට නින්ද ගිහිං හිටිය මට රෑ දොළහට විතර කන් අඩි පැලෙන්න ඇහුන රතිඤ්ඤ සද්දෙට නම් ඇස් පියාන ඉන්න බැරිඋනා.ඊට පස්සේ අලුත් අවුරුදු සුබ පැතුම් ගොඩයි.හිතට ආපු නැවුම් බවයි සතුටයි එක්ක හැමෝටම සුබ පැතුව.ඔයාල හැමෝටම සුබ පැතුම් තොගයක්ම එන්නැති නේද ? 31 රෑ පාටි දාපු ...
හිමි අහිමි හංසි(swan) මම තේ කෝප්පය දිහා නොඉවසිල්ලෙන් බලන් හිටිය. විනාඩි දහයක් තිස්සෙම තේ කෝප්පයේ රවුමට රවුමට කැරකැවෙන තේ හැන්ද මාව තව තවත් අවුස්සනව.මම අරවින්දගේ මුණ දිහා බැලුව. අරවින්ද තාමත් තේ කෝප්පය දිහා බලාගෙන හිත තේ කෝප්පය පතුලටම ගිහිල්ල හොයාගන්න බැරිව දඟලනවා වගේ.ආයෙත් තේ හැන්ද උස්සල සිනී කෝප්පයට දාන්න යනකොටම මම මගේ අතේ තිබ්බ තේ හැන්දෙන් හය්යෙන් කෝප්පයට දෙපාරක් තට්ටු කලා අරවින්ද එකපාරටම ...
මල්සරා වෙත ලියමි ;) හංසි(swan) අද මහ අප්සට් දවසක් කැන්ටිමේ කාපු friday special බත් එකේ රහක් වත් දැනුනේ නෑ අප්ප චික් ... .උදේ පාන්දරම එයාව දැක්කනේ .මට හාට් අටෑක් හැදුන්නැති එක පුදුමයි.හිත තාමත් අඬනවා....අනේ දෙවියනේ උඩ ඉන්න දෙයියෙක්වත් මා දිහා බලන්නකො.මගේ පරම පවිත්‍ර අති උත්තම පූජනීය හද මඩලටමයි මෙහෙම වෙන්නෙ. මගේ හිත වා වන්නේ නැ.ඇත්තමයි අප්ප මෙහෙම දුක්ඛිත ජීවිතයක් කුමටද?? මං පනිනවා බේරේවැවට ඔව් අද ...
කියා දෙන් මගේ හිතට හංසි(swan) අළු පාට වලාරෝද වසා නිල් වන් අහස වැහි බින්දු ඇද වැටෙයි හෙමි හෙමින් සීරුවට හිස මතට වැටෙන බිඳු රූටමින් දෙකොපුලට ගලායයි කඳුලුසේ ඔච්චමට මෙන් සිතට තෙමි පෙඟී කඳුළින්ම තෙත බරිත වු හිතට තව කඳුළු කුමකටද දෙකොපුලින් රූටන්න ඔබ එදා ගිය පටන් ගිලන් වු මේ හිතට අරමුණක් නැත තවම දිවිය දිගු මං යන්න වීදී වල ගලා යන කුණු කසල පිරි වතුර ...
නිහැඬියාවකට පසු ........ හංසි(swan) පහුගිය මාස හතර තිස්සෙම හැමදාම උදේ අටට මහරගම ඔරලෝසු කනුව හරියෙන් තියන ඒ පාන් බාගයක් වගේ පොඩි රෝස බස් එකට නැග්ග,දුවල ගිහින් footboard එකේ එල්ලුන ඒ කෙට්ටු උස ගෑනු ළමය තව දවස් කීපයකින් ඒ හරියෙන් වත් යන්නේ නැතිවෙයි.මහරගම පොළ මැදින් එක එක එළවලු ජාති බල බල ගිය ,පොළ දාට පහුවෙනිදා පොලේ ඉතිරිවෙච්ච කුණු ගොඩවල් මැදින් නහය වහගෙන පැන පැන ගිය ...
කෘතිම හදවතක් හංසි(swan) මුල්ම දවසේ ඔහු දුටු විට ලබ් ඩබ් ගා ගැහුණු මෙ හද ඩග් ඩග් ගා මහහයියෙන් කම්පන දුන්නා මල් හීසර කොහේ වැදුනද රිදුනෙත් නෑ මගෙ හදවත හැදෙ කොතැන ආල කවක් ගෙතෙමින් තිබුණානෙතට නෙතක් එක වුන විට හදට හදක් යාවුනාද ආල හැඟුම් මෝදු වෙවී දළු ලා වැඩුනා මුළු හදින්ම ආදරෙලු ඔහු ජීවය පුදනවාලු රෝස මලක් මට දීලා ආදරේ කිව්වා එහෙම කියූ මා ...
දාබරේ බැන්ද මචං හංසි(swan) පෝරුවේ නගින සකියට දිරි දෙන්නයාලුවේ යමුද හවසට පන්සලටමාලුවෝ නැතත් විල් මැද බාගන්නපාඩුවේ හිටිං වෙහෙසෙනු ඇයි කුමටබෝඩිමේ තිදෙන එක්වී දිවි ගෙව්වකාලයේ මතක හදෙහී ඉරි ඇන්දදාබරේ ඉතිං දෑඟිලි බැඳගත්තකෝ ඉතිං ඇසුවාද නිරතුරු කී බණටජීවිතේ ගැලට තවනම් බර කුමටවැටහුනා ගුණේ මට නම් ඒ කලමදාබරේ අනේ ආලෙන් මත් වෙච්ච්තනිකමේ බෑහැයි කියලා ගියෙ මෙලෙසබෝතලේ හිතැති විගහට අරගෙනමයාලුවේ යමං රූටා කෙලවරටදැන් ඉතිං දෙකයි වීදුරු පුරවන්ටයාලුවේ ගනිං ...
අහන් ඉන්න අහගෙන ඉන්න හංසි(swan) එදා හොඳටම වැඩ වැඩි උන දවසක්.ඔෆිස් එකේ වැඩ ඔක්කොම ඉවර වෙලා එලියට බහිද්දි හයයි කාලත් පහුවෙලා. ඉර වහගෙන වියන වලාකුල් අඳුරු සේලෙ නිසා මුළු කොළඹම දැන් කලුපාට වීගෙන යනවා කලුපාට සෙවනැලි මිනිස්සු බීප් බීප් සද්ද දාන වාහනවල ලයිට් එලියට එකපාරටම මතුවෙලා ආයෙත් අඳුරේ ගිලෙනවා.ඒ මදිවට හවස වැහැපු වැස්සත් එක්ක පාරත් මඩවෙලා.හයි හීල්ස් වලටත් ඔට්ටු උන මඩ තලි ඇඟිලි කරු අතරිනුත් ...
හිමිදිරිය හංසි(swan) නිල් ගොයම ගැබ්බරව රන් කරල් නැමි බිමට කොළ පලස සිප ගනියි හෙමි හෙමින් සීරුවට නියර දිග විසිර ගිය තුෂර බිඳි වටකුරුව මුතු පබළු සේ දිලෙයි තෘණ පියලි අග රැඳුන වලාකුළු කැටි මතින් පෙරා එන රිවි කිරණ මගේ කඩුක්කන් පාට හොරා විත් මට නොකිය මීදුමත් දෙබෑකර පොලව හා ලංවෙත්ම රන් පාට ඉහිරවයි මුළු දෙරණ නැහැවෙන්න කිචි බිචිය හඬ නගන සියොත් කැල ...
ආදරය ....ප්‍රශ්නාර්ථ ??? හංසි(swan) ආදරයඔයාට කියන්න වැටෙන් එහා පැත්තෙ තිබ්බ සමන් පිච්ච මලට මම හැමදාම ආදරේ කළා ..හැබැයි මම හිතුවේ නැහැ ..මටත් නොකියම. ඒ සමන් පිච්ච ගහේ පළවෙනිම මල වැටෙන් මෙහා අපේ වත්තට ආපු සමන් පිච්ච අත්තේ හැදේවි කියල .. මම මලට ආදරෙයි. මල නෙලන්න හිතයි ..ඒත් මල අයිති මටද ? හිත තාම අවිනිශ්චිතයි ........................................ඔයා කැමති චොකලට් අයිස්ක්‍රීම් වලටද ? එත් මම කැමති වැනිලා ...
යලි අප හමුවේවි හංසි(swan) මට මගේ අතීතය ආයෙත් මතක් උනා.මතකයෙන් සම්පූර්ණයෙන් ඈත්වෙලා ගිය ඒත් ආයෙත් අහම්බෙන් කොහෙන්දෝ ඉඳල හිතට පැනල වද දෙන මතකයක් නෙමෙයි.හිත අස්සක හැංගිල ඉන්න, පාළුව දැනුනම ලඟට එන්න හදන ලඟට ඇවිත් ආයේ ආයෙ ඒ පරණ සිද්ධි හැමදේම එකින් එක ගලපල ලස්සන චිත්‍ර පටියක් හිත ඇතුලෙන් පෙන්වන මම ගොඩක් නෑ ගොඩාරියක් නෑ ඊටත් වැඩියෙන් ආදරය කරන අතීතයක්, ලාවට අමතක වෙන ඒත් හැම ...