ඇත්තටම ජයග්‍රහණය කිරිම Pahasaranee ඊයේ පෙරේදා පද්මාවත් චිත්‍රපටිය බලන්න වෙලාවක් ලැබුණා. මම සාමාන්‍යයෙන් තව කෙනෙක් එක්ක චිත්‍රපටි බලන්න කැමති නැහැ. මොකද අතරමගදී බාධා වෙන නිසා. මගේ එයාඑක්ක නම් කොහොමට වත් චිත්‍රපටි බලන්න බැහැ මොකද අතර මගදී ප්‍රශ්න අහන නිසාත්, හින්දි හෝ දමිළ කතාවක සින්දුවක් නැටුමක් තියනවා නම් අවසරයක් නැතුවම ස්කිප් කරලා දමන නිසාත්. කොහොමහරි පද්මාවත් බලන්න එයාවත් එක්කහු කරගන්න සිද්ධ වුණා.කතාව අවසානයේදී අපි දෙන්නට ...
(අ)මිහිරි අවුරුදු! Pahasaranee කණ හිරිවට්ටනකොවුලාගේ නාදේමතකද ඉස්සරසුමිහිරි ගැයුමකිහතර කොනටඅපි හතරක් උන් කලමතකද රස පිරිඅවුරුදු මේසේකිඅලුත් ඇඳුම් ඇඳලිප මොළවන කොටමතකද සරුවටකිරි උතුරපු හැටිඑරබදු මොකටදවැට ළඟ පිපිලාඅද ඔබ නැති කලහිත ළඟ සුසුමෙකි! ...
රන් ඔටුනු සහ කටු ඔටුනු Pahasaranee හිස දරද්දී රන් ඔටුනු සිහිවෙයි පෙර කල දැරූ කටු ඔටුනු ... එහි උල් කටු ඇනී දැනුනු වේදනාවක් සිහි වී රිදෙයි මා සිත... . . . හිසට රන් බර වැඩි වූ කල ඇනුණු රිදවුණු කටු ද මිහිරියාවක සෙයකි මවන්නේ... කළ පවු වල මහත! රත්තරන් පසෙක ලා තියුණු උල් කටු අනින වේදනාවට ලොබ බඳිනවා මේ සිත . (Image courtesy : HEAVY CROWNS BY ...
එක මොහොතක් Pahasaranee © වැල්ලවත්ත මුහුදු වෙරළේදී අනවසරයෙන් ගත් සේයාරුවකි ගෑස්, වතුර, ලයිට් බිල් කිරිපිටි තේ කොළ හාල් තුනපහ ටියුෂන් සල්ලිත් කැඩුණු කරාමේ පිච්චුණු බල්බ් දොස්තර ගාස්තු *********අමතක කර එක මොහොතක් අත් පටලවන් ක්ෂිතිජ ඉම දෙස බලා ඉමු අපි ජීවිතේ දුක් ගැහැට නැති එවුන් මෙන්... ! ...
(අ)සම්පුර්ණ Pahasaranee 'සම්පුර්ණ'මිනිසෙකු සොයා හති වැටී ඔබ දිගු ගමනක... අසම්පුර්ණ ඔබ සම්පුර්ණව දකින මම හුදෙකලා වීඑකම තැන!
ඔබෙ සුසුම් පමණක්ම ද සුසුම්? Pahasaranee සුසුමකට සිනාසෙන්නීදන්නවාද ඔබපුපුරු ගහන මතකයක බරහඬා වෙහෙසුණු ඇස්කකියවන රිදුම් ගැනඔබෙ සුසුම් පමණක්මසුසුම් යැයි බස් දොඩන්නීදන්නවාද ඔබසිරුම් තුවාලත්සමහරක් විටකදීසුව නොවී ඔඩු දුවන බවරිදුම් ඉවසුම් නැති බවනොපෙනෙන වේදනාවටඅවමන් කරන්නීදන්නවාද ඔබජීවිතය එපා වනඒ උන්ම එක් දිනකපරාජය පසෙකලාවේදනා දුක් මතමජය කණුව ගොඩ නඟන බව ...
ඔබෙන් ඉක්මන් පිළිතුරක් ලැබෙන තුරු... Pahasaranee වර්ෂ 2015ක් වූ පෙබරවාරි මස 25 වනදා නිවසේදීය දයාබර හිතවත, ඇනුණු කටුවක් නිසා වණ වූ තුවාලයකින් කලක ඔබත් පීඩා විඳි බව මගේ මතකයට නැගුනු බැවින් ඔබට ලියන්නෙමි. කලකට පෙර යටි පතුලේ ඇනුණු බෝගන්විලා කටුවක් නිසා මා බොහෝ කලක සිට පීඩා වින්දෙමි. පොළොවේ අඩිය තබා ඇවිදින වාරයක් වාරයක් පාසා මට දැඩි වේදනාවක් දැනුනත්, කිසිවෙකු ලවා කටුව ඉවත් කර ගතහොත් සහනයක් ලැබෙන ...
පැහැසරණී: සර්ප සෙනෙහස Pahasaranee එකම කවිය කීපසැරයක් ලියන්න වෙනවා ඉතින්. මක් කරන්නද :/පැහැසරණී: සර්ප සෙනෙහස: විෂ දළට බියෙන් තනිකර දමා ගිය සැපින්නක් ලඟට ගෙන ලෙන්ගතුව කිරි පෙව්වෙමි. කෑදරව කිරි බිවු සැපින්නද මට පෙරළා ආදරය පෑවාය. එයින් මසිත ද ඔද ව... ...
ඕනෑ කර තිබේ! Pahasaranee ඇත්නම් අයෙක් ලොවේනිමවන්නට සමත් පාට පුයර, සුවඳ විලවුන්මකන්නට හැකිවෛර කුයිලයඔබේ සියොළඟ නැඟෙන වසන්නට හැකික්රෝධ රේඛාඔබේ මුහුණේ ඇඳුනුඕනෑ කර තිබේ ඔහුලෝකය ලස්සන තැනක් කරන්නට! ...
ඉතිරිව ඇති එකම පැණය Pahasaranee සබඳ,ඔබෙන් අසන්නට ඉතිරිව ඇත්තේ තව එක් පැණයක් පමණකි ...මා ඔබේ සොඳුරිය නොවුනේ නම් රෑ සිහිනෙන් විත් ඉඳ හිට හිස අතගා-මා සනසා යන්නට එන්නේ කිම මා රිදවන්නද ?මා රවටන්නද ?ඔබෙන් අසන්නටඉතිරිව ඇත්තේතව එක් පැණයක්පමණකි! ...
නිදහස් මානවකය, Pahasaranee බැමි ඇතිබැමි නැතිබැමි අතහැර නැතිලතැවෙනකැළඹෙනසිතුවිලිඉම නැති...ඒ හැම අතරෙහිමා ඔබ දුටුවෙමි!ඇති බැමිනැති බැමිකිසිවක් වග නැතිඔබ ලොව දස අතඔහේ ඇවිද යතිනිදහස් අදහස්වටකළ බැමි නැතිඔබේ දිවිය ගැනකිම මා බැඳ ඉසි? ...
අවසන් නොවුනු කතාවක් Pahasaranee බීර විදුරුවක පෙන බුබුළු අතරින් පා කරලන්නට සිතුවෙමි හදවත පතුලේ කැලතෙන රිදුම සිරවුම වේදනාව ගැලුම් ගණනක් බීර නිරපරාදේ දුක් විඳපු සැටි ලඟා කර දෙනු නොහැකිව මා සිතේ අරමුණ උල් පිහි තුඩක් ගෙන මස් ගොබයකට තද කලෙමි වේදනාවක් නොදැනේ හදවත් කකියවන පැරණි වේදනාවන් රිදවයි උල් පිහි තුඩට වැඩියෙන් පහනක් දැල්වූවා යදිමින් දෙවියන්ට නැති වගයි උන්ගේ පඬුපුල් ආසන මගේ දුකට උණු ...
වරද කාගෙද Pahasaranee එක සිත දෙතැනකතුන් තැනකකිහිප තැනකම(අඩු වැඩි වශයෙන්)නතර වී ඇත.වරද කාගෙදදුවන සිතෙහිදපෙනෙන රුවෙහිද කවදා කවුරුන්කියා දේවිද?
-------- රෙජී -------- Pahasaranee ඊයේ ලෝක මානසික සෞඛය දිනය. මුහුණු පොතේ විවිධ ලියුම් කියවනකොට, විශේෂයෙන්ම මානසික රෝගීන්ට වෙනස්කම් කිරීම ගැන,මගේ මතකයට ආපු කෙනෙක් ඉන්නවා.ඒ රෙජී!රෙජී ජිවත් වෙන්නේ අපේ ගෙවල් කිට්ටුව. වයස අවුරුදු 70කට වැඩි ඇති. ගොඩක් උස, උසේ හැටියට මහත තියන මනුස්සයෙක්. මුණ පුරා රැවුල වවල. එක්කෝ සරමක් එක්ක ෂර්ට් එකක්. නැත්තන් කොට කලිසමක් එක්ක. කොයි ඇඳුම ඇඳන් හිටියත් ඒවා අපිරිසිදුයි. පිරිසිදු කරලා ගත්තනම් ...