මුර පද යොදා ගෙවුම් වාසල් ද්වාරයෙන් ඇතුළු වීම: අයිටී හෙවත් තොරතුරු තාක්ෂණය සිංහලෙන් අළු (2019 දෙසැම්බර් 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)දිනකට දෙකකට පෙර මගේ සමීප මිතුරෙකු සිය ෆේස්බුක් අඩවිය මත පළ කර තිබුණු සටහනක් නැතිනම් පෝස්ටුවක් දැක මගේ ක්ෂණික අවධානය ඒ වෙත යොමු විය. ඔහු එහි තවකකු ලියූ සටහනක් යළි ලින්කුවක් ද සමග පළකොට නැතිනම් ෂෙයා කොට තිබුණේ පහත වැකිය ඉහළින් යොදා අවසානයට කල්පනාබරිත මුහුණක ඉමෝටිකොනයක් ද යොදමිනි. එය මෙසේ ය.“ඔබගේ ලුණ්ඪිත නොවන ...
පුරවැසියා විමසමින් මාධ්‍ය සදාචාරය ගැන තව දුරටත් අළු (2019 7නොවැම්බර් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)‘Out of the Dark’ වාර්තා චිත්රපටයෙන්ඉතා අවාසනාවන්ත ලෙස ඒ කුඩා දරුවා මියගොස් ඇති බව දැන් අපි දනිමු. මේ ලිපිය ලියවෙන්නට පෙර දිනයේ දිවා කළ එම පුවත, එනම් කුඩා පටු අගාධයකට ඇද වැටුණු දරුවා මිය ගිය පුවත දැනගත් මොහොතේ මගේ හදවත මොහොතකට නතර වී ගියේ ය. සියල්ලටම වඩා පියෙකු ලෙස මෙවැනි පුවතක් මට දැනෙන්නට ...
බොරු කීමට සූදානම් වීම: පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ තරග අළු (2020 ජූනි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)2021 සඳහා රජයේ පාසැල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට නියමිත දරුවන් සඳහා අයදුම්පත් කැඳවෙන බව සඳහන් දැන්වීම පසුගිය දිනවල ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්ව තිබිණ. පස් වෙනි විය පසුකරමින් සිටින දූ පුතුන් සහිත (මධ්‍යම පාන්තික) දෙමාපියෝ ඒ හා සමග සුපුරුදු ‘වාර්ෂික තරගයට’ අවතීර්ණ වූ අතර, කුහුඹු කකුල් හා සමාන අකුරින් මුද්‍රණය ...
නැටීමේ පද අරුත: වෙනුරි ඇතුළු කණ්ඩායමේ ‘නින්ජා’ නැටීම අළු (2020 සැප්තැම්බර් 27 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)ගෙවුණු සති අන්තයක, හදිසියේම කොළඹ නගරයේ තෝරාගත් ස්ථාන කිහිපයක මතුවූ නර්තන ශිල්පීන් සහ ශිල්පිනියන් කණ්ඩායමක් සිය නිදහස් නර්තන චලන, සෙස්සන්ට බාධාවක් නොවන පරිදි ඉදිරිපත් කරමින් ස්වකීය ශරීරය ප්‍රකාශන මෙවලමක් ලෙස ගෙන, රටේ අගනුවර ජන සමාජය නර්තනය හා සමග ස්ත්‍රිය දෙස විමර්ශනාක්ෂිය යොමන ආකාරය විමසා බලා තිබිණ. සමකාලීන නර්තන භාවිතය සමග වඩාත් ඉහිල් ...
විසල් වැඩ කළ ‘පුංචි’ මිනිසෙකුගේ ‘ලේඛනාවලි’ හෙළි කර දුන් අතීත වත අළු (2020 අගෝස්තු 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) සම්මානිත මහාචාර්ය පුංචිබණ්ඩා මීගස්කුඹුර මහතාගේ ශාස්ත්‍රීය ජීවිතය තුළ ඔහු අතින් ලියැවුණු සියලු ශාස්ත්‍රීය ලිපි ඇතුළත් ‘ලේඛනාවලි’ නමැති මාහැඟි පුස්තකය පසුගිය විසිපස් වැනි අඟහරුවාදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන සභා ශාලාවේදී එළිදැක්විණ. ගෙවුණු දශක කිහිපය තුළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය තුළ මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමෙන් අනතුරුව සිය විශ්‍රාමික දිවිය තුළදී ද පේරාදෙණියේ ම පාලි ...
ඇන්ටික් කඩවලට වී නොමැරී සිටීම: හඳගමයානු බහු-ආඛ්‍යාන අළු (2021 අප්‍රේල් 03 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)මෙම සටහනම නොවෙතත්, ‘ඇන්ටික් කඩයක මරණයක්’ හා සබැඳුණු තරමක සමාන සටහනක් පසුගිය සතියේ මෙම තීරුව සඳහා ලියා අවසන් වෙමින් තිබිය දී පරිගණකය විසින් එය අතුරුදන් කෙරුණේ ඉඳහිට පරිගණකවල නැගෙන යාන්ත්‍රික දෝෂ දෙසට වගකීම දමමිනි. හඳගමගේ ‘ඇන්ටික් කඩයක මරණයක්’ සඳහා ආවේශය සපයන, ඔහුගේ සිනමා කෘතියක් වූ ‘අක්ෂරය’ ද ...
පුස්තක සම්මාන ‘එක මිටට’ ගැනීම: නොපෙනී මැකෙන සාහිත රචනා අළු (2020 ඔක්තෝබර් 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි)මුලින්ම නව කතා වෙනුවෙන් ස්වර්ණ පුස්තක සම්මානයක් පිදෙන්නට තීරණය වූ මොහොතෙහි සමාජ අවධානය බිඳවැටෙමින් තිබෙන සාහිත්‍ය කලාපයක් දෙස යම් අවධානයක් යොමු කරවීමටත්, ලේඛකයින් වෙත යම් ප්රබෝධයක් හා උද්යෝගයක් ජනිත කරවීමටත් එය හේතු වනු යන හැඟීමෙන් මසිත පිරී ගිය බව මතක ය. පසු සමයක නව කතාවට පසුපසින් එමින් ...
පෙර-පාසැල් දරුවාගේ ජීවන චක්‍රය සහ මදුරුවෝ අළු (2020 මැයි 31 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)සතියකට පමණ පෙර ඇදහිය නොහැකි පුවතක් මගේ ෆේස්බුක් මිතුරියක සිය පිටුවේ ලියා තිබිණ. ඒ අනුව නුදුරු දිනයක ඇගේ සිවු වියැති දියණියට, පෙර පාසැල් ගුරුතුමිය විසින් ‘කොරෝනා-සමය’ වෙනුවෙන් වූ ‘ගෙදර වැඩ’ ලබා දෙනු ලැබ ඇති අතර ඒ අතරෙහි සම්පූර්ණ කළ යුතු මදුරුවාගේ ජීවන චක්‍රයේ රූපසටහන ද, වර්ණ ගැන්විය යුතු (සහ දෙමාපිය සහායෙන් වටහාගත යුතු) ...
දේශපාලන විද්‍යාවේ වැදගත්කම සහ ඉරාජ්ගේ ජවිපාවුන් අළු (2020 අගෝස්තු 09 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) දැන් ඡන්දය හමාරය. පුවත්පත කියවන මොහොත වන විට ඔබ ඡන්දයේ ජය කා වෙත හිමි වී ඇත්දැයි දැන සිටිනු ඇත. එක් නියෝජිතයෙකු වෙනුවෙන් කෝටි තුනකට අධික මුදලක් වැය කරමින් පැවති ඡන්ද විමසීම කෙළවර ඉදිරි වසර පහ සඳහා නීති සම්පාදනය සිදුකෙරෙන ව්‍යවස්ථාදායකය වෙත මහජන ඡන්දයෙන් පත්කොට යැවුණු 225 දෙනා කවුරුන්දැයි ඔබ හඳුනාගෙන සිටිනු ඇත. ...
ලිවීමේ ප්‍රහර්ෂය සමග යෙමි: 2020 වෙත විශ්වවිද්‍යාල ආචාර්ය වෘත්තියේ සිට... අළු (2020 ජනවාරි 05 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)දින දෙක තුනකට පෙර මවෙත ලැබුණු දුරකථන ඇමතුමකි. එහි අනෙත් කෙළවර උන්නේ ඉන්දියානු විශ්වවිද්‍යාලයකින් සංගීතය පිළිබඳ උපාධි ලැබ, දැනට මහනුවර ප්රමුඛ පාසැලක සංගීත විෂයය උගන්වන තරුණ ගුරුවරයෙකි; මිතුරෙකි. “අනේ ප්‍රියන්ත සර්. සර් අපේ ප්රශ්නය ගැන පත්තරේ ලියපු සටහන අපිට හරිම ප්‍රයෝජනවත් වුණා. අපි ඒක අපේ ලෝයර් අතටත් දුන්නා. එයා හරිම සතුටු වෙලා කිව්ව ...
යුගල හාස්‍ය වැඩසටහන්: නව මාධ්‍යය හරහා පිවිසෙන සමාජ කියවීමක් ලෙස අළු (2021 පෙබරවාරි 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.)“මං මේ කතා කරන්නේ මේ රටේ වග කිව යුතු වැඩිහිටියෙක් හැටියට. යකෝ, මේ රටේ සංස්කෘතිය, සදාචාරය, සභ්‍යත්වය අපි රැකගන්න ඕනෙ... මේ වැලන්ටයින් මගුල් නිසා ඒව විනාශ වෙන්න දෙන්න බෑ. අපිට නැති ආතල් උන්ට මොකට ද?” “ඒක නෙවෙයි ඕඅයිසී මහත්තයා, ඔය සංස්කෘතිය, සදාචාරය ගැන කතා කරපු නිසා අහන්නෙ. ...
දෘශ්‍ය සාක්ෂරතාවෙහි අරුත වටහාගැනීම අළු (2018 නොවැම්බර් 18 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) සිවු විය නොඉක්මවූ මගේ කුඩා පුතු විවිධ වර්ණැති කුඩා සෙල්ලම් බඩු සමග සෙල්ලම් කරමින් සිටියි. ඒ එක් එක් වර්ණයන් ඔහු වෙත පැහැදිලිව හඳුනා දෙන්නට මගේ බිරිඳ ගන්නේ අසීමිත උත්සාහයකි. රතු වර්ණය රතු ලෙස ද, නිල් වර්ණය නිල් ලෙස ද යනාදී වශයෙන් පුතු අදාල වර්ණ නිවැරදිව හඳුනාගන්නට සමත් වන විට ඇගේ මුහුණ සතුටින් ...
නවක වධය: එය මහා සංස්කෘතියේම පිළිබිඹුවක් මිස උප සංස්කෘතියක් නොවේ! (පළමු කොටස) අළු නවක වධය ගැන කතා බහ යළි ඇවිලී ඇත. විශ්වවිද්‍යාලවල පාඨමාලා බොහොමයක් ඇරඹෙන්නේ වසරේ මුල් කාර්තුවේ නිසා මේ ඇවිලෙන සමය බව තතු දන්නෝ දනිති. මෙවර (මේ වන තෙක්) කරළියේ කතා අතරට පැමිණ ඇත්තේ කලින් වසරවල තරම් බිහිසුණු කතන්දර නොවේ. කැළණියේ නවක සිසුවියක් තමන්ට නිදහසේ සිය අධ්‍යාපනික කටයුතු කරගන්නට ඉඩ නොදුන් ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකට එරෙහිව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගෙන, ...
මට බැහැ ආඥාදායකයෙක් වෙන්න! අළු චාලි චැප්ලින්ගේ The Great Dictator (මහා ආඥාදායකයා) චිත්‍රපටයේ ඓතිහාසික කතාවචාලි චැප්ලින්ගේ ‘ද ග්‍රේට් ඩික්ටේටර්‘ (මහා ආඥාදායකයා) සිනමා කෘතිය තිරයට පැමිණෙන්නේ දෙවන ලෝක යුද්ධය ඇරඹී වසරකට පසු, එනම් 1940 වර්ෂයේ දී ය. හිට්ලර්ගේ මරණ වරෙන්තුව ලද ලැයිස්තුවේ ඉහළින්ම සිය නාමය සඳහන් කරගන්නට චැප්ලින්ට මින් ඉඩ ලැබුණේ එය සෘජුවම හිට්ලර් සහ ඔහුගේ කුරිරු පාලනය විවේචනය කරමින් සහ ඔහුව උපහාසයට ලක් කරමින් නිපදවා ...
ඩ්‍රාමා ගැන ‘ඩ්‍රාමා’ අළු (2021 මාර්තු 14 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.) මෙම සටහන තබන්නට සුදුසුම වේලාව මෙයදැයි මා දන්නේ නැත. එහෙත් පැහැදිලිවම මෙය තැබිය යුතු සටහනක් බව මම දනිමි. කලාව පිළිබඳ කියවිම ඉතා පහළ අගයක් ගන්නා සමයක, නිශ්චිත කලාපයක් තුළ, අසීරුතම ඉලක්කයක් වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායමක් නැතිනම් ප්රකාශනයක් සඳහා ඇගයීමක් දිය යුතුම ය. මේ ඒ වෙනුවෙනි. ‘ඩ්‍රාමා’ නමින් ...
නිබන්ධන ඇගයීම: විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගැන තවත් මානයක් අළු (2020 මැයි 24 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)කොරෝනා කලබගෑනිය නිසා විශ්වවිද්‍යාල ද වැසී ගියේ ය. වසා දැමෙන දිනය වන විට, පේරාදෙණියේ අප නම් සිටියේ, ගෙවුණු වසර වෙනුවෙන්, මේ වසරාරම්භයේ පැවති දෙවැනි සමාසිකයේ ප්‍රශ්න පත්‍ර ඇගයුම් කටයුතුවල යෙදෙමිනි. ඒ හා සමග, නව සමාසිකයේ පළමු සතියේ ඉගැනුම් කටයුතු සඳහා වැඩ කරමිනි. නමුත් දැන් වෛරසයක් විසින් සිසුන් හා අප කෙටි කලකට නිවෙස් තුළට ...
Museum (Theatre), යාපන පුස්තකාලය, ආචාර්ය එච්.එස්. ඩේවිඩ් පියතුමා සහ ලෝජි අළු ‘මියුසියම් (තියටර්)’ නැතිනම් ‘කෞතුකාගාරය (රඟහල)’ කියන දෘශ්‍ය කලා හා අභිවහනමය ප්‍රාසාංගික ක්‍රියාකාරකම අපි පළමුවරට ගෙන ආවෙ 2022 අවුරුද්දෙ මහනුවර දි. හරියටම ‘අරගලයෙ’ මහා පිපිරුම සිද්ධවුණු ජූලි 09 වෙනිදට සතියකට කලින් මහනුවර ‘කැන්ඩි සිටි සෙන්ටර්’ එකේදි අපි ඒක කළා, ජූලි 01, 02 සහ 03 හැටියට දවස් තුනක්. ශේක්ෂ්පියර්ගේ ‘හැම්ලට්’ පදනම්ව ජර්මානු නාට්‍ය රචකයෙක් වන හයිමන් ම්යුලර් ලියන ‘හැම්ලට්-මැෂින්’ කියන පශ්චාත් නූතන ...
ලක්ෂපති සහ වොයිස් ශ්‍රී ලංකා: නාලිකාවක සමාජ ප්‍රවේශය අළු (2021 මාර්තු 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ 'හෙට ගැන සිතා' තේමාව යටතේ පළවූවකි.) ශ්‍රී ලංකාවේ රූපවාහිනී නාලිකා සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව ඉතා ඉහළ අගයකි. සංඛ්‍යාත ඔස්සේ බෙදා හැරෙන, භාෂා තුනකින් අප වෙත ලැබෙන, නාලිකා ගණනාවකට අමතරව කේබල් නාලිකා විශාල සංඛ්‍යාවක් ඇසුරු කරන්නට ද දැන් ලාංකික ප්‍රජාවට ඉඩ ලැබී ඇත්තේ ඩයලොග් සහ පියෝ ටීවී යන සේවාවන් ඔස්සේ ය. සෘජුව විදේශයන්ගෙන් මිලට ...