දරුවන් තරු වෙත දැක්කීම හා සෞන්දර්ය අධ්‍යාපනය අළු (2018 ඔක්තෝබර් 21 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) “ නෙත් යුග රන් තරු යුවළ තමයි... තොල් පෙති නාදළුවලට සමයි... මගෙ හද ඔබෙ සුව යහන තමයි... ඔබ සොයනා කළු කෙල්ල මමයි...“ වයස අවුරුදු 8 නොඉක්මවූ කුඩා බුහුටි දැරියක් ගීතය තාලය අනුව නැලවෙමින් වේදිකාවේ සිට ගායනා කරන්නී ය. නෙතින් ගලා හැලෙන්නට ආසන්න කඳුළු පිරි දෙනෙතින් යුතු දැරියගේ මවත්, ඇය අසළ ඇයගේ අත ...
විජයසිංහලා සහ ‘අළු පැහැති ආරංචි’: මහ මග ඝාතනවලින් පසු අළු ලියනගේ අමරකීර්තිගේ ‘අළු පැහැති ආරංචි’ කෙටි කතා එකතුවේ එන, පොතෙහි නමින්ම යුතු කෙටි කතාවේ මුඛ්‍ය චරිතයක් වන විජයසිංහ, එතරම් අත්යාවශ්යතාවක් නොවූව ද, සිය නිවසට සීසීටීවී කැමරා සවිකර ගනියි. විජයසිංහ පවුලේ ඒකාකාරී අඳුරු ජීවිතය කෙමෙන් ‘ආලෝකය’ වෙත යොමු වන්නේ මෙම කැමරා සවි කිරීමත් සමග ය. ඔවුන්ට ඔවුන්ගේ නිවසේ බිත්ති මායිමෙන් ඔබ්බෙහි වන ලෝකයේ සිදුවන, කිසිදු වැදගැම්මකට නැති දේවල්වල සිට කිසිසේත් ...
බස් රථවලට භාර කෙරුණු පුරවැසි රස වින්දනය අළු (2018 ඔක්තෝබර් 07 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) රුමේනියානු ජාතික ජියෝර්ගෙ සම්ෆීර් (Gheorghe Zamfir) අසහාය සුශිර වාදන ශිල්පියෙකි. විශේෂයෙන් පෑන් ෆ්ලූට් නමැති වාදන භාණ්ඩයෙන් ඔහු මවන සුමියුරු නාද රටා රස විඳින්නට දසදහස් ගණනින් රසික ජනතාව ඔහු හමු විය හැකි සංගීත සන්ධ්වනි සොයා එති. බුකාරෙස්ට් නගරයේ ක්ලූජ් එරීනාවේ පැවැත්වෙන එවන් සන්ධ්‍යාවක ඔහු වයන ‘තනිවුණු ගොපල්ලා‘ (The Lonely Shepherd) සංගීත ඛණ්ඩය ඉදිරියේ ...
‘පුරවැසි සිරසට‘ අත නොතබනු: පුරවැසි කේන්ද්‍රීය මාධ්‍ය භාවිතයක් වෙත... අළු (2019 ජනවාරි 20 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) ‘මේ පුරවැසි නාලිකාවයි. අද දවසේ අපගේ වැඩ සටහන් මෙතැන් පටන් ආරම්භ කෙරෙනු ඇත. අපගේ ගුවන් විදුලි සහ රූපවාහිනී නාලිකා ද්විත්වයත්, පුවත්පතත්, සමාජ මාධ්‍ය තීරයත් යන සියල්ල මෙරට පුරවැසියන්ගේ ප්රමුඛ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක වන අතර මෙහි පළ කෙරෙන ප්රවෘත්ති සහ සෙසු වැඩසටහන්/ලිපි ඇතුළු සියලු විකාශය කෙරෙන හෝ මුද්‍රණය කෙරෙන ඕනෑම දෙයක් වෙනුවෙන් පුරවැසි ...
පාසැලට ආදරය කැඳවමු! අළු (2019 පෙබරවාරි 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) වයි. නිමල් මගේ පන්ති සගයෙකු ලෙස පහේ පන්තියේ කෙළවර පුටුවක වාඩි වී නිහඬව උන් අයුරු මට යන්තමින් මතක ය. ‘කොරියාව‘ පැත්ත යැයි පන්තියේ උන් කියූ මහයියාවේ සිට පයින්ම පාසැලට ආ වයි. නිමල් පාසැල ආරම්භ වන්නට මත්තෙන් කොල්ලන් බිල්ඩිම වටා එක දිගටම දිවූ රිලේ දිවිල්ලට එකතු වුණු දවසක් මගේ මතකයේ නැත. පන්තියේ බොහෝ ...
සිනමා විදසුන (තෙවැනි පියවර) : ‘ස්වරූප’යේ ස්වරූපය අළු ධර්මසේන පතිරාජයන්ගේ ‘ස්වරූප’ සිනමා සිත්තම කියවීමක්(මෙම ලිපිය 2017 සැප්තැම්බර් 10 වන දින ‘රාවය‘ පුවත්පතේ පළ වූවකි.)මිහිදුමින් යන්තමින් වැසී ගිය කඳුකර අතුරු මගක් දිග ඇවිද එන යුරෝපීය ඇඳුමින් සැරසුණු තරුණයෙකි. ඔහු ග්‍රෙගරි සැම්සන් ය. සිය ඖෂධ වෙළඳ සමාගමේ වෙළඳ කටයුතු සඳහා ඔහු අධික වෙහෙසක් දරමින් රට පුරා විවිධ තැන්හි ඇවිද යයි. කඳුකරයේ අතුරු මගෙහි දී අපට ඔහු මුලින්ම මුණ ගැසෙන ...
ජ්‍යොතිෂ්‍යයට දෙන අවකාශය සාහිත්‍යයට දෙන්න! අළු (2018 සැප්තැම්බර් 30 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) ජාතික රූපවාහිනියේ මෙතෙක් කල් විකාශනය කෙරුණු ‘යථා රූප‘ නමැති වැඩසටහන හිටි අඩියේම ජනපති නියමයෙන් නතර කෙරුණු බවත්, ඒ වෙනුවට ජ්‍යොතිෂ්‍යය පිළිබඳ වැඩසටහනකට අවකාශ හිමිවනු ඇති බවටත් පසුගියදා ආරංචියක් පැතිරිණ. පැතිර ගිය ආරංචි මාත්‍රව සිදුව ඇත්තේ දිගු කලක් ජ්‍යොතිෂ්‍යය සහ වෙනත් මිත්‍යාමතික වැඩසටහන් හා ක්‍රියාකාරකම්වලට එරෙහිව ‘සත්‍යය‘ හා ‘යථාව‘ සමාජගත කරන්නට කටයුතු කරමින් ...
හෙට දවස: ආදරයේ අනාගතය ද? ආත්මාරක්ෂාවේ අනාගතය ද? අළු (2018 දෙසැම්බර් 16 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) පාසැල් අවදියේ පටන් එකට උන් මිතුරෙකු කලකට පසු හමුවීමේ අවස්ථාව මෑතකදී මට ලැබිණ. පාසැල් සමයේත්, ඉන්පසු වසර කිහිපයකුත් ඉතා සමීපව ඇසුරු කළ මිතුරා, මගේ විශ්වවිද්‍යාල ගමනත්, ඔහුගේ රැකියාවත් විසින් ක්‍රමයෙන් දුරස් කරනු ලැබුව ද ඉඩ ලද විටක, ඉඳහිට මුණගැසෙමින් යළිත් මිතුදම් අලුත් කරගැනීමේ සිරිතක් අප අතර පැවතින. ඒ අයුරින් මෙවර ඔහු මට ...
සියල්ලෝ සතුටින් විසිර ගියෝ ද? : සමාජ දේශපාලනික ආඛ්‍යාන කියවීමට කලාව අළු (2018 දෙසැම්බර් 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) අවසානයේ සිදුවිය හැකි බිහිසුණුම දෙය සියල්ල යළි සාමාන්‍ය තත්වයට පත්වීම බව පසුගිය දිනවල සිදුවුණු දේශපාලනික අස්ථාවරතා සමයේ ධනංජය කරුණාරත්න සිය ෆේස්බුක් අඩවියේ ලියා තැබී ය. වැඩිදෙනෙකු සිනා මුහුණුවලින් සංග්‍රහ කොට තිබුණු ධනංජයගේ ප්‍රකාශය වඩාත් ගැඹුරින් සිතා බැලූ අයෙක් වී නම් එහි වන සිනහව ඉක්මවන ඛේදනීය තත්වය වටහා ගනු ඇත. මගේ මේ ආරාධනය ...
සෙනෙහසේ මං පෙත අළු (රිවිර සිනමා කොලම- 18) චීනයේ කලබලැති නගරයක රැකියාවක නියුතු තරුණයෙකුට සිය ඈත පිටිසර ගම්මානයේ ගම්පතිවරයාගෙන් වේදනාබර ඇමතුමක් ලැබෙයි. ඒ ගම්මානයේ කුඩා පාසලෙහි එකම ගුරුවරයා ද වූ ඔහුගේ පියා මියගිය පුවතයි. ශීත සමයේ ඇද හැලෙන හිම කැටැතිවලින් පිරී ගිය මාර්ගය ඔස්සේ, සිය සේවාස්ථානයෙන් ලද රථයක නැගී ඔහු ගම්මානය බලා යයි. එහිඳී ඔහුට මුණගැසෙන්නේ, පියා සිය ප්‍රාණය දෙවැනි කොට සැලකූ පාසැල දෙස, ...
තල් අරණේ මහා සිනමා මංගල්‍යය: යාපන ජාත්‍යන්තර සිනමා උළෙල ගැන පසුවදනක් අළු ‘යෙලෝ බර්ඩ්‘ චිත්‍රපටයෙන්...(මෙම ලිපිය ඉරිදා රිවිර පුවත්පතේ ‘රඟමඬල‘ අතිරේකය වෙනුවෙන් ලියන ලදුව පසුගිය ඔක්තෝබර් 01 වැනි දින පළ විය.)කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලෙහි අනාගතය අවිනිශ්චිතව පවතින මොහොතක යාපන ජාත්‍යන්තර සිනමා උළෙල සිය තුන්වැනි පියවර සාර්ථකව කෙළවර කළේ ය. 2015 වර්ෂයේ දී ඇරඹ, වාර්ෂික උළෙලක් ලෙසින් දිවෙන යාපනයේ මේ මහා සිනමා මංගල්‍යය, වාර්ෂිකව, දකුණු වාසීන්ගේ සුපුරුදු සවාරිවලින් වෙනස් මගක් ගනිමින් යාපනය වෙත ...
කලාව, (සෞන්දර්ය) අධ්‍යාපනය සහ රටේ දේශපාලනය අළු (2018 නොවැම්බර් 04 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි.) බැලූ බැල්මට, එකිනෙකට කිසිදු සම්බන්ධයක් නැති කරුණු කිහිපයකින් අද ලිපිය අරඹන්නට මට ඉඩ දෙන්න. පසුගිය සතියක ‘අනිද්දා‘ වෙත ලියූ ‘දරුවන් තරු වෙත දැක්කීම සහ සෞන්දර්ය අධ්‍යාපනය‘ නමැති ලිපිය මාගේ බ්ලොග් අඩවියේ පළ කළ පසු එය දුටු, විදේශයක සිටින මගේ මිතුරකු මෙවන් අදහසක් දක්වා සිටියේ ය. “අපේ රට බතින් බුලතින් හොඳටම සුඛිත මුදිත ...
අප අසන, දකින අවකාශ(ය) මත අනෙකාගේ බලය: බස් ගීත අළු (2019 දෙසැම්බර් 29 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)වසර තුන හතරකට පෙර, කොළඹ පිහිටි පර්යේෂණ ආයතනයක සේවය කළ සමයේ මගේ දෛනික ප්‍රවාහන සේවය බවට පත්ව තිබුණේ බස් රථයයි. දිනපතා සේවා ස්ථානය සඳහා මහරගම සිට කොළඹ දක්වා 138ක හෝ 120ක හයිලෙවල් පාර ඔස්සේ කොළඹට ආ ගිය මම සති අන්තය එළඹෙද්දී බොහෝ විට පුත්තලම් පාරේ දිවෙන බස් රථයකින් අඹු දරුවන් දකිනු වස් අනුරාධපුරය ...
‘පෑඩ් සහ මෑඩ්‘ - ආක්ෂේ කුමාර්ට එරෙහිව බන්දු සමරසිංහ අළු (2019 7නොවැම්බර් 17 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)තමන් ජනපතිවරණය ජය ගතහොත් සනීපාරක්ෂක තුවා සියළු කතුන්ට නොමිලේ සපයන බව එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ සිය ඡන්ද ව්‍යාපාරය ආරම්භ වී නොබෝ දිනකිනි. ජනාධිපතිවරණ සහ මැතිවරණ ආසන්නයේ නොමිලේ ලබා දෙන දීමනා, තෑගිබෝග, සහන මලු යනාදිය පිළිබඳ සඳහන් නිරන්තරව මුණගැසෙතත් සජිත්ගේ මෙම ප්‍රකාශය නවමු කලාපයක් වෙත සාකච්ඡාව මෙහෙයවූයේ එකිනෙක හා ...
විශේෂ අවශ්‍යතා ඇති පුරවැසියා අභියස ජාතික පුස්තකාලය: සමාජ ප්රගතියේ දර්ශකයක් ලෙස අළු (2019 දෙසැම්බර් 22 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)“මේක ‘ජාතික පුස්තකාලය’. මේකෙ බැහැ අනික් පුස්තකාලවල වගේ හිතෙන හිතෙන දේ කරන්න!“ මේ දෙබස මගේ නෙතු ගැටුණේ දෘශ්‍ය ආබාධයක් සහිත විශ්වවිද්‍යාල තරුණියක් සිය මිතුරියක සමග ජාතික පුස්තකාලයේ ග්රන්ථ පරිශීලනය කිරීමට එහි ගොඩ වැදුණු පසු මුහුණ දුන් අර්බුදයක් පිළිබඳ ෆේස්බුක් අඩවිය මත තබා තිබුණු සටහනක් තුළ ය. ස්වකීය දෘශ්‍යාබාධිත බව නිසාම, තමන් වෙනුවෙන් අදාල ...
බිත්ති චිත්‍ර රැල්ල අභියස සිට ග්‍රැෆිටි විරෝධාකල්ප චිත්‍රය හඳුනාගැනීම අළු (මෙම ලිපියේ සංස්කරණය කළ පිටපතක් පසුගිය දෙසැම්බර් 08 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළ විය. මේ ලිපියේ සම්පූර්ණ පිටපතයි.)එක්වරම චිත්‍ර රැල්ලක් මතුවී තිබේ. නගරාවකාශවල ඇති තාප්ප සහ බිත්ති ද, මහ මගෙහි තැනින් තැන ඉදිව තිබුණු බස් නැවතුම්පළවල බිත්ති ද, දුම්රිය ස්ථානවල බිත්ති ද ඇතුළු බොහෝ පොදු අවකාශවල වන බිත්ති තරුණ පිරිස් අතින් පිරිසිදු වීමේ හා ඒ හා සමග එවැනිම තවත් තරුණ ...
දරුවාගේ විශ්වයෙන් වැඩිහිටියාගේ විශ්වයට: පුතුගේ චිත්රයේ ‘අපාය සහ දිව්‍ය ලෝකය‘ අළු (2020 පෙබරවාරි 01 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)දැනට දිනකට දෙකකට පෙර මගේ සිව් වියැති පුතු මගෙන් ප්‍රශ්න පෙළක් ඇසුවේ ය. ඒ අපාය සහ දිව්‍ය ලෝකය ගැන ය. මවිසින් පසුව ෆේස්බුක් අඩවිය තුළ කුඩා සටහනක් ලියන්නට ද හේතු වුණු එම කෙටි ප්‍රශ්නෝත්තර සංවාදය මෙපරිදි ය. “තාත්තෙ, දිව්‍ය ලෝකෙ ද සුරංගනාවියොයි, බුදු සාදුලයි ඉන්නෙ?““සුරංගනාවියො දිව්‍ය ලෝකවල ඉන්නව කියල මම අහල තියෙනව. බුදු ...
සුගතපාල ද සිල්වා වෙනුවට ඉරාජ් වීරරත්න: තරුණ සේවා සභාව පිළිබඳ සංඥා වෙනස් වීම අළු (2020 අගෝස්තු 23 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි) 1967 වර්ෂයේ දී එවකට රජයේ අමාත්‍යවරයෙකු වූ ජේ ආර් ජයවර්ධන විසින් ගෙන එන ලද යෝජනාවකට අනුව පිහිටුවෙන ජාතික තරුණ සේවා සභාව එහි ඉතිහාස පුවතට අනුව වඩාත් දියුණු මාවතකට පිළිපන්ව ඇත්තේ 1977න් පසු එළඹෙන එක්සත් ජාතික පක්ෂ රජය සමයේ ය. ජනතා අප්‍රසාදයට බඳුන් ව තිබුණු සභාව වසා දැමීම සඳහා වාර්තාවක් ඉදිරිපත් කිරීමට චරිත ...
අධ්‍යාපනය ගැන අලුතින් සිතීමට: බිංදුව වෙනුවට ලකුණු දෙකක්! අළු (2020 ජනවාරි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)දරුවන්ගේ අනන්‍ය දක්ෂතා හඳුනාගත් ගුරුවරයෙකු ගැන කියවෙන ‘ටාරේ සමීන් පර්‘ (2007) චිත්‍රපටයෙන්...නව පාසැල් වාරය ඇරඹී තිබේ. විශ්වවිද්‍යාල ගණනාවක ද නව ප්රවේශයන් සඳහා, පාසැල් අධ්‍යාපනය සාර්ථකව අවසන් කළ, විද්‍යාර්ථීන් පැමිණ සිටිනු ද දකින්නට ලැබේ. ඒ හා සමග, අනාගතයේ පාසැල් සහ විශ්වවිද්‍යාල හරහා යමින් ස්වකීය අධ්‍යාපන ගමන සාර්ථක කරගනු ඇතැයි යන විශ්වාසයෙන් තුන් වියැති වයසේ ...
ටෙලි තිරය ඉසියුම්ව සැරසීම: තණමල්විල කොල්ලෙක් අළු (2020 ජූලි 12 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)වර්ග කිලෝ මීටර හැටහය දහසක් නොඉක්මවන කුඩා බිම් ප්‍රමාණයක විහිදි අප දිවයිනෙහි එක් එක් කලාප යළිත් අනේක ප්‍රවර්ග ඔස්සේ බෙදා අගයන්නට හෝ ගරහන්නට අප සමාජය තුළ ඇති හැකියාව විස්මිත ය. අනුරාධපුරය හා මහනුවර වැනි නගර අපට පූජා බිම් වන අතර නුවරඑළිය එංගලන්තය ද පරදන තරමේ එංගලන්තයකි. යාපන අර්ධද්වීපයම යුධයකින් දිනූ ජයබිමක් ලෙස දකින ...