අගමැති පටි තදකර ගනී (PHOTOS) Neth FM Off-Air රටේ අගහිඟකම් ඇතිවන සෑම විටකම පාලකයින් ජනතාවට පැවසූවේ පටි තදකරගන්නා ලෙසටය. ලෝකයේ ඇතැම් රටවල් පටි තදකර ගතයුතු නොවන මට්ටමක සිටියද පටි තදකරගෙන යන අවස්ථාද නැත්තේ නොවේ. පිලිපීනය ඊට හොඳම උදාහරණයයි. සාමාජිකත්වය පක්ෂයකට ඇති ධනයයි. එක්සත් ජාතික පක්ෂයේ ඒ ධනය වැඩිකර ගැනීම සඳහා, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද පටි තදකරගෙන සිටී. සුපිරි වාහනයෙන් ත්‍රිරෝද රථයට බැස වික්‍රමසිංහ මහතා මෙසේ පටිතදකරගෙන සිටියේ බදුල්ලේදීය. ...
ලංකාවට එරෙහි අලුත්ම ජීනිවා කුමන්ත්‍රණය Neth FM Off-Air ලංකාවට එරෙහි අලුත්ම ජීනිවා කුමන්ත්‍රණය ඒ ගැන දැනගන්න අද බලුම්ගල අහන්න The post ලංකාවට එරෙහි අලුත්ම ජීනිවා කුමන්ත්‍රණය appeared first on Neth News.
මාධ්‍ය, පොලිසිය, CIDය සහ සමාජය කොටකෙතනේ නන්දගේ ජීවිතය විනාශ කළ හැටි Neth FM Off-Air නන්ද සියදිවි නසාගත්තේය. එයින් පසු වසර දෙකක් යනතුරු මාධ්‍යවලට නන්දගේ කතාව කියන්නට ඔහුගේ පවුලේ අය අකැමති වූහ. අවසානයේ දීර්ඝ කතාබහකින් පසු ඔවුන්ගේ නම් හෝ ඡායාරූප නොමැතිව නන්දගේ කතාව පමණක් වාර්තා කළ යුතු බවට කොන්දේසියක් ඉදිරිපත් කරමින් අප සමග කතාකරන්නට ඔහුගේ පවුලේ අය කැමති වූහ. ඒ අනුව අපි කොටකෙතනට ගියෙමු. මේ කතාවේදී නන්දගේ නම අපි පාවිච්චි කරන්නෙමු. ඒ එහි සඟවන්නට දෙයක් ...
යෝෂිත FCIDයේ Neth FM Off-Air හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ සිටිනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ පැය 03ක් පමණ තිස්සේ ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු බවයි. The post යෝෂිත FCIDයේ appeared first on Neth News. ...
තෙවරප්පෙරුමට එරෙහි විරෝධතා දැඩි වෙයි Neth FM Off-Air නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව මෙතෙක් නීතිය කි‍්‍රයාත්මක නොකිරීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සේවා සංගමය අද (04) උදෑසන විරෝධතාවක නිරත වුණා. ඒ සඳහා මතුගම කලාපයේ සියළුම විදුහල්පතිවරුද එක්ව සිටියා. ඒ, මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදීයි. එහිදී අදහස් දැක්වූ එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ පසුගියදා මීගහතැන්න ප්‍රාථමික විදුහලට නියෝජ්‍ය ඇමතිවරයා කඩාවැදී විදුහල්පතිවරයාට අමානුෂික ලෙස පහර ...
කරන්නම දෙයක් නැති වුණාම අපිත් ඕවා කළා – ජෝන් Neth FM Off-Air පහුගිය සමයේ ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වුණ දේශපාලකයා වුණේ ජෝන් අමරතුංග මහතා බව කාටත් නොරහසක්. වරක් වත්තල ප්‍රදේශයේ ඇවිදින මං තීරුවක් බලහත්කාරයෙන් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජෝන් ඇමතිතුමා සම්බන්ධව සමාජයේ දැඩි කතා බහක් ඇති වූ අතරම පසුගිය දවසක ” සුදුසුකම් නොමැති අය වාහන මිල දී ගන්නවා එම නිසා වාහන මිල වැඩි කරනවා” ලෙස ඇමතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජයේ,මාධ්‍යයන් තුළ මෙන්ම සමාජ ...
මුසම්මිල් යළි රිමාන්ඩ් Neth FM Off-Air ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා මේ මස 07 වැනිදා දක්වා අද (04) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියගේ නියෝගයකට අනුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහනයක් අවභාවිත කරමින් රජයට රුපියල් ලක්ෂ 62 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. The post මුසම්මිල් යළි රිමාන්ඩ් appeared first on NethFM News. ...
යාලේ කොටි 06 ක් මරාදාලා – පරීක්ෂණ ඇරඹෙයි Neth FM Off-Air යාල වනෝද්‍යානයේ ජීවත් වූ කොටි හය දෙනෙකු පසුගිය සමයේ මරාදමා ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා. සංවිධානාත්මක කල්ලියක් විසින් මෙම ක්‍රියා සිදු කරන බවටයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ අවධානය යොමුවී ඇති අතර සිද්ධිය පිළිබඳව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසට උපදෙස් ලබා දී ඇතැයි පොලිස් මූලස්ථානය පැවසුවා. The post යාලේ කොටි 06 ක් මරාදාලා – පරීක්ෂණ ...
මස් වැද්දාට ලෙඩක්! වෛද්‍යවරයකුට පෙන්වන්නැයි පියාට උපදෙස් Neth FM Off-Air නකල්ස් ලෝක උරුම වන බිමෙහි ජීවත්වන සතුන් සිය ගණනක් වසර කිහිපයක් තිස්සේ දඩයම් කරමින් සිටි සාද් ශරාෆ් ඇතුළු කණ්ඩායම මේ වනවිට සිටින්නේ රක්ෂිත බන්ධනාගාර ගතවය. මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ ඡායාරූප මීට වසර 5ට එහා කාල සීමාවන්හිදී ලබා ගන්නා ලද ඒවා බවයි පොලිසිය පවසන්නේ. අදාල සැකකරුවන්ගෙන් කොපමණ කාලයක් කොපමණ සතුන් ප්‍රමාණයක් දඩයම් කර ඇත්දැයි ප්‍රශ්නකර නැති මුත් වසර ගණනාවක් තිස්සේ වන සතුන් විශාල ...
ගමන් බිමන් නවත්වන්න! බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට උපදෙස් Neth FM Off-Air බංග්ලාදේශයේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් ඉදිරි දින කිහිපයේදී වඩාත් අවධානයෙන් සිටිය යුතු බව එරට වැඩබලන ශ්‍රී ලංකා මහකොමසාරිස් සේසත් තාඹුගල මහත්මිය පවසනවා. ඇය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් දැනටමත් දැනුවත් කර ඇති බවයි. බංග්ලාදේශයේ ඩකා අගනුවර හෝලි ආටිසන් බේකරි ආපනශාලාවට ඉකුත් දා අයි.එස්. සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල වුණා. එහිදී IS සටන්කාමීන් විසින් ප්‍රාණ ඇපයට ගැනීමෙන් පසු බේරාගත් පිරිස ...
දිවයින පුරා රෝහල් කටයුතු බිඳවැටෙයි Neth FM Off-Air රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග එක්ව වෘත්තීය සමිති 10 ක් මේ වන විට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය නලින්ද හේරත් මහතා පැවසුවේ මධ්‍යහ්න 12.00 දක්වා මෙම වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි. වර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවීම නිසා රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත් වූ බව නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවා. (පහතින් දැක්වෙන්නේ බදුල්ල මහ රෝහල, දික්ඔය ...
බැතිමතුන් ද සමගින් මුස්ලිම් පල්ලියක් ගසාගෙන යයි!! Neth FM Off-Air උතුරු දිග පාකිස්ථානයට බලපෑ දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයාම් තත්වය නිසා මේ වන විට පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තාවේ. පකිස්තාන ජාතික ආපදා කළමනාකරණ ආයතනය පැවසුවේ චිත්‍රාල් දිස්ත්‍රික්කයේ මුස්ලිම් පල්ලියක් එහි තුළ සිටි බැතිමතුන්ද සමග ජල පහරේ ගසා ගෙන ගිය බවයි. මෙම පල්ලිය තුළ සිටි බැතිමතුන් 10 දෙනෙකු මෙසේ මියගොස් ඇති අතර තවත් 21 දෙනෙකු බරපතල ...
ප්‍රංශය අවසන් පූර්ව වටයට Neth FM Off-Air යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක ප්‍රංශය ඊයේ (03) සමත් වුණා. ඒ, අර්ධ අවසන් පූර්ව වටයේදී අයිස්ලන්ත කණ්ඩායම ගෝල 5 ට දෙකක් ලෙස පරාජයට පත්කරමින්. තරගයේ පළමු අර්ධය ගෝල 4 ට බින්දුවක් ලෙස ප්‍රංශය පෙරමුණ ගත්තා. දෙවන අර්ධයේදී අයිස්ලන්තය ගෝල 2 ක් වාර්තා කළ අතර ප්‍රංශයට වාර්තා කිරීමට හැකි වූයේ එක් ගෝලයක් පමණයි. යූරෝ කුසලාන පාපන්දු ...
කුසල්ට වන්දි ගෙවන්න ICCය තීරණය කරයි! බොරු වාර්තා දුන් රසායනාගාරයට වැඩ වරදී Neth FM Off-Air ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඒ තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාව මත කුසල්ට පනවා තිබූ තරග තහනම ඉවත් කිරීමෙන් අනතුරුවය. එඩින්බරෝ නුවර පෙරේදා (02) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒකඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මත වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු ...
රේල්පාරේ බෝට්ටුවක් ගිනි තබා විරෝධයපායි Neth FM Off-Air ධීවර විරෝධයක් හේතුවෙන් දෙහිවල සහ ගල්කිස්ස අතර දුම්රිය ධාවන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. ධීවරයින් පිරිසක් දෙහිවල සහ ගල්කිස්ස අතර දුම්රිය මාර්ගයේ ස්ථානයකදී ධීවර බෝට්ටුවක් දුම්රිය මාර්ගයට ගෙනවිත් ගිනි තබා විරෝධය පෑම හේතුවෙන් මෙම බාධා ඇති වී තිබෙන බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. The post රේල්පාරේ බෝට්ටුවක් ගිනි තබා විරෝධයපායි appeared first on NethFM News. ...
නවතා තිබූ රථ දෙක ගිනි ගෙන අළු වෙයි Neth FM Off-Air අම්පාර සද්ධාතිස්ස විදුහල අසළ පිහිටි වෙළෙඳසැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද (04) අලුයම 4.00 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි. අම්පාර පොලිසිය ප්‍රදේශවාසීන් සමග එක්ව ගින්න නිවා දැමීමට උත්සහ දරා තිබෙනවා. කෙසේවෙතත් වාහන දෙකම ගිනිගෙන අවසන් වනතුරුම අම්පාර නගර සභා ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ නොමැති ...
ඉරිදා දින ‘පන්ති තහනම’ ළඟදීම Neth FM Off-Air ඉරිදා දිනයන් හිදී පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම ඉදිරි සති දෙකක කාලය තුළ සම්පූර්ණයෙන් තහනම් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පළාත ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පවසනවා. ඇය ප්‍රකාශ කළේ ඒ පිළිබඳ තමන් ජනාධිපතිවරයාව ද දැනුවත් කළ බවයි. මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආණ්ඩුකාරවරිය මේ බව කියා සිටියා. ඉරිදා දිනයන් හිදී මධ්‍යම පළාත තුළ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමේ නීතිය සම්මත වී ...
සචිත් සහ උඩවත්ත දස්කම් දක්වයි Neth FM Off-Air ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සහ පාකිස්තාන ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන සිව්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. ඊයේ (03) තරගය නතර කරන විට පළමු ඉනිම සඳහා පාකිස්තානු ‘ඒ’ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 20 ක් ලබා සිටියා. ඒ, ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පළමු ඉනිමට රැස්කළ ලකුණු 299 ට පිළිතුරු වශයෙන්. මහේල උඩවත්ත ලකුණු 64 යි. සචිත් පතිරණ ලකුණු 45 ක් රැස්කළා. පාකිස්තානු ...
නව මහබැංකු අධිපති අද වැඩ අරඹයි Neth FM Off-Air නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (04) පත් කිරීමට නියමිතයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ පත්වීම් ලිපිය පිරිනැමීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ. ඒ අනුව අද පෙරවරුවේම ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නව මහබැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගනු ඇති. මහබැංකු අධිපතිවරයාව සිටි අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ නිල කාලය ඉකුත් 30 වෙනිදායින් අවසන් වුණා. The ...
පුංචි ඡන්දෙට ඒකාබද්ධ විපක්ෂයෙන් පුළුල් පෙරමුණක් Neth FM Off-Air ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඒකාබද්ධ පෙරමුණක් යටතේ තරග වදින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා සඳහන් කළේ එම පෙරමුණට සම්බන්ධ වීමට ඕනෑම දේශපාලන පක්ෂයකට හැකියාව තිබෙන බවයි. මෙම පුළුල් ඒකාබද්ධ ජනතා විරෝධී පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී යහපාලන රජය පරාජය කරන බවත් පැවසුවා. මෙම ඒකාබද්ධ පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ...