මගී ප්‍රවාහන සේවයේ හෙට දවස Neth FM Off-Air බස් ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් මේ දිනවල නිතර නිතර කතා කෙරෙනවා. නෙත් එෆ්.එම් අන්ලිමිටඩ් වැඩසටහනෙන්ද ඊයේ (04) සාකච්ඡා කෙරුණේ ඒ පිළිබඳවයි. එම සාකච්ඡාව සඳහා පෞද්ගලික බස් හිමියන්ගේ සහ සේවකයන්ගේ එකමුතුව නියෝජනය කරමින් පොල්වත්තගේ දයානන්ද පෙරේරා සහ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න යන මහත්වරුන් සහභාගී වුණා. එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් ඇසිය හැකියි The post මගී ප්‍රවාහන සේවයේ හෙට දවස ...
සෞදි ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයින්ට හානි නැහැ Neth FM Off-Air සෞදි අරාබියේ ඊයේ (04) සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවලින් ශ්‍රී ලාංකිකයින් කිසිවෙකුට හානි සිදුවී නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. එහි ප්‍රකාශිකා මහේෂිනී කොලොන්න මහත්මිය පැවසුවේ තානාපති සේවා හරහා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිළිබඳ තොරතුරු ලබාගත් බවයි. ශ්‍රී ලාංකිකයින් එක්ලක්ෂ අසූ දහසකට වැඩි පිරිසක් සෞදි අරාබියේ සේවයේ යෙදී සිටින බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ. ශුද්ධ නගරයක් වන මෙදීනා හි ...
වාහන දඩ ගෙවන්න වැඩිපුර කාලයක් Neth FM Off-Air රථවාහන වැරදි සඳහා දඩ මුදල් ගෙවීමට ලබා දී ඇති කාලය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා දැනට ලබාදෙන කාලය දින 14ක්. එය දින 30ක් දක්වා දීර්ඝ කරන බව රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඩී.ඒ.කේ. සේනාරත්න මහතා කියා සිටියා. බත්තරමුල්ලේ සිට පිටකොටුව දක්වා බස් ධාවනයට වෙනම මංතීරුවක් වෙන්කිරීමට ද තීරණය කර තිබෙන බව ඔහු ප්‍රකාශ කළා. තදබදය අවම කිරීම මෙහි ...
එජාප රහස් සාකච්ඡාවේ හේතුව හෙළිවෙයි Neth FM Off-Air එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී ඊයේ (04) පස්වරුවේ පැවැත්වුණා. මෙම සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සහභාගි වී සිටි බවයි දේශපාලන ආරංචි පවසන්නේ. මතභේදයට ලක්ව තිබෙන වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අනාගත සැලසුම් සහ පළාත් පාලන මැතිවරණය පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවූ බවයි ...
බුදුන් හිමිගේ ශීර්ෂ ධාතූන් වහන්සේ නමක් චීනයේ කැණීමකදී හමුවෙයි Neth FM Off-Air බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂ ධාතූන් වහන්සේගේ කොටසක් චීනයේ නැන්ජිං ප්‍රදේශයේ ඉපැරණි විහාරස්ථානයක කරන ලද කැණීමකදී හමුවී ඇති බවට පුරාවිද්‍යාඥයන් විදෙස් මාධ්‍යයට පවසා තිබෙනවා. ෂෙන්සොං අධිරාජයා විසින් 11 වැනි සියවසේදී ප්‍රතිසංස්කරණය කොට ගොඩනගන ලද භූමියේ භූගත ගෘහයක ඉතා සුරක්ෂිතව එම සර්වඥ ධාතූන්වහන්සේ තැන්පත් කොට තිබී ඇති බවයි පුරාවිද්‍යාඥයන් පවසන්නෙ. සෙන්ටිමීටර් 117ක් හා පළලින් සෙ.මී. 45ක්ද වන සඳුන් දැව, රන්, රිදී හා වෙනත් මැණික් වර්ග ඔබ්බවා සාදා ...
පන්නිපිටියේදී මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි Neth FM Off-Air පන්නිපිටිය අඹගස්හතර ප්‍රදේශයේදී පොලිසිය මෝටර් රථයකට වෙඩි තබා තිබෙනවා. සැක කටයුතු ලෙස පලා යාමේදී මෙම වෙඩි තැබීම සිදුකෙරුණු බවයි පොලිසිය පවසන්නේ. අදාළ මෝටර් රථයේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කෙරෙන බවට පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුවූ බවක් හෝ සිදුවූ වෙනත් හානි තවමත් තහවුරු වී නැහැ. අදාළ මෝටර් රථය තලවතුගොඩ දෙසට පළා ගොස් ඇති බවට පොලීසිය සැක පළ කරනවා. The ...
ඇවන්ගාඩ් කපිතාන් යළි රිමාන්ඩ් Neth FM Off-Air ඇවන්ට් ගාර්ඩ් නෞකාවේ කපිතාන්වරයා ලබන 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (05) ලබාදුන් නියෝගයක් අනුවයි. යුක්රේන ජාතිකයකු වන මෙම කපිතාන්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉකුත් 23 වෙනිදා අත්අඩංගුවට ගැනුණා. නීති විරෝධීව ගිනිඅවි ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සහ නීති විරෝධීව ගිනිඅවි හා පුපුරණද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පැවසුවේ. The post ...
ඇටකාමා කාන්තාරයෙන් හමුවූ අඟල් 6 පිටසක්වල ජීවියාගේ නිවස අඟහරුගෙන් මතුවෙයි!! Neth FM Off-Air මීට වසර 13ට පෙර එනම් 2003 ඔක්තොම්බර් මස 19 වන දින චිලී හි ඇටකාමා කාන්තාරයෙන් අඟල් 6 පමණ උස් වූ මිනිස් ස්වරූපයට සමාන ස්වරූපයක් ඇති ජීවියෙකුගේ ඇටසැකිල්ලක් සොයා ගැනීමට ඔස්කාර් මුනෝස් නම් පුද්ගලයෙකු සමත් වුණා. ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇතිකළ මෙම පුවත විශාල කතා බහකට ලක්වුණා. බොහෝ දෙනෙකු පැවසුවේ මෙය පිටසක්වල ජීවියෙකුගේ විය හැකි බවයි. එම සිදුවීමට අදාල වීඩියෝ පටය ...
බෙල්ලන්විල පාලමට දෙයියන්ගෙම පිහිටයි Neth FM Off-Air බෙල්ලන්විල පාලමට දෙයියන්ගෙම පිහිටයි The post බෙල්ලන්විල පාලමට දෙයියන්ගෙම පිහිටයි appeared first on Neth News.
ටුක් ටුක් කෙල්ල තමන් ආසම වැඩේ අම්මට පුරුදු කරන හැටි (VIDEO) Neth FM Off-Air කැසී ට්රේවිස්ගෙ උපන් බිම වන්නෙ බ්‍රිතාන්‍යය. හැබැයි ඇය ලංකාවට පෙම් බඳින යුවතියක්. ඒකට ප්‍රධානම හේතුව තමයි ඇය ත්‍රිරෝද රථවලට පෙම් කිරීම. ටුක් ටුක් කෙල්ල යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන ඇය, තම මවට ත්‍රිරෝද රථයක් පදවන්න කියාදෙන මුල්ම දවසෙ වීඩියෝවකි මේ. The post ටුක් ටුක් කෙල්ල තමන් ආසම වැඩේ අම්මට පුරුදු කරන හැටි (VIDEO) appeared first on Neth News. ...
සජින් වාස් යළි රිමාන්ඩ් Neth FM Off-Air හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා ලබන 8 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ නියෝගයක් අනුවයි. අයථා අන්දමින් රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් උපයාගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා. මීට පෙර නඩු වාරයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ සජින් වාස් ගුණවර්ධන මහතා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර ...
කොලේ වහල ගහන ගිවිසුම Neth FM Off-Air කොලේ වහල ගහන ගිවිසුම ගැන අද බැලුම්ගලින් දැනගන්න The post කොලේ වහල ගහන ගිවිසුම appeared first on Neth News.
කිඹුලෙක් පාදයක කොටසක් ඩැහැගෙන – මැණික් ගඟේ නෑම ප්‍රවේශමෙන් Neth FM Off-Air කතරගම පෙරහැර මංගල්‍ය අද (05) ආරම්භ වන නිසා මේ වන විටත් බැතිමතුන් බොහෝ පිරිසක් කතරගමට පැමිණ සිටිනවා. ඉදිරි දින කිහිපයේදී ද තවත් බොහෝ පිරිසක් එහි පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. කතරගමට පැමිණෙන බැතිමතුන් සෑම කෙනෙකුම පාහේ මැණික් ගඟේ දිය නෑම ද පුරුද්දක් කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් දිය නෑම සඳහා මැණික් ගඟට බැසීමේදී ආරක්ෂිත බවට දක්වා ඇති ස්ථාන පමණක් භාවිත කරන ලෙසයි මොනරාගල ...
දෙහිවල ධීවරයින්ට ධීවර ඇමතිගෙන් විසඳුමක් Neth FM Off-Air දෙහිවල ප්‍රදේශයේ වෙරළට ආසන්නව මුහුදේ පිහිටා ඇති කළු ගලක් සම්බන්ධයෙන් ධීවරයින් නගන මැසිවිලිවලට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. මෙම කළු ගල කඩිනමින් ඉවත් කරන්නැයි බලකරමින් ධීවරයින් පිරිසක් ඊයේ (04) දුම්රිය මාර්ගය ද අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණා. ඔවුන් කියා සිටියේ යාත්‍රා කිහිපයක්ම මෙම කළු ගලෙහි ගැටී අනතුරට ලක් වී තිබෙන බවයි. ඒ ...
ගුවන් තොටුපළ පරිශ්‍රයේ කංසා වෙළඳාම් කිරීමට අවසර Neth FM Off-Air ජැමෙයිකාවේ ආර්ථිකයට සහනයක් සෙවීමේ අරමුණින් එරට බලධාරීන් අමුතුම පියවරක් ගෙන තිබෙනවා. ඒ එරට ගුවන් තොටුපළ පරිශ්‍රයේ කංසා වෙළඳාම් කිරීමට අවසර ලබාදීමයි. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට මෙසේ මෙම කංසා විකිණීම සඳහා නව නීතිරීති සම්පාදනය කිරීමක් සිදු කිරීමට ද නියමිතව තිබෙනවා. මෙම නීති සම්පාදනය වීමත් සමග එරට ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණෙන සහ පිටත්ව යන මගීන්ට මෙම කංසා ලබා ගැනීමට හැකිවනු ...
උතුරෙන් අවි ආයුද තොගයක් සොයාගැනේ Neth FM Off-Air යාපනය උඩුපිට්ටි ප්‍රදේශයේ පාලු ළිඳක තිබී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. අත්බෝම්බ 69ක්, පැරා බෝම්බ 25ක් සහ මෝටාර් උණ්ඩ 11ක් ඒ අතර වන බවයි පොලිසිය පැවසුවේ. එල්.ටී.ටී.ඊය විසින් යුද සමයේදී මෙම අවි ආයුධ සඟවා තබන්නට ඇතැයි සැකකෙරෙන අතර සියලු බෝම්බ පොලිස් විශේෂකාර්ය බළකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් නිෂ්ක්‍රීය කර තිබෙනවා. The post උතුරෙන් අවි ආයුද තොගයක් සොයාගැනේ appeared first on ...
ගිනිඅවියක් පත්තු වී වනජීවී නිලධාරියෙක් මරුට Neth FM Off-Air හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේදී සැකකරුවෙකු සමග කළ පොරබැදීමකදී රාජකාරි ගිනිඅවිය පත්තු වී වනජීවී නිලධාරියෙකු මියගොස් තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ මෙම වනජීවී නිලධාරියා ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධී සත්ත්ව දඩයමක් වැටලීමට ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවයි. අද (05) අලුයම කෙරුණු මෙම වැටලීමේදී සැකකරුවෙකු පලා යාමට උත්සහ කර ඇති අතර පොරබැදීම සිදුව ඇත්තේ ඔහු සමග බව නෙත් නිවුස් වාර්තාකරු ...
චමීරගේ ලොකුම හීනේ!! Neth FM Off-Air දුෂ්මන්ත චමීර කියන්නේ මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වලට පායපු දිදුළන තරුවක්.පැයට කිලෝමීටර 145+ වේගයෙන් පන්දු යවන තවමත් 24 වන වියේ පසුවන මෙම යෞවනයා ලංකාවේ ඉදිරි ක්‍රිකට් අනාගතයට හොඳ ආයෝජනයක් බවයි බොහෝ දෙනා පවසන්නේ.පසුගිය ශ්‍රීලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අතරතුර චමීර ආබාධයකට ලක්වුණා.මෙම නිසා ඔහුට මාස කිහිපයක් ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටිමට සිදුව තිබෙනවා.මේ චමීර සමග කළ පුංචි කතාබහක්.. ඔබේ ...
තායිලන්තයේ දී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් දෙකක් Neth FM Off-Air තායිලන්තයේ පැවැත්වෙන විවෘත මලල කී‍්‍රඩා ශූරතා තරගාවලියේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව සමත් වුණා. ඒ මීටර් 1500 කාන්තා සහ පිරිමි ධාවන ඉසව්වලින්. ඊට අමතරව එක් රිදී පදක්කම් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමටද ශී‍්‍ර ලංකාව සමත් වුණා. ද දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළඳි රුමේෂිකා රත්නායකට මීටර් 100 කාන්තා ධාවන ඉසව්වේදී හිමිවූයේ ලෝකඩ පදක්කමයි. රන් පදක්කම – ...
SSP 14කට DIG පත්වීම් Neth FM Off-Air ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කරමින් පත්වීම් ලිපි ප්රදානය අද (05) සිදුකෙරෙනවා. අජිත් රෝහණ, වසන්ත වික්‍රමසිංහ, පද්මලාල් සඳුන්ගහවත්ත, චම්පික සිරිවර්ධන සහ ප්‍රියන්ත ජයකොඩි යන මහත්වරුන් මෙලෙස උසස් වීම් ලබන කිහිපදෙනෙක්. නිමල් පෙරේරා, මර්වින් වික්‍රමසිංහ, ග්‍රෙගරි කුරේ, ආර්.එන්. වැලිකන්න සහ ආර්.එල්. රණවීර යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස අද (05) උසස් වීම් ...