Chef Architect (http://chef-archiect.blogspot.com/2014/05/blog-post_28.html/) Latest Posts Most Popular Posts
ටල් අම්මයි අපේ අම්මයි මස් හොද්දයි...! Chef Architect අපි පුරුදු පුහුනු උන, රස වින්ද දේවල් සමූහයක් අපිට අපේ දෙමව්පියන්ගෙන් දායාද වෙච්ච දේවල් කියලා අපිට තේරුම් යන්නේ හරි අපූරු ක්‍රම වලට...මේත් ඒ වගේ අහිංසක අත්දැකීමක් ගැන කෙටිසටහනක්...!අපේ තාත්තා, ඒ කියන්නේ රණසිංහ රාළහාමි, අපි පොඩි සංදියේදී බෙල්ල සාක්කුවෙ දාගෙන හැම හැංදෑවෙම ඇසිලින් කුඩම්මාච්චිලාගේ ගේ ගාව වංගුව පහු කොරාන කටුගස් ඇල්ල පාර දිගේ වැනෙන කං මං මග බලාහිටියේ නිකන්ම නෙවෙයි.. රෑට ...
වැරදුනා පෝය...! Chef Architect වැරදුනා නේන්නං පෝයමාසෙට දෙක ගානේ මක්කටෙයි පෝයසිල් රෙද්ද වේලගන්නත් බැරි වැස්සඅපෙ හාමුදුරුවනේ අදමද පෝය...?වැරදුනා නේන්නං පෝයඋපාසක දානේ වැරදුනොත් බඩසායපන්සලත් යටවෙලා යනතරමට වැස්සඅපෙ හාමුදුරුවනේ යයිද උඩහ කන්ද නාය..?වැරදුනා නේන්නං පෝයගිලන්පස පූජාවටවත් තියන්නං අතමඩකලපු සරමටත් උඩින් පිටාරඅපෙ හාමුදුරුවනේ මකර තොරණටත් ගහාවිය හෙන..?ඉස්සරනං හීන්මැනිකේ වරද්දවන්නේ නෑ පෝයදැන් එහෙම බෑ නොව ඒකිත් කමතේ අඩි හයක් යටතනි මට හාංකවිසියක් නැති උනානෙවඅපෙ හාමුදුරුවනේ වැරදුනා පෝය....! ...
ගම් බිත්තර Chef Architect - කහ කුඩු- ඇන්කර් කිරිපිටි- මිරිස්කුඩු- විනාකිරි- සීනි කිලෝ එකක්- කීරිසම්බා කිලෝ එකක්...හත්දෙයියනේ දවසෙමපිටේ එල්ලන් පුටුපුටු මැසිමකරපු දස සුරක්කමනොදනීද මේ සක්කර වට්ටමවැස්සිගේ කිරි බිව්වොත් සෙමඒ හින්දයි ලැයිස්තුවේ එහෙමරතු කිකිලිගේ මස් මෙලකයි විනාකිරි දැම්මමකීරී සම්බා ඔහේ ආසම කෑමයෝදියේ පොලේ රතුහාල් හැටපහයි කිලෝවමඑනගමන් අඩුක්කුවෙ දාගත්තා පොල් ගෙඩියක් හොරෙන්මගාගෙන ඕක හදහන් පොල්සම්බල මං ආසමබෙරි නොකර උයලා බෙදහන් පිරෙන්න පිගානමපොඩි එකී පස්සෙන් රතු කිකිළි ...
පිලේ පැදුර...! Chef Architect ඉරිතලා හඬනා පොළොවටඇදවැටෙන්න මෝරන අර වැහිවලාවටඉඩදෙන්නටමදෝ හැංගෙන්නේහිරු අද හැන්දෑවටපාළොස්වක වඩම්මන්න මෝරන හඳටඉඩදෙන්නටමදෝ නිවෙන්නේ අද අර තරුකැටහිතේ කහටක් නෑ කියපු අලුගේත්තුරු කථාවලටගිරීස්මෙත් ඉවරවේවි හෙටානිද්දාටකලියෙන් පහුවෙන්නට පාළොස්වකවහීවි මුරුගසන් වරුසා අප පෙම හේදෙන්නටහිතුවට පැතුවට මගේමයි කියා හේනක්වත් නැතිකොටබොරු කියන්නේ මොකටකොහොමත් එකයි දැන්නං මටආඩම්බර කං බෑ නොව තම්බන් කන්නටහිතුවනං නැවතිලා පෙර පනින්නටහංගාගෙන හිටියා නොව මංමහමෙරක් වන් ආලයක් තිට පුදන්නටතාමත් පිලේ පැදුරෙන් හමන්නේ නුඹේ පුසුඹපැල ...
මාතර මංකොල්ලය Chef Architect රඹුටන් ගස් දෙක බදු දීල ගත්තරුපියල් හත් දාස්ම පන්සීයගොඩැල්ලෙන් ගලෝපුමයියොක්කා කිලෝ තිහගුනේගේ කඩේට දාල ගත්තඑකදාස් පන්සීයඉනේ ගැටගහගෙන ආවේ මාතරටගන්නයි මේ පංචායුධේ ලොකු කොලූටමාල වළලු පෙන්ඩන්ට් කබොඩ් පුරොලා තියෙනකොටඅහිංසක මගේ අතේ තියෙන පංචායුධේ මොකටහත්මාසයයි මහත්තයෝ බඩටඒ නිසාවත් තියන්නෙපා වෙඩි මට......! ...
පිලේ පැදුර...! Chef Architect ඉරිතලා හඬනා පොළොවට ඇදවැටෙන්න මෝරන අර වැහිවලාවට ඉඩදෙන්නටමදෝ හැංගෙන්නේ හිරු අද හැන්දෑවට පාළොස්වක වඩම්මන්න මෝරන හඳට ඉඩදෙන්නටමදෝ නිවෙන්නේ අද අර තරුකැට හිතේ කහටක් නෑ කියපු අලුගේත්තුරු කථාවලට ගිරීස්මෙත් ඉවරවේවි හෙටානිද්දාට කලියෙන් පහුවෙන්නට පාළොස්වක වහීවි මුරුගසන් වරුසා අප පෙම හේදෙන්නට හිතුවට පැතුවට මගේමයි කියා හේනක්වත් නැතිකොට බොරු කියන්නේ මොකට කොහොමත් එකයි දැන්නං මට ආඩම්බර කං බෑ නොව තම්බන් කන්නට හිතුවනං නැවතිලා පෙර ...
සාමණේර Chef Architect අදිනකඩේ ගැටගහගෙනපහලවෙලේ ඇල අද්දරබටකූඩෙත් කරේ තියන්චූටි සාධු කොහියන්නෙදඉරබහිනා මේ හැන්දෑවේ...!කියන්නේම නෑ මංනංදන්ඩි පැටව් බුලත්හපයෝආවාසේ කොනක චූටි බෝතලේලොකුසාධුට හොරෙන් හොරෙන්දඟකල බැව් ඊයේ හවහා..! ...
අසංතෘප්ත සුරතාන්තය Chef Architect Woman Sitting in a Red Armchair, Musée national Picasso, Parisඅප හමුවූයේ ඇයිදැයි මෙලෙසඅප ලංවූයේ ඇයිදැයිඇසිය යුතු...හෙට දින අප කව්දැයිකුමක් වේදැයිඇසිය යුතු...එනමුදු මේ සොඳුරු වූ මොහොතඑවන් සිතුවිල්ලෙන්අඳුරු නොකරන්..සොඳුරිය...ගිලී කිමිදී මත්වෙන්නටඒ රසෝගයේ..අසංතෘප්ත සුරතාන්තයවෙත ලඟාවෙන්නටමේ නිම් නැති රාත්‍රියේ..මිනිමේඛලාව මෑත් කරන්ඔබැ හද ගැබේ...හා..ඔබ හද ගැබේ....! ...
යශෝධරා වැලපේ නම්....! Chef Architect ගොම්මනේ අඳුර මැදුරේ දොර ළඟම වෙලීමේ තනි හිතට සීතල දැන් බෝම වැඩීවෙලි වෙලී එතෙන සෙනෙහස් ගින්දරට වැදීඇවිලෙන්නට නුඹ උන්නානම් බෝම වටීකාලය එක්ක පොරබැඳ හති වැටෙනකොටපාලුව කර වටක් ගැඹුරේ ගිලෙනකොටරාවය නැගෙන පෙම් ගී ළය නිවනකොටහීතල මතක ඇවිදින් හිත ඉඹිනකොටහීන් සිරුවට වෙලි වෙලි දැවටීලාපපුවේ ඇබිත්තක් හිමිහිට වැතිරීලාබුරගා නැගෙන හැඟුමට තව ඉඩදීලාඉන්නට එනවාද රහසෙම සැඟවීලාගිනිගෙන දැවෙන හිත යට ගිනි පුපුරක්වවැද වැද සිහිල් සුළඟට ...
මල්ලි (කා ) Chef Architect වෙනදා වගේචියර්ස් කියන්න....දාඩිය දාගෙන හදපුබයිට් එක මාරයි කියන්න....මට ජින්ජර් ඒල් නෙමෙයිසෙවන අප් තමා කියන්න....උඹ අද.......කොතැනකද ....( මම විතරමයි නෙමෙයි නේද උඹට ඉන්නේ)වරෙන් හනිකට...-#-#-#-#-#-#-පාලුව බෑ ඉවසන්න... ...
පන්නරය - 03 Chef Architect අපි හිත පතන විදියට උදේට කන්න රොටියක්වත් පුලුස්සාගන්න බැරි බව දන්නේ කීයෙන් කීදෙනාද...මට මෙහෙම හිතුනේ ලක්ෂ්මන් ඉලංගකෝන්ගේ ෆේස්බුක් සටහනකට ඉන්දි සමරජීව දීලා තිබිච්ච උත්තරයක් දැක්කම...ඔහු කියා තිබුනේ මරනෙන් පසු ලංකාවේ නොඉපිද සිවිලයිස්ඩ් සහ ඩීවෙලොප්ඩ් කන්ට්‍රියක ඉපදෙන්න ආසාය කියන එක...රොහාන් සමරජීව මහත්තයා ඔක්කොම කුදලගෙන ආපහු ගම් රට එන්න ඇත්තේ ඉන්දිලා ගැන හිතලා නෙවෙයි වෙන්නැති..නැත්තං උතුරු ඇමෙරිකාවෙ ඉපදිලා හැදිලා වැඩුන ඉන්දිව කුදලාගෙන ...
රෝද පුටු සහ අත්ට්‍රැක්ටර් Chef Architect අල්කුවේර්ඉන්ටර්සෙක්ෂන් එකෙන් හයිවේ එකට ඇතුලුවෙනවාත් සමග රථයේ බ්ලූටූත් හරහා එන දුරකථන ඇමතුම ලංකාවෙන් බව තේරී..... නොගෙන ඉන්නත් සිතා මධුරගේ නොම්මරය තිරයේ දිස්වීම නිසා ඇති වූ කුහුල ස්ටියරින් වීල් එකේ ඇති කොල පාට බොත්තම තද කිරීමට තරම් ප්‍රබල විය."මොකෝමචං උදේම...මම ගොඩබැස්සා විතරයිනේ ? ""උදේ..? මෙහේ වෙලාව 10 යි...මේ මචං පොඩි කේස් එකක්...ආසිරි එකේ බිල ආවා...""ඉතින් ත්‍රී මිලියන් මදි උනාද..?""නෑබං..සර්ජන්ලා දෙන්නාම සල්ලි ...
මුරකරුගේ පුතණ්ඩියා Chef Architect තැටි පාන්දිවුල් ජෑම්අතින් කටටහරිම රහයිඇයි තාත්තේඅපි මේ රසමෙතරම් යැයිදන්නේ නැත්තේපිඟානේ දර පෝරණු පාන්හැබැයි ඕන්දිවුල් ජෑම්විතරමයි මට නම්ඇහේ නැගනේඅද නෑ ඉස්කෝලෙතාත්තේ....ඕන්හැමදාමත් මුර වැඩේටමාවත් එක්ක යන්නකෝ ...
සිහිලැල් උනුසුම.... Chef Architect කෙටි නිවාඩුවකට මේ දවස්වල රටෙන් පිට ස්කැන්ඩිනේවියානු රටක නිවිහැනහිල්ලෙ පාඩුවෙ ඉන්න මට මෙහෙම සටහනක් තියන්න හිතුනා.ඇය දශක දෙකක් එහාට යන කාලෙ සිට මගේ මිතුරියක්...ඇයගේ නවාතැනේ අද උදේ ආහාර වේලෙන් පසු මා ගෙවත්තේ සැරි සරන වෙලේ මුන ගැසුනු කලා කෘතීන් සමූහය මෙසේ බෙදා හදාගන්නවා..මුර්ති ශිල්පිනයක්, චිත්‍ර ශිල්පිනියක් සේම මා මේ ජීවිතයේ ලංවූ සුන්දරම යෙහෙලියක්...ඇය නමින් නේටර් ක්ලෑන්....පහතින් එකතු වෙන්නේ ඇයගේ නිමැවුම් ...
Gentleman Farmer - මඩ නොගා ගත් ගොවියා සහ බිං ලිපේ කිරිබත් Chef Architect ගියසුමානේ අපි කුඹුරේ ගොයම් කපලා පෑගුවා.අපි දෙන්නාට මාස දෙක තුනකට සෑහෙන්න කුරණි 12ක පොඩි කුඹුරක් තමයි මම වැඩ කරන්නේ. ඉන්දික වගේ අඳේටදීලා නෙමෙයි මමමයි මේකේ ගොවියා.හැබැයි ජෙන්ට්ල්මන් ගොවියා.ඒ කියන්නේ මඩට බහින්නේ නැතුව, කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් ඇඳගෙන, බූට්ස් එහෙම දාලා (සර්පයෝ කයි කියන බයට අප්පා), ගොඩ ඉඳගෙන කුලියට ගොයියො ටිකක් අරගෙන තමයි මේ වැඩේ කරන්නේ මොකෝ මේ නහින ...
සතුටු කඳුලු...! Chef Architect 2004 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ රාමාදාන් පටන් ගත්ත දිනේ අද වගේ මතක ෆාස්ටින් පටන් ගත්ත නිසා නෙවී...ඕමාන් වල ට්‍රාන්ස්පෝර්ට් ඇන්ඩ් කොමියුනිකේෂන් මිනිස්ටර් අපේ ඔෆිස් එකටම ඇවිත්, මස්කට් සහ සලාලා එයාර්පෝර්ට් දෙකේ අපි පිලියෙල කරපු ටෙක්නිකල් ඇන්ඩ් ෆිනෑන්ෂල් ප්‍රොපෝසල් එක අරන් ගිය දවස නිසා...එතකොට අපි 21 දෙනෙක්ගෙ පොඩි ඔෆිස් එකක්..නම ලාසන්, ඒ ඇන්ඩ් සී ඊ...එදා ඉඳන් මම මාර කට්ටක් කෑවා 420 දෙනෙක්ගෙන් ...
පෙළ - කූඹියෝ Chef Architect පායනා කාලෙදීඑකමුතුවකඹුරමු ....එකාසේ පෙළ ගැසීබිත්තියෙන් වෙන්වීඅප පෙළගස්සවනා උන්වෙනුවෙන්ම...වස්සානයේදීඒ අප පෙළගැස්සවූ උන් විඳින්නාවූසැප කන්දරාව දැකඑකමුතුව එකාසේ පෙළගැසීකරමු විප්ලව උන් හා කිපීඑනතුරා නැවතත්පායනා කාලය....! ...
තනිකමේ හංසගීතය Chef Architect Pierre Bonnardසදාකාලිකයැයි සිතූමා වටකොට හැමූතනිකම් කුනාටුවේහංස ගීතයලියැවුනඔබැ'තින්වස්කවියක් ලියැවුනඅපූරුව....!ඔබ බෝ පැලයක්...ඔබ පත්තිනි...!
රස්තියාදු පෙම්බරා Chef Architect /\||:)~~කරදරජරබරගැරහුම්ගුටිබැට::::::::::අස්සේ|||<~~~~~~පෙම්බරා හට~~~~~~~~~~>|||නැවතත්මුලසිටඇරයුම්රඟනට:::::::::::රිසිසේ~~:)|||\/..............when someone is at crossroads...........
Beach Boy Chef Architect සිතමිසිතුවෙමිබලමිබැලුවෙමිදකිමිදැක්කෙමිපතමිපැතුවෙමිසිතමිසිතුවෙමිබලමි බැලුවෙමිකරමිකෙරුවෙමිවිඳමිවින්දෙමිහෙටක් නැති මටඅදක් කුමකට...?