තිත්ත ඇත්ත හා රසවත් බොරුව වචන සෙල්ලම් ඇත්ත ඇතැම් විට තිත්ත ය. අප සියලු දෙනාට මැරෙන්නට සිදු වන බව එවැනි තිත්ත ඇත්ත කි. ඇත්ත මෙන් නොව බොරුව හැම විටම වාගේ රසවත් ය. මරණින් පසු දිව්‍ය සැප සම්පත් ලැබිය හැකි ය යන්න එවැනි බොරුවකි. බෞද්ධ සාහිත්‍යයට අනුව සදෙව් ලොවක් ඇති විට ක්‍රිස්තියානී සාහිත්‍යයට අනුව තිබෙන්නේ එකම එක දෙවි ලොවකි. ඒ අනුව බෞද්ධයන්ට දෙවියෙක් විය හැකි අතර ක්රිස්තියානුන්ට ...
පීචං මිනිසුන් වචන සෙල්ලම් සමහර දෙනෙකු සෙසු අයට ගෞරව කිරීමට දන්නේ නැත. වෙන කෙනෙකු වෙනුවෙන් ඉඩ සළසන්නට නැමෙන්නට ඔවුන්ට බැරි ය. පාරක යතොත් ඒ යන්නේ පාරේ අයිතිකාරයා තමන් බව අඟවමින් ය. රථයක යන්නේ නම් නලාව හඩවමින් සියල්ලන්ට අයින් වන ලෙස සන් කරමින් ය. අනෙකාගේ මං තීරුවට දැනුම් දීමක් පවා නොකර බලාහාත්කාරයෙන් ඇතුළු වෙමින් ය. බස් රථයක වාඩි වුනොත් පුළුවන් තරම් ආසනයේ වපසරියක් පැතිරීමට වග ...
වැඳීම හා කොඳු නැවීම වචන සෙල්ලම් මංගල සමරවීර අපූරු මිනිසෙකි. ඔහු පහුගිය දිනක ඔහු ඉදිරියේ ශිෂ්‍ය නායිකාවකට වඳින්නට සැලැස්වීම ගැන කම්පාවෙන් කතා කළේ ය. එය උඩු ගං බලා යෑම කි. දේශපානඥයෙක් පැත්තක තිබිය දී ඡන්ද අපේක්ෂා නොකරන නිකම් ම නිකම් මිනිහෙක් පවා නොකරන වැඩකි. ජාතියත් ආගමත් විකුණා ගෙන කෑම ජිවිතය කර ගත් කිසිදු දේශපාලනඥයෙක් නම් කොහෙත්ම නොකරන වැඩකි. ඔහු ඒ වැඩේ කළ හැටි ඔහුගේ ම ...
මේ අවනඩුව අසනු වචන සෙල්ලම් දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැවුම් කරුවානෝ ය. උන් වහන්සේ සර්ව බලධාරී ය. යහපත් මිනිසුන්ට ස්වර්ගයේ දොර විවෘත කර දෙන්නේ ය. තමන් ගැන විශ්වාස තබන අය රකින්නේ ය. මේ ඔබ වහන්සේ සම්බන්ධයෙන් ඇති සමාජ මතය ය. එහෙත් ඔබ මේ වගකීම් හරි හැටි ඉටු කරන බවක් පෙනෙන්නට නැත. කොටින්ම නොමිනිසුන් ලෙස මිනිසුන් මැවීම සම්බන්ධයෙන් වත් ඔබ වගකීමක් දැරිය යුතු ය. කියන්නේ ...
දහම් පාසල් අනිවාර්යය කිරීම වචන සෙල්ලම් අපි ඒ කාලෙ මැර වැඩ කරල තියෙනව තමයි ඒත් අපි දහම් පාසලුත් ගියා නෙ. මේ දෙදෙනෙකු අතර සංවාදයකින් අහුලා ගත් කෑල්ලකි. විමසිය යුතු ප්රකාශනයකි. මෙයින් කියවෙන්නේ මැර වැඩ කරන අතර දහම් පාසල් යනවා වැනි හොඳ වැඩ ද ඔවුන් විසින් කර ඇති බව ය. මේ අපේ රටේ බොහෝ දෙනා හිතන විදිහය ය. ඔවුන්, හොරකම් කළේ වුව ද පන්සිලුත් අපි ගන්නවා ...
සමාජය අපට පෙන්නන “පස්ස“ වචන සෙල්ලම් තරුණ විය ජවයෙන් ද අපේක්ෂාවලින් ද නැවුම් අදහස් වලින් ද පිරුණු සමයකි. සම්මතයන්ට පිටුපාන්නට ඒ වයසේ දරුවන් කැමති ය. විහිළුවට උන් කැමති ය. ජීවිතය වැඩිහිටියන් මෙන් මහ බර සාරව ඔවුන් ගන්නේ නැත. උන් කැමති සැහැල්ලුවෙන් ඉන්නට ය. විනෝද වන්නට ය. ඒ වයසේ “වැරැද්ද“ ය. ඒ වයසේ දරුවන්ගෙන් යම් කෙනෙකු වැඩිහිටියෙකුගේ සංයමය අපේක්ෂා කරන්නේ නම් එවැන්නෙකු කවදාවත් තරුණ වයස අත් ...
බුදු හාමුදුරුවන්ට ලියුම් කරදාසියක් වචන සෙල්ලම් ඔබ වහන්සේට මෙසේ ලියන්නට හිතුනේ ඔබ වහන්සේ සෝමාවතී චෛත්‍ය අහසට වී කොකුම් පානා බවට කණ වැටුනු ආරංචියක් නිසා ය. ආරංචියක් කිව්වට එය ආරංචියකට වඩා එකක් බව මුලින්ම කිව යුතු ය. ඒ ඔබ වහන්සේටවත් එසේ නොවේ යැයි කියන්නට බැරි ලෙස එය කැමරා කාචයක සටහන් වී තිබුණු නිසා ය. මට ඒ පින්තූරය දැක ගන්නට හැකි වුනේ මූණු පොතේ මේ දිනවල හරි හරියට ...
දේව කන්නලව්ව වචන සෙල්ලම් දෙවියන් යදින්නට එන අය බොහෝ ය. එහෙත් මේ මිනිහා වෙනස් ය. වෙන අය අත මෙන් ඔහු අත මල් වට්ටි, පළතුරු වට්ටි, පූජා භාණ්ඩ කිසිවක් තිබුනේ නැත. ඊටත් අමතරව ඔහු පැමිණියේ තනිවම ය. පිරිවර නැතිව ය. ඔහුගේ ඇස් දෙකෙන් ඇතැම් විට පලවුනේ හිස් බැල්මකි. එහෙත් හදිසියේ එය ගිනි පුලිඟු මෙන් දැල්වී නැවත නිවී යන අයුරු දිස් විය. දේවාලය තුළට ඔහු ...
කොරියාව – මොන කොරියාව ද? වචන සෙල්ලම් මුඩුක්කු හා පැල්පත් වලින් සමන්විත පෙදෙසක් තිබුනේ නම් එය හැදින්වීමට භාවිතා වූ වචනය කොරියාව ය. එයට හේතුවක් තිබුනේ ය. කොරියාව එක් යුගයක කොතරම් දිළිඳුව තිබුනේ ද යත් බොහෝ කොරියානුවන් වාසය කළේ එවැනි පැල්පත් සමූහවල ය. 1961 ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදනය ඇමරිකානු ඩොලර් 142 ක් වන විට කොරියාවේ එය 92 ක් පමණක් වූයේ ය. 1966 ශ්‍රී ලංකාවේ එම ...
රෝස නගරයේ මල් පෙළපාලිය – ලස්සණ අතරින් පාඩමක් ද ගෙනා වගයි. වචන සෙල්ලම් ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ අගනුවර පෝට්ලන්ඩ් ය. එය හඳුන්වනු ලබන්නේ රෝස නගරය ලෙස ය. ඒ නගරයේ අඩියක් ගානේ විවිධ වර්ගයේ රෝසමල් තිබේ. එහි ඉතා ආකර්ෂණීය රෝස උයනක් ද තිබේ. මේ රෝස නගරය තුළ සෑම වසරකම එක් දිනයක නගරයේ හැම දෙනෙක්ම පාහේ සහභාගිවන සැනකෙළියක් තිබේ. ඒ සැනකෙළියේ ප්‍රධානම අංගය නගරය පුරා සැරිසරන රෝසමල් පෙරහර ය. මේ පෙරහරේ විවිධ ආයතන විවිධ පාසල් විවිධ ...
සනරාමර සෙවන යට – අපායේ මෙන් ගිනි දැල් වචන සෙල්ලම් පසුගිය සෙනසුරාදා (අගෝස්තු 22) සිරස ගුවන්විදුලි නාලිකාවේ සනරාමර සෙවනේ තිබුනේ අපායේ වත් නැති තරම් දැඩි රස්නයකි. අප එසේ කියන්නේ ඒ වැඩ සටහනට වැඩිය භික්ෂූන් වහන්සේගේ අමන දෙසුමක් ඊටත් වඩා දුන් අමන උත්තරයක් නිසා ය. ප්රශ්නය දරුවකු ලැබෙන්නට ඉන්නා අම්මා කෙනෙකු පිළිබඳව ය. ඇයට වෙනදා මෙන් නොව නුරුස්නා ස්වභාවයක් ඇතැයි ද ඇය ඉක්මණින් කෝපයට පත් වෙතැයි ද ප්‍රකාශ විය. ස්වාමීන් වහන්සේගෙන් ...
මගේම අනෙකා වචන සෙල්ලම් මට අනෙකෙක් සිටිය හැකි ද? ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ පොතක එහෙම කෙනෙක් හිටියා මට මතක ය. කතා නායකයා තමන්ගේ මේ අනෙකාට කියා තිබුනේ අඩ හඳයා කියා ය. මටත් අනෙකෙක් සිටියි. ඌට නමක් නම් තවම දාගෙන නැත. මගේ අනෙකා මුණ ගැසීම එක් අතකට ප්‍රීතියක් ද තව අතකට බියක් ද ගෙනෙන්නේ ය. ප්‍රීතිය මා ගැන මා අකමැති බොහෝ දේ මගේ අනෙකා තුළ නැති ...
මගේ හෙවනැල්ලට මම බයයි මල්ලියේ! වචන සෙල්ලම් අප අතැර නොයන එකම තැනැත්තා හෙවනැල්ල ය. එහෙම කිව්වාට ඒක නිකම් කියමනක් පමණකි. අඳුරේදී හෙවනැල්ල ද අප අතහැර දමයි. එහෙම බැලුවහම හෙවනැල්ල ද ඔය කියන තරමට අපේ තනිකම රකින කෙනෙක් නොවේ. බොහෝ මිනිසුන් වගේ ලග ඉන්නේ ඕනෑ නැති වෙලාවට ය. අත හැර යන්නේ ඕනෑම වෙලාවට ය. අප කළ කරුමයන් හෙවනැල්ල මෙන් අප පසු පස හඹා එන බවට ද කතාවක් තිබේ. ...
පැයේ දිදුලන ගීතය, ඔබ කැමති ගීතය හා හාම්පුතාලාගේ මාධ්‍ය වචන සෙල්ලම් ගීතයක් දිදුලන්නේ කෙසේ දැයි පැහැදිලි නැත. එසේ දිදුලන්නේ කුමන කරුණක් නිසා දැයි දිදුලන ගීතය තෝරණ අය අපට කියන්නේ ද නැත. එහෙත් සිරස ගුවන්විදුලියේ හිටපු ගමන් එක් ගීයක් පැයේ දිදුලන ගීය බවට නිවේදනය කෙරේ. ඒ ගැන අහන කෙනෙක් ද නැත. පැයේ කණ පුපුරණ ගීතය හෝ පැයේ නින්ද යන ගීතය නොතෝරා දිදුලන ගීයක් තේරීම එක අතකට හොඳ ය. අතීතයේ ගුවන්විදුලියෙන් අප කැමති ...
විද්‍යාව අභිබවන අවිද්‍යාව – පුලුවන් නම් පරාද කරන්න! වචන සෙල්ලම් විද්‍යාව පරාජය කිරීම පහසු ය. අවිද්‍යාව පැරදවීමට නොහැකි ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණය ජය ගන්නා බව සපථ කොට කී ජෝතිර්වේදියා එසේ නොවුනහොත් වෙඩි තබා ගන්නා බව කීවේ ය. මහින්ද පැරදුනේ ය. ඔහු වෙඩි තබා ගත්තේ නැත. ජෝතීර් ශාස්ත්‍රය විශ්වාස කරන අය කීවේ ඒ ජෝතිර්වේදියා බොරු කාරයෙක් බව ය. ජෝතීර් ශාස්ත්‍රය පැරදුනේ නැත. පැරදුනේ ජෝතිර්වේදියා පමණ ය. ජෝතිර් ශාස්ත්‍රය මේ අනුව කිසිදා ...
“මහින්ද රාජපක්ෂ“ නොහොත් අපේ උප විඥානය වචන සෙල්ලම් මහින්ද රාජපක්ෂ යනු පුද්ගලයෙක් පමණක් නොවේ. එය අපේ රටේ ජනතාවගේ උප විඥානය ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ මහින්ද නම් පුද්ගලයාගේ හැසිරීමෙන් මූර්තිමත් වන්නේ ජනයාගේ උපවිඥානයේ ප්රකාශනය ය. අපේ මිනිසුන් ස්වාමියාට බිය ය. ඔහු ඉදිරියේ නිවට නියාලු ය. ඔහු නැති තැන ඔහුට පරිභව කරන්නේ ය. ඔහුට පාඩමක් උගන්වන බව කියන්නේ ය. ස්වාමියා තමන් සමග පින්තූරයක් ගන්නට එන්නැයි ආරාධනා කළ විට ...
රන් වටින – කා දමන / මිලක් ඇති- වගක් නැති කාලය වචන සෙල්ලම් කාලය රන් හා සමාන යයි කතාවක් තිබේ. ඒ කරන්නට වැඩ ගොඩක් තිබුන විට ය. ගමේ යන්නට ගොඩ වන්නට තිබෙන ඊලග බස් එකට තව පැය තුනක් තියෙන විට කාලය ඉක්මණින් නොයන්නේ මන්දැයි හිතෙන්නේ ඉබේටම ය. වෙනත් විදිහට කියන්නේ නම් එතකොට කාලය බලු වටින්නේ නැත. කාලයට මිලක් ඇතැයි සමහරු කියති. ඒ විකුණන්නට යම් කුසලතාවයක් ඇති අයගේ කාලයට ය. ඒ වුනාට හැමෝම කාලයට ...
සයිටම් අර්බුදය තුළ නොදකින පැතිකඩ වචන සෙල්ලම් ලංකාවේ මිනිසුන් කේවල් කිරීම හරහා සම්මුතියකට පැමිණිම සම්බන්ධයෙන් කොතරම් නොතරම් දැයි තේරුම් ගැනීමට හැකි එක් හොඳ උදාහරණයක් නම් සයිටම් ප්රශ්නය ය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර ගණනාවකින් පසු බැස අවසානයේ එය අහෝසි කරන බවට ප්‍රකාශ කර ඇතත් තාමත් උත්තර නැති ප්‍රශ්න ගණනාවක් ඉතිරි ව තිබේ. තව වටයකින් මේ ප්රශ්නය නැවත මතුවන්නට පෙර මෙය විමසිය යුත්තේ ඒ නිසා ය. මෙය ද ඇතුළත් ...
ජේ ආර්ගේ බහුබූත ව්‍යවස්ථාව වචන සෙල්ලම් මහා බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථාවක් නැත. අපට ව්‍යවස්ථාවක් ඇත. එහෙම බැලුවහම අප සුද්දාට වඩා දියුණු ය. සුද්දාට ව්‍යවස්ථාවක් නොතිබුනත් සුද්දා අපට ව්‍යවස්ථාවක් දුන්නේ ය. අප එය ඉවත දමා දෙවරක්ම ව්‍යවස්ථා හැදුවෙමු. දෙවැනි වතාවේ ඒක හැදුවේ ජේ ආර් ය. අප ඒකට කියන්නේ ජේ ආර්ගේ බහුබූත ව්‍යවස්ථාව කියා ය. ජේ ආර්ම එය 16 වතාවක් සංශෝධනය කළේ ය. ඊට පසු ද සංශෝධන සිදු විය. ව්‍යවස්ථාව ...
යුනිෆෝම් කරන්නට ගෙනා යුනිෆෝම් වචන සෙල්ලම් යුනිෆෝම් කියල නිල ඇඳුමටත් පාසල් ඇඳුමටත් යෙදෙන බව ඇත්ත ය. එහෙත් ඉංග්‍රීසි භාෂාවේ එය යෙදෙන්නේ එක වගේ කියන අර්ථය ද ඇතිව ය. හැම ම එකම ඇඳුමක් ඇඳීමෙන් සියලු පරතරයන් මැකී යනු ඇතැයි ද එයින් අපේක්ෂිත ය. පාසල තුළ යුනිෆෝම් ඇති කළේත් පවත්වාගෙන යන්නේත් ඒ සඳහා යැයි කියවේ.පාස ල තුළ පරතරය නැති කළත් පාසල් අතර පරතරය පවත්වාගෙන යෑමට යුනිෆෝම් එක ...