යන්ත්‍ර කීපයක් වැඩ කරන හැටි (GIF Animation පින්තුර) ජිවිතයට Science යන්ත්‍ර කීපයක අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මේ animation ටිකෙන් හොදට පැහැදිලි වෙනවා.මට කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබ්බ මහන මැෂිම වැඩ කරන හැටිත් මේකෙන් හොදට පැහැදිලි උනා.බලලම කියන්නකෝ අලුත් දෙයක් ඉගෙන ගත්තේ නැද්ද කියලා.හැබැයි images ටිකක් ලොකු නිසා internet connection එක slow නම් load වෙන්න වෙලා යයි.එත් බලන්න වටිනවා.01. අයිස් ක්‍රීම් සැන්විච් (Ice Cream Sandwiches) සෑදීම02. Springs සෑදීම 03.පැන්සල් සෑදීම04.පාන් හදන්න පිටි ගුලි05.යකඩයක් විදීම06.CD ...
කැමරා වල සටහන් වන හොල්මන් /දේවතා එලි ඇතිවන හැටි (Orbs) ජිවිතයට Science මම මේක ගැන "බොක්කා" fb page එකේ තිබ්බ ලිපියක් දැකලා තමයි ලියන්න හිතුනේ. වැඩි විස්තර කියන්න ඕනේ නෑ. මේවට කියන්නේ Orbs කියලා.ඇත්තටම අපේ විදිහ තමා අපිට තේරුම ගන්න බැරි දෙයක් දැක්කම ඒක දෙවියන්ට හෝ අදෘශ්‍යමාන බලවේග වලට භාර දීලා නිකං ඉන්න එක. ලංකාවේ තිබ්බ camera ගැන ad එකකත් තිබ්බ හොල්මන් අහු නොවෙන camera එකක් කියලා දාලා.සරලවම කිව්වොත් වෙන්නේ flasher එක ...
වැඩකාරයන්ට ප්‍රශ්නයක් - චොකලට් ප්රශ්නය (chocolate quiz) ජිවිතයට Science මේක පොඩි ප්‍රශ්නයක්. පුළුවන් කට්ටිය උත්තර දෙන්න. මම පහල video එකක් දාලා තියනවා.ඒක පොඩි video එකක්.ඒ නිසා data ගැන හිතන්නේ නැතුව බලන්න.මේකෙදි කිසිම බොරුවක් කරන්නේ නෑ.කිසිම් video ප්‍රයෝගයක් පාවිච්චි කරලා නෑ.ඕක ඔහොම ඈත්තටම සිද්ධ වෙනවා.උත්තරේ ඉරිදට කියනවා.මේක විස්වාස නැත්තන් චොකලට් එකක් අරං කරලා බලන්න.එහෙම නැත්තන් ඔය වගේ "සෘජුකෝනාශ්‍රාකාර" විදිහට කොටු ගහලා කොලයක් කපලා අරං කරලා බලන්න.මම ඉරිදා දවල් 12.00ට මෙතනට ...
ලොතරැයියක් ඇදෙන්න තියන සම්භාවිතාව ගණනය කරමු.(හෙට ඉදන් ලොතරැයි ගන්න එක නවත්තයි) ජිවිතයට Science ගොඩක් කට්ටිය තියන ප්‍රශ්නවලින් ගොඩ එන්න හිතගෙනත් එක්ක ලොතරැයි ගන්නවනේ.එත් මේකට කියක් හරි ඇදෙන්න තියන සම්භාවිතාවය කියාද කියලා නිකමටවත් හිතලා බලන්නේ නෑ.අපි පොඩ්ඩක් ලොතරැයියක් ඇදෙන්න තියන ඉඩකඩ ගණනය කරලා බලමු.බොහෝ විට ඔබ හෙට ඉදං ලොතරැයි ගන්න එක නවත්තයි කියලා මම හිතනවා.ගොඩක් ටිකට් වල ඉලක්කම් දෙකේ අංක හතරක් හා ඉංග්‍රීසි අකුරක් තියනවා.සුපිරි තෑග්ගටනම් මේ ඔක්කොම හරියන්න ඕනේ.උදා:- V 52 36 56 ...
සඳ ගමන බොරුවක් කියන්න සාක්ෂි (Landing Hoax Myths) ජිවිතයට Science මේක කියෙව්වම ඔයාලා ඔක්කොටොම හිතෙයි හද ගමන අමුලික බොරුවක් කියලා.මේ පිළිබද විවිධ මතිමතාන්දර තියනවා.රුසියාව හා ඇමරිකාව අතර සිතල යුද්දයක් තියනවා.ඒ නිසා මුලින්ම සඳ ජයගැනීම ගැනත් තරගයක් තිබ්බා.ඒක නිසා ඇමරිකාව විසින් මේ විදිහට චිත්රාගාරයක් තුල සඳ ගමන බොරුවට මවා පෑවා කියලා සමහරු කියනවා.ඒ වගේම තව අය කියනවා ඇත්තටම හදට ගිහිත් එහි රහස්‍ය දේ නිසා ඇත්ත චායාරුප වෙනුවට මේ ව්‍යාජ ඒවා ලෝකයට ...
පිරිමි හා කාන්තා මොලයේ වෙනස්කම් (men vs women brain) ජිවිතයට Science කාන්තා මොලයේ හා පිරිමි මොලයේ බොහොමයක් වෙනස්කම් තියනවා.ඒවා කීපයක් ගැන කරුණු වශයෙන් කියන්නම්.01. වැඩ කිරීමේ හැකියාවකාන්තා මොලයට එකවර වැඩ කීපයක් හොදින් කරන්න(multi tasking) පුළුවන්.එත් පිරිමි මොලේට එකවරකට කරන්න පුළුවන් එක වැඩක්(single tasking) විතරයි.ඒ නිසා කාන්තාවකට සින්දුවක් රසවිදිනගමන් පොතක් කියවන්න පුළුවන්.එත් පිරිමියෙකුට ඒ දෙකම එකවර කරන්න බෑ.එක්කෝ සින්දුව අහන්න වෙනවා.නැත්තන් පොත කියවන්න වෙනවා.02.කථනය හා ශ්රවණයකාන්තාවකට කතා කරන ගමන් අනිත් අය කියන ...
එන්න.ඔයාලගේ වම් මොලයද වැඩි, දකුණු මොලයද වැඩි කියලා check කරගන්න ජිවිතයට Science අපේ මොලයේ කොටස් දෙකකට බෙදිලා තියනවා.ඒකෙන් අපේ ශරීරයේ වම් පැත්ත පාලනය වෙන්නේ දකුණු මොලයෙන්.ඒ වගේම දකුණු පැත්ත පාලනය වෙන්නේ වම් මොලෙන්.තර්කනය, ගණිතමය ගැටළු විසදීම වගේ දේවල් සිද්ද වෙන්නේ වම් මොලයෙන්. සංගීතය,චිත්‍ර ඇදීම වගේ කලාත්මක දේවල් සිදු කරනවා.අපේ මොලේ මොන පැත්තද වැඩිපුර බර කියන එක පොඩි පොඩි ක්‍රියාකාරකම් ටිකක් මගින් දැනගන්න පුළුවන්.ඔයාලට මේ පිළිබද තවදුරටත් දැනගන්න ඕනෙනං මේ link එකට ගිහින් ...
ඉව හොදටම තියන සතුන් 10 දෙනා (Best 10 Sniffers) ජිවිතයට Science බොහෝ දෙනෙක් හිතන්නේ ඉව හොදටම තියන සතා බල්ලා කියලා.එත් බල්ලට වඩා ඉව තියන සත්තු ඉන්නවා.එත භාවිතයේ පහසුව නිසා තමා බොහෝ විට බල්ලන් යොදා ගන්නේ.මම මේ ගැන internet එකේ හොයලා බලද්දී සමහර තැන වල තිබ්බ පිළිවෙල මිට වඩා චුට්ටක් වෙනස්.එත් බොහොමයක් තැන වල තිබ්බ පිළිවෙලට අනුව මම සත්තු ටික පෙළ ගැස්සුවා.පරීක්ෂකයන් දැන් බෝම්බ සොයන්න මීමැස්සන් පුහුණු කරවනවා.මොකද ඒ තරම් හොද ඉවක් ...
ඩිටර්ජන්ට් කුඩු (detergent powder) හා සාමාන්‍ය රෙදි සෝදන කුඩු අතර වෙනස ජිවිතයට Science රෙදි සෝදන කුඩු වර්ග දෙකක් තියනවා. එකක් ඩිටර්ජන්ට් කුඩු. අනෙක සාමාන්‍ය රෙදි සෝදන කුඩු.ලංකාවේ සමහර ප්‍රදේශ වල ජලය කිවුලයි.ඒ කියන්නේ ඒ ජලයේ මැග්නීසියම් හෝ කැල්සියම් අයන තියනවා.එතකොට සබන් හෝ සාමාන්‍ය රෙදි සෝදන කුඩු පාවිච්චි කරාට වැඩිය පෙන එන්නේ නෑ.ඒ නිසා හොදින් රෙදි සේදෙන්නෙත් නෑඑකට හේතුව මැග්නීසියම් හා කැල්සියම් අයන සබන් සමග ප්‍රතික්‍රියා වෙලා පෙන එන එක අඩු කරන එක. මේකට ...
ලංකාවේ හරි මැද කොහෙද? ජිවිතයට Science ලංකාවේ හරි මැද විදිහට ගොඩක් දෙනෙක් පිළිගන්නේ නාලන්දා ගෙඩිගේ. නාලන්දා ගෙඩිගේ ගැන දන්නා ගොඩක් දෙනෙක් මේ කතාව අහලා ඇති. මෙතැන click කරලා Map එකෙන් තියන තැන බලා ගන්න. හැබැයි මම Map එකෙන් බලද්දිම ඇහේ පෙනුමටම පෙනුනා මෙතැන රටේ මැද වෙන්න බෑ කියලා. ඇහේ මිම්මට බලලා බෑ නේ. ඉතින් මම google map එකෙන්ම දුරවල් මැන්නා. එතකොට හොඳටම පෙන්නවා මේක ලංකාවේ ...
විද්‍යාත්මකව "වශී ගුරුකමක්" කරන විදිහ ජිවිතයට Science ඉරිදා පත්තරයක තියන Advertisement ටික බැලුවොත් බලන්න පුළුවන් අපේ මිනිස්සු කොච්චර ඕවා පස්සේ යනවද කියලා.පිටු පිරෙන්න ads දාන්න තරම් ආදායම් එයාලට එනවා. මම අද කියන්න යන්නේ ටිකක් වෙනස් කතාවක්. වශී ගුරුකම් ඇත්තටම කරන්න පුළුවන් කියලයි මම කියන්නේ. ඔය පත්තරවල ads දාන එවුන් ගැනනම් මම කියන්න යන්නේ නෑ. ඒවා පස්සේ යන්නත් එපා.අපිට සියලුම හැගීම් එන්නේ හෝමෝන වලින්. අපිට දුක, සතුට, ආදරය, ...
ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? ( ඝර්ශනයට නම් නෙවේ) ජිවිතයට Science ටයර් වල කට්ට තියෙන්නේ ඇයි? එහෙම නැත්තන් සෙරෙප්පු වල කට්ට තියෙන්නේ ඇයි? කියලා ඇහුවොත් ගොඩක් දෙනෙක් කියන්නේ එකෙන් ගර්ශනය වැඩි වෙනවා කියලා. ඇත්තටම කිව්වොත් කට්ට තියෙන්න ප්‍රධාන හේතුව ඒක නෙවේ. නමුත් ඝර්ෂණය (ලිස්සන ගතිය අඩු කිරීමත්) වැඩි වීමත් සිදු වෙනවා.කට්ට තියෙන්න ප්‍රධාන හේතුව තමා වාහනය වැසි දිනයක පාරේ යද්දී පාරත් ටයර් එකත් අතර තියන වතුර ටයර් එකේ කට්ට ඇතුලට යන්න. ...
විවිධ සතුන් ලෝකය දකින හැටි ඔවුන්ගේ ඇසින් - (how animals see the world) ජිවිතයට Science එක එක සත්තු ලෝකය දකින්නේ එක එක විදිහට. බල්ලනම් black&white කියන එක ප්‍රසිද්දයි.එත් ඒක එහෙම්මම නෙවේ. මෙහෙම බැලුවම ලෝකේ ලස්සනටම දකින්නේ මිනිස්සු කියලත් හිතෙනවා.animation images නිසා සමහර විට load වෙන්නනම් ටිකක් වෙලා යයි.එත් බැලුවොත් අලුත් දෙයක් ඉගෙන ගනී කියලනම් sure.මේකේ තියෙන්නේ සතුන්ට පෙනෙන විදිහ විතරයි. එත් පෙනෙන පරාස හරියටම ඇතුලත් නෑ.සාමාන්යෙන් මිනිහෙක්ට පේනවට වඩා විශාල පරාසයක් මැස්සෙක්ට පේන පරාසය ගොඩක් ...
A4 size කොලයක් 42පාරක් නැවුවම හදට යන්න තරම් උසයි ජිවිතයට Science A4 ප්‍රමාණයේ කොලයක් 42 පාරක් නැවුවම හදට යන තරම් උසයි.එත් ඒක හිතාගන්න අමරයි නේද?පෘතුවියේ ඉදලා සඳට තියන දුර 384000 kmA4 කඩදාසියක ගණකම 0.01cm හෙවත් 0.1mm විතර වෙනවා.ඒ කියන්නේ පෘතුවියේ ඉදන් හදට කොළ ගොඩ ගැහුවොත් කොල 3840 000 000 000 000ක් ඕනේ වෙනවා.ඒ උස A4 කොලයක් 42 පාරක් නැමුවම එනවා.එක පාරක් නැමුවම 0.2mmදෙපාරක් නැමුවම 0.4mmතුන්පාරක් නැමුවම 0.8mmහතරපාරක් නැමුවම 1.6mmඔන්න ඔය විදිහට ...
කාබන් මොනොක්සයිඩ් (CO) ජිවිතයට Science වාහනේ දුම් පරික්ෂාවට ගියාම එතන තිබ්බ කාබන් මොනොක්සයිඩ් එලාම් එක දැක්කම තමා මේ ලිපිය ලියන්න හිතුවේ. දුම් පරික්ෂාව නියමාකාරව සිද්දවෙනවනම් සල්ලි ගෙවන්න උනත් වටිනා වැඩක්.කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා තමා කාබන් මොනොක්සයිඞ් හැදෙන්නේ(CO). කාබන් වලට ඔක්සිජන් දෙකක් බැදිලා හැදෙන කාබන් ඩයොක්සයිඩ් අපිට විස නොවුනට CO නම් මාරාන්තික විෂ සහිතයි.රුධිරයේ හිමොග්ලොබින් තමා ඔක්සිජන් අරගෙන ගිහින් සෙෙල වලට ගෙනියන්නේ.පෙනහළු වලින් ...
මිනිහෙක් මැරිලද කියලා check කරන්නේ කොහොමද? (heart beat එකෙන් නෙවේ) ජිවිතයට Science මිනිහෙක් මැරිලද නැද්ද කියලා check කරන්නේ හදවත ගැහෙන එකෙන් කියලයි ගොඩක් අය හිතන්නේ.ඒත් ඒක වැරදි කියලා මම දැනගත්තේ මේ ලගදි hospital එකේදී.හදවත නැවතුනාට ටිකක් වෙලා යනකන් පන තියනවා.එතකොට හදවත මසාජ් කරන ගමන් කෘතීම ස්වසනය දීලා පන ගන්න පුළුවන්.ඒත් මොලේ මැරුණම ඒ මොකුත් කරලා වැඩක් නෑ.මොලේ මැරිලද කියලා check කරන්නේ මෙහෙමයි.ඇසට tourch එකක් ගහලා බලනවා එතකොට ඇසේ කනිනිකව(ඇසේ බබා) වෙනස් වෙනවනම් ...
අයින්ස්ටයින් කියපු විදිහට කාලය හරහා ගමන් කරන්නේ කොහොමද? ජිවිතයට Science අයින්ස්ටයින් කියලා තියනවා අපිට ආලෝකයේ ප්‍රවේගයෙන් යන්න පුලුවන්නම් අපිට කාලය හරහා යන්න පුළුවන් කියලා.ඒ කතාව ඇත්ත.එත් යන්න පුළුවන් අතීතයට විතරයි.එත් වෙන්නේ අතීතය දකින්න පුළුවන් වෙන එක විතරයි.තාත්වික ලෝකයකට යන්න බෑ.ඒක වෙන්නේ මෙහෙමයි.අපිට යමක පෙනෙන්නේ ඒ වස්තුවේ ඉදලා ආලෝකය අපේ ඇසට ඇවිත් වැටුනම.අපිට පෙනෙන සමහර තාරුකා තියෙන්නේ ආලෝක වර්ෂ ගණනාවක් ඈත.(ආලෝක වර්ෂයක් කියන්නේ ආලෝකය වසරක් තුල ගමන් කරන දුර.ඒ නිසා ආලෝක ...
ගෙදර වතුර බිල අඩු කරගන්න ක්‍රමයක් ජිවිතයට Science ඔයාලා හුලන් එන වෙලාවට වතුර මීටරේ කැරකෙනවා දැකල තියනවද? අපිට වතුර කපලා නැවත එවද්දී බට ඇතුලේ තියන හුලන් ටික තමා මුලින්ම එන්නේ.එතකොට කැරකෙන වේගේ සාමාන්‍ය වේගෙට වඩා 20ගුණයකටත් වඩා වැඩි වගේ.මම එකේ video එකක් දැම්මා.බලන්න.එකේ අන්තිම අංකෙ පෙනෙන්නේ නැති තරම් speed එකකින් කැරකෙනවා.ගොඩක් අය ball valve දාලා තියන නිසා මීටරේ ලගින වහන්නේ නෑ.ඒ නිසා හැමදාම වතුර එද්දී ලොකු මුදලක් හුලන් ...
අපිට මයිල් තියෙන්නේ ඇයි? ජිවිතයට Science අදත් පොඩි වෙනස් මාතෘකාවක් ගැන කතා කරන්න හිතුනා.අපිට තියන හැම අවයවයක්ම වගේ අපිට වැදගත්නේ.මම දන්නා විදිහට අනවශ්‍ය ගැජට් එකකට තියෙන්නේ උණ්ඩුකපුච්ඡය විතරයි.එකත් කල් යද්දී අපේ නැට්ට නැති උනා වගේම පරිනාමයත් එක්ක නැති වේවි.මට තිබ්බ පොඩි ගැටළුවක් තමා අපිට මයිල් තියෙන්නේ ඇයි කියලා.මම එකට උත්තරයක් හොයා ගත්තා.මේක මගේ නිගමනයක් විතරයි.හොදට දාඩිය දාන්න වැඩ කරපු දවසක කිහිල්ල දිහා බලන්නකෝ.මයිල් ගස් වල දාඩිය ...
කැරපොත්තා - ඔබේ ගෙදර ඉන්න කැරපොත්තා ගැන ඔබ නොදත් කරුණු රැසක් ජිවිතයට Science මේ ලෝකේ සිටින ශක්තිමත්ම ජීවියා තමා කැරපොත්තා.එහෙම කිව්වොත් ඔබ කියයි එක සෙරෙප්පු පාරකින් මැරෙන මේ සතා කොහොම්ද ශක්තිමත්ම ජීවියා වෙන්නේ කියලා.චාල්ස් ඩාවින්චිගේ පරිණාමවාදය අනුව ලෝකයේ ඉදිරියට එන්නේ ශක්තිමත් ජීවින් නෙවේ.පවතින පරිසරයට අනුව හැඩගැසෙන්න (අනුවර්තනය) වෙන්න පුළුවන් ජීවින් විතරයි.මිනිසුන්ට මේ පරිසරයට අනුගත වෙන්න බැරි දවසක් ආපු දවසට මිනිසාත් වද වෙලා යන එක නියතයි.කැරපොත්තා ඩයිනොසර යුගයේ ඉදන් පවත එන සත්වයෙක්.එකෙන්ම පේනවා මේ ...