අලුත් දිනක්! Another day, the same struggle! readonlymemories මෙයත් වෙරළට සම්බන්ද චායාරූපයක් . එදා මනරම් උදෑසනක්. මෙය ගත්තේ මාළු මාර්කට් එකක් අසල. මේ තරුණයත් මුහුදු ගිහින් ආපු කෙනෙක් කියා මට හිතෙනවා. ඔහු අතේ තියෙන්නේ, එවෙලේ විකුණන්නට තෝරමින් තිබුන, උදෑසන මුහුදෙන් ගෙනාපු මාළු කුරීයන් දෙතුන් දෙනෙක්.මේ කරත්තේ තේත්, කොළ කැඳත් තියනවා. හරියටම අර තේ වීදුරුව අතෙකින්, අනෙකට මාරු වන අවස්තාව තමා මේ.අනුරාධපුරේ ගොවින් වුනත් දැන් බ්ලොග් ලියනවා කියල මාතලන් ...
කතාවක් නැති පින්තූරයක්! readonlymemories මිරිස්ස, ශ්‍රී ලංකා Mirissa, Sri Lankaමෙම චායාරූපය මා හිතල ගත්තු එකක් නොවේ. මේ වගේම චායාරූපයක් මා වෙන කොහේ හරි දැකල තියනවා.
පින්තූරයක පින්තූරයක්! readonlymemories ඇමෙරිකානු පොලිස් සේවයට කා වැදී තියන ජාතිවාදී ස්වරූපය ගැන පින්තූර කතා අපට නිතර අහන්නට ලැබෙනවා. ඕස්ට්‍රේලියාවෙත් උතුරු පළාතේ පොලිස් අත් අඩංගුවේ සිදුවන මරණ තවමත් අහන්නට ලැබෙනවා. මේවා ගැන ලියන විට පසුබිම් කතා තියන නිසා, හුදකලා කතාව ලියුවට එතරම් තේරුමක් නැහැ.ඉන්දික කලින් ලියා තිබුන වළසුන් හාවන් කිරීම හා හාවන් වළසුන් කිරීමේ කතාවට ලොකු ඉතිහාසයක් ඕනෙම රටක තියනවා. එකේක රටවල් අද ඉන්නා ...
කොළඹ කාක්කන්! readonlymemories ඔය බෙල්ල වටේ යන්තම් අළුපාට තරමින් කුඩා කාක්කන්ට අප පොඩි කාලේ කියුවේ කොළඹ කාක්කන් කියා. ඒ නම කොහොම ආවද මා දන්නේ නැහැ. සමහරවිට අනෙක් කාක්කන්ට වඩා කපටියන් නිසාද, කළු වුණත් ටිකක් හරි සුදු ගෑවිලා තියන නිසා ලස්සනයි කියල හිතුව හින්දද දන්නේ නැහැ.මේ ඉන්නේ තුන් මහල් ගොඩනැගිල්ලක වහලයේ. දවසේ වැඩ නිමවා නිදා ගන්න යන්නට පෙර පොඩි කතා බහක් වගේ.මේ වහලෙත් කතාවක් ...
නිවාඩුව! readonlymemories මේ ලඟදි පිටිසර ගමකට ගිය වෙලාවේ, කඩයකට ගොඩ වැදුනේ බීම බෝතලයක් ගන්න. කඩේ මනුස්සයා හිටියේ ඈනුම් අරිමින්. වටපිටාවේ කිසිවෙකු පෙනෙන්නට හිටියේ නැහැ. මුළු ගමේම ජනගහණය 1500-2000 ක් විතර ඇති. කලින් ගිය වාරයේ තිබුන අනික් ඔය බැදපු අර්තාපල් පෙති ආදිය තියන කඩයත් වැහිලා ගිහින්.ඉහතින් තියෙනේ වික්ටෝරියා ප්‍රාන්තයේ බිච්වර්ත් නම් ප්‍රාදේශීය නගරය කිට්ටුව තියන වූල්ෂෙඩ් නමැති දිය ඇල්ලයි. මෙහි පෙන්නේටට තියන ජලාශයෙන් ...
ගඟ අද්දර! readonlymemories (Murray River, Albury, Australia, 2014 June)අපූරු දර්ශනයක් දර්ශනයක් නේද? ඈතින් තියන පාලම, ගඟේ වැටී තියන වියළි අත්තේ වහල ඉන්න කුරුල්ලා සහ ගඟේ නිල්වන් දිය.ඇත්තටම බොරු වල්පල් ලියා චායාරූපය කන එකේ තේරුමක් නැහැ. ...
ඌරු පැටවූ දෙන්නෙක් හා අවුරුදු හතක්! readonlymemories වසර 1841 ජනවාරි 7 දා අයර්ලන්තයේ, ටිපරරි පළාතේ කැෂල් නගරයේ උසාවියෙන් ජෝන් කෙලී ව වසර 7 කට හිරගෙට නියම කරන්නේ, එයිට පෙර වසරේ සොරාගත් ඌරන් දෙදෙනෙකු සමග අසු වීමෙන්.වසර 1945-47 කියන්නේ අයර්ලන්තයේ නරක කාලයක්. සාගතයට හසු වීමෙන් මිලියනයක් පමණ දෙනා මියගොස් තිබෙනවා. ජෝන් ලා වගේ විශාල පිරිසක් දුප්පත් අඳ ගොවීන්. ඇත්තටම හොරකම් කිරීම හැර වෙන දෙයක් ජෝන්ට කරන්නට තිබෙන්න නැතුවත් ...
කුරුටු ගෑ පවුර! readonlymemories මේ චායාරූපය කිසි ලස්සනක් තියන එකක් නොවේ. ලස්සන ම නොවේනේ හැමවිටම අප සොයා යන්නේ. අර ගුහා කතාවට මා පසුව යන්නම්. මේ කැන්බරා අසල තියන හිරිගල් ගුහාවක ඇතුල් වන්නට තියන තැන හිරි ගල් බිත්තියේ තියන කුරුටු ගෑමක්.එය කුරුටු ගෑ දිනයත් එතනම තියනවා. මේක ගෑල්ළමයෙකුගේ නමක්. එයාගේ ගමත් (යාස්) එතන තියනවා. ඓතිහාසිකව/ස්වභාවිකව වැදගත් තැනක කුරුටු ගෑම පිලිබඳ පොලෝසිය පවරපු නඩුවෙන් මේ ගෑල්ළමයා ...
නිදහස් මාවත? readonlymemories මේ මාර්ග සඥ්යා නොමැති මහා මාර්ග වලට කියන "හරි" නම මොකක්ද? ඔය මෙල්බර්වල ඉන්න කොට ස්කීම් කරපු තුට්ටු දෙකේ කතා කොටසක "නිදහස් මාවත දිගේ එමින් ඉන්න විට.... " යනාදී වශයෙන් ලියා තිබුනා මට මතකයි. ඒ ෆ්‍රී වේ කියන නම එහෙම පිටින් පෙරලලා. මොන නමින් හැඳින්වුවත්, මහා මාර්ග කියන්නේ අපේ ජිවිතයට අත්‍යවශ්‍ය දෙයක්. මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ පෙරලි වලට මුල් වුන දෙයක්. මාර්ග ...
බලාපොරොත්තුව! readonlymemories මේක ඇත්තටම චායාරූප බ්ලොගයක්. නමුත්, මා පොඩියට සටහන් ලියන්න ගත්තේ, නැත්නම් ගතියක් නැති නිසා. වසරක් ගෙවී, තව වසරක් එළඹෙන තෙක් බලා ඉන්න අද වගේ දවසක විතරක් නොවේ, වසරේ සෑම දවසකම අප ජිවත් වන්නේ බලාපොරොත්තු සමගයි. මේවයින් බොහොමයක් යම් කිසි දවසක අපත් එක්කම මිය යනවා. ඒ කියන්නේ ඒ බලාපොරොත්තු වලින් බොහොමයක් කිසි දා සඵල වෙන්නේ නැහැ. ...
පෙර වදනක්! readonlymemories මේ බ්ලොගය නිතාරම මට අමතක වෙනවා. චායාරූප දැමුවාට විතරක් මදි. මොනවා හරි කතාවකුත් ලියන්න අවශ්‍යයි. නැත්නම් ගතියක් නැහැනේ. අන්න එතැනදී තමා සෙට් වෙන්නේ. දැන් පස් දෙනෙක් කියවන්න හෝ පසුපස එලවන්න ඉන්න එකේ මේක කැලේට හැරලා බැහැ.මේ පින්තූරය කැන්බරා අසල තියන හිරිගල් ගුහාවක වහලයක කොටසක්. මොනවාද මේ හිරිගල් ගුහා කියන්නේ. ඇත්තටම ගුහා කියන්නේ මොනවටද? ගුහා වර්ග මොනවාද? ඒවා හැදෙන්නේ කොහොමද?ඔය සේරම ...
අරුණලු! readonlymemories මේ හිමිදිරි උදෑසනක්. ලංකාවේ දකුණු පලාතේ නගරයකදී මා මේ චායරූපය ගත්තේ. මේ පියාඹායන කපුටන් ගේ පළමු කටයුත්ත පාතරාසය සොයා ගන්න එක වෙන්න ඕනේ. දොස්තර අමරසේකර නම් අරුණලු දුටුවේ ගනඳුර මැදියම. මේ දැක්ම නිසා ඇත්තටම ජීවිතය අනාථ කර ගත්තු අය සමාජයේ ඉන්න වග පෙනෙනවා. හරියට අර ගන්ධබ්බ අපදානයේ ප්‍රධාන චරිතය වගේ. හැබැයි අමරසේකරගේ දරුවන් නම්, ගොඩ ගියා. ඒවා අර පිරිස් දන්නෙත් ...
වෙනස් කරන්න බැරි මතක! My Read Only Memories! readonlymemories අපූර්වත්වයක් නොතිබුන ඒ සැන්දෑවේ මා මධුවිතක් තොල ගාමින් සිටියේ. සැන්දෑ අහසේ හිරු සෙමින් බහිමින් තිබුනා. වීදුරුව පසෙකින් තිබ්බ මා වෙරළට ගියේ කැමරාව සමගින්. මා ඉරු දිහා බලා ඉන්න විට මගේ ඉදිරියෙන් සිට ගත්තේ විදේශික සංචාරකයෙක්. තුවායක් කරේ දාගෙන පැමිණි ඔහු, එය ඉන වටේ ඇඳ ගත්තා. ඔහුට පසෙකින් තුබුන ගලත්, බැහැගෙන යන හිරුත් හා සාලුව දවටා ගන්නා ඔහුත් පසුබිමේ සැන්දෑ හිරු ...