87. බෝම සැලකිලි අද මට ... Little Flower Buds කළුවරේ පාළුවේ තනියමදූවිල්ලේ කාමරේ මුල්ලකහිටි කාලේ විරාමය ලැබ ගෙනබෝම සැලකිලි අද මට මකුළු දැල් පිස දාගෙන අළුත් පැහැ තවරා ගෙන දෝතින්ම තුරුළු කර මා ගතගෙන ගියා පුරුදු ගම්මානේටපිරුවටය එළු මේසේ මතතබා බෝ ගරු සරුව හැම දෙනහතේ කණිසම වෙනකොට වැඳ මනාපය දුන්නා මට පෝලිමේ පෙළ ගැහී හැම දෙන මනාපය ම' වෙත දෙනවිට ඇමති වරු මා අසල හිඳගෙන ඡායා රූප හරි හරියට ...
ඔපීසියේ රස කතා - (3) Little Flower Buds ඔපීසියේ රස කතා කියන්න ගත්තත් මේ වෙනකන් කියන්න පුළුවන් වුනේ බොහොම කීපයක් විතරයිනේ. ඔය පහලින් තියෙන්නේ කියපු ඒවා.. ඔපීසියේ රස කතා - (1)ඔපීසියේ රස කතා - (2) ඉතින් අවුරුද්ද ඉවර වෙන්න කලින් ඔපීසිය ගැන තව කතාවක් කියන්න ඕනේ කියලා හිතුන නිසයි අද මේ පෝස්ට් එක ලියන්න ගත්තේ...ඒත් ඉතින් රස කතාවක් කිව්වට රස කෑම ගැන තමයි මේ කියන්න යන්නේ.. ඔව් ඔව්.. ...
90. දමනය 4 Little Flower Buds පෙ.ලි. - මේ කතාව ලියෙවෙන්නේ බස්සී විසින් ලියූ දමනය කෙටි කතාව සහ ඉවාන් විසින් ලියූ දමනය 3 නම් දිගුවට තවත් එක් දිගුවක් ලෙස ජෝෂුවාගේ ඇසිනි. ඒ නිසා දමනය කතුවරිය වු බස්සිටත් මෙවැනි වු දිගුවක් ලියන්න අදහසක් දුන් ඉවාන්ටත් හද පිරි ප්රණාමය පුද කරනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා ඉදිරියේ මා නවකයකු නිසාවෙන් කතාවට යම් හානියක් සිදුවන්නේ නම් ඊට සමාව ඉල්ලන්නත් මේක ...
පෙත්ත පුතා... Little Flower Buds අද තුශානි කියන්න යන්නේ මීට ටික කාලෙකට කලින් තුශානිට වෙච්චි ඇබැද්දියක් ගැන.. ම්.... පෙත්ත පුතා කියලා උඩින් ලියලා තියෙන නිසා ඔන්න කියන්න යන්නේ ගිරවෙක් ගැන කියලා වරදවා වටහා ගන්න එහෙම එපා හොඳද .. අහන්නකෝ කතාව ...එදා තුශානිට හොඳටෝම උණ හැදිලා හිටියේ.. හැමදාම බෙහෙත් ගන්න දොස්තර ගාවට බෙහෙත් ගන්න ගියාම දොස්තර හදිස්සියෙම කොහෙද ගිහින් බෙහෙත් සාප්පුවත් වහලා. " දැන් මොකද දූ ...
105. ටෙඩී ඩැඩී... Little Flower Buds ටෙඩීලා කියන්නේ දුක හිතෙන වැඩ කරන්නේ නැති, කෑ ගහලා බනින්නේ නැති, එයාලාව බලා ගන්න කෙනාට හුඟාක් ආදරේ කරන, සතුටකදී නම් මුක්කන් නහයෙන් එයාව බලාගන්න කෙනාට උම්මා ගොඩක් දීලා එයත් එක්ක සතුට සමරණ, එතකොට දුකකදී නම් එයාව බලාගන්න කෙනාව පුළුන් අතින් තුරුල් කරගෙන එයාගේ දුක හිතුන කතාව බොහොම සාවධානව අහගෙන ඉඳලා වැටෙන කඳුළු ටික එයාගේ ඇඟට උරාගෙන නින්ද යනකම්ම තනිකම මකන ...
94. මේ එයාමද ? ( 2 වන කොටස ) Little Flower Buds මේ එයාමද ? ( 1 වන කොටස ) මෙතනින් " ම්.... කොහෙන්ද ඒ කට හඬ එන්නේ ? " එක පිට එක නැගී එන මුහුදු රළ පෙළ ගැන හිතන්නේ වත් නැතුව දියඹට පීනන කැස්බෑවෙක් වගේ, මේ අතොරක් නැති මුහුදු ඝෝෂාව අතරින් ඒ හඬ ආපු ඉසව්ව හොයන්න රයන් උත්සාහ කලා." අහ්... කවුද අර දූපතේ වෙරලේ තියෙන ගල් තලාව උඩ වාඩි වෙලා ඉන්නේ ...
98. හිනා වෙන මිනිස්සු ... Little Flower Buds කෙනෙක් හිනා වෙන විදි ගොඩක් තියෙනවා. ඇස් වලින් හිනා වෙනවාදත් පේන්න හිනා වෙනවාදත් නොපෙනෙන්න හිනා වෙනවාකෑ ගහලා හිනා වෙනවාකිසිම සද්දයක් කරන්නේ නැතුව හිනා වෙනවාලැජ්ජාවෙන් මුණ රතු කරගෙන හිනා වෙනවාඅතින් කට වහගෙන හිනා වෙනවාඇස් දෙකේ කඳුලු පුරෝගෙන හිනා වෙනවාබඩ අල්ලගෙන හිනා වෙනවා එහෙම නේද ? ඒ වගේම කෙකෙන් ඇයි හිනා වෙන්නේ කියලා ඇහුවොත් හිනා වෙන්නේ ඇයි කියන්න හේතු ගොඩකුත් තියෙනවාහිතේ සතුටට ...
මහ පාන්දර ඇහුනු හේවිසි සද්දේ... Little Flower Buds අද පාන්දර දෙකහමාරට විතර කණ ගාවම වගේ හරි සද්දෙට හේවිසි ගහනවා තුශානිට ඇහෙන්න ගත්තා. ඇසළ පෙරහැරවත් හීනෙන් පේන්න යනවද කියලා හිතුනු නිසාම ඇස් දෙක අරින්නෙත් නැතුව ටිකක් වෙලා එහෙම්මම හිටියත් ම්හු.... මුකුත් රූප පෙනුනේ නැති නිසා හිමීට ඇස් දෙක ඇරලා මොකද්ද මේ සද්දේ කියලා බලන්න ඕනේ කියලා තුශානිට හිතුනා. හරියට අර සමහර අය, ටිකක් වෙලා ඇස්දෙක පියාගෙන ඉඳලා නින්ද ගිහින්ද ...
සුබ උපන්දිනයක් අම්මා... Little Flower Buds සඳෙහි වු සොමි ගුණය හද පතුලේ රඳවමින් තරු එළිය කරන්නට කිරණ දුන්නේ ඔබයි...නෙතු පියන් විලස හිඳරැකගමින් නිරතුරුව ආදරෙන් හොඳ නරකකියාදුන්නේ ඔබයි..ඔබෙ සුවඳ කිරි සුවඳේ මුසුව ජීවය දෙමින්තුරුලේ හිඳ නැළවෙන්න සෙවන වුයේ ඔබයි...මුවග පිරි සිනාවත් සතුට රැඳි දිවි රටාවත්යෙහෙළියක් ලෙසින් හිඳ පෙන්වුවේ ඔබයි...දූ පොඩිත්තක් ලෙසට මේ භවේ ලෙසින් මතුඋපදිනා හැම භවේපතන්නේ ඔබයි... සුබම සුබ උපන්දිනයක් අම්මා.. ...
119. ලස්සන අවුරුද්දක් ගෙනාවට ඔබට ස්තූතියි 2016 ... Little Flower Buds අද 2016 අවුරුද්දේ අන්තිම දවස... 2016 අවුරුද්ද කියන්නෙ තුශානිගේ ජීවිතේ අමතක නොවන බොහොම වැදගත් අවුරුද්දක්. ඒ නිසාම ආපස්සට හැරිලා අවුරුද්ද දිහා බැලුවහම මතකෙට එන දේවල් බොහෝමයක් තුශානිට තියෙනවා.ජීවිතේ ගොඩාක් දුක් වෙච්ච අවස්ථා වගේම ජීවිතේ ගොඩාක් සතුටු වෙච්ච අවස්ථාත් එක්ක ජීවිතේ බෙදාගන්න ආදරණීය අත්වැලක් ලැබීම 2016 අවුරුද්ද සුවිශේෂි අවුරුද්දක් වෙන්න හේතු උනා. කාලයක් අසනීපෙන් හිටිය තාත්තව පූර්ණ සුව තත්වෙකට ගෙන්නත්. අම්මත් ...
103. සුබ අලුත් අවුරුද්දක් වේවා ! Little Flower Buds අලුත් අවුරුද්ද කියන්නේ පරණ වැරදි හදා ගන්න, අඩු පාඩු හරි ගස්ස ගන්න, ජීවිතේ අලුතින් පටන් ගන්න හොඳ දවසක්. සමහර අය කියන්න පුළුවන් අවුරුද්දක්ම එන්න ඕනේද එහෙම ජීවිතේ වැරදි හදාගෙන අලුතින් පටන් ගන්න කියලා. ඔව්... කෙනෙක්ට එහෙම ඕනම දවසක අලුතින් ජීවිතේ පටන් ගන්න පුළුවන්. එත් තුශානි විශ්වාස කරන විදිහට නම් අලුත් අවුරුදු දවස ඒකට අනිත් හැම දවසකටම වඩා හොඳම දවසක්. ...
81. වෙන මොනවද කියන්න පුළුවන් ? Little Flower Buds මොන්ටිසෝරි යනකොට, ඉස්කෝලේ යනකොට, පන්ති යනකොට අම්මයි තාත්තයි ඒවට ගෙව්වේ ගාස්තු ... එතකොට ඒ හැම ඒකකටම යනවට ළමයින්ට හම්බවෙන්නේපොකට් මනී... ඉගෙන ගෙන ඉවර වුනාම රස්සාවක් කරන්න වුනාම ඔෆිස් එකෙන් ලැබුනේ වේතන... ලොක්කෙක් වුනාම සේවකයෝ ගන්න වුනාම එයාලට ගෙවන්න වෙන්නේ පඩි... ලොකු පඩි හම්බවුනාම ආදායම වැඩි වුනාම පඩියෙන් රජයට ගෙවන්න වෙන්නේ බදු ...වාහනයක් ගන්න වුනාම ගෙයක් හදන්න ඕනේ වුනාම බැංකුවෙන් ...
76. කිටි කිටි ගවුම Little Flower Buds හෙට උදේ පාන්දරම තුශානි ගෙදර කට්ටියත් එක්ක ගමේ යන්නයි ලෑස්තිවෙන්නේ. ගම කිව්වේ තුශානිගේ තාත්තගේ ගම. අකුරැස්සේ තමයි යන්නේ. ගමේ ගියාම අවුරුදු තෑගී නම් ගොඩයි. ඒ තෑගී වලින් තුශානි වැඩිපුරම කැමති, ගමේ හිටිය තුශානිගේ තාත්තාගෙ නංගිගෙ අතින්ම ලස්සනට මහලා හම්බවෙන ගවුම අදින්න. ඒ ගවුමත් ඇඳගෙන තාත්තාගේ නංගීගේ දුවයි, මල්ලිගේ දුවයි අපේ මල්ලියි එක්ක ගමේ ඇවිදින්න යන්න තුශානි ගොඩක් ආසයි. ඔන්න එක ...
97. අද පෙබරවාරි 11 ... Little Flower Buds උදේ පාන්දර පොළවටත් නොදැනෙන්න හිමීට අඩිය තියලා කාමරේ දොර රෙද්දෙන් එබිලා ඔයාව හොයද්දී ඔයා මම දිහා බලාගෙන හිනා වෙවී හිටියේ හරියට මම එන විත්තිය දැනිලා වගේ...අත් දෙක පිටිපස්සට කරගෙන ඔයාට නොපෙනෙන්න හංගගෙන ගියපු කාඩ් එකයි පුංචි තෑග්ගයි ඔයාගේ අත් දෙක උඩින් තියනකොට ඇස් වල සතුටු කඳුළු පුරෝගෙන "තැන්ක්යු.. මගෙ දූ..." කියලා මගේ නලල ඉම්බේ, ලියලා තියෙන දේවල්, ඇතුලේ තියෙන ...
117. අත්තම්මා ... Little Flower Buds මිණිබිරියක් අත්තම්මා කෙනෙකුගේ අතින් අල්ලාගෙන සිටින ඡායාරූපයකි. ( අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී ) වෙනදා නම් අපි යනකොට මල් ඔසරිය හැඩට ඇඳන්බලාන හිටි හැටි මතකයිඉස්තෝපුවේ පුටුවේ ඉඳන් ගෙට ගොඩවෙන කොටම ඇවිත් හිස අතගා තුරුළු කරන්නලලේ හාදුවක් තියලා මහන්සි නිව් හැටි මතකයි කෙහෙල් කැනක් හෙම ඉදවලා කැවිලි ජාති ගොඩක් හදලාමාළු පිනිත් අඩුවුනේ නෑඅලුත් හාලේ බතට රසටකාලය ගත වෙලා ගිහින් අපි ටික ...
70. මේ වාහනේ පදින්න නම් අපි හැම කෙනෙක්ම ඉගෙන ගන්නම වෙනවා ... Little Flower Buds ඔයාට පුළුවන්ද වාහනයක් පදින්න ? ඔන්න බෑ කියලා නම් හරියන්නේ නෑ. මේ වාහනේ පදින්න ඉගෙන ගන්නම වෙනවා. නෑ... නෑ... මේ වාහනේ පදින්න ලයිසන් ඕනේ වෙන්නේ නෑ. හ්ම්... ඕනේ කරන්නේ හරියට වාහනේ පැදගෙන යන්න ඉගෙන ගන්න එක විතරයි. හරිනේ එහෙනම්. දැන් වැඩේ පටන් ගමු.මුලින්ම වාහනේ ඉස්සරහට අරගෙන යන්න පුරුදු වෙන්න ඕනේ. පටන් ගන්නකොටම හයියෙන් යන්න බෑනේ. ඒ නිසා බොහොම හෙමින් ටික ...
ගීයේ හිමිකරුවා ඔබයි ... Little Flower Buds ජීවිතයේ සොඳුරු කවියේ විසිරුණු පද වැල් එක් කොටපද වැල් එකිනෙක ඇමිනූමනහර රන් පන්හිඳ ඔබවයලීනයේ සුසර තතට අතැඟිලි ගැටෙනා තාලේට මැවුනු සප්ත ස්වර රටාවේසොඳුරු මියුරු තනුවකි ඔබහඬ ගා ගී රාව දෙන්න පද වැල් තනුවට ගයන්නආදරයෙන් හුස්ම පෙවු මධුර ගීත ස්වරයයි ඔබ මිණි කිංකිණි හඬ අතරේ පා තබනා හැටි තාලෙටකියාදෙමින් වාරු දුන්නුයෝධ බලැති ශක්තිය ඔබ වෙයි නම් සුමිහිරි ගීයක් පද වැල් ...
74. අවුරුද්දට කලින් බොහොම වැදගත් අවුරුදු පණිවිඩයක්... Little Flower Buds උදාවෙලා තියෙන්නේ අවුරුදු මාසය නිසා හැම කෙනෙක්ම මේ දවස්වල බොහොම උනන්දුවෙන් අවුරුද්දට ලැස්ති වෙනවා ඇති. ඉතින් එහෙම අවුරුද්දට ලෑස්ති වෙන මේ වෙලේ අපි හුඟ දෙනෙකුගේ නොදැනුවත්කම සහ නොසැලකිලිමත්කම නිසා අපේ අතින් සිද්ද වෙන අපිට හුඟක් හානිදායක දෙයක් ගැන කියන්න තමයි අද තුශානි මේ ලෑස්තිවෙන්නේ.අවුරුද්දට කැම ජාති හදන්න පටන් අරගෙනද තියෙන්නේ ? තාම නෑ... ඒත් අද හෙටම පටන් ගන්න ඕනේ. එහෙම ...
සුභ නව වසරක් වේවා ඔබ සැමට ! Little Flower Buds ලැබුවාවූ 2016 නව වසර සියළුම බ්ලොග් හිතවතුන්ටත් සියළු බ්ලොග් පාඨක හිතවතුන්ටත් සියළු ලක් වාසී ලෝක වාසී සියළුදෙනාටත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවායි හදවතින්ම ප්රාර්ථනා කරනවා ! ...
88. මතකද කියලා කියන්න ... Little Flower Buds රෑ අහසෙන් තරු කැටයක් අරන් ඇවිත් සීරුවකට හදේ කොනක එල්ලාලාමතකද ඔබ එලිය කලාමුහුදු පතුලේ සැඟවී ඇති මුතු අහුරක් අරන් ඇවිත්අමිල මුතු පොටක් බැන්දා මතකද ඔබ ආදරයේ මල් ගොමුවක සුවඳ අරන්කැටි කරලා හරි පදමට ජීවිතයට මිහිරි සුවඳ මතකද ඔබ එක්කල හැටිවැහි බිඳු පිරි වලාකුලක් විලස ඇවිත් මා අසලට දහසක් පැතුමන් පොදිකර මතකද ඔබ දුන්නා මට හිරු එලියට බයේ දුවනඅඳුර වගේ මගේ ...