හොයලා දුනොත් රුපියල් 10,000.00 ක් ... Little Flower Buds රෝසි නෝනා කියන්නේ බොහොම ඉහළ පෙළේ පන්තියක ඉංගිරීසි පන්නෙට හැදුන සල්ලිකාර නෝනා කෙනෙක්. ඔය රූපෙ ඉන්නේ රෝසි නෝනා. රොබින් කියන්නේ රෝසි නෝනා හුඟක් ආදරය කරන, දුකේදි සැපේදි රෝසි නෝනා ලඟම ඉන්න කෙනෙක්. රොබින් කිව්වේ රෝසි නෝනගේ මහත්තය කියලා ඔන්න පටලව ගන්න එහෙම එපා.. රෝසි නෝනගෙ මහත්තයා සෑම් පෙරකදෝරු මහත්තයෙක්.රොබින් රෝසි නෝනගේ ආදරය දිනාගෙන බොහොම සැපට හැදුනු බලු රාළ කෙනෙක්. මේ ...
110. වෙඩින් කතා - 2 Little Flower Buds පහුගිය දවස් ටිකේ තිබුනු වැඩ රාජකාරි ගොඩත් එක්ක වෙඩින් කතා කියන්න තුශානිට මේ පැත්තට එන්නත් බැරිවුනා. කොහොම වුනත් පොරොන්දු කඩ කරන්න බෑනේ ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා කෙටියෙන් හරි තවත් විස්තර ටිකක් කියන්න. කලින් දවසේ කියපු බණ කතාව කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියවලාම එන්නකෝ. හි..හි.. වෙඩින් එකකට සූදානම් වෙන්නෙ කොහොමත් මාස කීපයක ඉඳලනේ. ...
මැයි පළවෙනිදාවේ මගේ මතකය... Little Flower Buds හෙට මැයි පළවෙනිදාව. එහෙමත් නැත්නම් ලෝක කම්කරු දිනය. ඉස්කෝලේ යන කාලේ නම් මැයි පළවෙනිදාව කියන්නේ තවත් එක නිවාඩු දවසක් විතරයි. ටිකක් වැඩිපුර නිදාගන්න, අහල පහල යාළුවො එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න, ගෙදර අයත් එක්ක දවස ගෙවන්න ලැබෙන නිවාඩු දවසක්.. මොකද උපකාරක පන්ති වුනත් එදාට නෑ නේ.. ඒත් අද වෙනකොට අපි, ඒ කාලේ පහුකරලා රැකියාවක් කරන කම්කරු පන්තියට එක් වෙලා හමාරයි. ඉතින් ...
යකඩ යකා එක්ක අතීත සවාරියක්... Little Flower Buds පහුගිය දවස් ටිකේ ටිකක් වැඩිපුර යකඩ යකා ගැන කතා බහ වුන නිසා යකඩ යකා එක්ක බැදිච්ච ටිකක් දුර්ලභ ගනයේ පරණ පින්තූර ටිකක් කට්ටියටම බලන්න බ්ලොග් පිටු අතරට එක් කරන්න ඕනේ කියලා තුශානි හිතුවා .. ඊ මෙල් එකකින් තමයි මේ පින්තූර ටික ලැබුනේ... බලන්නකෝ...1894 දී ඔහිය දුම්රියපොළ අවට ප්‍රදේශය.. 1910 දී කඩුගන්නව දුම්රිය මාර්ගය... 1860 දී කොළඹ - නුවර දුම්රිය මාර්ගය ...
118. හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ... Little Flower Buds සප්ත ස්වරයේ රටා අතරින් මැවුනු ඔබෙ හඬ මනහරයිගීතයේ හැඟුමන් එකින් එක මතුවු ඔබෙ රුව පින් බරයිකලා කෙත අස්වාද්දාලන්නට කළ මෙහෙය ඔබෙ අනර්ඝයිඅඩුව පිරවිය නොහැක අද දින අප ඔබට බෝ ණය ගැතියිදැයෙන් සමුගෙන ගියත් ඔබ අද මෙලෙස නිසසල වු ගතින්අමර ගී හඬ අමරණීයයිසමග ඔබෙ රුව හදවතේ ගුරු පියාණනි හෙළයේ මහා ගාන්ධර්වයාණෙනි ඔබට නිවන් සුව ... ...
බක් මහේ සිරි ඉඟි කරයි... Little Flower Buds කිණිති අග පිපි කැකුළු සුවඳින්අම රසය දෙන ඵලද සමඟින්කොවුල් ගී නද දසත රැඳෙමින්බක් මහේ සිරි ඉඟි කරයි...ගොයම් කෙත්වතු සාර කරමින්නිවෙස් අටු කොටු සිනා ගෙනෙමින්සොබා දම් මව් එකළු කරමින්බක් මහේ සිරි ඉඟි කරයි...ජාති ආගම් බේද මකමින්කිරෙන් පැණියෙන් තුටෙන් පිරෙමින්නැවුම් පැතුමන් දෝත දරමින්බක් මහේ සිරි ඉඟි කරයි...හෙළ සිරිත් යලි මතක් කරමින්නෑ මිතුරු බැමි සවිය අතරින්වසත් කාලය උදා කරමින්බක් මහේ සිරි ඉඟි කරයි...අප්‍රේල් ...
85. ඔපීසියේ රස කතා - (5) Little Flower Buds නව නිංගිරාවකාලෙකින් ඔපීසියේ රස කතාවක් කියන්න බැරි වුනානේ... ඉතින් අද තුශානි හිතුවා ඔපීසියේ රස කතාවක් කියන්න. හැබැයි ඉතින් රස කතාවක් කියලා කිව්වට මේක මේ බිත්තර කට්ටක් හොයාගෙන ඒක ඇතුලට වෙලා දවස් ගානක් ඉන්න පුළුවන් තරමට සිද්ද වුනු බොහොම හොඳ වැඩක්. හි..හි... හරියට අර ෆේස් බුක් එකේ සතුට යනු , දුක යනු , කියලා එක එක ඒවා දානවා වගේ නව නිංගිරාව ...
120. අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ... Little Flower Buds " අනේ ... මටත් ඩයරියක් දෙන්නකෝ... " හපොයි... මේ දවස්වල තුශානිගෙන් වැඩිපුරම කට්ටිය ඉල්ලන්නේ ඩයරි. හරියට තුශානි ඩයරි ප්‍රින්ට් කරලා බෙදනවා වගේ හැමෝම ඉල්ලන්නේ ඩයරියක්. හි.. හි.. කොහොම වුනත් තුශානිට ලැබුනු එක එක විදිහේ එක එක ප්‍රමාණයේ ඩයරි ගොඩක් කට්ටියට අලුත් අවුරුදු තෑගි විදිහට බෙදලා දෙන්න පුළුවන්කම ලැබුන එක සතුටක්. හැබෑටම කට්ටිය මෙච්චර ඩයරි ඉල්ලුවට ඉල්ලන්නෙ ඩයරි පාවිච්චි කරන්නමද ?ඒ ...
108. ආෆ්ට වෙඩින් ඔපීසි කතා ... Little Flower Buds ඔන්න ඉතින් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ තුශානි පුරුදු විදිහට උදේ පාන්දරම ඔපීසියට ගොඩවුනා.. ඔව් ඔව්.. අර කලින් කිව්ව ඔපීසීයම තමයි. හි..හි.. කලින් ඔපීසියම කිව්වට මොකද, සති දෙක තුනට ඒකත් සෑහෙන විදිහට වෙනස් වෙලා.. හප්පේ... මොනා වෙනස් වුනත් පුටුව ඉතුරු වෙලා තියෙන එකම මදැයි කියලා හිත හදාගෙන ඔන්න ඉතින් වැඩ පටන් ගත්තට, පුටුවෙ ඇලවිලාම ඉන්න වෙන ගානට මේසෙ උඩ වැඩ ...
සම්බුදු සිරිත සිතුවමට නැගූ පුංචි සිත්තරාවිය ... Little Flower Buds වෙසක් සතිය කෙමෙන් කෙමෙන් නිමා වුනත් වෙසක් සිරිය නම් තාමත් වට පිටාවෙන් නිමා වෙලා නෑ. ඉතින් වෙසක් හා බැඳුනු තවත් සුවිශේෂී දෙයක් ගැන පුංචි සටහනක් තියලම වෙසක් සතියට සමු දෙන්න තුශානි තීරණය කලා. ඒ හෙට දවසේ පිපෙන්නට වෙර දරණ පුංචි මල් කැකුළක් වෙනුවෙන් කැකුළු ගොමුවේ ඉඩක් වෙන් කරලා.සරලව කියනවා නම් පැන්සල් ඉරෙන්, පාට කූරෙන් ලොකු හපන් කමක් කළ පුංචි සිත්තරාවියකගේ ...
89. පාර අයිනේ තියෙන වෙල්වට් කඳු.. Little Flower Buds කවුරුහරි තුශානිගෙන් අහුවොත් වැඩිපුරුම කන්න ආස පලතුරු පහක් කියන්න කියලා ඒ පලතුරු පහ අතර ගල් සියඹලා කියන නමත් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ තරමට තුශානි ගල් සියඹලා කන්න ආසයි. ඉතින් මේ දවස් වල පාරේ තොටේ යනකොට පාර අයිනේ තියෙන කරත්ත වල, පුංචි පුංචි කඩ වල ගල් සියඹලා කඳු නිතර දකින්න ලැබෙන නිසා කාන්දමකට ඇදෙන යකඩ කෑල්ලක් වගේ ඒ තැන් පහුකරගෙන යනකොට තුශානිත් ...
111. ඉයන්ගේ අභියෝගට තුශානිගෙනුත් ගී 16 ක් ... Little Flower Buds මේ දවස් වල කට්ටියම තරඟෙට තමන් කැමති ගීත තෝරණ එකේ ඔන්න තුශානිත් හිතුවා ඉයන්ගේ ඒ සොඳුරු අභියෝගයට මුහුණදෙන්න.ගීත 16ක් කිව්වට ගීත 16ක් තෝරගන්න එක තමයි තිබුනු ලොකුම අමාරුව. කොහොමින්කොහොමහරි අන්තිමට තුශානි ගීත 16ක් තෝර ගත්තා. ඔන්න බලන්නකෝ...1) මිදුලේ වැලි මාලිගාවේ -පේෂලා මෙන්ඩිස් මිදුලේ වැලි මාලිගාවේසක්විති පදවිය ලබන්නගල් වැට ළඟ වාඩි වෙලාහඳ පායන හැටි බලන්නසතර දිසා ජයගෙන මම හනික එමීඔබේ ලොවට ...
හිම කුමාරි බලාගත්ත කුරුමිටි මාමලගේ අලුත්ම විස්තර .... Little Flower Buds හැමෝම දන්නවනේ හිම කුමාරිගේ කතාව .. ඔව් ඔව් අර කුමාරයෙක් ඇවිත් නපුරු මන්තරකාරියකගේ ශාපයක් නිසා නිදාගෙන හිටිය කුමාරිකාවට හාද්දක් දීලා ශාපෙන් මුදව ගත්ත කතාව තමයි.. කතාවේ හැටියට කුමාරයා එහෙමත් නැත්නම් ප්‍රින්ස් චාර්මින් හිම කුමාරිත් එක්ක බොහොම සතුටින් කල් ගෙව්වලු. ඒත් ඊට පස්සේ අර හිම කුමාරි බලාගත්ත කුරුමිටි මාමලට මොකද වුනේ කියල කොහේවත් ලියවිලා තිබුනේ නෑනේ. ඉතින් තුශානිට හිතුනා මේ කුරුමිටි ...
අපායේ යන පාර ... Little Flower Buds සාමාන්‍යයෙන් කවුරුහරි කොහේහරි ගමනක් යන්න කතා කලොත් අපි හුඟ දෙනෙක් බොහොම කැමැත්තෙන් තමයි ඒකට සම්බන්ද වෙන්නේ. වෙනදාට උදේ පාන්දර නැගිටින්න වුනාම තව ටිකක් වෙලා කොට්ටෙත් තුරුළු කරන නිදා ගන්න තිබුන නම් හොඳයි කියලා හිතුනත් එදාට එහෙම හිතෙන්නේ නැති එක හරි පුදුම සහගතයි.. ඒත් කවුරුහරි අපායේ යන්න කතා කලොත් එයා අපිට කොයිතරම් හිතවත් කෙනෙක් වුනත් අපි එයත් එක්ක යන්න කැමති වෙන්නේ ...
112. කෝ බලන්න වම අත උස්සන්න... Little Flower Buds මේ පොස්ට් එක මීට ටික දවසකට කලින් ලියලා ඉවර කරන්න හිතාගෙන හිටියට තුශනිත් සොළොස් මහා ගීත වැස්සට තෙමිලා හිටිය නිසා ලියලා ඉවර කර ගන්න බැරිවුනා. කට්ටියම ගීත වැස්සෙ තෙමි තෙමි ඉන්නකොට තුශානි කොහොම නොතෙමී ඉන්නද නේද හි.. හි... කොහොමින් කොහොමහරි අගෝස්තු මාසේ ඉවර වෙන්න කලින් මේ පෝස්ට් එක දාන්න ඕනෙ නිසයි වැඩ ගොඩක් මැද්දේ වුනත් අද පෝස්ට් එක ලියන්න පටන් ...
86. ඉරිදට කරන්න හොඳ වැඩක් ... Little Flower Buds ඉරිදා දවස කියන්නේ හුඟ දෙනෙක්ට නිවාඩු දවසක්. ඒත් මම එහෙම කිව්වට, සමහර අය නම් කියයි "අපොයි නෑ... ඉරිදට තමයි අපිට වැඩ වැඩිම කියලා". රස්සාවට ගිහින් කරන වැඩ වගේ දෙතුන් ගුණයක වැඩ ප්‍රමාණයක් අපිට ඉරිදට කරන්න තියෙනවා කියලත් කියයි. ගෙදර දොර අස්පස් කරන්න, වත්තේ පිටියේ වැඩ, කඩේ/පොලේ ගිහින් ගෙදරට ඕනේ දේවල් ගේන්න, රෙදි සෝදන්න, වගේ වැඩ ගොඩක් ඉරිදට කරන්න තියෙනවා කියලා ...
111. ඉයන්ගේ අභියෝගට තුශානිගෙනුත් ගී 16 ක් ... Little Flower Buds මේ දවස් වල කට්ටියම තරඟෙට තමන් කැමති ගීත තෝරණ එකේ ඔන්න තුශානිත් හිතුවා ඉයන්ගේ ඒ සොඳුරු අභියෝගයට මුහුණදෙන්න.ගීත 16ක් කිව්වට ගීත 16ක් තෝරගන්න එක තමයි තිබුනු ලොකුම අමාරුව. කොහොමින්කොහොමහරි අන්තිමට තුශානි ගීත 16ක් තෝර ගත්තා. ඔන්න බලන්නකෝ...1) මිදුලේ වැලි මාලිගාවේ -පේෂලා මෙන්ඩිස් මිදුලේ වැලි මාලිගාවේසක්විති පදවිය ලබන්නගල් වැට ළඟ වාඩි වෙලාහඳ පායන හැටි බලන්නසතර දිසා ජයගෙන මම හනික එමීඔබේ ලොවට ...
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! Little Flower Buds කෙලෙස් ඝනඳුර මැකු පහන් සිල සේ සාදු නද හා රැව් දුන් ඝන්ඨා නද සේ සිල් සුවඳ හා මුසු මල් සුවඳ සේ සියළු සත සිත් නිවී පහන් වේවා ! තරහ හිරු දුටු පිනි බිදක් සේ මාන පෙණ පිඩු විසිර යන සේ මෝහ පහවන දිය බුබුළු සේ දුරුව සහනය ලැබේවා ! සැලෙන සිත බෝ පතක් සේදෝමනස් මල් පරව යන සේඅයස දිය මත ...
129. අලුත් අවුරුද්දට නෑගම් එන පොලිතින් බෑග් ... Little Flower Buds ලස්සන වටපිටාවක් ගැන කතා කරද්දි අලුත් අවුරුද්දට නෑගම එන පොලිතින් බෑග් ගැනත් කතා නොකරම බෑනෙ. ඉතින් අවුරුද්දට ඉස්සෙල්ලා මේ කියන්න යන පුංචි පුංචි දේවල් ටික ගැන ඔයාලගේ අවදානය යොමු කරන්න පුලුවන් නම් මේ අවුරුද්ද වෙනදටත් වඩා ලස්සන අවුරුද්දක් වෙයි කියලා තුශානි විශ්වාස කරනවා. මුල්ම දේ තමයි ගෙදරට පොලිතින් බෑග් එන ප්‍රමාණය අඩු කරගන්න එක. පොළට , කඩේට එහෙමත් නැත්තම් ...
අමුත්තෙක් ඇවිත් ... Little Flower Buds ඔන්න අද තුශානි කියන්න යන්නේ, පහුගිය දවසක තුශානිගේ ගෙදරට ආපු අමුත්තෙක් ගැන. බලන්නකො ඔයාලත් අඳුරණවද කියලා.... මේ තියෙන්නේ එයාගේ පින්තූරයක්. හරියටම හරි.... ඩ්‍රැගන් ෆෘට් යාළුවෙක් තමයි ආවේ. ඩ්‍රැගන් ෆෘට් යාළුවා තුශානිගේ ගෙවත්තට ආවේ පහුගිය දවසක වුනත් තුශානි ඩ්‍රැගන් ෆෘට් පැලේ හිටෙව්වෙ නම් හුඟක් කාලෙකට කලින්. ඉතින් ඩ්‍රැගන් ෆෘට් මල් පොහොට්ටුවක් එනවා දකිනකොටම තුශානිගේ ඉහෙත් මලක් පිපුණා වගේ සතුටක් දැනුන නිසාම ...