110. වෙඩින් කතා - 2 Little Flower Buds පහුගිය දවස් ටිකේ තිබුනු වැඩ රාජකාරි ගොඩත් එක්ක වෙඩින් කතා කියන්න තුශානිට මේ පැත්තට එන්නත් බැරිවුනා. කොහොම වුනත් පොරොන්දු කඩ කරන්න බෑනේ ඉතින් ඒ නිසා අද තුශානි හිතුවා කෙටියෙන් හරි තවත් විස්තර ටිකක් කියන්න. කලින් දවසේ කියපු බණ කතාව කියවන්න බැරි වුන කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් ඒකත් කියවලාම එන්නකෝ. හි..හි.. වෙඩින් එකකට සූදානම් වෙන්නෙ කොහොමත් මාස කීපයක ඉඳලනේ. ...
109. වෙඩින් කතා - 01 Little Flower Buds හැලපතුමා කරපු ඉල්ලීමක් කොහොමත්ම අහක දාන්න බෑනේ. ඉතින් ඒ නිසා ඔන්න වෙඩින් කතා ටිකකුත් කියන්න ඕනේ කියලා තුශානි කල්පනා කලා.ඒත් ඉතින් පටන් ගන්නේ කොහෙන්ද කියන එක තමයි ප්රශ්ණේ. හොඳයි අද හෙට බඳින්න ඉන්න අයටත් වැදගත් වෙයි කියලා හිතෙන දේවල් ටිකක් මම කියන්නම්. විවාහ වෙනවා කියලා කියන්නේ ජීවිතේ බොහොම තීරණාත්මක කඩයිමක්. මොකද විවාහය කියන්නේ, කෙනෙකුගේ ජීවිතේ ලොකු වෙනසක් ඇති කරන ප්රබලම ...
108. ආෆ්ට වෙඩින් ඔපීසි කතා ... Little Flower Buds ඔන්න ඉතින් සති දෙක තුනක නිවාඩුවකට පස්සේ තුශානි පුරුදු විදිහට උදේ පාන්දරම ඔපීසියට ගොඩවුනා.. ඔව් ඔව්.. අර කලින් කිව්ව ඔපීසීයම තමයි. හි..හි.. කලින් ඔපීසියම කිව්වට මොකද, සති දෙක තුනට ඒකත් සෑහෙන විදිහට වෙනස් වෙලා.. හප්පේ... මොනා වෙනස් වුනත් පුටුව ඉතුරු වෙලා තියෙන එකම මදැයි කියලා හිත හදාගෙන ඔන්න ඉතින් වැඩ පටන් ගත්තට, පුටුවෙ ඇලවිලාම ඉන්න වෙන ගානට මේසෙ උඩ වැඩ ...
107. සුබම සුබ උපන්දිනයක් අම්මා .... Little Flower Buds රන් තෝඩු මා කණ පලන්දාහැඩ බලන කොට එදා අම්මාඇයි අම්මේ මේ ඇහුවා මතකයි ඇහේ සීතල කඳුළු පිහලා ...රන් මාලයක් ගෙල පලන්දා දෙ අත් වල රන් වලලු පලදාසිර කරන් නෙත් අගේ කඳුලක් දූ මගේ දැන් ලොකුයි කීවා ...රන් තැල්ල සීරුවෙන් තියලාදෙකොපුලේ මුදු හාදු තියලා කඳුළු රහසේ හංග ගත්තා සතුට එක්කම දුකක් දැනිලා ... මම ගෙදර නැති අඩුව වෙනදටත් වඩා අද අම්මට ...
106. ටෙඩී මමී ... Little Flower Buds මතකනෙ මම ටෙඩී ඩැඩී ගැන කිව්වා... අමතක කට්ටිය ඉන්නව නම් මෙතනින් ගිහින් බලලා එන්නකෝ... ඔන්න අද කියන්න යන්නේ ටෙඩී මමී ගැන. පහුගිය අට වෙනිදා මව්වරුගේ දිනයත් සමරපු නිසා මම හිතුවා ඒ ගැනත් කියන එක හොඳයි කියලා. එහෙනම් ඔන්න අහගන්නකෝ... ලෝකයේ ටෙඩී බබාලා වැඩිම ගානනකගේ අම්මා, එහෙමත් නැත්තම් ලෝකයේ වැඩියෙන්ම ටෙඩී බබාලා ඉන්න අම්මා වෙන්නේ ජැකී මයිලි. මේ ඉන්නේ එයා...ජැකී මයිලි ...
105. ටෙඩී ඩැඩී... Little Flower Buds ටෙඩීලා කියන්නේ දුක හිතෙන වැඩ කරන්නේ නැති, කෑ ගහලා බනින්නේ නැති, එයාලාව බලා ගන්න කෙනාට හුඟාක් ආදරේ කරන, සතුටකදී නම් මුක්කන් නහයෙන් එයාව බලාගන්න කෙනාට උම්මා ගොඩක් දීලා එයත් එක්ක සතුට සමරණ, එතකොට දුකකදී නම් එයාව බලාගන්න කෙනාව පුළුන් අතින් තුරුල් කරගෙන එයාගේ දුක හිතුන කතාව බොහොම සාවධානව අහගෙන ඉඳලා වැටෙන කඳුළු ටික එයාගේ ඇඟට උරාගෙන නින්ද යනකම්ම තනිකම මකන ...
104. පාට පාට හීන ... Little Flower Buds අපි හැමෝම ආසයි හීන දකින්න. ඒ හීන වලට ලස්සන ලස්සන පාට තවරන්න, ඒ හීන වල නිදහසේ සැරිසරමින් ඒ හීන වල ජීවත් වෙන්න, දවසක ඒ හීන හැබෑ කරගන්න, අපි කවුරුත් ආසයි. හීනයක් කියන්නේ පාට ගොඩක එකතුවක්. අපි ආසම පාට වලින්, අපි ආස විදිහට අපේ හීන පාට කරලා, ලස්සන කරලා ඒ හීනේ හැබෑවක් කරගෙන ජීවත් වෙන්න අපි කැමති වුනත්, එහෙම තමන් කැමති ...
103. සුබ අලුත් අවුරුද්දක් වේවා ! Little Flower Buds අලුත් අවුරුද්ද කියන්නේ පරණ වැරදි හදා ගන්න, අඩු පාඩු හරි ගස්ස ගන්න, ජීවිතේ අලුතින් පටන් ගන්න හොඳ දවසක්. සමහර අය කියන්න පුළුවන් අවුරුද්දක්ම එන්න ඕනේද එහෙම ජීවිතේ වැරදි හදාගෙන අලුතින් පටන් ගන්න කියලා. ඔව්... කෙනෙක්ට එහෙම ඕනම දවසක අලුතින් ජීවිතේ පටන් ගන්න පුළුවන්. එත් තුශානි විශ්වාස කරන විදිහට නම් අලුත් අවුරුදු දවස ඒකට අනිත් හැම දවසකටම වඩා හොඳම දවසක්. ...
102. අවුරුදු එනවා කියනව වගේම බොහොම වටිනවා ... Little Flower Buds මීට ටික දවසකට කලින් උදේක තුශානි ඔපීසියට එන්න ඔපීසි බස් එක එනකන් පාර අයිනට වෙලා ටිකක් වට පිට බල බල ඉන්නකොට, හදිස්සියෙම වෙනදට නැති රතු මල් පිරුණු ගහක් ඈත තියෙනවා දැක්කා. " ම්... මම මේ ගහ කලින් දැක්කේ නෑනේ... හැමදාම බස් එක එනකන් වට පිට බල බල ඉන්න මම ඕක නොදැක්කේ කොහොමද..... " කියලා තුශානිටම කියා ගන්න ගමන් ටිකක් ඕනෙ ...
101. නෙළුම් යායේ මෝදු වුන නෙළුම් පොහොට්ටුව ... Little Flower Buds පහුගිය මාර්තු 26 වෙනි ශනිදාව තුශානිගේ ජීවිතේ මතකයේ රැඳුණු ලස්සන දවසක්. බ්ලොග් ලිපි කියවන්න තිබුණු ආසාවට බ්ලොග් එක පටන් ගත්තත් මේ වගේ සුන්දර අත්දැකීමක් අත්විඳින්න විඳින්න්න ලැබෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ...මීට අවුරුදු දෙකහමාරකට කලින් අහම්බෙන් තුශානිට බොහොම අපූරු බ්ලොග් එකක් කියවන්න අවස්ථාව ලැබුනා. ඉතින් ඊට පස්සේ තුශානි රැයක් දවාලක් නැතුව බ්ලොග් වලට ඇබ්බැහි වෙලා වගේ එක දිගට ...
100. කෝපි කෝප්පයක් බීලම සමරමු... Little Flower Buds දන්නවද ... අද තුශානි ලියන්නේ කැකුළු ගොමුවේ 100 වෙනි පොස්ට් එක. බ්ලොග් කියවන්න තිබුනු ආසාවටයි, ඒවාට කමෙන්ට් කරන්න තිබුනු ආසාවටයි බ්ලොග් එකක් හදා ගන්න ඕනෙ කියලා හිතුවට පොස්ට් 100 ක් ලියාගන්න පුළුවන් වෙයි කියලා නම් තුශානි කවදාවත් හිතලා තිබුනේ නෑ .කොහොම වුනත් අද හුඟක් සතුටු දවසක් නිසා තුශානි හිතුවා, ඔයාලාටත් කෝපි කෝප්පෙක රස විඳින්න අවස්ථාව දීලාම ඒ සතුට සමරන්න. හරි... ...
99. ඈ ... Little Flower Buds බිළිදියයි ඇය ළදැරියයි දෙව් ලොවින් බට සුරඟනයිසතුට මතු කල උල්පතයි සිඟිති දූ කුමරිය ඇයයිකිංකිණි සිනා දුන්නී ඇයයිපුන් සඳයි හැඩකාරියයිසිඟිති හුරතල් කතාවයිආදරය මැව් රන් රුවයි මල්වරව වැඩි දෝණියයි සොයුරියයි ඇය යෙහෙළියයිපතිකුලයේ යන පතිණියයි ගෙදර සිරිකත දෙව් දුවයිදස මස් ගැබක් උසුලන්නියයිහුරතලෙක් කැන්දන්නියයිකිරි සුවඳ ගෙන එන්නියයිඋතුම් මව් පදවිය ඇයයි සෙනෙහෙබර බිරිඳත් ඇයයිදරු කැලේ අම්මා ඇයයිවැඩ බිමේ දිරි ලිය ඇයයිලොවක් තනවන ශක්තියයිසතුට දුක සම ...
98. හිනා වෙන මිනිස්සු ... Little Flower Buds කෙනෙක් හිනා වෙන විදි ගොඩක් තියෙනවා. ඇස් වලින් හිනා වෙනවාදත් පේන්න හිනා වෙනවාදත් නොපෙනෙන්න හිනා වෙනවාකෑ ගහලා හිනා වෙනවාකිසිම සද්දයක් කරන්නේ නැතුව හිනා වෙනවාලැජ්ජාවෙන් මුණ රතු කරගෙන හිනා වෙනවාඅතින් කට වහගෙන හිනා වෙනවාඇස් දෙකේ කඳුලු පුරෝගෙන හිනා වෙනවාබඩ අල්ලගෙන හිනා වෙනවා එහෙම නේද ? ඒ වගේම කෙකෙන් ඇයි හිනා වෙන්නේ කියලා ඇහුවොත් හිනා වෙන්නේ ඇයි කියන්න හේතු ගොඩකුත් තියෙනවාහිතේ සතුටට ...
97. අද පෙබරවාරි 11 ... Little Flower Buds උදේ පාන්දර පොළවටත් නොදැනෙන්න හිමීට අඩිය තියලා කාමරේ දොර රෙද්දෙන් එබිලා ඔයාව හොයද්දී ඔයා මම දිහා බලාගෙන හිනා වෙවී හිටියේ හරියට මම එන විත්තිය දැනිලා වගේ...අත් දෙක පිටිපස්සට කරගෙන ඔයාට නොපෙනෙන්න හංගගෙන ගියපු කාඩ් එකයි පුංචි තෑග්ගයි ඔයාගේ අත් දෙක උඩින් තියනකොට ඇස් වල සතුටු කඳුළු පුරෝගෙන "තැන්ක්යු.. මගෙ දූ..." කියලා මගේ නලල ඉම්බේ, ලියලා තියෙන දේවල්, ඇතුලේ තියෙන ...
96. මේ අවුරුද්ද කාගේද ? Little Flower Buds 2016 අවුරුද්ද උදා වෙලා සති 5කටත් වැඩිය වැඩි කාලයක් ගත වෙලා ගිහින් වුනත් බ්ලොග් එක පැත්තට එන්නවත්, මොනාහරි කුරුටු ගාන්නවත් පහුගිය දවස් වල තුශානිට පොඩි හරි වෙලාවක් හොයා ගන්න බැරි වුනා. ඉතින් එහෙම වැඩ ගොඩක් එක්ක කාලේ ගෙවිලා යන අතරතුරේ අපේ බ්ලොග් යාළුවෝ එක්කෙනා දෙන්නා තුශානි කෝ කියලා හොයලා බලනවා කියල දැනුනහම, තුශානිගෙ හිතට හරිම පුදුමාකාර සතුටක් දැනුනා.ඒ නිසාම තුශානි ...
සුභ නව වසරක් වේවා ඔබ සැමට ! Little Flower Buds ලැබුවාවූ 2016 නව වසර සියළුම බ්ලොග් හිතවතුන්ටත් සියළු බ්ලොග් පාඨක හිතවතුන්ටත් සියළු ලක් වාසී ලෝක වාසී සියළුදෙනාටත් සිතුම් පැතුම් ඉටුවන සුභ නව වසරක් වේවායි හදවතින්ම ප්රාර්ථනා කරනවා ! ...
94. මේ එයාමද ? ( 2 වන කොටස ) Little Flower Buds මේ එයාමද ? ( 1 වන කොටස ) මෙතනින් " ම්.... කොහෙන්ද ඒ කට හඬ එන්නේ ? " එක පිට එක නැගී එන මුහුදු රළ පෙළ ගැන හිතන්නේ වත් නැතුව දියඹට පීනන කැස්බෑවෙක් වගේ, මේ අතොරක් නැති මුහුදු ඝෝෂාව අතරින් ඒ හඬ ආපු ඉසව්ව හොයන්න රයන් උත්සාහ කලා." අහ්... කවුද අර දූපතේ වෙරලේ තියෙන ගල් තලාව උඩ වාඩි වෙලා ඉන්නේ ...
93. මේ එයාමද ? Little Flower Buds " රයන්... ඔයා ගියහම මට හරිම පාළුයි... පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න... මම ඔයා එනකන් බලාගෙන ඉන්නවා... " ගියපාර මුහුදු ගමන පිටත් වෙන්න නැවට නගින්න කලින් මරියා රයන්ගේ පපුවට තුරුළු වෙලා මුමුණනකොට රයන් හිටියේ, හඳ ගාවින්ම දීප්තිමත්ව අහසේ පායලා තිබුණු පහන් තරුව දිහා බලාගෙන. හුලඟේ දඟ කරන මරියාගේ තඹ පාට කෙහෙ රැළි විටින් විට රයන්ගේ මූණ පුරා දැවටෙමින් ඊට බාදා කලත් ...
92. අවුරුදු දෙකයි... (2nd Blog anniversary) Little Flower Buds බ්ලොග් කියවන එක හරිම ශෝක් වැඩක් නේද ? හ්ම්.. ඔව්.. හැබැයි කියවන ඒවා ටිකක් තෝරලා බේරලා කියවන්න ඕනේ.. ඒ මොකද ? ගොඩක් වෙලාවට බ්ලොග් වල ලියවෙන්නේ තමන් දකින විදිහ, එහෙමත් නැත්නම් තමන්ගේ අදහස්. ඉතින් ඒ දේවල් හැම වෙලාවෙම හරි නොවෙන්නත් පුළුවන්නේ... ඒ වගේම තියෙන හොඳ නරක දේවල් තෝරා බේරගෙන කියවන්නත් ඕනේ. මට හිතෙනවා දවස් දෙක තුනක් නිවාඩු දාලා බ්ලොග් කියවන්න. ...
91. ෂයිනී ... ( ලෝක ළමා දිනය වෙනුවෙන් ) Little Flower Buds ටක්.. ටු.... ටක්.. ටු... ටක් ටු... ටක් ටු...එලාම් ඔරලෝසුව ඇතුලට වෙලා නිදාගෙන හිටිය "Yellowhammer" වර්ගයේ කහ කුරුල්ලා උදේ හත වෙනකොටම නැගිටලා ෂයිනිව ඇහැරවන්න එක දිගට සද්ද කලත් එදා ෂයිනි ඒ සද්දේට කිසිම ප්රතිචාරයක් දක්වන්න ගියේ නෑ. " හරි.. හරි... බර්ඩී... ඔන්න බබා ඇහැරුනා... මේ බලන්න මම ගුඩ් බබෙක්... " වෙනදාට ෂයිනි එලාම් ඔරලෝසුවෙන් එලියට ඇවිත් කෑගහන කහ කුරුල්ලාට එහෙම කියලා, ...