දමනය 3 ඉවාන් පවුලූශා පෙ.ලි.මේ කතාව ඇත්තෙන්ම ලියවෙන්නේ බස්සිගේ නවාතැනේ ,බස්සි විසින් ලියු දමනය නම් වූ කෙටි කතාව නිසයි. එහි ජෝෂුවා සහ මෙලීසා නම්වූ චරිත ද්විත්වයේ ජෝශුවාගේ ඇසින් බස්සි අතින් ලියවුනු එම කතාවට දිගුවක් ලෙස මෙලිසාගේ ඇසින් ලියන්නට සිතුනු නිසා කතුවරියගේ අවසරය පිට මේ දිගුව මෙසේ මෙතැන පලකරමි .දමනය 1දමනය 2*******එදායින් පස්සේ ජෝෂුවා මට ඕන කරන විදිහට හසුරුවාගන්න මට කිසිම අපහසුවක් වුනේ නෑ . ...
චරිත තුනක් ඉවාන් පවුලූශා ග්‍රෙගරි වැව දෙසින් හමා ආ සීතල සුළඟ ගත දැවටෙද්දී, ඒ ගැන වගේ වගක් නැතිව කන්ද පාමුල දිග ගැරඬියෙක් වගේ පේන පාර දිගේ කුරුමිනියන් මෙන් පෙනෙන මිනිස්සුන් සහ ගිනිපෙට්ටි මෙන් පෙනෙන වාහන ගමන් කරන දෙස යශෝධා බලා සිටියේ හැඟීම් විරහිතව බව ඒ මුහුණ දකින ඕනෑම කෙනෙකුට සිතේ .නුවරඑළිය පරණ තැපැල්කන්තෝරුව ඉදිරිපිට දිනක් තමන් කුඩාකල දෙමව්පියන් සමගින් නැරඹූ නයි නටවන්නා කල කතාව ...
කරච්චලේ. ඉවාන් පවුලූශා නින්ද නින්ද නොයන හැන්දෑවේ සොඳුරුයිද මොනතරම්...දුක නැතුවමත් නොවෙයි ඔබ යන්න යනවා නම්.මට කාලයක් තිබ්බා ඔය සින්දුව ඇහෙනකොට ඇඬෙනවා.මං දන්නෙ නෑ ඇයි කියලා ඒත් ඇඬෙනවා. . ක්‍රෂ් එකක් හිටියෙත් නෑ මට හිත ගිය කෙල්ලෙක් හිටියෙත් නෑ. කොටින්ම එහෙම වුවමනාවක් තිබුනෙත් නෑ. ඒත් ඒ සින්දුව ඇහෙද්දි ඇඬෙනවා.ඔය අතරෙ තමා මේධානිකා මගේ ජීවිතේට ආවේ. මට ඉස්සෙල්ලම හිතුනේ මොන විකාර නමක්ද මේ කියලා.මේධා ...
දෘෂ්ඨි රසය ?? ඉවාන් පවුලූශා ගීතයක් ගැන කතා කරන හැමවිටම වාගේ අපිට අහන්නට ලැබෙන්නේ සාර්ථක ගීතයක් නම් ශබ්ධ රසයෙන් හා අර්ථ රසයෙන් පරිපූර්ණ විය යුතුය කියලයි. ඒ අතීතයේ ගීතය ශ්රව්යමය සංසිද්ධියක් පමණක් වූ නිසාවෙන්. නමුත් ලංකාව තුල රූපවාහිනිය ප්‍රචලිත වීමත් සමගම ගීතය ශ්‍රව්‍ය සහ දෘශ්‍ය සංසිද්ධියක් බවට ක්‍රමයෙන් පත්වෙනවා . ඒ අනුව ගීතයක් ශබ්ධ රසයෙන්, අර්ථ රසයෙන් සහ දෘෂ්ඨි රසයෙන් පරිපූර්ණ විය යුතුද?ගීතයකට පියවරුන් තිදෙනෙකි ...
Dream Cafe ඉවාන් පවුලූශා ඩක්ලින්ටන් ලේන් වෙත ඔක්ස්ෆර්ඩ් ටියුබ් බස්රිය ලඟා වන විට හිමපතනය ආරම්භ වී සුළු වේලාවකි. මේ සිසිරයේ දුර ගමන් යාමට නම් ඔබට ගලපෙනම ප්‍රවාහන මාධ්‍යය වන්නේ මෙවන් සැලසුමකි. මන්ද සිසිරයේ හරි මැදදී අසාමාන්‍ය සීතල මෙන්ම හවස තුනහමාරැ අතර වෙද්දී පරිසරය හාත්පස වෙලාගන්නා දැඩි අඳුර සහ අනපේක්ෂිත හිම පතනය හෝ වර්ෂාව මැද රිය පැදවීම බොහෝ සෙයින් ජනාකීර්ණ සහ වාහන පිරුණු ලන්ඩනයේදී ...
අහඹු ඉවාන් පවුලූශා "හැටදාහකට බං ගත්තේ""හදන්න කීයක් විතර ගියාද?""මේක මචන් දැන් අවුරුද්දකට කිට්ටු වෙන්න හදනවා ඉතින් හදලා හදලා දැන් තමයි යන්තම් ඉවර කරගත්තේ, මේ වෙනකොට ලක්ෂ එකහමාරකට කිට්ටු වෙන්න ගිහිල්ලා ඒකත් ඉතින් මමම දුවලා පැනලා බඩු ටික හොයා ගත්ත හින්දා""කොහෙන්ද බං හැදුවෙ දැන් මේ ජපන් අයිටම් හදන්න තැනක් නෑනේ ඔක්කොම ඉන්දියෙන් ලඩි හදන එවුන් තමයි ඉන්නේ, අනික උන් දන්නෙත් නෑ මේවා හදන්න තියා ...
බඹර විස ඉවාන් පවුලූශා "පුතා...කොහෙටද යන්නෙ..""මම UK යන්න ආන්ටි...""UK වල කොහෙද.. ?" "එන්ෆීල්ඩ් ""අහ්.. මමත් UK යන්නෙ.. මම යන්නෙ හැබැයි බ්‍රිස්ටල් . දුව ලඟට. එහෙ ටික දවසක් ඉඳලා ආපහු ඩුබායි යනවා..කියනවත් එක්කම ආන්ටි ලඟ තිබ්බ හෑන්ඩ් බෑග් එක බිමට වැටුණා.. ඒක ඇහිඳලා දුන්නෙ ආන්ටි කොන්දට අත තියාගෙන නැවෙන්න අමාරුවෙන් උත්සාහ කරලා ,අසරණ වෙලා මගේ දිහා බලපු නිසා ."අනේ තෑන්ක් යූ සෝ මච් පුතා". කියපු ඇන්ටි ...
සිකුරා නලල් තලේ.. ඉවාන් පවුලූශා " ආ එන්න මහත්තයා .. අන්න අර මිසී ගාවට යන්න"මම වැඩ කරන්නෙ රජයේ බැංකුවක. ඇත්තටම කිව්වොත් ඉතිං එහෙමට අගහිඟයක් නෑ..හැබැයි මේ අපේ තාත්තට ඒ කාලෙ හම්බවුන ස්වර්ණභූමි ඉඩම ලඟ අලුතෙන් පටං ගත්ත ගාමන්ට් එක නිසා ඒකෙ කාමර කෑලි ටිකක් හදලා ගාමන්ට් ගෑල්ලමයින්ට කුලියට දෙමු කියලා අදහස දැම්මෙ අපේ නෝනා.ඇස්වහක් කටවහක් නෑ දියුණු වෙන්ඩම උපන් කෙල්ල.. කපු හාමිනේ අපේ අම්මා ...
මචං.................... ඉවාන් පවුලූශා එකට පංතියේ අකුරු කෙරුවාඑකට ඕ එල් ඇණ වුනාඑකම බීඩිය එකට බීලාඑකම වලකට සෙට් වුනාඋඹට වැඩිවෙලා අපේ ගෙදරයිමම වැටුනේ උඹලගේ පැලේඑකම කමිසය එකම කලිසමකෙල්ලෝ දෙන්නෙක් එක්ක යයිමගේ නම ඇති උඹේ අකුරුයිමගෙ අකුරු වල උඹේ නමයිලියු පෙම්පත් වලින් ගිනි මැලහදන්නට හිටියෙත් උඹයිගල් ද පොල් සහ හැලි කරිඤඤoණයට බිව්වට ඇනතියංකොත්තු කාලා බඩෙන් බාගෙටදුමක් ඇද්දේත් හවුලේ බංසමරේ අයියගේ බයික් කටුවටතෙල් ගැහුවේ පිං කැට බිඳන්මියුසිකල් ...
ඇර මාටින්! පරණ ඉවාන් ආයෙ ඇවිල්ලා. ඔහොම යං.✌️ ඉවාන් පවුලූශා ඇර මාටින්! පරණ ඉවාන් ආයෙ ඇවිල්ලා. ඔහොම යං.✌️
අභිරහස් පාපන්දු ලෝක ශූරතාවලිය ඉවාන් පවුලූශා අභිරහස් පාපන්දු ලෝක ශූරතාවලිය-------------------------------------------------------------කටාර් රාජ්‍යය මුදලින් සහ පොසිල ඉන්ධන බලයෙන් ලොව පොහොසත්ම රාජ්‍යයන් අතරට පැමිණි රාජ්‍යයකි. මුදලින් සහ සියලු සැප සම්පතින් ආඪ්‍ය වූ මේ තෙල් ලොව නිල නොලත් රාජ්‍යත්වය හිමි කටාරියට ඉන්පසු අවශ්‍ය වූයේ ලෝකයා හමුවේ සිය නාමය ඉහලට ගෙන යාමට සමත් කුමන හෝ ක්‍රියාවලියකි.ඒ වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමට කටාරියේ එමීර්වරයා වන "තමීම් බින් හමාඩ් අල්තානි" සූදානම් බව ඔහුගේ ...
සියය ඉවාන් පවුලූශා සුක්කානම මත දකුණු අත තබාගෙන ඩ්‍රයිව් ගියරයට මාරුවෙමින් සෙමින් පාරට ගත රියේ ප්‍රධාන ලාම්පු දල්වා ගනිමින් ඉදිරියට ඇදෙන විට , මීට ටික වෙලාවකට පෙර වැටුණු වැස්සේ න් තෙත් වූ මාර්ගය දුම් දමමින් තිබෙනු දකින විට අද්භූත සිතුවිලි නැගී ආවේ මටත් හොරාය ..ප්‍රධාන මාර්ගය දෙපස විදුලි එලි වහා නිවී යද්දී එක්වරම හාත්පස ආලෝකමත් විය .ඒ සැනින් කන් බිහිරි වන හෙණ හඬ ...
ස්වප්න සුවිසැරිය ඉවාන් පවුලූශා ස්වප්නමය සුවිසැරිය ඇරඹිනිමේ සුවැති නිද්රාවෙන්මා වෙලෙන්නේසුවඳ කැවු නිද්රාවෙන්නැතිරටේ චාරිකාවක් යමිටින්කර් බෙල්, පීටර් පෑන් සමගින්දුෂ්ඨයා කැප්ටන් කුක් නපුරො නිතරම පැරදෙන එකම සුවයක්තම්බලීනාය මම වසීලිස්සාට හොරෙන්හත්පෙතිමලත් රැගෙනමාෂා සමග වළහගේ කන්පෙත්ත උඩ ඔංචිලි පදිනපොපි ඇටයි සීනි කිරමයිපාන් වළලූ කන්න ඕනේ එහෙමයිශේන්යා දැන් ඉරිසියාවෙන් පුපුරයි. කියන්නට ඕන ගාෆීල්ඩ්ට එන්නට කියාටොම් සහ ජෙරී සමගින්.කන්නට සීනිමිකී මවුස් එන්නට කලියෙන් ටොෆි හොරා ගැන ටිං ටිංට මම කිවුවොත්ස්නූවි ...
අද කුල්ල කුජීත දවසක්. උදේ ඉදලා නියෝන් එළි කහපාටක් ... ඉවාන් පවුලූශා අද කුල්ල කුජීත දවසක්. උදේ ඉදලා නියෝන් එළි කහපාටක් තියෙනකොට මට හිතුනා මේම වෙයි කියලා. ගතවෙන මොහොතේ සතුට කොහොමද හොයාගන්නේ? ජීවිතේ කියන්නේ වෙන සුත්තක් නෙවෙයි. කරකවලා කරකවලා අතෑරියාම වටයක් දෙකක් තුනක් කැරකිලා ජීවිතේ හොයාගන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. ඒකට ඉතිං ට්‍රෝනේඩෝවක් අස්සේ උනත් පියවිසිහිය රැකගැනීමේ මිකැනිසම් එක අභ්‍යාස කරලා තියෙන්න ඕනී. කොහොම වුණත් දුක දියවෙලා ගංවතුර ගලන නිමේශයෙන් බේරෙන්න උස්බිමක් ...
එන්න එලියට දොර ඇරන් ඉවාන් පවුලූශා කසුන් කල්හාර කියන සින්දුවක් තියෙනවා එන්න එලියට දොර ඇරන් කියල පටන් ගන්න . මේ සින්දුවේ " එන්න එලියට දොර ඇරන් " කියන කොටස අහනකොට ඒ වචන පේලිය සම්බන්ධ කතාවක් මතක් වුනා . සින්දුව වගේම හරිම රෝමාන්තිකයි අම්මප , නැද්ද හා .ෆයිනල් ඉයර් ඉන්නකොට සෙනසුරාදා උදේ ලෙක්චර් එකක් තිබ්බ(ලු) , එක කරන්නේ විසිටින් ලෙක්චරර් කෙනක්(ලු) , එත් ඉතින් ඒ ලේච්චරයවත් ,ලෙක්චර් ...
සාමාන්‍යාධිකාරි තුමා, අද තමා බ්ලොග් අප්ඩේට් ලෙඩේ හ... ඉවාන් පවුලූශා සාමාන්‍යාධිකාරි තුමා, අද තමා බ්ලොග් අප්ඩේට් ලෙඩේ හදාගත්තෙ. Feeds වල අවුලක් තිබිලා. ඉස්තූතියි හොඳේ
ප්‍රභා චාරිකා ඉවාන් පවුලූශා "නවකතාවලනං බදුල්ලෙ එවුං මාර සුන්දර ප්‍රේමණීය මිනිස්සු , ඒකට තෝ. මහ ගල් බුම්මට්ටයෙක්.""දැං දැන් ඔය මොන කතා වලද තියෙන්නේ බදුල්ලේ මිනිස්සු එහෙමයි කියලා""තොටෝවා කිව්වට තෝ නවකතා කියවන එකෙක්යැ, අපි මේ කාමරයේ ඉන්න හැම එකාගෙම ගෙවල්වල ගිහින් තියෙනවා, තොපේ ගෙදර එන්න ඇහුවට එන්න කියන්නෙත් නෑ, හරි අපි ඕන නෑ අඩු ගානේ උඹ ගෙදර පලයන්කො ඒත් නෑ,"ඔව්හා ඒකනං ඇත්ත අඩු ගානෙ අම්මා ...