කඩුවට (ඉංගිරිසියට) බය වෙන්න දෙයක් නෑ.. Roshan Herath අයියා මට නම් මිස් කතා කරන තරම් හොඳට ඉංග්‍රිසි කතා කරන්න බෑ. ඒ වුනාට සුද්දෙක් ඇවිත් කතා කරද්දි මිස් ට වඩා ලේසියෙන් සුද්දා කියන දේ තේරුම් ගන්න පුලුවනි. මොකද මෙතැනට එන සුද්දන්ටත් හරියට ඉංග්‍රිසි බෑ. මටත් බෑ. අපි දෙන්නම කතා කරන්නෙ ගොලුභාෂාවත් කලවම් කරල කැඩුනු ඉංග්‍රිසියෙන් නෙ. මේ කතාව මට කීවෙ අපේ ශාඛාවෙ පුහුනුවට ආපු මල්ලි කෙනෙක්. ඒ මල්ලි විදේශ ...
ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් භාවිතයේ දී අත්සනට හිමි තැන... Roshan Herath මගේ ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් කිසිවක පිටුපස සුදුපැහැ තීරුවේ මගේ අත්සන යොදන්න මම උනන්දු වුනේ නෑ මෙච්චර කාලයකට. නමුත් අද දවසේ සිදු කරපු මිලදී ගැනීමකදි මම කාඩ්පත ඉදිරිපත් කළාම එම කාඩ්පතේ අත්සන නැති බැවින් කාඩ්පත මත මගේ අත්සන යොදන ලෙස කවුන්ටරයේ මුදල් අයකැමිවරිය ඉල්ලා සිටියා. එම අවස්ථාවේ කාඩ්පත මත අත්සන යෙදීමට මම ප්‍රතික්ෂේප කළා මගේ කාඩ්පතේ මගේ අත්සන තහවුරු කිරීමේ අයිතිය ...
ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනිමු. Roshan Herath කවදාහරි වාහනේ තෙල් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා තියෙනවාද? අනිවාර්යෙන්ම ඹව් නේද? ඒත් කවදාවත් හිතලා තියෙනවාද ෆුල්ටෑංක් ගහද්දිත් බොහෝවිට අපිට ගෙවන්න තියෙන මුදල අගට රුපියල් 500න් හරි 1000න් හරි එහෙමත් නැත්තන් 100න් සම්පූර්ණයෙන්ම ඉතිරි නැතිව බෙදෙන ගානක් වෙන්නෙ කොහොමද කියලා. මීළඟ වතාවෙ ෆුල් ටෑංක් තෙල් ගහද්දි පොඩ්ඩක් ටැංකිය දිහා බලන්න. ටැංකිය කට මට්ටමටම පිරිලා තියෙනවා කියලා පෙනෙද්දිත් තෙල් ගහන කෙනා ...
ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි... Roshan Herath දවසින් වැඩි කාලයක් ගෙවෙන්නෙ සල්ලි එක්ක. ඒ අතරෙ විවිධාකාර මුහුණු මුනගැහෙනවා. විවිධාකාර මුහුනු කීවෙ ඒ මුහුනු වලින් පෙනෙන හැඟීම් විවිධාකාර ස්වරූප ගන්න නිසයි.ඉතින් ඒ අය තමන්ගෙ මුදල් විවිධාකාරයට වියදම් කරමින් තමන්ගෙ ජීවිතේ ගෙනියනවා.නමුත් අපි දකින දෙයක් තියෙනවා සමහරු මුදල් සෙවීම තමන්ගෙ ජීවිතේම වගේ හිතාන මුදල් උපයනඑක ගැන විතරක්ම හිතාන ජීවත් වෙනවා.මට හිතෙන විදියටනම් අපිට මුදල් අවශ්‍යයි. ඒ ජීවත් වෙන්න. අපේ ...
ප්‍රයිවට් බස් කර්මාන්තෙ නඟා සිටුවන්න නම් සීටීබී හෙමින් යන්නෙපැයි Roshan Herath ඉස්සර අපි බස් වල නුවර යද්දි ගතවෙන කාලය අඩු කරගන්න ප්‍රයිවට් බස් එකක අපිට ළඟම ප්‍රධාන බස් නැවතුමට ගිහින් එතැනින් සීටීබී හෝ දුර ගමන් බස් එකක නැංගා ප්‍රයිවට් බස් පැය 1 1/2 වගේ කාලයක් ගම්පොල ඉඳන් නුවර යන්න ගත්තු නිසා. ඒ දවස් වල ඒ රූට් එකේම ගිය සීටීබී බස් පාරෙ ගියේ හරියට සීමිත නැවතුම බස් වගේ. සෙනඟ පටව ගන්න නැවැත්තුවේ ...
සැලුන් කතාවක් (ජාතිවාදී අදහසින් නොවේ) Roshan Herath නිවාඩු දවසේ උදේ 9.30 ට විතර ටවුමට ගියා කොන්ඩෙ කපාගන්න.උදේම ගියෙ නැත්නම් සැලුන් එකේ සෙනඟ වැඩි වුනාම ගොඩක් වෙලා ඉන්න වෙන නිසා මම සාමාන්‍යයෙන් උදේම යනවා කොන්ඩෙ කපා ගන්න. (පුරුද්දක් වශයෙන් යන සැලුන් එකේ බෝඩ් එකක් ගහලා තියෙනවා උදේ 8.30 හවස 6.30 වෙනකන් විවෘතයි කියලා. ඒත් මීට කළින් වතා වල පවා 8.30 ට නෙවි 9.00 ට විතර සැලුන් එක ඇරපු ...
සිතට, හැඟීම් වලට වහල් වී සැපත සතුට සොයා ජනප්‍රිය වීම. Roshan Herath රටේ විවිධාකාර අය සිටින්නෝය. සමහරු ප්‍රසිද්ධය. සමහරු ජනප්‍රිය ය. තවත් සමහරු ජනප්‍රිය හා ප්‍රසිද්ධය. නමුත් ඒ හැම දෙනා වෙනුවෙන්ම ජනප්‍රිය හා ප්‍රසිද්ධ යන වචන පාවිච්චි කරන ආකාරයේ වරදක් දක්නට ලැබෙන්නේය. මේ වරද බොහෝවිටම කරන්නේ ජනමාධ්‍යවේදියාය. ඒ කිසියම් නලුවකු නිළියක හඳුන්වා දෙන විට වැඩිපුරම කියන්නේ ජනප්‍රිය තරුව කියාය. එතැනට සුදුසුම වචනය එය වන අවස්ථාද ඇත. ඒ වගේම නොගැලපෙන අවස්ථාද බොහොමයකි. කලාකරුවා ...
ඇංඩ්‍රොයිඩ් පෝං. මල් පැල හිටවන්න විතරයි. Roshan Herath මදැයි කාලෙකට පස්සෙ බ්ලොගේ පැත්තෙ ආවා. ලියන්න පටන් අරන් මාත්තුරුකාව දානකොටම පබිලිස් වෙලා.බලපු බලපු අත අැන්ඩ්‍රොයිඩ් හරි මොකක් හරි ටච් ස්ක්‍රීන් පෝං එකක්. කන් දෙකේ ඇබ ගහාගත්තු අය එහෙ මෙහෙ යනවා. ඒත් ඉතිං කීයෙන් කීයද ඒ පෝං එකෙන් සිංදු අහනවාට පේස්බුක් යනවාට කෝල් ගන්නවාට වඩා දෙයක් කොරන්නෙ?ඇංඩ්‍රොයිඩ් පෝං කියන්නෙ අපිට ඉතා හොඳ ගමන් සගයෙක්පාරක් හොයා ගන්න, නැතිතිනම් පොටෝ එකක් අල්ලන්න, ...
සෝෂල් ඩ්‍රින්කින් කරලා පාටියකදි වෙරි වීම Roshan Herath සමහරු ඉන්නවා මධුවිත ගන්න ගියාම සීමාවක් නෑ.. හිතන්නෙ තමන් පාටියට ආවෙ බොන්න, බීලා වෙරි වෙන්න කියලා. ඉතින් පාටියට ගිය ගමන්ම හොයන්නෙ බොන්න තියෙන්නෙ කොතැනදිද කියලා. ඉතින් වටේ පිටේ ඉන්න අය ඉස්සරහ ඇඹරි ඇඹරි ඉඳලා බොන්න ආරාධනාව ආපු ගමන් අනික් අය ඉස්සරහ තව තවත් ඇඹරි ඇඹරි දඟලලා ඉතින් යනවා බෝතලයක් හොයාන. ඉතින් පටන් ගන්නවා බොන්න. ඒ බොන්නෙත් බාර් එකට ගිහින් ...
අභිනික්මන [ චිත්‍රපට විචාරයක් නොව, නමුත් මගේ සිතුවිලි බිඳක් ] Roshan Herath අභිනික්මන... මේ ළඟදි දවසක ප්‍රදර්ශණය කරන්න පටන් ගත්තු තවත් සිංහල චිත්‍රපටයක්..තවත් කීවෙ අපි හැමදාම දකින රාමුවෙන් පිට පැනලා උඩුගම්බලා පිහිනන චිත්‍රපටයක් විදියට පෙන්නුවත් අනෙක් චිත්‍රපටි වලින් වෙනසක් දකින්න වෙන්නෙ ඉතාමත් සුලු කාරණා කීපයකින් නිසයි.මුලින්ම බැලුවම නම ගැන.. මම දැක්කා එකම නම ආකාර තුනකින් යොදාගෙන තියෙනවා . අභිනික්මන, අභීනික්මන, අබිනික්මන. විශේෂයෙන්ම පෝස්ටර් වලදි මේ ආකාර තුනම දකින්න ලැබෙනවා.. සමහරවිට මම නොදන්නවා ...
මේන්ටනනස් එකට කොම්පියුටරේ කූරියර් කළෙමි Roshan Herath බ්‍රහස්පතින්දා 5.15 පමණ මහත්තයා මම කතා කරන්නෙ xxxx එකෙන්. ඔයාලගෙ කොම්පියුටරයක් තිබුනා නේද මේන්ටනන්ස් වලට කතා කරපු. අපි කූරියර් එකේ කෙනෙක් එවන්නම් ඒ කොම්පියුටරෙ බොක්ස් එකක දාලා මේ ඇඩ්රස් එක ලියලා තියන්න පුලුවන්ද ?ඒක අපි බොක්ස් එකක දාලා තියෙන්නෙ. ගිය සිකුරාදානෙ අපි ඒක පැක් කරලා තිබ්බෙ.ඒකෙ මේ ඇඩ්රස් එක ලියලාතියන්න පුලුවන්ද?අපි ඇඩ්රස් එකත් අලවලා තියෙන්නෙ.පොඩ්ඩක් බලන්න පුලුවන්ද මේ ඇඩ්රස් එකද ...
ලිනක්ස් මගින් ඩොංගල් අන්ලොක් කරමු. Roshan Herath ඔබ සතුව කිසියම් ජාලයකට පමණක් පාවිච්චි කළ හැකි (අනෙක් ජාලයන්ගේ සිම් පත් සඳහා සහය නොදක්වන) ඩොංගලයක් තියේද? මේ වෙනකොට ඒ ඩොංගල් එක වෙනත් ජාලයක සිම්පතක් මගින් පාවිච්චි කරන්න අවශ්‍ය ද?sinhala translation is available at unlock network blocked dongles to use any sim card from any operator using linux කිසියම් ජාලයක් මගින් ඩොංගලය තම ජාලයට පමණක් පාවිච්චි කළ හැකි අන්දමට ලොක් ...
ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ? Roshan Herath රස්සාවට ගිහින් අවුරුදු දෙකකුත් වුනා.අවුරුදු දෙක ඉවරවෙනකොටම ලැබුනු ස්ථානමාරුව ජීවිතේ මේ තරම් වෙනස්කරාවි කියලා හීනෙකින්වත් නොහිතුනු හැටි...හැමදාම හවසට ගෑනුළමයාත් එක්ක මල් කඩපු එකත් අඩුවෙලා..හවසට නවාතැනට යන්නෙ හරිම මහන්සියකින්..ගිය ගමන් කන්න තියෙන දෙයක් කාලා ගන්නවා කෝල්එකක් ගෑනුළමයාට.. විනාඩි පහක් විතර කතා කරලා මහන්සියි කියලා නිදා ගන්නවා..උදේ නැගිටලා රස්සාවට යනවා.. රෑෙවලා නවාතැනට යනවා.. තව මාස කීපයකින් හොඳ පඩියකුත් ලැබෙන්න පටන්ගනීවි..ඉස්සර හවස හතරහමාර ...
උත්සාහය, ප්‍රචාරණය, නිදහස හා පරිගණක මෙහෙයුම් පද්ධති වෙනුවෙන් කඩේ යාම Roshan Herath පරිගණකය, දැන් නැතිවම බැරි මෙවලමක්. එකඟ වෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. පරිගණක මෙහෙයුම් පද්ධතියක් නැතිව පරිගණකය පාවිච්චි කරන්න පුලුවනිද? කියාවි බ්‍රව්සර් එක විතරක් පාවිච්චි කරලා ක්ලව්ඩ් පද්ධති වල දත්ත රඳවන්න නිපදවනලද නෙට්බුක් තියෙන බව. ඒ වුනාට අපි හැමෝටම පුලුවනිද ක්ලව්ඩ් මත විශ්වාසය තියාන ක්ලව්ඩ් එක්ක වැඩ කරන්න දැනට අපි පාවිච්චි කරන අන්තර්ජාල සම්බන්ධතා එක්ක. අනික ක්ලවුඩ් සර්විස් වෙනුවෙන් අපි යම් මුදලක් මාසිකව ...
ජනෙල් 9යි ලිනස් torvalds Roshan Herath විශ්වාස කරන්නත් අමාරු ප්‍රවෘත්තියක් දකින්න ලැබුනා හදිසියෙම.ලිනක්ස් (linux) වල නිර්මාතෘ, එහෙම නැත්නම් ජනෙල් වල බිල් අයියා එක්ක අවුරුදු 20ක් විතර තරඟ කරපු ලිනස් ටොවාල්ඩ්ස් (linus torvalds) බිල් (bill gates) අයියාගේ ජනෙල් 9 (windows 9) ව්‍යාපෘතිය එක්ක එකතු වෙන්න යනවාලු.අනේ අපොයි.සාමාන්‍යයෙන් විශාල පරිගණක පද්ධති සඳහා යොදාගත් යුනික්ස් මෙහෙයුම් පද්ධතිය සාමාන්‍ය පරිගණක වෙත අරන් ඇවිත් ජනතාවගේ ස්වේඡ්ඡා සහභාගිත්වයෙන් වැඩිදියුණු කරන්න පුලුවන් මෙහෙයුම් ...
බ්ලොග් අවකාශයෙන් එපිට සිංහල යුනිකෝඩ් පාවිච්චිය Roshan Herath සිංහල බ්ලොග් අවකාශයතුල දැනට සිංහල බ්ලොග් විශාල සංඛ්‍යාවක් පවතින අතර ඒවායේ සිංහල යතුරුලියනය කිරීමට විවිධාකාර ක්‍රම භාවිතා වෙනු දැකිය හැකිය. මොන ආකාරයෙන් සිංහල යතුරුලියනය කළත් බොහොමයක් පරිගණක වලදි sinhala unicode ස්ථාපනය වී ඇත්නම් අපට එම ලිපි පහසුවෙන් කියැවිය හැක. නමුත් බ්ලොග් අවකාශයෙන් එපිට ලෝකය දෙස බැලීමේදී පරිගණක යතුරුලියනය sinhala unicode පැමිණිමට පෙර තිබුනු තත්වයෙන් එපිටට ගොස් ඇත්නම් ඒ කලාතුරකිනි. එනම් ...
හැම දේකින්ම දෙක දෙක (එහෙ එකයි- මෙහෙ එකයි) Roshan Herath අයියා "පොඩිපින් චාජර් එකක්" තියෙනවාද?නෑ මල්ලි. ඒත් උඹ මේ ළඟදි දවසක නේද චාජරේ ගත්තෙ. ඒකත් කැඩිලද?නෑ අයියා. මම ඒක ගෙදර දාලා ඇවිත්ඒ මොකද බන් ගෙදර ගෙනිච්චෙ. උඹ වැඩියම ඉන්නෙ මෙහෙනෙ.ඉතින් අයියා ගෙදර ගියාම ෆෝන් එක චාජ් කරන්න ඕනනෙ.ඉතින් බං ගෙදර වෙනම චාජරයක් තියා ගන්න එපැයි. එතකොට අමතක වෙන් නෑනෙඒකත් නියම අයිඩියා එක. එහෙ එකයි- මෙහෙ එකයි. එතකොට ගෙදරත් මෙහෙ තියෙන ...
හයිවේ නැති අපේ ජීවිතේ. පාරට moving barriers සමඟ නව මංතීරුවක්. Roshan Herath අපි සාමාන්‍යයෙන් පොදු ප්‍රවාහනයේ ගමන් කරන අයය. ඒ තියෙන වාහනේ අරන් ගියොත් නවත්තන්න තැනක් නැති නිසාය. එක අතකින් ඒ ක්‍රමය හොඳය. තදබදය අස්සේ පැය ගණන් ඉන්නවාට වඩා පයින් යන එකත් හොඳය කියා සිතෙන්නේ පයින් ගියත් පැයට කිලෝමීටර 5ක්වත් යන්න පුලුවන්කොට බස්එකක් පිටකොටුවේ ඉඳන් දෙමටගොඩ හරියට එන්න පැයකට වැඩි කාලයක් ගතවන විටය. ඉස්සර ඔහොම නැතිය. හයිවේ හදන්න කලින් අපි සිකුරාදා හවස ...
දුක නැතිව ෂොපිං කරන්න, ඒ ගමන් පෝලිමේ තැනත් පරිස්සම් කරගන්න Roshan Herath සිංහලහින්දු අලුත් අවුරුදු උත්සවය ළඟ ළඟම ආවත් ඉස්සර තරම් දැන් අපිට අලුත් අවුරුද්ද නොදැනෙන්නේ ඉස්කෝලේ යන කාලේ වගේ දැන් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු නො දෙන නිසාය. රස්සාවට ආවාම අලුත් අවුරුද්ද නිවාඩු දවසක් කියන එක ද වෙනස් වුනේය. නමුත් පහුගිය අලුත් අවුරුද්ද දවසේ අපිට නිවාඩු ලැබුණේය. ඒ නිසා පන්සල් යන්නත් ගෙදර අය එක්ක කාලය ගත කරන්නත් ඉඩ ලැබුණේය.අලුත් අවුරුදු හෝ ලංකාවේ උත්සව ...
වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකය Roshan Herath අද මව්බිම කියවීමි. දැන් බාප්පලා අලුත් වැඩකට අත ගසා ඇත්තේය. එනම් තවත් පාර්ට් ටයිම් ජොබ් කට්ටකි. රෑට පාරේ යන වාහනවල මූණට එන වාහන වලට හෙඩ් ලයිට් ඩිම් නොකරන මාතලීලාට රුපියල් 2500ක් දඩ ගැසීමට පටන් ගන්නේය. ඇත්තය . හෙඩ් ලයිට් එක මූණට වැදුනාම ඇස් නිලංකාර වන්නේය. මූණට එන වාහන දැක්කාම හෙඩ් එක ඩිම් කරන්නැයි ලැයිසොම ගද්දී ඉගැන්නූවා මතකය. ඒ ලයිසොම ගන්නා ...