ටැංකිය පිරෙන්න ම තෙල් ගහලා පිනකුත් කරගනිමු. Roshan Herath කවදාහරි වාහනේ තෙල් ටැංකිය පිරෙන්නම තෙල් ගහලා තියෙනවාද? අනිවාර්යෙන්ම ඹව් නේද? ඒත් කවදාවත් හිතලා තියෙනවාද ෆුල්ටෑංක් ගහද්දිත් බොහෝවිට අපිට ගෙවන්න තියෙන මුදල අගට රුපියල් 500න් හරි 1000න් හරි එහෙමත් නැත්තන් 100න් සම්පූර්ණයෙන්ම ඉතිරි නැතිව බෙදෙන ගානක් වෙන්නෙ කොහොමද කියලා. මීළඟ වතාවෙ ෆුල් ටෑංක් තෙල් ගහද්දි පොඩ්ඩක් ටැංකිය දිහා බලන්න. ටැංකිය කට මට්ටමටම පිරිලා තියෙනවා කියලා පෙනෙද්දිත් තෙල් ගහන කෙනා ...
ඩෙබිට්කාඩ් ක්‍රෙඩිට්කාඩ් භාවිතයේ දී අත්සනට හිමි තැන... Roshan Herath මගේ ඩෙබිට් ක්‍රෙඩිට් කාඩ් කිසිවක පිටුපස සුදුපැහැ තීරුවේ මගේ අත්සන යොදන්න මම උනන්දු වුනේ නෑ මෙච්චර කාලයකට. නමුත් අද දවසේ සිදු කරපු මිලදී ගැනීමකදි මම කාඩ්පත ඉදිරිපත් කළාම එම කාඩ්පතේ අත්සන නැති බැවින් කාඩ්පත මත මගේ අත්සන යොදන ලෙස කවුන්ටරයේ මුදල් අයකැමිවරිය ඉල්ලා සිටියා. එම අවස්ථාවේ කාඩ්පත මත අත්සන යෙදීමට මම ප්‍රතික්ෂේප කළා මගේ කාඩ්පතේ මගේ අත්සන තහවුරු කිරීමේ අයිතිය ...
සෝෂල් ඩ්‍රින්කින් කරලා පාටියකදි වෙරි වීම Roshan Herath සමහරු ඉන්නවා මධුවිත ගන්න ගියාම සීමාවක් නෑ.. හිතන්නෙ තමන් පාටියට ආවෙ බොන්න, බීලා වෙරි වෙන්න කියලා. ඉතින් පාටියට ගිය ගමන්ම හොයන්නෙ බොන්න තියෙන්නෙ කොතැනදිද කියලා. ඉතින් වටේ පිටේ ඉන්න අය ඉස්සරහ ඇඹරි ඇඹරි ඉඳලා බොන්න ආරාධනාව ආපු ගමන් අනික් අය ඉස්සරහ තව තවත් ඇඹරි ඇඹරි දඟලලා ඉතින් යනවා බෝතලයක් හොයාන. ඉතින් පටන් ගන්නවා බොන්න. ඒ බොන්නෙත් බාර් එකට ගිහින් ...
අභිනික්මන [ චිත්‍රපට විචාරයක් නොව, නමුත් මගේ සිතුවිලි බිඳක් ] Roshan Herath අභිනික්මන... මේ ළඟදි දවසක ප්‍රදර්ශණය කරන්න පටන් ගත්තු තවත් සිංහල චිත්‍රපටයක්..තවත් කීවෙ අපි හැමදාම දකින රාමුවෙන් පිට පැනලා උඩුගම්බලා පිහිනන චිත්‍රපටයක් විදියට පෙන්නුවත් අනෙක් චිත්‍රපටි වලින් වෙනසක් දකින්න වෙන්නෙ ඉතාමත් සුලු කාරණා කීපයකින් නිසයි.මුලින්ම බැලුවම නම ගැන.. මම දැක්කා එකම නම ආකාර තුනකින් යොදාගෙන තියෙනවා . අභිනික්මන, අභීනික්මන, අබිනික්මන. විශේෂයෙන්ම පෝස්ටර් වලදි මේ ආකාර තුනම දකින්න ලැබෙනවා.. සමහරවිට මම නොදන්නවා ...
කඩුවට (ඉංගිරිසියට) බය වෙන්න දෙයක් නෑ.. Roshan Herath අයියා මට නම් මිස් කතා කරන තරම් හොඳට ඉංග්‍රිසි කතා කරන්න බෑ. ඒ වුනාට සුද්දෙක් ඇවිත් කතා කරද්දි මිස් ට වඩා ලේසියෙන් සුද්දා කියන දේ තේරුම් ගන්න පුලුවනි. මොකද මෙතැනට එන සුද්දන්ටත් හරියට ඉංග්‍රිසි බෑ. මටත් බෑ. අපි දෙන්නම කතා කරන්නෙ ගොලුභාෂාවත් කලවම් කරල කැඩුනු ඉංග්‍රිසියෙන් නෙ. මේ කතාව මට කීවෙ අපේ ශාඛාවෙ පුහුනුවට ආපු මල්ලි කෙනෙක්. ඒ මල්ලි විදේශ ...
ජීවත්වෙන්නෙ මුදල් හොයන්න නොවන බව තේරුම්ගත්දාට මිනිස් ජීවිතවලට විශාල සහනයක් සතුටක් දැනේවි... Roshan Herath දවසින් වැඩි කාලයක් ගෙවෙන්නෙ සල්ලි එක්ක. ඒ අතරෙ විවිධාකාර මුහුණු මුනගැහෙනවා. විවිධාකාර මුහුනු කීවෙ ඒ මුහුනු වලින් පෙනෙන හැඟීම් විවිධාකාර ස්වරූප ගන්න නිසයි.ඉතින් ඒ අය තමන්ගෙ මුදල් විවිධාකාරයට වියදම් කරමින් තමන්ගෙ ජීවිතේ ගෙනියනවා.නමුත් අපි දකින දෙයක් තියෙනවා සමහරු මුදල් සෙවීම තමන්ගෙ ජීවිතේම වගේ හිතාන මුදල් උපයනඑක ගැන විතරක්ම හිතාන ජීවත් වෙනවා.මට හිතෙන විදියටනම් අපිට මුදල් අවශ්‍යයි. ඒ ජීවත් වෙන්න. අපේ ...
ඒවුනත්.. ඉස්සර තිබුනු නිදහස් ජීවිතේ? Roshan Herath රස්සාවට ගිහින් අවුරුදු දෙකකුත් වුනා.අවුරුදු දෙක ඉවරවෙනකොටම ලැබුනු ස්ථානමාරුව ජීවිතේ මේ තරම් වෙනස්කරාවි කියලා හීනෙකින්වත් නොහිතුනු හැටි...හැමදාම හවසට ගෑනුළමයාත් එක්ක මල් කඩපු එකත් අඩුවෙලා..හවසට නවාතැනට යන්නෙ හරිම මහන්සියකින්..ගිය ගමන් කන්න තියෙන දෙයක් කාලා ගන්නවා කෝල්එකක් ගෑනුළමයාට.. විනාඩි පහක් විතර කතා කරලා මහන්සියි කියලා නිදා ගන්නවා..උදේ නැගිටලා රස්සාවට යනවා.. රෑෙවලා නවාතැනට යනවා.. තව මාස කීපයකින් හොඳ පඩියකුත් ලැබෙන්න පටන්ගනීවි..ඉස්සර හවස හතරහමාර ...