දූෂණය වීමේ වරදකරු; ගැහැණිය වීම සහ සමඅයිතීන් තීරණය කිරීමේ අයිතිය නිදහස් අදහස් 1 කොටස - දූෂණය; කාගේ වරදක් ද?කාන්තාවෙනි,මඳක් හෝ ශරීරය නිරාවරණය වන කෙටි ඇඳුමක් ඇඟලා සිටින විටෙක දී ඔබ දූෂණයට අතවරයට ලක් වුවහොත් එය ඔබේ වරදක් බව සිතට ගන්න. මන්ද යත්, තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන සිටි "අහිංසක" දූෂකයා එනම් වූ නොමනා ක්‍රියාවකට පොළඹවාගත්තේ ඔබ වීමයි.දිගු, එහෙත් තරමක් ලිහිල් ඇඳුමක් ඇඟලාගෙන සිටින මොහොතක දී එකී අපහරණය සිදු වූයේ නම් එයද ඔබේ වරදකි. ...
බුදුදහමට සහ සිංහල බුද්ධාගමට පහරදීම නිදහස් අදහස් ආගම පිළිබඳ මතවාදය සැලකිල්ලට ගත්විට මා වැටෙන්නේ "නිරාගමික" යන මතවාදයටයි. ආගම් ගැන සාකච්ඡා කරන විට සියලු ආගම් අතරින් මා වැඩියෙන්ම සාකච්ඡාවට ලක්කරන ආගම බුදුදහමයි.බුදුදහම ලෝකයේ ආගම් අතරින් සෑම අතින්ම හොඳම ආගම බව පිලිගන්නා මා එහි සෑම ඉගැන්වීමටම එකඟ නොවෙමි. එකඟ වෙන දේවල් සමඟ එකඟ වෙමි, සමහර ඉගැන්වීම් ගැන විශ්මයට පත්වෙමි. එකඟ නොවන දේ හා එකඟ නොවෙමි. ඒ එකඟ නොවෙන ඉගැන්වීම් ...
~ජාතිය අවජාත වීම~ නිදහස් අදහස් මහා ලැව් ගින්නක් වුව ඇරඹෙන්නේ කුඩා ගිණි පුපුරු වලිනි.වහා ගිණි ඇවිලෙන සුලු, ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු මාතෘකා අවිචාරශීලීව, තමන්ගේ දේශපාලන ඕනෑ එපා කම් වෙනුවෙන් භාවිතා කල හෙයින් මේ කේතුමතී පුරයට ගිණි ඇවිලුණේ වරක් දෙවරක් නම් නොවේ.කුමන මතයක් කුමන අදහසක් වෙනුවෙන් පෙනී සිටින කුමන පාර්ශවයක් වුවද ජනතාවට සංවේදී ඇතැම් මාතෘකා සම්බන්දව පෙනී සිටීමේදී ඉදිරි දැක්මකින් යුතුව විචාර ශීලී විය යුතුය.තමන්ට 'සත්‍යය' ...
Anonymous ; ව්‍යාජ නම්.. කොන්ද පණ නැති කම, කෙළින් අදහස් ප්‍රකාශ කිරීමට ඇති නොහැකියාව සහ සමාජයට මුහුණ දීමට ඇති බිය.. නිදහස් අදහස් සයිබර් අවකාශයේ ව්‍යාජ නාම භාවිතා කරමින් තම අදහස් ප්‍රකාශ කරන්නන්ට ඒ ගැන නොයෙකුත් ප්‍රශ්න වලට උත්තර බැඳීමට සිදුවන අතර එසේ ව්‍යාජ නම් භාවිතා කිරීම ගැන නොයෙකුත් අදහස්ද ඉදිරිපත් වනවා.ව්‍යාජ නම් භාවිතා කරන්නන්ට එසේ කිරීමට එක් එක්කෙනාට ආවේණික වූ හේතු තිබෙන්නට පුලුවන්. ව්‍යාජ නාමයක් භාවිතා කරන මටද මේ ප්‍රශ්න වලට උත්තර බැඳීමට සිදුවන නිසා ඒ ගැන මට පමණක් අදාලවන ලෙස ...
තමා කල කී දේ ගැන පසුතැවීම තේරුමක් නැත්තේ ඇයි? නිදහස් අදහස් පසුතැවීම යනු යම් අතීත ක්‍රියා සහ හැසිරීම් ගැන තමා තුල ඇති වන සෘණාත්මක හැඟීමක් ලෙස හැඳින්විය හැකියි. මේ හැඟීම බොහෝ විට දුක, ලැජ්ජාව, වරදකාරීබව, දොම්නස යන හැඟීම් හෝ ඒ හැඟීම් වල එකතුවකි. කෙනෙක් අතීතයේදී තමා ක්‍රියා කල ආකාරයට වඩා වෙනස් අයුරකින් ක්‍රියා කලානම්, හැසිරුනානම් යන සිතුවිල්ල නිසා පසුතැවීම හටගනියි. එසේම තමා සිදුනොකල ක්‍රියා සහ හැසිරීම් ගැනද එසේ සිදුනොකිරීම සහ නොහැසිරීම ...
දේශපාලන දැනුමට වඩා වැදගත් "රෙද්දේ දිග පළල" නිදහස් අදහස් මේ දිනවල බහුල ලෙස කතාබහට ලක්වන මාතෘකාව බවට පත්වී ඇත්තේ නිළියන් සහ ගායිකාවන් කිහිපදෙනෙක් මෙවර පළාත් සභාවට තරඟ කිරීමයි. මේ ගැන මුල සිටම කිසිම අදහස් ප්‍රකාශ නොකරන්න අදහස් කරගෙන සිටියත් මේ සිද්ධිය ගැන ඇති කතාබහේ අඩුවක් දක්නට නොලැබීම නිසා මේ සටහන ලිවීමට තීරණය කලෙමි.මේ අදාල නිළියන් සහ ගායිකාවන් දේශපාලනයට පිවිසුනායින් පසුව මෙවන් අදහස්, විවේචන, උපහාස, අපහාස බලාපොරොත්තු විය යුතුය. එසේ ...
කල් දැමූ නිවන මතක් වෙන වැලන්ටයින් දිනය නිදහස් අදහස් රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, ආගම වෙනුවෙන් ලේ හලන්න, සටන් කරන්න, මිනීමරන්න, පන්සිල් කඩන්න, පව් කරන්න... කොටින්ම සිය කැමැත්තෙන් නිවන කල් දාපු සිංහල බෞද්ධ වීර මහත්වරුන්ට නිවන් මගට යා යුතු බව මතක් වී භාවනා යෝගී වීමේ වටිනාකම මතක්වෙලා තියෙන්නේ වැලන්ටයින් දවසෙම නොවැ. නිවන් මග කල් දාලා ජාතිය වෙනුවෙන් සටන් කරන්න, යුද්ධ කරන්න ඕනේ කියලා කෑ මොර දීපු ඈයෝ නිවනට ලං වෙන්න ...
ආගම් විවේචනයට සහ උපහාසයට විවෘත කිරීම නිදහස් අදහස් ආගමක් යනු කුමක්ද? මේ ප්‍රශ්නයට එක් පිලිතුරක් ඉදිරිපත් කිරීම අපහසුයි. 'ආගම' යන වචනයට විවධාකාර අර්ථ දැක්වීම් දිය හැකියි. ආගම යනු ස්වභාවදර්මය, ජීවිතයේ හෝ විශ්වයේ ස්වභාවය සහ එහි අරමුණ, සදාචාරය (හොඳ, නරක) ගැන කියැවෙන විශ්වාසයක් හෝ විශ්වාස මාලාවක එකතුවක් කියන එකයි මගේ අදහස. නැත්නම් මම ඉහත සදහන් කල කරුණු ගැන සත්‍යයන් යැයි පැවසෙන අදහස් මාලවන් (truth claims) කියා හදුන්වන්න පුලුවන්.'ආගම' යන ...
(පක්ෂ)දේශපාලනය අරහං(ද) ? නිදහස් අදහස් මට දේශපාලනය අරහං කියලා කියන්නේ අනිත් අය වගේ ස්ටයිල් එකට නෙමේ. ඇත්තටම මට දේශපාලනය අරහං (ඔය කියන පක්ෂ දේශපාලනය තමා.. නැතුව කඩේට ගිහින් තේකක් බිව්වත් එතන දේශපාලනය තියෙනවා කියලා කවුදෝ කිව්වා) එක එක පක්ෂ වෙනුවෙන් කතා කරන මිනිස්සුන්ව මට පේන්නේ එක එක ආගම් බදාගෙන කිසිම තර්කානුකූල බවක් නැති, තමාගේම මතය හරියි කියලා කිසිම පදනමක් නැතුව ඔප්පු කරන්න උත්සාහ කරන පිස්සෝ ...
සිරස ටීවී නම් වූ ගඳ ගහන කුණු වල නිදහස් අදහස් සිරස ටීවී එකේ දේශපාලන ඇජෙන්ඩා ගැන වෙනම කතා කරන්න ඕන. ඒත් මේ කියන්න යන්නේ ඒ ගැන නෙමේ.ළඟදි මට අහම්බෙන් සිරස ටීවී එකේ විකාශය වෙන සටන දේශපාලන වැඩසටහන පැය භාගයක් විතර බලන්න අවස්ථාවක් ආවා. එවෙලේ ඒ වැඩසටහන බලන් හිටිය මගේ අවධානය ගත්තේ ආරාධිත දේශපාලකයින් ඉදිරිපත් කල අදහස් වලට වඩා ඔවුන්ගෙන් ප්‍රශ්න අහන්න හිටිය නිවේදකයින් (ජනමාධ්‍යවේදීන්, වැඩසටහන මෙහෙයවන්නන් හරි මොක්කු හරි) ඒ ...
සිංහලබුද්ධාගම, ඊනියා ආගමික සහජීවනය සහ අන්තවාදය ගැන.. නිදහස් අදහස් ලාංකීය සමාජයේ බහුතරයක් මිනිසුන් විසින් පිළිගන්නා ආගම වන්නේ ගෞතම බුදුන් විසින් දේශනා කරන ලද බෞද්ධ දර්ශනයයි. ලෝකයේ අතිමහත් බහුතරයක් මිනිසුන් සේම අප රටේ බෞද්ධයාද තම ආගම පරම සත්‍ය වූද, නිවැරදිවූද ආගම ලෙස පිළිගන්නේ එම ආගම තමාගේ පවුල් පසුබිමෙන් සහ සංස්කෘතියෙන් තමාට උරුම වූ නිසාවෙනි. එකිනෙකට වෙනස් සංස්කෘතීන් තුල ජීවත් වී ඒවා ආභාශයෙන් තම ආගමික මතවාද ගොඬනගා ගන්නා මිනිසුන් තනි පුද්ගලයින් ...
දේශපාලන සංස්කෘතියේ වැරැද්ද - "රෙද්දේ දිග පළල 2" නිදහස් අදහස් මීට අවුරුදු ගානකට කලින් ලංකාවෙ දේශපාලනය ගැන විශේෂ උනන්දුවක් තිබ්බ මම ඊට පස්සේ ගතවුනු කාලය තුල ලංකාවෙ දේශපාලන ක්‍රමය හා එයට ජනතාව දක්වන ප්‍රතිචාරය නිසා ඇතිවූ කලකිරිම නිසා දැන් එයින් සම්පූර්ණයෙන්ම ඈත් වෙලා ඉන්නෙ.පස්සේ හිත හදාගන්න ඕනෙ කමට ලංකාවෙ දේශපාලනය දිහා කාලගුණය ගැන හිතන විදිහට හිතන්න පුරුදුවුනා. මගේ පාලනයෙන් සම්පූර්ණයෙන් තොර ඒත් මට සම්පූර්ණයෙන් බලපාන දේවල් දෙකක් විදිහට.දේශපාලනය ගැන කතා ...
කන්‍යාභාවය, පතිවත සහ ලිංගික ඊර්ෂ්‍යාව නිදහස් අදහස් "පිරිමින්ගෙන් බේරාගෙනපිරිමින්ටම පුදනලෝකයේ උතුම් තෑග්ගකන්යාභාවයයි."කාන්තාව/කාන්තා ශරීරය කියන්නේ පිරිමියෙක්ට හෝ වෙනත් කෙනෙක්ට පුදන්න තියෙන තෑග්ගක් නම්, බඩුවක් නම් කතාව සත්‍ය විය හැක. තමා පුද්ගලයෙක් වශයෙන් තවත් කෙනෙක්ට පූජා කල හැකි තෑග්ගක් හෝ බඩුවක් කියලා හිතන කාන්තාවන් තමාව වෙනත් කෙනෙක්ට පූජා කරගන්න.තමා ආදරය කරන කෙනා තමාව සතුටු කිරීමට සිටින තමාට අයත් බඩුවක්ය, තමා සතුවිය යුතු දේපලක්ය කියලා සිතන පිරිමින් තමාගේ ජීවන සහකාරියගෙන් ...
අපි රැශනල් ආගම්කාරයෝ නිදහස් අදහස් අපි ආගම් අදහන්නේ ඔය අනෙක් මිනිස්සු වගේ නෙමේ. උන් ආගම් කාරයෝ. අපි එහෙම නෑ. අපි ආගම් හදාරල, තර්ක කරල සොයාබලා තමා තීරණය කලේ අපේ ආගම (උපතින් ලැබුන එක) නිවැරදිම එක කියල. අපි රැශනල් ආගම් කාරයෝ !! අපි තර්කානුකූලව හිතල තීරණය කලේ අපේ එක තමා හරිම එක කියල. අපි හැඟීම් වලට වහල් වෙන්නේ නෑ. අපි ආගම් ගැන හිතද්දි හරි තර්ක කරද්දි ...
බිග් මැච් සැනකෙළිය හෙවත් ගෝත්‍රික සටනට සූදානම් වීම නිදහස් අදහස් මේ දින වල පැවැත්වෙන 'බිග් මැච්' නම් වාර්ෂික පාසැල් සැනකෙළියේදී පාසැල් සිසුන්ගේ හැසිරීම නිසා ඒ ගැන අදහස් දක්වමින් මේ සටහන ලිවීමට සිතුවෙමි.පාසැල තුලදී වේවැල මඟින් සිසුන්ගේ සවභාවික ආකල්ප සහ හැසිරීම් අනවශ්‍ය ලෙස පාලනය කිරීම හේතුවෙන් ඔවුන් තුල යටගැසී ඇති වනචාරී තරමටම ගොඬනැගුන සත්ව ගතිගුණ මුලු සමාජයම ඉදිරියේ එළියට දැමීමට ඔවුන්ගේ පාසැල්වල පාලකයින් විසින්ම වේදිකාවක් ලබා දීම කුමන උත්ප්රාසයක් දැයි මට ...
වෙසක් සැමරීම ගැන විවේචන නිදහස් අදහස් වෙසක් පෝය සැමරීම ගැන සෘණාත්මක අදහස් සමහරු විසින් ඉදිරිපත් කරලා තියෙනවා දැක්කා. මේ කෙටි සටහන වෙසක් උත්සවය ඉලක්ක කරමින් එල්ල වූ ඒ විවේචන ගැනයි.මීට ටික දවසකට කලින් කිව්ව අලුත් අවුරුද්ද සැමරීම කියන එක ගැන තියෙන හැඟීමම තමා මේ වෙසක් පෝය ගැනත් මට තියෙන්නේ. සිංහල අවුරුද්ද, දෙසැම්බර් 31 රාත්‍රිය, උපන්දින වගේ එක් එක් අවස්ථා වලට මිනිසුන් යම් වැදගත්කමක් දෙනවා ඔවුන්ගේ මානසික ...
බින්දා නෙමේ යකෝ බිඳුනා... කැඩුවා නෙමේ යකෝ කැඩුනා.. වැට්ටුවා නෙමේ යකෝ වැටුනා.. නිදහස් අදහස් අත්වැරදීමකින් මාගේ බිරිඳ අතින් බ්ලෙන්ඩර් එක වැටිලා ඒකට සොරි ඩොට් කොම් වුනා මේ දැන්. මේ මනුස්සයාට තේරෙන්නේ නෑ කොච්චර කිව්වත් ගනන් ගන්න එපා කියලා.මම කිව්වේ මෙච්චරයි."බ්ලෙන්ඩර් එකක් අලුතෙන් ගන්න පුලුවන්. ඔයා අප්සට් එකේ ඉන්න මේ මොහොත ආයේ ගන්න බෑ. අත්වැරදීමක් නේ වුනේ. ගනන් ගන්න එපා. අපි අලුත් එකක් ගමු"සකසුරුවම් විදිහට, අරපරිස්සමින් වැඩකරන, වියදම් කරනවාට වඩා ඉතිරිකරන ජාතියේ කෙනෙක් වන ඇයට ...
දේව ලොජික් එක නිදහස් අදහස් දෙවියන්වහන්සේව මවන ලද්දේ කව්ද? දෙවියන්වහන්සේ සහ ජේසුස් යනු එක්කෙනෙක්ද දෙදෙනෙක්ද? ජේසුස් වහන්සේ කුරුසියේ දිවි පිදුවේ ඇයි?"දෙවියන්වහන්සේට ආරම්භයක් හෝ අවසානයක් නැත. උන්වහන්සේ ආරම්භයද අවසානයද වේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා වේ. ඔවුන් දෙදෙනාම එක්කෙනෙක්ද වේ. දෙවියන්වහන්සේ උන්වහන්සේගේ ස්වරූපයෙන් අපව මවා වදාළ නිසා අපද දේව දරුවෝ වෙමු.දෙවියන්වහන්සේ විසින් අපගේ පව් වලට සමාව දෙනු පිණිස උන්වහන්සේගේ පුත්‍රයා වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ශ්‍රී කුරුසියේදී ...
බුකියේ ටෝක් සැබෑ ජීවිතයේදී දැමීමට යාම නිදහස් අදහස් ඔබතුමන්ලා දකින මගේ මේ චරිතය සහ මා ඇත්තටම හිතන විදිහ මගේ සැබෑ ජීවිතයේ දී දන්නේ පවුලේ අය හැරුණු විට ලඟම මිත්රයින් දෙතුන් දෙනෙකු පමණි. මා ඇත්තටම හිතන විදිහ දන්නා යෙහෙලියක් සමඟ ඇතිවූ සංවාදයකි. මෙවන් දේවල් ගැන සැබෑ ජීවිතයේදී සංවාදයක් කල අවස්ථාවක් මට මතකයට එන්නේ නැත. පහත සංවාදය සැබෑ සංවාදයේ සාරාංශයක් වන අතර වචන සහ සමහර අදහස්ද වෙනස් කර ඇති බව ...
දරුවන් මහණ කිරීම, ළමා අයිතිවාසකම් සහ ශාසනයේ පිරිහීම නිදහස් අදහස් නීත්‍යානුකූලව හිමි වරණ බලය ලැබීමට පෙර වයසකදී දරුවකු සඟ සසුනට පූජා කිරීම මම දකින්නේ ළමා අපචාරයක් ලෙසයි. ඊට හේතු රැසක් තිබෙනවා. අතීතයේදී ලංකාවේ ඕනෑම කෙනෙකුට අධ්‍යාපනයක් ලබාගැනීමට හොඳම මාර්ගය පිරිවෙන් ක්‍රමය. නමුත් අද පවතින පිරිවෙන් ක්‍රමය සාමාන්‍ය පුරවැසියෙකුගේ අධ්‍යාපනය සඳහා සුදුසු නෑ. රාජ්‍ය අධ්‍යාපනයට විකල්පයක් ලෙස අපි පිරිවෙන් ක්‍රමය පිළිගත්තොත්, ශරියා සහ කුරාන අධ්‍යාපනය සපයන ඉස්ලාමීය පාසල්ද අපිට ලාංකික පුරවැසියෙකුගේ ...