ඉමිතියාස් බාකීර් මාකර් හෙළිකරන බෙදුම්වාදයේ මුල.(Truth Of Separatism In Sri Lanka.) මහා කළු සිංහලයා ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ පසුගිය 14 වැනිදා පැවැති විශේෂ මහා සභා රැස්වීම අමතමින් ජාතික සමගිය සඳහා වූ බාකීර් මාකර් මධ්‍යස්ථානයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකර් මහතා පවසන ලද මේ අදහස බෙදුම් වාදයේ මුල ලෙස කළු ජුලිය හෝ බණ්ඩාරනායක මහතා කල සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම ලෙස දකින පුද්ගලයන්න්ට හොඳ පිළිතුරකි. //ශ්‍රී ලාංකික ජාතියක් හැටියට නිදහස ඉල්ලා සිටි අවස්ථාවේදී ...
ගුගල් පරිවර්තකය සහ සිංහල භාෂාව සහ අනාගතය.(Future of Google Sinhala Translator) මහා කළු සිංහලයා මෑතකදී ගුගල් සිංහල පරිවර්තකය වැඩ අරඹන ලදී. ඒය ක්‍රියාත්මක වූ විට හුරේ කියා ඇතැම්හු ලිපි පළකලද. මටනම් එය ලොකු ජයක් නොවේ. මෙය මේ මට්ටමට ක්‍රියාත්මක කිරීමට හැකිවීම පිළිබඳව ඒ සඳහා මහන්සි වූ සැමට ස්තුතිය පිරිනැමිය යුතුය. මෙහි ඉදිරිය යහපත් කිරීම ගුගල් සතු වගකීමක් නොව අප සතු වගකීමකි. අපගේ යුතුකම නම් එය භාවිතා කර එහි වැරදි පෙන්වා දීමයි. දැනට පරිවර්තකය වැඩ ...
සංක්‍රාන්ති සමය.(Friday Of Change) මහා කළු සිංහලයා වෙනස් වීමෙන් තොර දෙයක් නැත. වෙනස් වීම පිළිඹඳ කනගාටු විය යුතු නොවේ. අද සිට ඉදිරි දින 100 හෝ කිහිපය තුල අපේ රට තුල යම් වෙනසක් සිදුවේ. මේ වෙනසට පෙර බොහෝ කටකතා තිබුනත් එම කටකතා බොරු බව ඇස්පනාපිට සනාථ විය. මහින්ද රාජපක්ෂ මහතා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නායකයෙක් ලෙස රට පාලනය කර පරාජය පිළිගෙන සමුගත්තේය. ඔහුගේ අවසන් ප්‍රකාශ වලින් පැහැදිලිව ඔහුගේ නොසලීමේ ...
ලැජ්ජාව මවටද?(Fucking sons of mother Sri Lanka) මහා කළු සිංහලයා ලොව විවිධ හැසිරීම් සහිත මිනිසුන් වෙසෙයි. ලංකාවේද එසේය විවිධ ලක්ෂන සහිත අය සිටියි. සමහරෙකුගේ අභ්‍යන්තර හැසිරීම ඉතා පිළිකුල් නමුත් එය භාහිරට නොපෙන්වයි. නමුත් ටික කලක් නිරීක්ෂණය කරන විට ඔවුන්ගේ සැබෑ තතු හෙළිවේ. සමහරෙක් හැසිරෙන්නේ පට්ට රැඩිකල් ලෙසය. දේශප්‍රේමී පොරවල් ලෙසය. දේශප්‍රේමය රෙද්ද පල්ලෙන් බේරුණු දෙදෙනෙක් ගැන විස්තර පසුගිය ලිපියේ පලවිය. එම ලිපියේ සඳහන් කලයුතු ප්‍රධාන චරිතය ගැන විස්තරය මම ...
මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව.(Is Sinhalese becoming a minority?) මහා කළු සිංහලයා යමෙක් අන් මත විවේචනය කරයි නම් මුලින්ම තම මතය නිවැරදිදැයි මුලින්ම විමසා බැලිය යුතුය තමන් වැරදිනම් සිදුවන්න්නේ තමාම විවේචනයට ලක්වීමකි. මේ සිද්දියට ලක්වන පුද්ගලයා නම් මාතලන්ගේ බ්ලොග් එකෙහි පලකරන ලද "සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි" නම් ලිපිය ලියන ලද චානුක වත්තේගම නම් පුද්ගලයාය. ඔහු විසින් ලියන ලද ඉහත සඳහන් ලිපිය අනුව පැහැදිලිව පෙනෙන කරුණක් නම් ඔහු තම මතය ප්‍රකාශ ...
අපි කප් ගැසුවේ sex වලින් පමණද? මහා කළු සිංහලයා මෙම වසර අවසාන වීම සමග බොහෝ තැන්වල පළවූ උණුසුම් පුවතක් වුයේ මෙවරත් ගුගල් හි sex නම් වචනය වැඩිපුරම සොයා ඇති රට ලංකාව බවය. මෙම පුවතට මුල් වුයේ google trends හි මෙම වාර්තාවයි. මෙය අනුව අංක 1 ශ්‍රී ලංකාව වන අතර එයට පසුව පිළිවලින් සිටින්නේ ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව, බංගලාදේශය, නේපාලය, සොලමන් දුපත්, පකිස්ථානය, පැපුවා නිවුගීනියාව, සහ වියට්නාමයයි. මෙම රටවල සමානතා කිහිපයක් ...
වැරදිකරු ගුරුවරයාද?(Who is Haim Ginott) මහා කළු සිංහලයා මෙම ලිපිය ලිවීමට පාදක වුයේ මෙයට වසර 13 කට පෙර මම උසස් පෙළ ලියනලද වසරේ මාගේ සංයුක්ත ගණිත උපකාරක පන්ති ගුරුවරයා වූ ජනක අබේවර්ධන මහතා දුන් නිබන්දනයක කවරයේ තිබුණු නිසදැසකි. එය මගේ හිතට හොඳටම අවශෝෂණය විය. එය දෙවන ලෝක යුද්ධය හා සම්බන්ද දෙයක් වන අතර සිංහල පරිවර්තනයකි. එහි පරිවර්තක කවුද කියා මා නොදන්නා අතර එම පරිවර්තනයද දැනට මා සතු නොවේ. ළඟදී එය ...
අන්තර්ජාලයෙන් මුදල් පිළිඹඳ යථාර්තය, ප්‍රෝඩාව සහ වංචාව(Truth Of Internet Money In Sri Lanka) මහා කළු සිංහලයා මම කලින් ලිපිය මහින් අප රට 2013 වසරේ ගුගල් සෙවීම් වලින් වෙන රටවලට සාපේක්ෂව ඉදිරියෙන් ඉන්නේ sex වලින් පමණක් නොවන බව පෙන්වා දෙන ලදී. එසේ ඉදිරියෙන් ඉන්න අනෙක් අංශ වලින් එකක් වන්නේ Internet Money හෙවත් අන්තර්ජාල මුදල් වේ. එබැවින් අනිවාර්යෙන් ඔබ ඒ ගැන අසා ඇති. සමහර විට ඔබ අන්තර්ජාලය මගින් මුදල් සොයනවා වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මෙය කියවන අය අතර ඉන්නවා ...
හුලං කාර් සහ ප්‍රෝඩා නිර්මාණකරුවන්(Truth about wind powered car) මහා කළු සිංහලයා දැනට වසර කිහිපයකට පෙර ලංකාවේ ඉන්ධන මිල වැඩිවීම සමග ප්‍රචලිත කරන ලද නව නිර්මාණ දෙකක් තමයි ජලයෙන් දුවන මෝටර් රථය සහ සුළඟින් දුවන මෝටර් රථය. ඒවා මාධ්‍ය වල ගිය මුල් කාලයේම මටනම් වැඩේ තේරුනා. කනබොන වෙලාවට යාළුවන් සමග මේ ගැන විවේචනය කරත් මේ ගැන මෙහෙම වත් ලියන්න බ්ලොග් කියලා දෙයක් තියෙන බව මම ඒ කාලේ දැනගෙන හිටියේ නැහැ. මේවා ප්‍රෝඩා ...
ඔබ සැමට අබ සරණයි!!! (#@#!@#! ^%$^$ @@##@$) මහා කළු සිංහලයා අබසරණයි කියන ප්‍රකාශය පසුගිය දිනවල ලොකු ආන්දෝලනයක් ඇතිකළා. සිංහලයන්ගේ සිංහල දැනුම පිළිඹඳ හෙළුව එමගින්ම ලස්සනට පේනවා. අබ කියන වචනයේ එක අර්ථයක් බුදුන් වන බව දන්නේ කීදෙනෙක්ද? අබසරණයි කියන ප්‍රකාශයේ නියම තේරුම් බුදු සරණයි කියන එකම බව දන්නේ නම් ඔය වචනය ගැන ලොකු කතාවක් යන්නේ නැහැ නේද? අපගේ භාෂා දැනුම ගැන ලජ්ජා වෙන්න ඕන. කාටර් ශබ්ද කෝෂය අනුව අබ කියන වචනය ...
ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ (A Story Of Touch Hole) මහා කළු සිංහලයා ගොම්මන් අඳුර වැටීම සමග රතු බණ්ඩා ගෙට ගොඩවූයේ රෑට මොනවා හෝ කා හේනේ පැල් රැකීමට යාමටයි. දින කිහිපයකට උඩදී කැන්දාගෙන ආ තම හාමිනේ ගෙදර තනිකර යාමට ඔහු සිත නොදෙයි. ඇයගේ මුහුණෙන් ඉරියවු වලින්ද අකමැත්ත ප්‍රකාශ වේ. ඔහේ රෑට පැලට යනවිට මමත් ඇන්න යන්න බැරිද? ලෙස ඇය ඇසුවේ බැරිම තැනය. තනියෙන් පැලේ සිටිනවාට වඩා හාමිනේ සමග යාමට රතු බණ්ඩා උඩින්ම කැමති ...
අඩුමිලට හීලියම් කාර්(Helium cars for sale in Sri Lanka) මහා කළු සිංහලයා අයවැයෙන් පස්සේ බහුතරයක් හූල්ලනවා වාහන මිල වැඩිවීම ගැන. සහ දුම් පරීක්ෂණ ගාස්තු වැඩිවීම පිළිබඳව. ඒ වුනාට මේ සැරේ අයවැය මගින් හීලියම් වාහන වල බදු අඩුකරලා තියෙන්නවා. හීලියම් කියන්නේ අපේ ගැහැණියෙක් පිරිමියෙක් කරන්න විතරක් බැරිව හිටපු JR මුත්තාටත් දහනය කරන්න බැරි වායුවක් නිසා. හීලියම් වාහන වලට දුම් පරීක්ෂණ වාර්තා අවශ්‍ය නැහැ. එක නිසා සාක්කුවට ප්‍රශ්නයක් නොවී එන අවුරුද්දේ ඉඳලා දුවන්න පුළුවන් ...
බුදු මේසය.(තුන් තේරවිල්ලක් නොවේ).(Buddha Table) මහා කළු සිංහලයා Buddha Head Table and Pouf මෙය මට අහම්බෙන් දැකගන්නට ලැබුණු වෙළඳ භාණ්ඩයක රුප පෙළකි. සිතට කණගාටුවක් දැනෙන මෙවැනි බොහෝ භාණ්ඩ අන්තර්ජාලය හරහා විකිනීමට තිබේ. මෙය 21st Living Art නම් ආයතනය විසින් සැලසුම් කර ඇති අතර මෙය ගැන විස්තර මෙම අඩවියේ ඇත. විදෙස්වල මෙන්ම ලංකාවේද වෙසෙන බොහෝ දෙනා බුදුදහමට සහ එය හා බැදී පවතින දේට අපහාස කිරීමට නැබුරුවක් පවතී. මෙය අද ඊයේ සිදුවූවක් ...
රෙද්ද පල්ලෙන් බේරෙන දේශප්‍රේමය(Shame of the bloggers) මහා කළු සිංහලයා සිංහල බ්ලොග් කරුවෝද සිරිලංකා ජනතාවගෙන් ගත් සාම්පලයක් ය. එබැවින් සාමාන්‍ය සමාජයේ මෙන් පට්ට ලෙස රැඩිකල් නමුත් විලිලජ්ජාවක් නැති පිරිසක් මෙහි වැජබෙන්නේය. එම අයගේද ක්‍රියාකාරීත්වය මේ දිනවල දේශපාලන උණුසුම සමග වැඩි වී තිබෙන්නේය. මොවුන්ගෙන් බහුතරය අදහන බුදු දහම අනුව ගත්තොත් යමක් අහවල් උන්නාන්සේ කියුවා, අහවල් පොතේ තිබුනා, කොටින්ම කියනවා නම් අහවල් රෙෆරන්ස් එක අනුව මෙසේ වන්නේය කියූ පමණින් පිළිගැනීම මෝඩ ...
පන්සලේ ජරමරේ...!!!(Crisis of ------------------------) මහා කළු සිංහලයා එක ගමක පන්සලක 'කපටි' පොඩි හාමුදුරු නමක් බණක් භාවනාවක් එහෙම කරං ගමේ මිනිස්සුන්ට ප්‍රශ්ණ ආවම ඒවටත් උපකාර කරං හිටියා... එයාට හැමෝම ලොකු හාමුදුරුවන්ටත් වඩා ගරු සත්කාර කරා.. කාලයක් යන කොට මෑන් බැලුවා දැන් මම තමයි පන්සලේ ජනප්‍රියම.. දැන් තමයි වෙලාව ලොකු හාමුදුරුවොන්ට ගේමක් දීලා පන්සලේ බලේ අල්ල ගන්න කියලා.. මේ පොඩි නම කාලයක් තිස්සෙ හිතේ හංගං හිටපු ආසාවක් තමයි... මේ ...
හුරේ මෙවරත් අපිම තමයි එක (We are the first) මහා කළු සිංහලයා ලංකාව කියන්නේ ආසියාවේ ආශ්චර්යම තමයි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. නැත්නම් දැනට බලන්න පුළුවන් දත්ත අනුව වසර 10 සමහර විට එයටත් වැඩි කාලයක් මේ අංශයෙන් ලෝකයෙන්ම එක වෙලා තියෙන්නේ අපේ අය. අපිව පරද්දන්න බංගලි කාරයෝ, ඉන්දියන් කාරයෝ, ඉතියෝපියන් කාරයෝ ලොකු ට්‍රයි එකක් ගත්තා මෙවරත් එත් අපි දිනුවා. මේ ජයග්‍රහණයට දායක වූ පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්, රාජ්‍ය හා පුද්ගලික අංශ ...
මගේ කතාව(War for Peace) මහා කළු සිංහලයා අපි අප අතරින් වැඩි පිරිසක් ජීවිතයෙන් වැඩි කලක් යුධ ගිනි අවුලුනු රටක ජීවත් වුනා. 83 කාලෙදී මම අත දරුවෙක් නමුත් මට රටේ යම් සිදුවීමක් වූ බව මතකයේ තෙබෙනවා. මීට වසර 6 කට පෙර අපි හිටියේ සිතියම බල බල යුදය ඉවර වීම දැක දැක සතුටු වෙමින්. මම පිලි නොගත් නමුත් කවදාවත් ඉවර කරන්න බැරි යයි සමාජ මතයක් තිබුණු යුධය ඉවර් වීම ...
ආයුබෝවන් මහා කළු සිංහලයා මම තොරතුරු තාක්ෂණ අංශයට සම්බන්ද තඩි කළු සිංහලයෙක්. මගේ දැනුම සහ අත්දැකීම් බෙදාගැනීම මෙය හරහා සිදු කිරීමට සුදානම්.