ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු වී දරුවකු බිහිවන අයුරු Kadathura ආයුබෝවන් අද දවස ඔබට කෙසේද? අද මා පළ කිරීමට යනුයේ මිනිසාගේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනය වී යුක්තානුවක් සෑදී දරුවකු බිහිවීම දක්වා විකාශනය වන , මෙතෙක් මා දුටු අපූර්වතම වීඩියෝව ඔබ වෙත ගෙන හැර දැක්වීමටයි. මෙය නරඹා ස්වභාවධර්මයේ අපූර්ව නිර්මාණයක් වන මිනිසා සෑදෙන අයුරු වටහා ගන්න. මෙම වීඩියෝව මා වෙත ලබා දුන් මා හිතවත් ගිහාන් නදීර සොහොයුරාට මම කෘතඥතා ස්තුතිය පුද කරමි ...
ලිංගික අතවර හෝ අපයෝජන හෝ ලිංගික බලපෑම් වලින් වැලකීම Kadathura ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා සාකච්ඡා කිරීමට යන මාතෘකාව අපගේ කඩතුරා බ්ලොගයේ වැදගත්ම මාතෘකා වලින් එකක් වන බව මම සිතමි. මෙය බොහෝ විට සමාජයේ සාකච්ඡාවට බඳුන් නොවූ එහෙත් කාන්තාවන්ට වැදගත් ම වන අතිශය සංවේදී මාතෘකාවකි. පෙරදී ලංකාවේ මැණිකක් අතින් ගත් කාන්තාවක් මධ්‍යම රාත්‍රියේ වුවද කිසිදු උපද්‍රවයකින් තොරව ඇවිද ගිය බවට පුරාණ කතාවක් තිබේ. එයින් පැවසනුයේ කාන්තාව ආරක්ෂිත බව ...
අපයෝජනයට, හිංසනයට හා දූෂණයට එරෙහිව නැගී සිටිමු Kadathura වර්තමානයේදී ලෝකයේ සෑම මිනිත්තු දහයකට(10) ට වරක්ම කිසිදු වයස් බේදයක් හෝ ලිංග බේදයක් නොමැතිව අයකු අපයෝජනයට , හිංසනයට හෝ දූෂණයට ලක් වේ. දහමෙන් ඈත් වූ ජීවිත නිසා බොහෝ දෙනෙකු අනෙකෙකුගේ ජීවිතය හෝගෞරවය පිළිබඳව අබ මල් රේණුවක තරම් වත් තැකීමක් නැති බව පෙනී යයි. විශේෂයෙන් ම මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑමට සිදුවන්නේ කාන්තාවන්ට සහ කුඩා ළමුන්ට වීම මෙහි ඇති ශෝකාන්තයයි. ...
ඔබගේ ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus පිළිබඳ ඔබ දැනුවත්ද? Kadathura ආයුබෝවන්! ඔබගේ ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus පිළිබඳ ඔබ දැනුවත්ද? කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ හරස් පැතිකඩක් ගැබ්ගෙල ශ්ලේෂ්මල හෙවත් Cervical Mucus යනු කාන්තාවකගේ ප්‍රජනක පද්ධතියේ ගැබ් ගෙලෙන් නිකුත් කරන ශ්‍රාවයන් වේ. මෙම ශ්‍රාවයන් පිටවනුයේ කාන්තාවක ගේ ආර්ථවයෙන් පසු ඩිම්බනීහරණයක් සිදුවීමට ආසන්නතම කාලයේදීය. මෙම ශ්‍රාවයන් දින 28ක සාමාන්‍ය ආර්ථව චක්‍රයක් හිමි කාන්තාවකගේ 08 වන දිනයේ සිට 18 වන දින දක්වා ...
sex කියන වචනය සෙවුමෙන් ලංකාව ඉතාමත් ඉදිරියෙන් ! Kadathura කණගාටුවට කරුණ නම් ලංකාවේ කීර්ති නාමය කොතන රැඳී ඇත්ද යන තැන මතයි. ලෝකයේ සියලුම රටවල් අභිබවමින් ගූගල් සෙවුම් යන්ත්‍රය හරහා SEX යන වදන සෙවීමේ ප්‍රමුඛයා වී ඇත්තේ , ආසියාවේ මුතු ඇටය වන් ශ්‍රී ලංකාවයි. කඩතුරාවේ අපි ලංකාවේ සියලුම පුරවැසියන් හට ලිංගික අධ්‍යාපනයේ සියලුම දැනුම බෙදා දෙත්දීත් මෙවන් වූ මානසික අසහනයකින් පෙළීම නිසා හෝ වෙනත් කාරණා නිසා මෙලෙස SEX යන ...
දරු ප්‍රසූතියෙන් පසු? Kadathura ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා සාකච්ඡා කිරීමට බඳුන් කරන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳවයි! මාගේ බ්ලොගයේ දිගු නිහැඬියාවකින් පසු නැවතත් ඔබ වෙත කරුණු දැක්වීම පිළිබඳ මා බෙහෙවින් සතුටට පත් වෙමි. පළමුවෙන් ම මා සකච්ඡා කිරීමට යනුයේ ඔබ දරුවා ප්‍රසූත කළ ආකාරය අනුව ඔබට සිදුවන වෙනස්කම් සහ ඒවාට මුහුණ දෙන අාකාරය වේ. ස්වභාවික යෝනි මාර්ගික දරු උප්පත්තිය ස්වභාවික දරු උපතකදී ඔබගේ ...
ලිංගිකව එක්වීම ඔබට වේදනාකාරියි ද? Kadathura ඔබ හෝ ඔබගේ සහකරු/සහකාරිය ජීවිතයේ කිසියම් දිනයකදී වේදනාකාරී ලිංගික එකතු වීමක් අත්දැක ඇත්ද? හෝ තවමත් අත්දකිනවාද ? එසේ නම් මේ ලිපිය ඔබ සඳහාම වේ.වේදනාකාරී ලිංගික එකතුවීම් සඳහා බොහෝ හේතු තිබිය හැකිය. එයින් සමහරක් මානසිකමය ගැටළු වන අතර බොහොමයක් කායික ගැටළු වේ. මානසික සහ කායික ගැටළු මෙසේ යැයි කියා එකිනෙකින් වෙනස් කළ නොහැක්කේ යම් අවස්ථා වල මේ එක් ගැටළුවක් නිසා ...
ඇයි මම එහෙම දෙයක් කරගත්තේ ? Kadathura “ඇයි මම එහෙම දෙයක් කරගත්තේ ?” එක් දිනක සිදු වූ එක් සිද්ධියක් නිසා කාන්තා ඔබ ජීවිතයේ සෑම දිනකම සිතින් දුක් විඳිනවා ඇති. එහෙත් මෙම පැනයට ලබා දිය හැකි එකම විසඳුමද තවත් පැනයකි. “ඇයි ඔබට එය එසේ සිදුවූයේ ? ”. ...
සතුටින් සිටින්න නම් දැන් ජීවත් වෙන්න!! Kadathura වර්තමානයේ බොහෝ දෙනා පිටතින් සතුටින් සිටිනවා සේ විදහා දැක්වුවත් , බොහෝ විට ඇතුළාන්තයෙන් ශෝකයෙන් , සාංකාවෙන් , බියෙන් , චකිතයෙන් සිටින්නෝ වෙති. අපගේ සතුට බොහෝ විට අප ළඟම ඇතත් බොහෝ දෙනා ඒවා බාහිර දේවල් වෙතින් බලාපොරොත්තු වෙති. උදාහරණ ලෙස ගතහොත් ඇතමෙක් තමා හට හැඩකාර තරුණියක ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතති. ඇතැම් කාන්තාවක තමා හට වත්කම් ඇති සැමියෙක් සිටියොතින් ...
මොකක්ද මේ Candidiasis ? Kadathura Candidiasis යනු දිලීරයක් නිසා සෑදෙන ආසාදන තත්ත්වයකි. මෙම තත්ත්වයට මූලික වන දිලීරය නම් යීස්ට් කුලයට අයත් Candida නම් දිලීරයයි. මෙය ඉතා බරපතල ආසාදන තත්ත්වයක් නොවූවත් බොහෝ සිත් තැවුලට පත් වන මහත් අසහනකාරී ආසාදන තත්තවයකි. සාමාන්‍යයෙන් අපගේ සම මත මෙම දිලිරය ඉතා අවම මට්ටමක පවතී. යම් යම් හේතු සාධක නිසා මෙම දිලිරය මිලියන ගණනින් ගුණනය වී ආසාදන තත්ත්වයන් ඇති කළ හැකි අතර ...
පළමු ලිංගික එකතු වීම............ Kadathura හිතවත් පාඨකය, මවිසින් මේ ලිපිය හුදෙක් පළ කරනුයේ බොහෝ දෙනෙකු මාගෙන්pataka.getalu@gmail.com යන ඊ ලිපිනය හරහා අසා තිබූ සමාන‘යුරු ගැටලු කිහිපයක් සලකා බැලීමෙන් අනැතුරුවය. විරුද්ධ ලිංගිකයන් දෙදෙනකු අතර ඇතිවන පළමු ලිංගික එක් වීම ඒ දෙදෙනාගේ දිවියේ වැදගත් සන්ධිස්ථානයක් වේ. මක්නිසාද එම මතකය , ඒ ආධ්‍යාත්මික හැඟීම සදාකල් මතකයේ පවතින තුරාත් , එම මතකය නැවත නැවතත් ආවර්ජනය කිරීමෙන් දෙදෙනා අතර තිබෙන ආදරය ...
නිවැරදි උපත් පාලන කොපු භාවිතය Kadathura ආයුබෝවන්! අද දවස ඔබට කෙසේද? අද මා කතා කිරීමට යන්නේ මිනිසාගේ ප්‍රජනන සෞඛ්‍යයේ ඉතාම වැදගත් උපකරණයක් / මෙවලමක් වන කොන්ඩමය හෙවත් උපත් පාලන කොපු පිළිබඳවයි. ...
ඔසප් දින වල ලිංගික එකතු වීම Kadathura ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද? මා අද සාකච්ඡා කිරීමට යනුයේ බොහෝ විවාහක යුවල මාගෙන් අසන ගැටළුවක් පිළිබඳව ය. මෙය බොහෝ කාන්තාවන්ට නිරස මාතෘකාවක් ලෙසද පිරිමින්ට කුතුහලය දනවන මාතෘකාවක් ලෙසද ඇතමෙක්ට ජුගුප්සාජනක මාතෘකාවක් ලෙසද අර්ථදැක්විය හැකිය. කෙසේ වෙතත් ලිංගිකත්වය සහ ලිංගික අධ්‍යාපනය සඳහා වෙන් වූ මෙම ලිපි පෙළෙන් කිසිවෙකු සාකච්ඡාවට බඳුන් නොකරන මෙවන් මාතෘකා සමාජගත කිරීම මාගේ අරමුණයි. ...
නිදි යහනේදී අඹු සැමියන් අතර සිදුවන සිත් රිදවීම් Kadathura ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද? ගැහැණියක සහ පිරිමියෙකු අතර ඇති විය හැකි උසස් ම සම්බන්ධය මෛථුන්‍යය යි. ආදරයේ නාමයෙන් මුල් කොට ගෙන සිදුවන මෙම සම්බන්ධය මනුෂ්‍ය සංහතියේම උසස් ම බන්ධනය ලෙස මම අරුත් ගන්වමි. එහෙත් මෙම කාරණාවේදී සෑම දෙයක් ම සැම දිනකම ඒ ආකාරයෙන්ම වේ යැයි බලාපොරොත්තු විය නොහැකිය. මක් නිසාද යත් සුප්‍රසිද්ධ සමාජ විද්‍යාඥයකු වන ආචාර්ය ජෝන් ...
මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ! Kadathura ආයුබෝවන් ! අද දවස ඔබට කෙසේද? “මම කවදාවත් එයත් එක්ක රණ්ඩු වෙලා නෑ...“ කවදා හෝ ඔබ මෙම වාක්‍යය අසා තිබෙනවාද? ඔබගේ මිත්‍රයන්ගේ ප්‍රේම කතා , ඔබ විශ්වාස කරන චරිත හෝ ප්‍රේම කතා වලදී ? පිළිතුර ඔව් නම් ඔබගේ මිතුරා/ මිතුරිය හෝ මෙම වාක්‍යය පැවසූ පුද්ගලයා ඔබට මුසාවක් පවසනවා හෝ ඔවුන්ගේ පවුල් හෝ ආදර සබඳතාව ඉතාමත් දුබල තත්වයේ පවතිනවා විය යුතුය. ...