මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy (http://beyond-the-galaxy.blogspot.com/) Latest Posts Most Popular Posts
දෙදරා ගිය තුන්ගුස්කාව මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy මේ උදෑසන කාලයයි. සයිබීරියාවේ පිටිසරබද ප්රදේශයකි. මහා ජල කඳක් උසුලා ගත් තුන්ගුස්කා ගංගාව නිහඬව ගලා බසිනු පෙනේ. ගංගාවට එපිටින් ඇත්තේ විශාල වනාන්තරයකි. මෙපිටින් සාරවත් ලෙස තිරිඟු වගා කළ ගොවිබිමකි. ගොවියන් කිහිපදෙනෙකු යුහුසුළුව යම්කිසි කාර්යයක නිරතව සිටිනු දිස් වේ. කාලය ගත වෙයි. එක්වරම සුළං කපාගෙන යන ශබ්දයක් ඇසේ. තම වැඩකටයුතු මදකට නතර කරන ගොවීහු විමතියෙන් වටපිට බලති. තත්පර කිහිපයක් නිහඬවම ගෙවී ...
පියවරක් ඉදිරියට... මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy මාස 10ක් ගත වී තිබේ. නොවැළැක්විය හැකි හේතූන් නිසා සම්පූර්ණ කාලය තුළ අඛණ්ඩව ලිපි පළ කළ නොහැකි වුවද, මේ ආ මග තුළ මන්දාකිණියෙන් ඔබ්බට වටා එක් වූ පිරිස බොහෝ ය. ලැබූ ප්‍රතිචාර බොහෝ ය.බ්ලොග් අඩවියේ පෙර තිබූ ස්වරූපය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් කර ඇති බව ඔබ දකින්නට ඇත. බාහිර ස්වරූපයේ පමණක් නොව අඩවි අන්තර්ගතයේද වෙනසක් ඉදිරියේදී සිදුවන බව දැනුම් දෙනුයේ සතුටිනි. ...
"මම ඔබ දෙස විමසිල්ලෙන් බලා සිටිමි." මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy අඟහරු වටා කක්ෂගත වී භූමිය පිරික්සීමේ අරමුණින් යුතුව නාසා ආයතනයේ Viking-1 යානය දියත් වූයේ 1976 දීය. තම ඉලක්කයට ළඟා වූ Viking යානාව පෘථිවි පාලක මැදිරිය වෙත අඟහරු පෘෂ්ඨයේ ඡායාරූප එවීම ආරම්භ කරන ලදී. මේවා එකින් එක පිරික්සන ව්‍යාපෘති භාර විද්‍යාඥයන් ගල් ගැසී ගියේ එහි තිබූ එක් ඡායාරූපයක් දැකීමෙනි. සැතැපුම් 2ක පමණ දිගින් යුතු වූ අතිවිශාල මිනිස් හිසක් අඟහරු භූමිය මත ...
සැබැවින්ම පිටසක්වළ ජීවයක් පැවතිය නොහැකිද? මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy අද වනවිට ඉතාමත් ජනප්‍රිය විෂය ක්ෂේත්රයක් වී ඇති පිටසක්වළ ජීවය පිළිබඳව හැදෑරීම මිනිසුන් තුළ ඇති කර ඇත්තේ නොසන්සිඳෙන කුතුහලයකි. එමෙන්ම මෙය නවතම සිද්ධි වාර්තා වීම්, නව සොයා ගැනීම්, උණුසුම් මතවාද හා තර්ක විතර්ක මගින් නිරන්තරව යාවත්කාලීන වන විෂයයක් බවට පත් වී ඇත. 20 වන ශතවර්ෂයේ සිට වර්තමානය දක්වාම විද්‍යාඥයන් විසින් විවිධාකාර තාක්ෂණික මෙවලම් යොදා ගනිමින් විවිධ ආකාරයේ පර්යේෂණ කර ඇතත් ...
මිනිසා ද පිටසක්වළ ජීවියෙකු නම්...? මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy පිටසක්වළ ජීවය පිළිබඳව වූ විෂය ක්ෂේත්රය මූලික වශයෙන් සරල හා සංකීර්ණ ලෙස කොටස් 2 කට බෙදා වෙන් කර දැක්විය හැකිය. හඳුනා නොගත් පියාසර වස්තු දර්ශනය වීම්, අත්භූත ජීවීන් දර්ශනය වීම් සහ වෙනත් පැහැදිලි කළ නොහැකි, අබිරහස් සිදුවීම් ආදිය ඉහත සඳහන් කළ සරල කොටසට අයත් වන අතරේ සංකීර්ණ කොටස ජීවයෙන් සපිරි වෙනත් ග්‍රහලෝක සොයා දියත් කෙරෙන පර්යේෂණ මෙහෙයුම්, විශ්වයේ අඳුරු පදාර්ථ ...
සත්‍යයත් අසත්‍යයත් අතරින් අතුරුදහන් වූ ආගන්තුකයා මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy රාත්‍රිය උදා වී ඇති බැවින් මුළු මාර්ගයම පාළු බවක් උසුලයි. එකදු මිනිසෙක්වත් දක්නට නැත. ඉඳහිට වාහනයක් දෙකක් මංසන්ධිය හරහා ඒ මේ අත යයි. එක්වරම ඉදිරිපසින් මංසන්ධිය වෙත අධික වේගයකින් පැමිණෙන්නේ ලොරි රථයකි. ඒ සමගම වම්පසින් බයිසිකල් රික්ෂෝවක් මංසන්ධියට ඇතුල් වෙයි. බයිසිකල් රික්ෂෝව අධික වේගයකින් යුතුව ඉදිරියට එන ලොරි රථයේ හැපී සුණුවිසුණු වී යාමට මොහොතකට පෙර දකුණුපසින් රික්ෂෝව දෙසට විදුලි එළියක් ...
ලොව කැළඹූ බර්මියුඩා ත්‍රිකෝණය මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy ලෝක සිතියමක් ගෙන එහි පුවටෝ රිකෝ දිවයිනුත්, ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි මයාමි නගරයත්, බර්මියුඩා දූපතත් එකිනෙකට යා කිරීමෙන් ත්‍රිකෝණයක් ලැබේ. මේ බර්මියුඩා ත්‍රිකෝණය නොහොත් යක්ෂයාගේ ත්‍රිකෝණය (Devil's Triangle) යි. ලොව තවමත් නොවිසඳුණු අභිරහස් වලින් එකක් ලෙස සැලකෙන මෙම ත්‍රිකෝණාකාර මුහුදු කලාපය තුළ වර්තමානය වන විට අතුරුදන් වී ඇති ගුවන් යානා හා නෞකා ප්‍රමාණය ගණනින් සිය ගණනකි. ඉන් සිදුවීම් කිහිපයක් ලෙස,1945 දෙසැම්බර් ...
බර්මියුඩා ත්‍රිකෝණයේ සැඟවී ගිය Flight 19 බලගණය මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy දිනය: 1945 දෙසැම්බර් 5වේලාව: සවස 4.30 ට පමණස්ථානය: බර්මියුඩා ත්‍රිකෝණය ඉහළ අහස මෙහෙයුම: Navigation Problem Number One පාලක මැදිරිය: ෆ්ලොරීඩා හි NAS Fort Lauderdale ගුවන් පාලක මධ්‍යස්ථානය"පාලක මැදිරිය, මේ Flight 19 බලගණයේ FT-36 ගුවන් යානය යි. අවසන් බෝම්බය ඉලක්කය වෙත පතිත කිරීමට සූදානම්.""FT-36, ඔබට අවසර ලැබෙනවා.""බෝම්බය සාර්ථකව පතිත වුණා. මෙහෙයුම සාර්ථකයි. Flight 19 බලගණය නැවත මූලස්ථානය වෙත පැමිණෙනවා."මිනිත්තු 40 කට ...
හඳුනා නොගත් පියාසර වස්තු සම්බන්ධ පර්යේෂණ ව්‍යාපෘති මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy පිටසක්වළ ජීවය පිළිබඳව මිනිසා සිත යොමන්නට පටන් ගත්තේ ඈත අතීතයේ සිටම වුවද, එය උන්මාදයක් වන තරමටම පැතිරී ගියේ 1950 දශකයේ මුල් භාගයේ සිටය. එම කාල වකවානුවේදීම මෙවැනි සිදුවීම් විශ්ලේෂණය කිරීම සඳහා විවිධ පර්යේෂණ ව්‍යාපෘතීන් ආරම්භ කෙරුණි. මින් බහුතරයක් ඇමෙරිකාවේදී ක්‍රියාත්මක කෙරුණු අතර ඒවාද සියල්ලම පාහේ ඇමෙරිකානු ගුවන් හමුදාව යටතේ පැවතිණි. ඒවා පහත දැක්වේ.සයින් ව්‍යාපෘතිය (Project Sign)1947 ජූනි 24 වන ...
පියාඹන පීරිසි..??? |දෙවන කොටස| මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy "අමුතුම හැඩයකින් යුතු වස්තූන් කිහිපයක් ඉහළ අහසේ ගමන් ගනිමින් තිබුණා. මේවා අධික වේගයකින් ගමන් කළත් කිසිදු ශබ්දයක් නිකුත් වූයේ නැහැ.""මගේ ගුවන් යානය පසුපස අති දීප්තිමත් ගෝලාකාර ආලෝකයක් හඹා එමින් තිබුණා. විනාඩි කිහිපයක් පුරාවට ගුවන් යානය ඉලක්ක කරගෙනම පැමිණි මේ අභිරහස් ආලෝකය ඊළඟ මොහොතේදී අතුරුදන් වුණා.""දහවල් කාලයකදී මෙන් හාත්පස ඒකාලෝක කරමින් විශාල යානයක් ගෙවත්තේ නවතා තිබුණා. එක්වරම ඉන් පිටතට ඇරුණු දොරක් ...
පියාඹන පීරිසි..??? |පළමු කොටස| මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy අද වනවිට ඕනෑම පුද්ගලයෙකු, "පියාඹන පීරිසියක්" යැයි කියූ පමණින් මේ කතා කරන්නේ කුමක් ගැනදැයි වටහා ගැනීමට තරම් මෙම වචනය ප්‍රචලිත වී තිබේ. එහෙත් වඩාත් හොඳින් විමසා බැලුවහොත් මෙම වචනය යෙදීම යම් පමණකට දෝෂසහගත බව පෙනී යනු ඇත. මුල් ලිපියේ ද සඳහන් වී ඇති ආකාරයට "පියාඹන පීරිසි" යන වදන බිහිවූයේ 1947 දී කෙනත් ආර්නල්ඩ් කළ ප්‍රකාශයක් හරහාය. නමුත් මේ වනවිට ...
ගමනක ආරම්භය...! මන්දාකිණියෙන් ඔබ්බට... Beyond The Galaxy කෙනත් ආර්නල්ඩ්"මම ඒ වෙලාවේ මගේ ගුවන් යානය පදවමින් සිටියේ රේනියර් කන්ද අසල ඇති කුඩා ගමකට අඩි 2000 ක් ඉහළ අහසේ. ඊළඟ මොහොතේ මම ගුවන් යානය වටයක් කරකවා සෙමින් ඉහළට නැග්ගේ කන්ද වටා තවත් වරක් යෑමේ බලාපොරොත්තුවෙන්. අඩි 9200 මට්ටමට ඉහළ නැගීමෙන් පසු එක්වරම අතිවිශාල ආලෝකයක් මගේ ඇස් මතට වැටුනා. එක් මොහොතකට මට සිතුණේ එය මා අසලින්ම ගමන් කල යුධ ගුවන් ...