ගැහැනිය, පිරිමියා සහ ලිංගික ප්රචන්ඩත්වය අන්ධ බින්දුව බස් රථයක් තුල සය දෙනෙකු විසින් කෲර ලෙස දූෂනය කරන ලද ඉන්දියානු තරුණියගේ මරණය ඉතා සංවේගජනකය.දින 13 ක් පුරා මරණය සමග සටන් වැදුනු ඇය අවසන තම ජීවිතය හැර දා ගියේ ප්‍රශ්නාර්ත කිහිපයක්ම ඉතිරි කර තබමිනි. ලිංගිකත්වය හා ප්රචන්ඩත්වය කවදා සිට එකට බැඳුනේ දැයි සොයා බැලීම වටී.සැබැවින්ම පිරිමින් ගැහැනුන් මතින් සිය බලය පැතිරවීමට ලිංගිකත්වය යොදා ගනු ලැබුවේ ගල් යුගයේ සිටමය. ...
තවත් සන්දර්ශන දෙකක් තුනක් අන්ධ බින්දුව 2014 වර්ෂය සඳහා වන අය වැය ලේඛනය මේ දිනවල ලහි ලහියේ සැකසෙමින් පවතී. රජයම පවසන ලෙස ශ්‍රී ලංකාව ආදායම් තව තවත් වැඩි කරගතයුතු අවදානම් අවස්ථාවක පසුවේ. ඔය කියන අවදානම කවදත් පැවතුන එකකි. මුල්‍ය කළමනාකරනය අතින් කවදත් අසමත් ලංකාව තම අසීමිත විදේශ ණය වාරිකය හා පොළිය ගෙවා ගැනීමටද වෙළඳ හිඟය පියවීමටද මගක් සොයමින් සිටී. හිතුමතේ මහාපරිමාණ ව්‍යාපෘති කරමින් ඒවායින් ලබන ප්‍රතිලාභද ...
පාර්ලිමේන්තුවට නොදන්වා ගෝඨාභය ඇමරිකාවට රට පාවා දුන් හොර ගිවිසුම අන්ධ බින්දුව පාර්ලිමේන්තුවට නොදන්වා ගෝඨාභය ඇමරිකාවට රට පාවා දුන් හොර ගිවිසුම ඇමෙරිකාව ලෝකයේ බොහෝ රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට විවිධ ආකාරවලින් මැදිහත්වන ස්වභාවයක් පෙනෙනවා. එයට හේතුව කුමක්ද? ඇමෙරිකානු රජය ක්‍රියාකරන්නේ මූලධර්ම දෙකක් මතයි. පළමුවැන්න හැමිල්ටෝනියන් (Hamiltonian Principle) මූලධර්මයයි. ඒ හරහා ඔවුන් ප්‍රකාශ කරන්නේ ඇමෙරිකාව යනු වාණිජ කටයුතු ප්‍රමුඛත්වයේ ලා සලකන දේශයක් බවයි. දෙවැන්න ජෙෆසෝනියන් (Jeffersonian Principle) මූලධර්මයයි. මෙහිදී අදහස් වෙන්නේ ඇමරිකාව ලෝකයේ අනිත් රටවල් ...
අපි ඔටුවොද...? අන්ධ බින්දුව නීතිය, අධිකරනය, පාර්ලිමෙන්තුව වනාහී බලවතුන් සුළුතරයකගේ අවශ්්යයතාවයට අනුව බහුතරය පාලනය කිරීමට හදාගත් පද්ධතියක් ක්‍රමවේදයක් පමණි. අවසානයේ බලවතුන්ගේ ධනය සමග යහන්ගත වී සියල්ලෝම සුරාන්තයට පත්වීමට පෙරුම් පුරයි. මෝඩ නූගත් අදක්ෂ සහ හැඟීම්බර මිනිසුන් සිටිනා තාක් කල් ඔවුන්ට පාලනය ගෙන යාමට පහසුය. රට, ජාතිය, ආගම, ජාතික කොඩි, ගීත, සංඛේත වලට මුලා වූ මිනිසුන් තම අධ්්යාත්මය ඒ තුල ගොඩ නගා ගනී. අවසානයේ ...
උත්තරීතර පොට් එක... අන්ධ බින්දුව බත් බැලයන් රන් කරනාතීන්දු තීරන ගන්නාඅපම නැහිලා පත් කරනාඅමන රැලක් රජ කරනා....හොරුන් මිනීමරුවන්කුඩ්ඩන් ත්රස්තවාදීන්සමගින් උගත්තු පොඩ්ඩක්නළුවන්ද නිලියන්ද ක්‍රීඩක මුදලාලිලා ද තීන්දු තීරන ගන්නාඋත්තරීතර පොට් එක......බැටළු රැල රක්නා ගොපළු බල්ලන් ලෙසිනාබොහෝ අය කියනානිසා බැලුවමි මදක් එබිලා.....ඇස්ගෙඩි දෙක ලොකු උනාදිව එලියට දික් උනාහනේ හපොයි කියවුනාසරමෙම සුලු දිය ගියා........තුන් වේලම ලාබෙටබඩත් කටත් පුරෝගන්නහරක් මසුත් හොඳට කන්න ගොල්ඩන් සිරප් බොන්නබයිට් කරගන්නමෝඩ ආතල් දෙන්නහැකි නිසා ...
වෘකයන් රජ කරන ඌරන්ට ගිය බැටළුවන්ගේ රට අන්ධ බින්දුව ඉතිහාසයේ කිසිදා නොවූ විරූ ලෙස ලාංකීය ජන සමාජය අවුලෙන් අවුලට ගමන් කරමින් පවතී. විටින් විට කරලියට පැමිනෙන විවිධ පන්නයේ සුනාමි වලට රැලි වලට හසුවන සමාජය ඒ ඒ යුගයේදී ඒ ඒ ආතල් රස විඳියි. මහ කොටියා මරා දමා සාමය රසවිඳී මට බලා සිටි හුදී ජනයා එවකට සිතා සිටියේ මේ සියල්ලට හේතුව කොටියා බවය.කොටියා නොමැති රටක සියල්ල කිරියෙන් පැනියෙන් ඉතිරී පැතිරී යන ...
ඔබේ කීකරුකම මට අවශ්‍යයි... අන්ධ බින්දුව ආදරනීය ජනතාවනි, ඔබලා දන්නවා ඇති දශක දෙකකට ආසන්න කාලයක් පැවති යුද්ධය මා විසින් නිමා කලා.දැන් ඔබලාට බිය සැක නැතුව ඕනම මොහොතක පාරෙ බැහැල යන්න පුලුවන් බිය සැක නැතුව පාරෙ හිඟාකන්න උනත් පුලුවන් වටපිටාවක් මම ඇතිකලා.ඔබලා පුල පුලා බලාසිටි දියසේන් කුමරා මමයි.ගැලවුම් කරුවා මමයි.පර ජාතික බලවේගවලට බිය නැති ඔබගේ ආරක්ශකයා මමයි.මාගේ දෙපතුල් ලඟ ඔබ සුරක්ශිතයි.මා ලඟ වැඳ වැටෙන්න මගේ දෙපතුල් ලෙවකන්න ...
මරණය ගැන යලි කියවීමක්... | A story about death... අන්ධ බින්දුව ජීවත්වන අප අසන්නට පවා අකමැති වචනයක් වන "මරණය" ගැන ආපු අදහසක් මේ විදිහට අකුරු කරල දාන්න හිතුනා. මේ ලෝකේ නටන නටුම් ඔක්කොම අහවර කොරල අන්තිමට යන්න තියෙන ගමනට කල්තියා ලෑස්තිවෙලා අවබෝධයකින් ඉන්න එක අපි කාටත් හොඳයි නෙව. අමුතු විදිහක් ඕකේ නැහැ. අපේ කැමැත්තක් ඉටුවීමක් නැත්නම් ආශිර්වාදයක් තමා මරණය කියන්නෙ. අපට උවමනා පරිදි අපේ කැමැත්ත ඉටුවීමක් කියල කිව්වම මට ගල් ගහන්න ...
අතීත සුවඳින් බිඳක්... | old paper advertisements-sri lanka අන්ධ බින්දුව "මේ කාලේ මෙහෙම නම් ඒ කාලේ කොහොමට තියෙන්න ඇත්ද.?"නිතර ගොඩක් අයට හිතෙන වගේම කියවෙන දෙයක්නේ ඒ වචන පේලිය. එහෙම හිතෙන අයට වටින කියන චායාරුප ටිකක් අහම්බෙන් වගේ මට බලන්න ලැබුනා. අතීතාවලෝකනය හරිම සුන්දර හගීම් දනවන්නක්. අතීත සමාජ රටාවන් හරිම රසවත් විදිහට දැනෙන්නෙ අපට ඒ ජීවන සුවඳ යලියලිත් විඳ ගැනීමට පවතින ගුප්ත ආශ්වාදයක් නිසාද මන්දා. ඒ සුවඳ ඒ මිහිරියාව ඒ ...
කල යුත්තේ කුමක්ද?| What's to be Done අන්ධ බින්දුව සුපුරුදු පරිදි රජයට වැඩි වාසි ගෙන දෙමින් පලාත් සභා මතිවරනය අවසන් විය.මේ පිලිඹඳව කිසිවක් නොලියන්නෙමැයි සිතා සිටියද පලාත් සභා සතු ඉඩම් හාපොලිස් බලතල පිලිඹදව සිදු කෙරෙන කතිකාවන් හා ඊට අදාල නඩු තීන්දුවක් කරලියට පැමිණිය නිසා මෙය ලියා තබන්නට සිත්විය. සැබෑ ලෙසම දෙමළාට තිබෙන ප්රශ්නය කුමක්දැයි තවම සිංහලයාට වැටහී නොමැත. සිංහලයාට උවමනා කුමක්දැයි දෙමළාටද වගේ වගක් නැත. මැතිවරනයේ දී ජනතාව ...
A/L ඉවරයි ඉතින් ? අන්ධ බින්දුව මධුර ප්‍රභාෂ්වර (චායාරුප ෆේස්බුකියෙනි ) රසවිඳින්න කියල මෙලො දෙයක් නැති අතරෙ ජාතික රූපවහිනියේ මේ දවස්වල හරිඅපූරු කතාවක් යනවා. උසස් පෙළ ඉවර කරල තමන්ගෙ ජීවිතය හොයාගෙන යන තරුණතරුණියන් පිරිසක් ගැන. ඇත්තටම අවුරුදු 13 ක් තිස්සේ ඉස්කෝලේ ගිහිල්ලා නීති රාමුවක් ඇතුලේ කොටු ගහල ඉරි ගහල හදපු යව්වනයේ එලිපත්ත යන්තමින් පන්නපු තරුණ පිරිසක් සමාජ චරිත බවට පත්වෙන ඒ යුගය හැමොගෙම ජීවිත වල ලොකුපෙරළියක් ...
පාප් වහන්සේ ගේ සිපගැනීමේ සදාචාරය නොහොත් අනෙකාගේ හෙළුව රස විඳීම අන්ධ බින්දුව මෙම සිදුවීමට පාප්වහන්සේගේ කිසිදු සම්බන්ධයක් නොමැති නිසා එතුමාගේ චායාරුපයක් ඇතුලත් නොකරන ලදී "පාප් වහන්සේ මුස්ලිම් කුමරියක සිපගනී" යනුවෙන් ලොමු ඩැහැගන්වෙන ඇඟ කිලිපොලා යන පුවතක් එක්තරා වෙබ් අඩවියක වාර්තාකර ඇත.මිනිසුන් හරි පුදුමාකාරය.පුදුමාතලන් වලටත් වඩා පුදුමාකාරය. ඔවුන් තමා ඇඳුම් හැඳ සිටිනා ගමන් අනෙකා හෙලුවෙන් සිටිනු දක්නට ප්‍රිය කරයි.අනෙකාගේ හෙලුව රසවිඳ ප්රමෝදයට පත්වනවා පමනක් නොව අනෙකා නිරුවත්කර හෙලුව රසවිඳීමටද බලා සිටී.බොහෝ බටහිර ...
සියවසේ කථාව අන්ධ බින්දුව 1940 දී රූගත කළ "The Great Dictator" නම් ප්‍රහසනාත්මක නාට්‍යය නරඹා තිබෙනවාද? එතෙක් වේදිකාවේ නිහඩ චරිතයක් වූ චාලි චැප්ලින් නම් අසහාය රංගධරයා නිර්මාණවේදියා ප්‍රථම වරට වේදිකාව තුල තම හඬ අවධිකලේ මෙම "The Great Dictator" නම් නාට්‍යයෙන්.මෙහි තිර රචනය අධ්‍යක්ෂනය නිශ්පාදනය ඔහු සතුයි.එම වකවානුවේ අමෙරිකා එක්සත් ජනපදය මතුපිටින් ජර්මනිය සමග සාමයෙන් කටයුතු කල යුගයක්.හිට්ලර් මුසොලිනී වගේ අන්තවාදී ඒකාධිපතියන් ඉතා තදින් ...
රතු පසේ ලේ නැතේ.... අන්ධ බින්දුව රතු ලේ ගලා ලාරතු පසේ තැවරිලාපසත් රතු හින්දාකා හටත් නොපෙනිලා.......මූසල නිහඬ බව වේදනයි මේ හිතටකිසිත් සිදු නොවූ ලෙසඉඳින්නේ කෝම........තිරිසනුන් රජ කරනපාදඩ රාජ්ජේ අගරජු පියානේ ලේ බියන් මාගේ........when exposing a crime is treated as committing a crime,you are ruled by criminals -Anonymous ...
නමය මාගේ ඝාතකයා අන්ධ බින්දුව සියදිවි නසාගැනීම් බොහොවිට අප අත්දැක තිබෙනවා.මෙවන් ඛේදනීය සිදුවීම් පසුපස බොහෝවිට දුක්බර කතාවක් හැංගිලා තියෙනවා කියල තමා අපට ඇහෙන්නේ.අර සුවර්ණ වර්ණ නාලිකාවේ පෙන්වන්නේ රස කර කර.නමුත් බොහෝමයක් කතාවල ඇත්තටම තියෙන්නේ තමන් වටේ පවතින සමාජය හෝ ගතකරන සමාජ ජීවිතය විසින් මරණ දඩුවමට ලක් කරපු මිනිසුන්.ගොඩක් අය හිතන් ඉන්නේ තම ගතකරන සමාජ ජීවිතය තමන්ගේ ඇත්ත ජීවිතය කියල.නමුත් බහුතරයකගේ සැබෑ ජීවිතය හා සමාජ ...
ලිකාරස් ගේ පාඩම (paradigm of licarus) අන්ධ බින්දුව ඔන්න මම කතාවක් අනුසාරයෙන් ලියන මුල්ම ලිපිය ලියනවා.හැමෝම කතන්දර ලිව්වම ඒකේ ගතියකුත් නැහැ නොවැ. මොනව උනත් මේකට කතාවක් සම්බන්ධ නිසා නොලියම බැහැ.මේක අපේ විස්ස විජ්ජාලේ ඉංජීනේරු දර්ශනය සම්බන්ධ පාඩම් මාලවකදි ඉගෙන ගත්ත කතාවක්. ඒ නැතත් ඉතිහාසය සාහිත්‍ය වගෙ විෂය ගැන දන්න කියන උදවිය මෙ කතාව අහලත් ඇති.මෙකයි ඔය කියන කතාව. ග්‍රීසියේ එක්තරා කාලෙක හිටියලු තාත්තෙකුයි පුතෙකුයි. පුත්‍රයගේ නම තමයි ...
කුලේ- ගෝත්‍රිකත්වයේ සිට ශිෂ්ටත්වය කරා 1 අන්ධ බින්දුව --> මෙ දවස්වල කුලේ ගැන කට්ටියම කතා වෙනවනේ අර එංගලන්තකාරයෝ පරද්දන්න මතක හිටින ක්‍රිකට් ඉනිමක් ක්‍රීඩා කල කුලේ නොහොත් නුවන් කුලසේකර. එත් මෙලිපිය උන්දැ ගැන නෙවෙයි. තාමත් කසාද බදින්න පත්තරවල දාල තියන add වලතියෙන කුලේ ගැනයි.ඉන්දියානු බ්‍රාහ්මණයන්ට අනුව මහා බ්‍රහ්මයගේ කටින්උරයෙන් කලව වලින් යටි පතුලෙන් නේ උන් ඉපදිලා තියෙන්නේ.අපෙ කට්ටිය සමහරුසිංහයන්ගෙන්,රාවණ පරපුරේ හෙලයන්ගෙන්, විජයගෙන්, වානරයන්ගෙන්, වගේ නොයෙක්නොයෙක් සම්භවයන්ගෙන් පැවතගෙන ...
ආඬි හත් දෙනාගේ කැඳ හැළිය නොහොත් 21 වර්ජනයේ කඳුළු කතාව... අන්ධ බින්දුව 21 වනදා වර්ජනයක්ද මොකක්දෝ එකක් තිබුණා යයි රට්ටු කථාවෙති.වර්ජනය අසාර්ථකයි රජයේ මාධ්‍ය බුරා වැටෙති වර්ජනය සාර්ථකයැයි වර්ජකයෝ කියතියි සිරස කියති.කුරිරු අති භයානක ලෝකයෙ ප්‍රභලම ත්‍රස්තවාදය පැරදවූ මේ රජයට එරෙහිව වැඩ වැරීම ගුණමකු කමක් යයි හොරෙන් හොරෙන් රෙදි හෝදන නඩය හොරෙන් හොරෙන් කියති.අවංකකම කළගුණ සලකීම ඉවසීම වැනි උතුම් ගුණධර්ම සහිත මිනිසුන් අප බවින් කවුරුන් හෝ අරින්න ආවත් පශ්චාත් භාගය නිසිපරිදි ...
පනින රිලවුන්ට ඉනිමං (ටෝ බ්‍රවුසරය-tor browser) අන්ධ බින්දුව මෙම ලිපිය ෆෙස්බුකියේ සැරිසරද්දී අහම්බෙන් මෙන් හමුවු වූවක් වන අතර අනාගතයේ හෝ කාට කාටත් ප්‍රයෝජනවත් විය හැකි නිසා blog වාසීන් වෙත අමු අමුවේ ගෙඩිය පිටින් ඉදිරිපත් කරමි.මේ පිළිබද දන්නා අයවලුන් බ්ලොග් අවකාශයේ ද සිටිය හැක.මෙහි මුල් ලිපිය වෙන කොහේ හෝ පලවී ඇති බව දුටුවොත් මා දැනුවත් කරන්න. එවිට රචකයාගේ අවසරය ගෙනම ඉදිරිපත් කළ හැක. මුල් රචකයාට තුති පුදමි.....අන්තර්ගතය පිළිබද ...