හිනා කාලා නැගිටිනවා! නිසල නිර්මාණ කාලෙකට පස්සෙ exam අස්සෙම වුනත් මේ පැත්තෙ ඇවිත් යන්න හිතුනෙ රසවත් කථා වස්තුවක් සෙට් වෙච්ච නිසා..ඔන්න ඉතින් කෙලින්ම කථාවට බහිමුකෝ...මේක ගිය සතියෙ දවසක මගේ හොඳම යාලුවෙක් එක්ක වෙච්ච පොඩි talk එකක්!යාලුවා : "මචං මාර සීන් එකනේ මම උඹව මැරිල ඉන්නව හීනෙන් දැක්කානේ.."මම : "අම්මට සිරි එහෙමද.... ඇත්ත වෙයිද දන්නෙ නෑ.."යාලුවා :"අහපන්කෝ ඉතින් හොඳම සීන් එක.... උඹ දැන් මැරිල මිනි පෙට්ටියේ ...
ආදරය අන්ධයි! නිසල නිර්මාණ දවල් 12 ට ඇඳට වැටුනු මට ඇහැරුනේ රෑ අටට..missed කෝල් 33යි.. unread මැසේජස් හතරයි..ඉතින් බැලුව එකින් එක කෝල් කර කර රීඩ් කර කර..මගේ අඹ යහලුවෙක්ගෙන් මැසේජ් දෙකක්ම ඇවිත් තිබුනත් දෙපාර කියවනකොටයි තේරුනේයාලුවට ලොකු වැරදීමක් වෙලා වගේ කියල.....හිනාව තද කරගෙන මැසේජ් දෙක කියවල ඉවර වෙනකොට නම්මට හොඳට තේරුම් ගියා ආදරය අන්ධයි කියන්නේ නම් බොරුවට නෙමෙයි කියල. නැත්නම් ෆෝන් බුක් එකේ කොන් ...
ජෝෂුවා, නික්ලස් කොපර්නිකස් සහ අපේ ආච්චි නිසල නිර්මාණ ජෝෂුවා 10ජෝෂුවා සමිඳාණන් වහන්සේට කතා කොට, මුළු ඉශ්රායෙල්වරුන්ගේ ඇස් හමුයෙහි මෙසේ කීවේය:"එම්බා සූර්යය! ගිබියොන්ට ඉහළින් නොසෙල්වී සිටින්න;එම්බා චන්ද්රය! අයාලෝන් මිටියාවත ඉහළින් එසේම සිටින්න."13 එවිට සෙනඟ තමන්ගේ සතුරන්ගෙන් පළිගන්න තුරු සූර්යයා නැවතී සිටියේය; චන්ද්‍රයාද නැවතුණේය. සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැස යාමට ඉක්මන් නොවී අහස මැද සිටියේය.ආච්චී මේ බයිබලේ තියෙන්නෙ හෙණ බොරුනේ... ජෝෂුවා ඉර කැරකෙන එක නැවැත්තුවා කියන්නේ…..බොරු!.. මොනවද බොරු... ඔව්! ඉර ...
බොහෝ දේ වෙනස් වී ඇත. නිසල නිර්මාණ නතරකළ මෝටර් රථයේ, රියදුරු අසුන හැර නොගිය මා, ඉදිරියේ දිස්වූ විචිත්‍රවත් වන දසුන දෙස මොහොහොතක් බලා සිටියෙමි.... ඒ සොඳුරු දසුන නම් සැබවින්ම හුරුපුරුදුය.දෙනෙත්ලොකු කර.. නිකට උස් කර.. නළල රැලි නොකර.. ඕනෑකමින් කිසිවක් දෙස බලා සිටිනා.. ඒ අසමසම වූ ඇගේ පියකරු වතමඩල, එවිටමමොහොතකට මදෙස බලා විරිත්තුම් සිනහවකින් මට සංග්‍රහ කළාය.ඒ නිලැති ඩෙනිම් කලිසම, දම් පාට ටී-ෂර්ටය, මගේ සොදුරු මතක පොතේ මුල් ...
අවදි වීම නිසල නිර්මාණ නින්දෙන් ඇහැරුනු මට මුලින්ම ඇහැට වැටුනෙ , කෝච්ච් පෙට්ටියේ මැද පොල්ලට හේත්තු වුන,තාත්තව බදාගෙන, හිටගෙන, බාගෙට නිදන් උන්න කිරිසප්ප කෙල්ලයි කොල්ලයි.කොල්ලට අවුරුදු 5ක්, කෙල්ලටත් 7ක් ඇති අඩු මිසක් වැඩි නෑ.පොඩි කොල්ලා බාගෙට ඇරුනු ඇස් දෙකෙන් මා දිහා බලන් හිටියෙ හරියට, අපි කන්න අතට ගත්ත කෑමක් දිහා බලන් ඉන්න බඩගිනි වෙච්ච පුංචි බලු පැටියෙක් වගේ.එක පාරම මම නැගිට්ට නෙමෙයි, ඉබේම නැගිට්ටුනේ, ...
ජීව රසායනික විද්‍යාව නිසල නිර්මාණ දුව ක්ලාස් යන්න පරක්කු වෙන්නෙ නැද්ද?මොනවද ඔය කම්පියුටරය බදාගෙන තාමත් කරන්නේ..හරි හරි අම්ම මේ ඉවරයි..කලින් දවසේ chemistry ක්ලාස් එකේ තේරෙන්නෙ නැති ඒවා වගයක් ඉන්ටෙර්නෙට් එකේ සර්ච් කලා..මේ chemistry නම් මට දැන් එපා වෙලා තියෙන්නේ!එහෙම කියල කොහොමද තව මාස කීයද විභාගෙට.. ඔයාට අපි මෙච්චර වියදම් කරන්නෙ කොච්චර අමාරුවෙන්ද? ඒකටම කැප වෙලා මහන්සිවුනොත් විතරයි ඉතින් .හරි අයියෝ.. හැමදාම කියන එකනේ.දැන් ඕක ඉවරයිනෙ ...
පෙරවරණය - (PreSelection) --> අතිශයින්ම පිරිමින්ට පමණයි. නිසල නිර්මාණ මනුෂ්‍ය පිරිමි සත්ත්වයෙකු විසින් ගැහැනු සත්ත්වයෙකු ආකර්ෂණය කර ගැනීමෙහි ලා බලපානු ලබන මූලික සාධක මොනවාද?1. මුදල්2. හැඩිදැඩි දේහ ලක්ෂන3. කඩවසම් පෙනුම හා පෞරුෂයමෙතුවක් කල් මෙම දැවෙන ප්‍රශ්නයට පිළිතුර ඉහත සාධක තුනෙන් එකක් හෝ කිහිපයක් යැයි ඔබ සිතා සිටියානම්, ලෝකයේ බොහෝ පිරිමින් මෙන්, ඔබද මුලාවට පත්වී ඇති බව කිව යුතුමය. සත්‍යනම් ඉහත සාධක තුනම අභිබවන මහා පොදු සාධකයක් පවතින බව තවමත් ...
මමද ආදරේ? මටද ආදරේ? නිසල නිර්මාණ කාලයක් තිස්සෙ මම ආදරය කරපු කෙල්ලත් එක්ක, අන්තිමේදී මම යාලු වුනා...ඒත් සම්බන්ධය නම් තිබුනෙ හරියටම මාසදෙකයි දවසයි.ඒක ඉවරවෙලා දවස් දෙකකට පස්සෙ, අවුරුදු 5 ක ලව් එකක් කරගෙන යන කොල්ලෙක් මට කිව්ව..."යාලු වෙනවනම් යාලු වෙයන් උඹ ආදරය කරන කෙල්ලෙක් එක්ක නෙමෙයි, උඹට ආදරය කරන කෙල්ලෙක් එක්ක නැත්නම් ඕක කවදාවත් හරියන්නෙ නම් නෑ"ඊට අවුරුදු 3 යි මාස 5යි දවස් 23කට පස්සේ...මට ආදරය ...
ඩුප්ලිකේට් අංජනම නිසල නිර්මාණ ඕං.. ඒස්වාහ..... ඒස්වාහ... අංජනම් දේවතාවියගේ අනුහසින් ඔව් මට පේනවාමට පේනවා.... යුෂුමතා පැවසූ ඒ නැති වුනු යතුර තිබෙනා ස්ථානය මට පෙනෙනවා...ඔව් පෙනෙනවා නමුත් පැහැදිලි මදි.. අංජනම් දේවිය සතුටු මදි...තව පඬුරක් දමන්න යුෂ්මත...මා ළඟ තිබුණු අවසාන රුපියයල් පන්සීයයේ කොළයත් බුලත් කොළ මත තැබුවෙමි.ඕං.. ඒස්වාහ.. වර වර අංජනම් දේවී ඒස්වාහ!ඔව් දැන් පැහැදිලියි. යතුර තිබෙනවා හොඳින් පැහැදිලියි ස්ථානය...ඔව් කොළ පාට තීන්ත ආලේප කළ තට්ටු ...
සිහින හතක් දුටුවෙමි මම සත් දවසක් එක එක විලසට ! නිසල නිර්මාණ Breaking News - සැප්තැම්බර්, 19 - පෙ.ව. 9.33අති ගරු ජනාධිපතිතුමන්ගේ අණින්, මෙතැන් සිට බලපැවැත්වෙන පරිදි, වහාම උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා එම තනතුරෙන් පහකොට තිබෙන අතර එම පුරප්පාඩුව පිරවීමට මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා අමාත්‍ය තුමා අනුයුක්ත කොට තිබෙනවා. ඒ පිලිබඳ වැඩිදුර තොරතුරු ලද විගස ඔබ වෙත ගෙන ඒමට අප සමඟ රැඳීසිටින්න.ලංකාදීප පුවත්පත - සැප්තැම්බර්, 20 ...
ලෝකේ හරිම අසාධාරනයි නිසල නිර්මාණ බෑ බෑ අම්මේ ඕකව නම් මම අතාරින්නෙ නෑඌ හිතන් ඉන්නේ ඌ මහලොකු චන්ඩිය කියල..මටත් ඉන්නවනේ යාලුවෝ.. ඌත් යන්න එපැයි මහ පාරෙමම කියන දේ අහන්න පුතේ මේක මෙතනින් නවත්වන්න..ඔයා දන්නේ නෑ අද ලෝකේ මිනිසුන්ගෙ හැටි තිරිසන්නු වගේමොනවයින් මොනවද උන් නොකරන්නේ?මේක හරි වැඩක් නේ මම මගේ පාඩුවේ පාරේ යනකොට...මට කතා කරල පාරේ බිම දාගෙන ගහපුවාම අපි කටයි ..... වහගෙන ඉන්න ඕනෙද? මම ...
"baby.. baby."ජේසුගේ ශ්‍රි ගල් ලෙනේ යාච්ඤාව" නිසල නිර්මාණ 11.13දුම්රිය විනාඩි 3යි ප්‍රමාද,සුපුරුදු පරිදි දකුණු කකුල මැදිරිය තුළවම් කකුල පා පුවරුවේ පළමු පඩිය මතදකුණත ඇගිලි 4ක් මගී ආධාරක අවුරුව වෙලාගෙනවමත නිදහසේ වේගයෙන් ගලායන පවන් රොද තුළඉදිරි දර්ශනය තැඹ්ලි පැහැති අඩක්ම නිදාබර වූ එකම දිග අසුනබැලූ බැල්මට එක ලෙසම නෙත් වශී කරන දෙදෙනෙක් දෙපලකපැලලිලි කිසිවක් රහිත දිගු ලා දුඹුරු කොන්ඩයන්, දෙකකුල් කිටි කිටියේ හිරකරන ඩෙනිම් කලිසම්,විනාඩියට 40 ස් වතාවක්වත් ඒ ...
මම මැරයෙකි, චන්ඩියෙකි. නිසල නිර්මාණ මේ ලෝකයේ හොඳ සහ නරක මිනිසුන් ලෙස දෙපිරිසක් වර්ග කර දැක්වීම විහිලුවක්සිටින්නේ දෙපිරිසක් නොව තෙපිරසකි.ඔවුන් නම්....1. නරකට නරක කරන පිරිසත්, 2. නරකට හොඳ කරන පිරිසත්,3. නරකට කිසිවක් නොකර සිටින පිරිසත්මය,පළමු කාණ්ඩය, චන්ඩින් සහ මැරයන් ලෙසද,දෙවන කාණ්ඩය, සුපිරි ධර්මිෂ්ටයන් ලෙසද,(ජේසු තුමා)තෙවන කාණ්ඩය නෝන්ජලයන් ලෙසද,සමාජයේ බහුතර ජනතා මතය අර්ථ දක්වයි...සුපිරි ධර්මිෂ්ටයෙක් වීම මට සිහිනයකිනෝන්ජලයෙකු වීමද මට අවමානයකිඑසේ නම් වෙන කුමක් කරන්නද?මම මැරයෙකි, ...
කණාමැදිපිරිමියා නිසල නිර්මාණ කණාමැදිරියා හරිම අමුතුම සතෙක්ලුකණාමැදිරියා ජීවත් වෙන්නේ හරියටම සතියක් හෝ දෙකක් වගේ කාලයක් විතරයිලු ඉපදිලා දවස් 2ක් 3ක් ඇතුළත මූ පරිණත වැඩිහිටි කණාමැදිරියෙක් වෙනවාලුඉතින් එදා ඉඳල මැරෙනකන්ම ඌගේ පශ්චාත් ප්‍රදේශයේ තියෙන ලයිට් එක හැම තිස්සෙම ඕන් ඔෆ් ලු..........................ඇයි කියල දන්නවාද මෙයා මේ විදිහට ලයිට් ඕන් ඕෆ් කරන්නේ..............................ලයිට් එක ඕන් ඕෆ් කරල පොඩි වැඩ කිඩ ටිකක් දාලලු මෙයා කණාමැදිරි කෑල්ලක් සෙට් ...
හ්ම්ම්.... දුකයි ඇත්තටම.... නිසල නිර්මාණ ලැජ්ජාවෙන් ඇඹරුනු නිදාබර වූ ඒ දෙනෙත් නම්, නෑ තව දුරටත් පෙනෙන්නට, සීරුවෙන් පේලියට සකසන ලද නෙත් බැමිද, ලා අළු වර්ණයෙන් දුර්වර්ණ ගැන්වූ නෙත් අගද, ඇත….. තිබුනු ඒ නෙත් වෙලාගෙන, සුදුම සුදු මූනේ තැනින් තැන වූ ඒ ගෝමර නම්, නෑ තව දුරටත් දකින්නට, ගෝමර යටකර මුහුන පුරා අතුරා ඇති ආලේපන තට්ටුවද, දෙතොල්,දෙකොපුල් පමණක්ම තද රතු කළ සායම් වර්ණද, ඇත….. තිබුනු ...
GOD bless you ! හවස 6 ට 10 ක් තියල... නිසල නිර්මාණ පසුකර ගියේ හුරුපුරුදු මූහුනක් බව වැටහුනේ මොහොතකට පසුවය...එසැනින් සෙමෙන් තිරිංග තද කොට වම් පස අයිනට සිව් සකයේ වේගය මද කලෙමි..ඔහු ඉදිරියට ඇදෙනු වම් රිය දර්පණයෙන් මදක් බලාසිට ඉදිරිපස වම් වීදුරුව පහත් කොට,කොහෙද යන්නේ...අවසර නොමැතිවම පසු දොර විවර කොට ගොඩ වන ගමන්ම..ආ මේ... mass එකට යනවා..මෙහෙ..... කොහෙද? chuch එක.. සෙනසුරාදා?ආ මෙතන තියෙනවානේ අර පොඩි church එකක්වැඩිය සෙනග නෑ 100 150 ක් ...
ඔයත් මම වගේම මහා මෝඩයෙක්ද ? නිසල නිර්මාණ අපේ අම්මා... අපේ තාත්තා... මට පොඩි කාලේ... හැම තිස්සෙම"පුතේ අපි මෙහෙමයි ජීවත් වෙන්න ඔනේ කියල මට කියල දුන්නා"මමත් ඒ විදිහටම මෙච්චර කාලයක් ජීවත් වුනා..ඉඳල හිටලා පාරෙන් පොඩ්ඩක් පිට පැන්නත්.. ඒ බව වැඩි දෙනෙක් දකින්නත් කලින්ම මම නැවතත් පට ගාලා හරි පාරට ආව බව දන්නෙත් මම විතරමයි..පිට පැනපු දවස් ගැන මම ඒ දවස් වල ගොඩක් දුක් වුන බවත් මට හොඳට මතකයි....ඒත්......................................මට ...
....ලෝක..බයිල.... නිසල නිර්මාණ අපේ අම්මා මට කියන හැම දේම එයා මම කාලේ එයා ඒ විදිහටම කරලාම තියෙනවාද?අපේ තාත්තා ලෝකේ මෙහෙමයි ඉන්න ඔනේ කියලා මට කිව්වට,එයා ඒ විදිහටම ඒ කාලේ හිටිය කියල කාට හරි ෂුවර් එකටම කියන්න පුලුවන්ද?අපේ සර් කියන බයිලත්, එයා කරලා පෙන්නනන්නේ අපි ඉස්සරහදී විතරයි කියලා,මමයි සර්'රුයි දෙන්නමත් දන්නවා....අනික මේ ඔක්කොම කියන දේවල් ඒ විදිහටම කලේ නෑ කියල ඔය උඩදි කියපු උදවියට,මේ ...
ඔබ තවමත් ජීවතුන් අතර.. නිසල නිර්මාණ ඔබ ගමන් කරන්නේ හදවතේ දැවෙන ආශාවකින් නම් ඔබ තවමත් ජීවතුන් අතර.. ඔබ ගමන් කරන්නේ දෙනුවන්හි පුරවාගත් සිහින පුලිඟුත් සමඟ නම් ඔබ තවමත් ජීවතුන් අතර... සැඩ පවන් රොදක් සේ නිදහසේ ජීවත් වන්න ඉගෙන ගන්න සැඩ ජල පහරක් සේ නිදහසේ ගලා යන්න ඉගෙන ගන්න දෙඅත් විහිදා සෑම මොහොතක්ම වැලඳ ගන්න සෑම නව මොහොතකම මේ දෑස් නව ඍතුවක පහස සෙවිය යුතුය. ඔබ ...
මා ප්‍රියතම රුවන් වැකිය නිසල නිර්මාණ ඔබ ජීවිත කාලය තුළදී සිදුකරන මොන යම් හෝ දෙයක් කිසිම වැඩකටනැති මහා ප්‍රෝඩාවක් විය හැකියි, නමුත් වඩා වැදගත් වන්නේ එය ඔබ විසින් ඉටු කිරීමයි.මන්දයත් ඔබම එය නොකෙරුවොත් වෙන කිසිවෙකුත් එය කිසිදා සිදු නොකරනු ඇත. - මහත්මා ගාන්ධි ...