ඇමරිකාවේ විරූපිත වීර චරිත , පුහු මාන්නය සහ තමාගේ ඇසේ පරාළ තබාගෙන අනුන්ගේ ඇසේ රොඩු දැකීම ඉරා අදුරු පට zero dark thirty යනුවෙන් දැන් ඇමරිකාවේ නවතම රෙදි සේදීමේ චිත්‍රපටයක් නිකුත් වී ඇත. මෙහිදී උසාමා බින් ලාඩන් නම් බිහිසුනු (මාධ්‍ය විසින් ප්‍රචාරය කරන ලද) ත්‍රස්තවාදී නායකයා නැසීමේ මෙහෙයුම පිළිබද “සුදු“ කතිකාවතක් පෙන්නුම් කරයි . ඇමෙරිකාවේ වත්මන් පාලක පක්ෂයට තම දේශපාලන න්‍යායන් මුදුන් පත් කරගෙන , තමාගෙන් ගිලිහී යන ආදිපත්‍යය රැකගැනීමට තුඡ්ච උත්සාහයක යෙදී තිබෙනු දැක ගත හැක.තමා විසින් කුවේටයේදී , ...
රට යන අත ...................... තිත්ත ඇත්ත ඉරා අදුරු පට රට යන්නේ කොයිබටද? විදුලි බිල වැඩි වීම දරිද්‍රතා මට්ටමේ සහ මධ්‍යම පාන්තියකයන්ට දරුණුවටම දැනෙනු ඇත. සමහර සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආශ්රිත නිශ්පාදන වල මිල ඉහළ යනු ඇත. අනේ අපොයි!! ලංකාවේ සංවර්ධන වේගය මේක නම් අපිට සංවර්ධනයක් එපා!! අනේ ජනපතිතුමනි ජීවත් වෙන ටිකට වත් අපට සැනසිල්ලේ ජීවත් වෙන්න දෙන්න. මේ නාස්තිය දූෂණය නවත්වන්න.ඇයි මේ විදිහට දුප්පත් අපට රිද්දන්නේ? බුද්ධිමත් මිනිස්සු ...
සතුටින් සිටින්න නම් දැන් ජීවත් වෙන්න!! ඉරා අදුරු පට වර්තමානයේ බොහෝ දෙනා පිටතින් සතුටින් සිටිනවා සේ විදහා දැක්වුවත් , බොහෝ විට ඇතුළාන්තයෙන් ශෝකයෙන් , සාංකාවෙන් , බියෙන් , චකිතයෙන් සිටින්නෝ වෙති. අපගේ සතුට බොහෝ විට අප ළඟම ඇතත් බොහෝ දෙනා ඒවා බාහිර දේවල් වෙතින් බලාපොරොත්තු වෙති.උදාහරණ ලෙස ගතහොත් ඇතමෙක් තමා හට හැඩකාර තරුණියක ඇත්නම් තමා සතුටින් සිටියි යැයි සිතති. ඇතැම් කාන්තාවක තමා හට වත්කම් ඇති සැමියෙක් සිටියොතින් තමා සතුටින් ...
ඉක්මන් කේන්තිය...... හා කදිම විසදුම ඉරා අදුරු පට අද මා පළකරනුයේ මාගේ පරිකල්පනයක් නොවන අතර එය මා විසින් අසන ලද කතාවකි.එක්තරා තරුණයකු හට දැඩි ලෙස ඉක්මන් කේන්ති යාමේ පුරුද්දක් තිබුණි. මෙනිසා පවුලේ බොහෝ දෙනෙකුගේ සිත් රිදවීම් , කලකිරීම් , මෙන්ම ශාරීරික පීඩා ද ඇති විය. මෙය පවුලේ ජීවත් වන සහ නිවස තුළ ඇති අජීවි භාණ්ඩ වලට ද එකසේම විය. පවුලේ ප්‍රධානී පියාණන් හට ඔහුගේ වැටුප යම් අවස්ථා වලදී ...
බස් චණ්ඩි (Bus Thugs) ඉරා අදුරු පට බසය : පෞද්ගලික 138 කොට්ටාව - පිටකොටුවබස් අංකය : NC ****වේලාව : ප:ව 6.50දිනය : 23-03-2013මම මාගේ මෑණියනුත් කැටුව ගම්පොළ බලා යෑමට මහරගමින් ඉහත බසයට ගොඩවීමු. කුමක් හෝ අමුත්තක් කොන්දොස්තර මහතාගෙන් දුටුවද , මා සුපුරුදු ලීලාවෙන් අම්මා සමග මා ළගදීම සිදුවන අලුත් අලුත් දෑ පිළිබද කතිකාවතක් පටන් ගතිමි. විටින් විට පරිසරයේ සිදුවන දෑ විමසමින් , අවධානයෙන් සිටි මා හට කොන්දොස්තර ...
බඩගිනි සීයා ඉරා අදුරු පට පෙර දිනෙක මා නුවරඑළියේ සිට අගනුවරට ඒමට පිටත් වීමි. නුවරට යෑමට සිත් නොවූ බැවින් පේරාදෙණිය මංසන්ධියෙන් බැස කොළඹ බස් නැවතුම් පළෙහි බසයක් නවතන තුරු බලා සිටියෙමි. සංකීර්ණ වූ සමාජයේ තම තමාගේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමට අතෝරක් නැතිව වෙහෙසෙන “ දුක්පත් “ ජනයා දෙස සානුකම්පිතව බලා සිටින අතර තුර පේරාදෙණිය මංසන්ධිය දෙසට වන්නට බස් නැවතුම් පළෙහි දුටු යමෙකින් මාගේ සිතිවිලි සමුදාය ...
පොලිසිය තමාගේ හෙළුව වසා ගැනීමට අනුන්ගේ ඇසෙහි පරාළ දැකීම ඉරා අදුරු පට "ආරක්ෂිත හිස් වැසුමි සමිබන්ධ නීතිය 1991 ජනවාරි 11 වන දින අංක 644 / 26 දරණ අති විශේෂ ගැසටි පත්‍රයේ රෙගූලාසි වල සදහන්ව ඇති අතර එම රෙගූලාසි 1981 අංක 21 දරණ මෝටර් වාහන පනතේ 158 (2) හා 237 වගන්තිය යටතේ ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා විසින් සාදා ඇත. එම නියෝග මෙසේය. 01. අනුමත කරන ලද ආරක්ෂිත හිස් වැස්මක් නිකට වටා සුරක්ෂිත පරිදි ...
ලෙහෙසියෙන්ම අතේ ඇති මුදලින් පොහොසත් වෙන්න ඉරා අදුරු පට පොහොසතෙක් වෙනව කියන්නේ තමන් ගාව මොනව හරි දෙයක් ඉතුරුවෙලා තියෙනව කියන එකනේ. මුදල් අතින් පොහොසත් වෙන්න තමන් ගාව මුදල් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතිරි කළ මුදලක්. ගොඩක් අය කියන්නේ දැන් තියෙන වියදමේ හැටියට ඉතුරු කරන්න තියා වියදමට තියෙන මුදලත් මදි කියලා. ඒක ඇත්ත. ඒත් ණය කාරයෙකු නොවී හරි බේරෙන්න පුලුවන් ඇත්තටම තමන්ගේ වියදම් පාලනය කළොත්. ඒ කියන්නේ අපේ වියදම් ගොඩක් ...
බුලත්සිංහල මොළේ නැති සභාපති ඉරා අදුරු පට අද රාත්‍රි ප්රවෘත්ති ප්‍රකාශය අතරතුරදී බුලත්සිංහල ප්‍රා. ස. සභාපති උතුමා ගේ මොළයේ තරම මට මොනවට වැටහුණි. ගමේ පන්සල් දෙකක් තිබුණොත් ගම දෙකඩ වෙනව කියල එක පන්සලක් අයින් කරන්න යනවලු. අනේ අම්මපල්ල.. මේක සිංහල අම්මෙක්ගෙ කිරි බීල හැදිච්චි එකෙක් නම් වෙන්න බෑ. අට පාස් වත්ද දන්නෙත් නෑ.මතක තියා ගනින් සභාපති තුමෝ කිරුළ දරාපු ලංකාවේ රජ්ජුරුවො වත් පන්සල් හැදුව මිසක් විනාශ කළේ ...
බල්ලට ගිය ලංකාවේ (මාර්ග) නීතිය ඉරා අදුරු පට දීර්ඝ සති අන්තයක් වූ බැවින් සිය පවුල සමග මහනුවර දළදා වහන්සේ වැද පුදා ගැනීමට වාහනයෙන් නුවර ගියෙමි. ආසියාවේ ආශ්චර්යය පෙන්වමින් ලංකාවේ නීතිය අතට ගත් සුපිරි පැළැන්තියේ ප්‍රාඩෝ , මොන්ටෙරෝ , ඖඩි රථ , රථවාහන පොලිසිද නොතකමින් සාමාන්‍ය ජනයා හා විනීත රියැදුරන් පෙළමින් හිතුවක්කාර හා සල්ලාල අයුරින් මාර්ගය පුරා පියඹා ගිය අයුරු සියැසින් දුටිමි. මුදලට විකිණෙන මේ සමාජයෙහි නීතියද මුදලට වල් ...
Modern humans ඉරා අදුරු පට නූතන මිනිසාමිනිසා උපදිනුයේ තවත් එක් සත්ත්ව කොටසක් මිස , වෙනත් කිසිදු අයුරකින් නොවන බව මතක තබා ගත යුතුය. වත්මන් මිනිසාට 'ස්වභාවික වරණ' යන් ගැන කිසිදු දැනුමක් හෝ තැකීමක් නැත. දුර්වල /විකෘත කළල හෝ උපත් මිහිපිටින් තුරන් කිරීම ස්වභාවික ක්‍රියාවලියක් බව පසක් කර නොගැනීමට තරම් පුහු මාන්නයක් වත්මන් මිනිසාට ඇත. අපට මෙන්ම අනෙක් සතුන්ට මොළයක් ඇතත් මිනිසා මෙන් දියුණු පරිණත වූ ...
රූපවාහිනියට ඇබ්බැහි වූ ශ්‍රී ලාංකිකයෝ ඉරා අදුරු පට මා දන්නා තරමින් මා අදහස් දැක්වීමට යනුයේ ඉතා පුළුල් මාතෘකාවක් පිළිබදවයි . මේ සදහා ඔබගේ අදහස් හා යෝජනා ඇත් නම් මෙහි පළ කරන්න.රූපවාහිනිය යනු මිනිසා විසින් නිර්මාණය කැරෙන ලද අපූරු නිපැයුමකි.ඒ ජෝන් ලොගී බෙයාඩ් මහතා විසිනි. රූපවාහිනි මාධ්‍යය තම වින්දනය , දැනුම මෙන්ම බුද්ධි වර්ධනය සදහාද යොදා ගත හැකි කදිම මෙවලමකි. සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ මිනිසා මෙවලම් තමාට අවැසි අයුරින් යොදා ...
එන්ජිම බොයිල් කරනවද? මෙන්න හේතු ඉරා අදුරු පට Is your vehicle overheating ?එන්ජිම බොයිල් කරනවද? මෙන්න හේතු.....වාහනයක ධාවනය සඳහා එන්ජිම අත්‍යවශ්‍ය වන අතර එය රැක ගැනීම සඳහා සිසිලන පද්ධතියක්ද අත්‍යවශ්‍ය වේ. වර්තමානයේදී අපගේ මාර්ග වල ධාවනය වන සියලුම මෝටර් රථ වාගේ අභ්‍යන්තර දහන එන්ජිම් අඩංගු ඒවා වේ. මෙහිදි වාහනයෙහි උපරිම කාර්යක්ෂම දහනයක් වීමට 60C -85C අතරේ ධාවිත උෂ්ණත්වයක් රැඳී තිබිය යුතුය. අභ්‍යන්තර දහනයේදී එන්ජිම ඉහත කී උෂ්ණත්වයකට වඩා ...
විදුලි බිල වැඩිද ? මෙන්න අඩුකරගන්න හොඳම ක්‍රමය ඉරා අදුරු පට ලංකාවේ පවතින වත්මන් තත්ත්වය මත මධ්‍යම පාන්තිකයන්ට සහ දුප්පත් ජනතාව මත බදු ආදී බර පැටැවෙත්දී , වි.බ.ම හි අකාර්යක්ෂම පාලනය හා දැඩි තීරණ ගැනීමේ දුෂ්කරතාවය නිසා අද වන විට විදුලි බිල සෑහෙන පමණින් වැඩි වෙමින් පවතී. අදිසි හස්තයක බලපෑම මත පෞද්ගලික විදුලි ජනනයන්ගෙන් විදුලි ඒකක , ඉතා වැඩි අගයකින් මිලට ගැනීම නිසා , එහි බලපෑම පාරිභෝගික වන අපහට දැරීමට සිදුවීම ...
ආගමික සහජීවනයට මුවා වී කරන මූළධර්මවාදී ක්‍රියාවන් ඉරා අදුරු පට යකෝ මේක සිංහල රට...... තොපිට ඕනෙම නම් රටට ගැලපෙන විදිහට හිටපල්ල. අපේ රටේ සංස්කෘතියක් තියෙනව. අපේ කම රැකගන්න එක ජාතිවාදී කමක් නම් ... ඔව් මම ජාතිවාදියෙක් , රටට කැක්කුමක් තියෙන එකෙක්. ඒත් එහෙම වුනා කියල අපි තොපි වගේ නිවට වැඩ කරන්නේ නැහැ. පුලුවන්නම් සහෝදරයෝ වගේ එකට හිදපල්ලා. මොකද මගෙත් යාලුවො ඉන්නව මුස්ලිම් , දෙමළ . එවුන් ඔක්කොම කියන්නේ මේක මම ...
විවාහය ගැන ආකල්පය.... ඉරා අදුරු පට ඊයේ මාගේ පිය‘ඹ පැවසූ දෙයකින් ඇය විවාහය ගැන ඈගේ සුභාකල්පය වැටැහුණු අතර ඈ පිළිබඳ අපමණ ගෞරවයක්ද ඇති විණ.සිද්ධිය මෙලෙස දිග හැරේ......මෝ ගමන් කරන මාණ්ඩලික සේවා සපයන වෑන් රථය (staff service van එකලු හොඳේ..) යෙහි ගමන් ගන්නා එක්තරා තනිකඩ තරුණයෙකුගෙන් එහි ගමන් ගන්නා අනෙක් අය තවම තනිකඩ මන්දැයි විමසා සිටියහ.“තවම 100% ගැලපෙන කෙල්ලෙක් හම්බ උනේ නැහැ“ යි පැවසූ විට මාගේ බිරිඳ ...
පාරිභෝගිකයන්ගෙන් සත්‍ය වසන් කරන මහා පරිමාණ ආහාර නිශ්පාදකයන් ඉරා අදුරු පට ආයුබෝවන්! කාලෙකින් පෝස්ටුවක් දාන්න බැරිවුනේ අධික කාර්යබහුලත්වය හින්දා. ඒත් කාලෙක පටන්ම ලිවීමට අදහස් කළ ලාංකේය වෙළෙඳ පොළෙහි ඇති එහෙත් මිනිසුන්ගෙන් කරුණු වසන් කරමින් මිනිසාට අලෙවි කරන ඇතැම් ආහාර ද්‍රව්‍ය පිළිබඳ යම් අදහසක් ඔබ වෙත පිරිනමමි.ඇත්තෙන්ම පසුගිය දිනවල මහත් ආන්දෝලනයට පත්වූ ඇතැම් රසකාරක , පාට ගන්වනයන් (කලරින්), ඇතැම් අම්ල (ඇසිඩ්) පිළිබඳව ඔබ හොඳින්ම මතක ඇති. එහෙත් ඔබ වෙළෙඳ සැල් වලින් ලබාගන්නා ...
අන්තර්ජාලයේ දත්ත සොරකම් කිරීමේ අලුත්ම කලාව ඉරා අදුරු පට පසුගිය දිනෙක මා හට අපූරු ඇරයුමක් Gtalk හරහා ලැබුණි. වරක් දෙවරක් මෙය ප්‍රතික්ෂේප කළේ මෙහි කාන්තාවකගේ පපු පෙදෙසෙහි අඩනිරුවත් ඡායා රුවක් තිබුණු බැවිනි. මෙහි ඊමේල් ලිපිනය ලෙස parente466@gmail.com ලෙස තිබුණි. කෙසේ වෙතත් අවසානයේදී මෙම ලිපිනය අයත් පුද්ගලයා ගේ අබිලාෂය කුමක් දැයි දැනගැනීමට මම මේ ආරාධනය පිළිගතිමි. මෙය පටන් ගත් තැන පටන්ම විවිධාකාරයෙන් ලිංගිකත්වය ඉලිප්පෙන පරිදි විවිධ වාක්‍ය ඛණ්ඩයන් මා වෙත ...