විදුලි වේසකම | Electricity in Prostitution තහනම් වචන අවවාදයයි! මේ පොස්ටුවේ සමහරුන් කුණුහරුප සේ සළකන වචන තිබිය හැකිය.මුලින්ම කියන්නට ඕනේ දෙයක් තිබේ. එනම් වේසකම යනු හරි සිංහලෙන් බැලුකල, කුණුහරුපයක් නොවන බවයි. වේස යන වචනය හැදෙන්නේ "වේශ්‍යා" යන සංස්කෘත වචනයෙනි. බොහෝ දෙනා මෙය "වෛශ්‍යා" යනුවෙන් වැරැදියට වහරති. "වෛශ්‍යා" යනු "වෛශ්‍ය" හෙවත් වෙළෙන්දා ගේ ස්ත්‍රී ලිංග පදයයි. ගණිකාව යන අරුතක් ඊට නැත. ගණිකාව හෙවත් වේශ්‍යාව යන අර්ථය දෙන නියම සිංහල ...
සත්තයි සහතිකයි අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි! විදුලිය වගේ! | Works like a Flash තහනම් වචන විදුලි බිලේ උණුසුම ජනතාවට දැනීමත් සමග, 21 වැඩ වර්ජනයට දහස් ගණනින් සෙනග ඒකරාශී වන බවට තොරතුරු ලැබීමත් සමග, අපේ මාධ්‍ය නඩ සිය වැඩ කිඩ පටන් ගෙන තිබේ. මෙන්න මැයි මස 09 වන දින ඒ ගැන බුකියේ දමිත් කේතක සොයුරා විසින් කරන ලද සටහනක්.පුරෝකථනයවිදුලි මංකොල්ලයට එරෙහි වැඩ වර්ජන දිනය ලං වනවිට, ඒ වැඩ වර්ජනයේ සහාභාගීත්වය උද්යෝගිමත් බව පෙනෙන්නට තිබුණහොත් මෙන්න මේ ...
ඩෑන් බ්‍රවුන් සහ මොනාලීසා | Dan Brown & Mona Lisa තහනම් වචන සටහන: මේ ලිපිය මුලින් පල කෙරුණේ, පාප් වහන්සේ සහ අලුත් සාන්තුවරු යන මැයෙන් අප ලී පැරැණි ලිපියක කොටසක් ලෙස ය. එහෙත් මෙහි දැක්වෙන යම් යම් කරුණු, බොහෝ පාඨකයන් හට නුහුරු නුපුරුදු හෙයින් දෝ, ඒ ගැන මීට වඩා සවිස්තරව ලියන මෙන් පාඨක ඉල්ලීමක් ලැබී තිබිණි. ඒ ඉල්ලීම සපුරා ලමින්, මේ ලියැවෙන්නේ එතෙක් මෙතෙක් කතෝලික පල්ලිය සම්බන්ධ තහනම් ම වචනය ගැනයි. එනම් ...
වීරාතල් විනාශනය | Busting the Heroes තහනම් වචන ඔබට ජාතියේ පිනට උපන් ( සහ පිනට ජීවත් වෙන ) ෆේස්බුක් වීරයෙකු මුණ ගැසුණු විට අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය:~~සටහන දමිත් කේතක ගෙනි.1. එකම වචන සෙට් එකක් පුන, පුනා දැකීම සඳහා ඔබේ දෑස් සූදානම් කර ගන්න - "යකෝ, උන්, මේක, අල්ලනවා, දවසක, උඹලට, තේරෙයි, බහුතරය, වෙච්ච, දාට, අපේ, වීර, අතීතය, දෙන්නෙ නෑ, යකෝ, ලේ කකියනවා, යකෝ, අපිට විතරද, යකෝ" වැනි ...
පාප්තුමන් සහ අලුත් සාන්තුවරු | Pope and the New Saints තහනම් වචන විශේෂ සටහන: පාඨක අදහසක් අනුව, මේ කතාවට ම අදාළ, Dan Brown සහ මොනාලීසා ගැන කතාව, වෙනම ම ලිපියක් ලෙස, වඩා සවිස්තරව ඉදිරිපත් කෙරෙනු ඇත. මන්දයත් මොනාලිසා සහ පල්ලිය ගැන කියන්නට සෑහෙන දිග විස්තරයක් ඇති බැවිනි. මෙතෙක් කතාවXVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ හදිසි සහ අනපේක්ෂිත ඉල්ලා අස්වීම පිටුපස ඇති ප්‍රසිද්ධ රහසක් ගැන අපි මීට පෙර ලිපියකින් සාක්ෂි සහිතව කරුණු ගෙන ...
පාප් වහන්සේ ඉල්ලා අස්වුණේ ඇයි? | Why the Pope Resigned තහනම් වචන මේ වසරේ සිදු වූ ලෝක ආගමික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් වැදගත් සිද්ධීන් අතරින් ඉහළම වැදගත්කම ඇති සිද්ධිය කුමක්දැයි විමසුවහොත්, ඊට අවිවාදයෙන්ම දිය හැකි එකම පිළිතුර වන්නේ, XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ ගේ ඉල්ලා අස්වීම යන්නයි. මේ සිද්ධියේ ඇති බරපතළකම වටහා ගනු පිණිස අපි කෙටි පෙරදැක්මකට යොමුවෙමු.පාප් වහන්සේ යනු කවරෙක් ද?පාප් වහන්සේ යනු කතෝලික ලෝකයෙහි ආගමික නායකයාණෝ වෙති. ලොව වැඩිම පිරිසක් ...
දෙපෙත්තෙන් දැනේ | The Two Pills තහනම් වචන "හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ""හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ" කියා පිරුළක් තිබේ. බොහෝ දෙනා මෙය, "හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ" කියා වැරැදියට පාවිච්චි කරනු පෙනේ. එහෙත් සත්‍ය වශයෙන්ම මෙහි අර්ථය වන්නේ දෙපියලි බීජයක් රෝපණය කළවිට එය කවරාකාරයෙන් වැඩේ ද යන්න, එහි මුලින් මතුවන දෙපියල්ලෙන් කිව හැකි බවයි. අද කාලයේ "පෙත්ත" යන්නට විවිධාකාර අර්ථ තිබේ. උපත් පාලන පෙත්ත, මත් පෙත්ත, මෝදක පෙත්ත, ආතල් පෙත්ත, ...
මැයි ගොන්නු | The May Oxen තහනම් වචන වසරේ හොඳම රංගොජාට හිමි ස්වර්ණ වෘෂභ සම්මානය සඳහා හේතු පාඨය: වසරේ තුන්සිය හැටපස් දවසේ ම ආණ්ඩුවට බණිමින් එහෙත් කියන කියන හැටියට පටි තද කර ගනිමින් එදා වේල කා ජීවත් වීම වෙනුවෙන්ද, ප්‍රශ්න අමතක කරවන්නට පෙන්වන හලාල්, නයි කෙල්ල, පොල් කෙල්ල, කටුගේ කඩුව, කන්ගැට්ටා, වැලිකඩ ප්‍රිසන් බ්රේක්, මට මතක නැහැ, අයිය පව්, ඉසෙඩ් ස්කෝර්, තෙල් බාලා වැනි සම්භාව්‍ය ගණයේ සෝප් ඔපෙරාවක්ම ...
විරාමයෙන් පසු | After the Break තහනම් වචන විරාමයකින් පසු...දීර්ඝ නිහැඬියාවකින් අනතුරුව යළිත් බ්ලොග විවෘත කොට යමක් ලියන්නට වෙර දරමි. එසේ කරන තුන්වෙනි සතිය මේ ය. මේ වන විට ලියන්නට පටන් ගෙන ලියා අහවර නැති ආටිකල් ම තුනක් තිබේ. ලියන්නට යන එව්වා කලින් කීම දැන් කාලයේ ආතල් එක වී තිබෙන බව පෙනෙන නිසා ඔන්න ඒ ටික මෙසේ ලියා දක්වමි.1. මා-තැලී (මාතලන් හට කිණ්ඩියක් නොව) අහවරක් නැති රථවාහන තදබදය ...
එන්න, අපි කතන්දර අහමු | Come, let's hear some stories තහනම් වචන ~ ~ ~ පළමු කතාව ~ ~ ~යටගිය දවසැ මියුළු නුවරැ වේදේහ නම් රජ කෙනෙකුන් රජ කරන කල්හි, රජ තෙම මහෞෂධ නම් වූ සිය පඬිතුමන් සමග ඇතුළු නුවර උයනට යන්නා හ. උයන දොරැ තොරණෙහි වසන බොහොඬා, රජ්ජුරුවන් වඩින්නා දැක, හිස නමා ආචාර කෙළේ යැ. රජුද ඒ දැක තුටුපහටු වූ සිතැත්තේ, "රජුට කරන සේවය නොමිලේ නම් නොකළ යුතුය"යි දවස් පතා දෙවියට ...
රෙදි ගැලවීම | Denuding තහනම් වචන රෙද්ද සහ රෙදි ගැලවීමරෙද්ද යනු මේ සමාජයේ ඉතාම තහනම් වචනයකි. මීට මුලින් "අම්මගේ", "ආච්චිගේ" වැනි පදයක් එක් වූ විට එය තවත් දරුණු වෙයි. සාමාන්‍යයෙන් අම්මගෙ රෙද්දට වඩා ආච්චිගෙ රෙද්ද සැර බවින් අඩුය. ඒ මන්දැයි අප නම් නිච්චියටම දන්නේ නැත. ආච්චිට වඩා අම්මා ළඟ නිසා හෝ, කා තුළත් සැඟවී ඇතැයි කියන ඊඩිපස් සංකීර්ණය සිහිපත් වන නිසා හෝ, මේ දෙකම නොවෙන වෙනත් ...
ජිනීවා සහ ජංගි | Geneva and Panties තහනම් වචන සෑහෙන කාලෙකින් යමක් නොලීවේ වැඩ වැඩි කම නිසාම නොවේ. ලියන්නට ගියොත් කුණුහරුප ලියවේ යයි බය නිසාය. නැතිනම් මඩිස්සේ නිශාන් ගෙන ආයෙමත් අහගන්නට වෙනවාය. කෙසේ වෙතත් අද වැනි ඓතිහාසික දවසක නොලියන ලිපි ආයේ කවදා නම් ලියන්නද යයි ද සිතේ. ඒ නිසා ලියමි. උඩින් මොන හොඳ හිත පෙන්නුවත් ඉන්දියාව හැමදාමත් කෙළේ අපට වල කපන එකය. එසේ වෙන්නේ ඇයිදැයි ඇසුවහොත් දෙන්නට ඇති හොඳම ...