Galviharaya Vidyadara Guhawe Pilimaya Cristo Gallary ගල්විහාරයේ(උත්තරාරාමය) විද්‍යාධර ගුහාවේ බුද්ධ ප්රතිමාවවිද්යාධර ගුහාවේ බුද්ධ ප්‍රතිමාව පිටත ඇති සෙසු පිළිම වලට වඩා ශෛලමය වශයෙන්වෙනස් ලක්ෂණ ප්‍රකට කරවයි.විශේෂයෙන් මින් මහායානික ලක්ෂණ සුලභව හමුවේ.එසේම ආකෘතිමය වශයෙන් වෙනස්කම් ගණනාවක් දැකගත හැකිය.බුදු පිළිමය සකස් කර ඇත්තේ පිහිටි පර්වතය ඇතුළට හාරා ඇතුලත කොටස් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ ක්‍රම වේදයකිනි.මෙම ක්‍රමයට තනන ලද බුද්ධ ප්‍රතිමා ඉතා විරලය.එසේම පිළිමය සහිත ගල් කොටසින්ම බුදුන්ගේ හිසට ඉහළින් චක්‍රයක් ...
Galviharaya Sethapena Pilimaya Cristo Gallary ගල්විහාරයේ (උත්තරාරාමය) සැතපෙන බුදු පිළිමයපොලොන්නරු යුගයේ ප්‍රතිමා අතර විශාලතම ප්‍රතිමාව මන මෙය මුහුණින් ඉතා උසස් භාව ප්රකාශනයක් දිස් වේ.මෙය දිගින් අඩි 46කි.ප්‍රතිමාව පිළිබඳ පලවී ඇති මත අතර පරිණිර්වාණ මංචකය බවද, සමවත් සුවයෙන් වැඩසිටින බවටද මත පළවී ඇත.එහෙත් එක් පාදයක් මදක් පසුපසට කර තනා තිබීමෙන් මෙයින් දැක්වෙන්නේ පිරිනිවන් මංචකය බව තහවුරු වේ.ශෛලීය ලක්ෂණ අතින් විශාල හිඳි පිළිමයට සමාන වේ.එහි ඇති වටකුරු ...
Polonnaruwa Watadagaya Cristo Gallary පොලොන්නරුව වටදාගෙයි ප්‍රතිමාව.මෙහි හිඳි බුදු පිළිම 4ක් තිබූ බව සඳහන් වුවද වර්තමානයේ ඉතිරිව ඇත්තේ ඉන් 2ක් පමණි.ඒවාද කැඩී බිඳී ගොස් තිබුණු අතර වර්තමානයේ ප්‍රතිසංස්කරණය කර පිහිටුවා ඇත."ධ්‍යාන මුද්‍රාවෙන් හා වීරාසනයෙන්" යුතු මෙම ප්‍රතිමාව ශාරීරික ප්රකාශනයෙන් පොලොන්නරු යුගයේ සෙසු ප්‍රතිමාවලින් වෙනස්ම ස්වරූපයක් ගනී.මෙහි ප්‍රතිමා "ත්‍රිකෝණාකාර" ආකෘතියක පිහිටුවා ඇති අතර,උරහිස් යුගල ඉතා පුළුල්ව දෙපසට විහිදී ඇත.බාහු යුග්මයද විශාල කර ඇත.එසේම ප්‍රතිමාවේ ඉඟ ...
Polonnaruwa Thuparama Image House Cristo Gallary ථූපාරාම පිළිමගෙයි හිටි පිලිමය.මෙම බුදු පිළිමය පොලොන්නරුව යුගයේ ඇති පිළිම ගෙවල් තුළ තැන්පත් කර ඇති ගල් මාධ්‍යයෙන් තනන ලද විශිෂ්ඨතම ප්‍රතිමාවලින් එකකි."අඩි 9යි අඟල් 9ක්" උස බුද්ධ ප්‍රතිමාව නිවැරදි ප්රමානුපාත සහිතව පුෂ්ටිමත් අඟ පසඟ යොදා ඇත.මෙහි දකුණු අත කිහිල්ලට පහලින්ද,වමත වැලමිට අසළින්ද කැඩී ගොස් ඇත.පද්මාසනයක් මත ප්‍රතිමාව පිහිටුවා ඇත.මුලදී ප්‍රතිමාවේ පාදය අසළින් කැඩී ගොස් තිබුණද වර්තමානයේ ප්‍රතිසංස්කරණය කර ඇත.මෙහි ශෛලීය ...
Lankathilaka Hiti Pilimaya-Polonnaruwa Cristo Gallary ලංකාතිලක හිටි බුද්ධ ප්රතිමාවඅඩි 40ක් උස හිටි බුදු පිළිමයක් වන ලංකාතිලක පිළිමගෙයි බුදුපිළිමය සමභංග ප්රතිමාවකි.ගඩොල් හා හුණු බදාම මාධ්‍යයෙන් ප්‍රචලිත වූ ප්‍රතිමා නිර්මාණය පිළිබඳව මනා උදාහරණයක් වන මෙම බුද්ධ ප්‍රතිමාව 1910දී "එච්.සී.පී බෙල්"ගේ වාර්තා වලට අනූව අඩි 41ක් උස විය.එකල මෙහි හිස කොටස කැඩී ගොස් නොතිබූ අතර නිර්මාණය සඳහා භාවිත කර ඇති ගඩොල් ප්‍රමාණයෙන් කුඩා ඒවා වේ.ඒ මත ස්තර ගණනාවක් ...
Renaissance (14-15 Centuries) Cristo Gallary පුනරුදය/පුබුදු යුගය/පුනර්ජීවන යුගයපුනරුදය යනු නැවත පිබිදීමයි.කලාව තුළ පමණක් නොව,සෑම ක්ෂේත්රයකම පිබිදීමක් ක්‍රි.ව.14,15 සියවස් වලදී යුරෝපයේ සිදු විය.කලාව තුළ මෙකල සිදු වූ පුනර්ජීවය නම්,පෙර පැවති ග්‍රීක ,රෝම කලාවන්ගේ විධි නියමයන් හා කෘතීන් මගින් නව ස්වභාවිකවාදී කලාවක් බිහිවීමයි.පෙරදී පල්ලියේ ආධිපත්‍යයට යටවී ශෛලිගතව ක්‍රිස්තු චරිතය තේමාවන් සේ ගත් කලාව තාක්ෂණය හා නව ආකල්ප තුළින් වෙනස් විය.01.ගණිත සහ මුද්‍රණ ක්‍රම දියුණු වීම02.කඩදාසි භාවිතය වර්ධනය ...
Leonardo da vinci (1452-1519) Cristo Gallary ලියනාඩෝ ඩාවින්සිෆ්ලෝරන්ස් නගරයට ආසන්න"වින්සි"(Vinci)නම් නගරයේ දී 1452දී උපන් මොහුගේ පියා"ස්ර් පියරේ ඩාවින්සි"(Sir Piyare da vinci)ය.පාසලේදී කලාවට ලැදියාවක් දැක්වූ ඩාවින්සි තම සිත්ගත් දේ පොත්වල සටහන් කරගත්තේය.චිත්‍ර කලාවට දැක්වූ මෙම විශේෂ උනන්දුව හා දක්ෂකම් නිසා ඔහුට වයස අවුරුදු 15දී ඔහුගේ පියා විසින් එකල ප්‍රසිද්ධ වී සිටි චිත්‍ර හා මූර්ති ශිල්පී "ඇන්ඩ්‍රා ඩෙල් වෙරෝකියෝ"(Andra del verokio) ට භාරදෙන ලදී.වර්ෂ 1476 කාලයේ ඩාවින්සි අවුරුදු ...
Solias Mendis (1897-1975) Cristo Gallary සෝලියස් මෙන්දිස් (1897-1975)නිර්මාණ කුසලතාවන්ගෙන් හෙබි අතළොස්සක් වූ අග්‍රගණ්‍ය කලාකරුවන් අතරින් කැළණි නව බුදු මැදුර සිතුවමින් ඔපවත් කළ කහවේ වලිමුණි සෝලියස් මෙන්දිස් කලාකරුවන් හට ලැබෙනුයේ අද්විතීය ස්ථානයකි1897 වර්ෂයේ එක් සුන්දර දිනයක මීගමු පුරවරයෙන් ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ පුතෙකු ලෙසින් මෙලොව එලිය දකින්නට පින්බර වූ ඔහු සිත්තම්කරණයේ මේසා විශාල පෙරළියකට තුඩු දෙතැයි කවුරු නම් දැන සිටියාද?ගැමියෙකු ලෙසින් සුන්දර ගම් පියසක හැදී වැඩුණු ඔහු ...