සංචාර කැමරාව | Sanchara Camerawa (http://sancharacamerawa.blogspot.com/) Latest Posts Most Popular Posts
කඳු පාරක බයිසිකලෙන් | Beauty of Ruwanwalla සංචාර කැමරාව | Sanchara Camerawa දැන් කාලේ ඉන්න පොඩිඋන් බලන්ඉන්නේ තමුන්ට කම්පියුටරයක් අරං දෙනකන්නේ.......! එත් ඉස්සර එහෙම නෑ.ගොඩක් පොඩි උන්ට ඒකාලේ තිබ්බ ආසාවක් තමයි බයිසිකලයක් ගන්න එක..මටත් ඉතින් වයස අවුරුදු හතක් අටක් වෙන කාලේ ඉඳන් තිබ්බ බයිසිකල් පිස්සුවක්...හැබැයි ඉතින් තාත්තට කොච්චර කිව්වත් වැඩක් නෑ බයිසිකලයක් අරන්දෙන්න කියල.........බලමු බලමු කියකිය හැමදාම වැඩේ කල් දානව.....ඒදවස්වල අපේ එහාගෙදර හිටපු අයියට තිබ්බ රතුපාට "තුන්කාලේ" බයිසිකලයක්.ඒගොල්ලන්ගේ වත්ත ටිකක් ලොකුයි.අක්කරයක ...
වන නිවහන (ෆිෂින් හට්ස්) | Fishing huts - Sripada via Rajamale සංචාර කැමරාව | Sanchara Camerawa වන නිවහන කඳුකර වැසිවනාන්තරයෙන් පෝෂණය වන වනනදිය, ඇතැම් විට ගල්පර අතරින් රැළිති නංවමින්ද තරමක් ගැඹුරු තැන්වල ඉතා නිහඬවද ගලාබසී.හිරුරැස් ගඟ මත පතිතව, එහි දිය රැළිති වල සෙවනැලි ගං පතුලේ ඇති තැඹිලි පැහැති ගල්කැට මත සියුම් වූත් සුන්දර වූත් රටාවන් මවාලයි.සුළඟ එතරම් රළු නොවුනද,තුරුමත ඉදුණු, කහ පැහැති පත්‍රයක් දෙකක් නදිය මත පතිත කරවන්ට තරම් එය පොහොසත්ය. ඉහත කී වන නදිය අසබඩ ...
නිදහස සොයා අලගල්ලට | Alagalla mountain සංචාර කැමරාව | Sanchara Camerawa " අප දැන් සිටින්නේ මුහුදු මට්ටමින් අඩි හාරදහසක් පමණ ඉහළන්වූ අලගල්ල කදු මුදුනතෙහිය.....මානා පඳුරු පිසගෙන හමන සුළං හඬ අතරින් අපට එකවරම දුම්රියක හූ හඬක් ඇසේ...නිල්වන් වනපෙතත් ක්ෂිතිජය තෙක් පැතිරුණු කදුවැටිත් හැරෙන්නට දුම්රියක සේයාවක් වත් පෙනෙන්නට නැත...."අන්න...කෝච්චිය...! "මගේ මිත්‍රයා එකවරම කී විට මමද ඔහු විපරමෙන් බලන දිශාව වෙත නෙත් හැරවීමි.මහනුවර දිශාවේ සිට පුංචි පනුවෙකු මෙන් සෙමින් සෙමින් ඇදෙන දුම්රිය මට ...
සිංහරාජයේ අරුණාලෝකය (Morning side)................................................ සංචාර කැමරාව | Sanchara Camerawa සිංහරාජයට ඇතුළුවන ප්රවේශයන් කීපයක් තියනවා.ඒ අතරින් කුඩාව,පිටදෙනිය සහ මෝර්නින් සයිඩ් ප්‍රධාන තැනක් ගන්නවා.මෝර්නින් සයිඩ් හෙවත් හිමිදිරි පෙදෙස පිගිටල තියෙන්නේ සුරියකන්ද පැත්තේ.(රක්වානයි දෙනියයයි අතර).මෝර්නින් සයිඩ් කියල නම වැටෙන්න හේතුව මේ ප්‍රදේශයෙ දේශගුණය මුළු දවස පුරාම උදෑසන කාලයවගේ වීම.සංචාරකයින්ට මෝර්නින් සයිඩ් වල තියන බංගලාවේ නවාතැන් ගන්න පුළුවන්, නමුත් එන්න කලින් බත්තරමුල්ලේ තියන වනසංරක්ෂණ කාර්යාලයෙන් අවසර ගැනීම අනිවාර්යයි.මෝර්නින් සයිඩ් බංගලාවට සුරියකන්දෙ ඉදන් ...
උතුවන්කන්දේ සරදියල් එල්ලා මරණු දුටුවෙමි | Uthuwankanda සංචාර කැමරාව | Sanchara Camerawa කාලය : ක්‍රිව 1855 ස්ථානය : උතුවන්කන්ද "මම්මලේ...උඹට ඇහෙනවද කරත්ත සද්දේ...? නිච්චියටම කරත්ත තුනක්වත් ඇති...උඹ කොල්ලො ටිකට කතා කරගෙන හන්දියේ ගොරක ගහ යටට වරෙන් ...මං තුවක්කු බටේ අරං එන්නං..... " සරදියල් උතුවන්කන්දේ ගල්කුළු මතින් පහලට බසිමින් කීවේය. "ඉක්මනට වරෙන්...දැනටමත් උං හන්දියට ලංවෙලා ඇති....සිරිමලෝ මොනවද තෝ ඔය කල්පනා කොර කොර ඉන්නේ...? වරෙන් යන්ට..." මම්මලේ සිරිමලාට කෑ ගසමින් පහලට බසින්නට පටන් ...
අන්දරේගේ සොහොන | Tomb of Andare සංචාර කැමරාව | Sanchara Camerawa එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව් ඉස්මත්තකදී මට හතර ගාතය දමා සිටි අන්දරේ මුණ ගැසින. අන්දරේ ගැන අසා නැති කෙනෙකු නැති තරම්ය......එහෙත් ඔබ කෙදිනකවත් අන්දරේගේ සොහාන පිහිටි ස්ථානය ගැන අසා තිබේද.....? එක්තරා දිනයක,ශුෂ්ක කලාපයේ පාලු වූ වැව් ඉස්මත්තකදී මට හතර ගාතය දමා සිටි අන්දරේ මුණ ගැසින.ඔහු මිය යන්නට ඇත්තේ කුමක් නිසාද.....? ඔහු පිපාසයෙන් සිටි බවක් පෙනේ....දැන් වැවේ වතුර යන්තමින් හෝ ...
බෙලිලෙනේ ආදි මානවයෝ | Belilena සංචාර කැමරාව | Sanchara Camerawa මෙහි වූ ලෙනෙහි විශේෂත්වය එහි පියස්සෙන් ඇදහැලෙන මනරම් දිය ඇල්ලයි.ගුහාවක් ඉදිරියෙන් ඇදහැලෙන දියඇල්ලක් ඉතා දුර්ලභ දසුනකි.ලංකාවේ මෙවැනි ස්ථාන ඇත්තේ කිහිපයක් පමණක් වියයුතුය. "නාමුද.......? මේකට ඔලුව අල්ලන්න විතරයි තියෙන්නේ.." "යකෝ පට්ට හීතලයි නේ...."සිහින් දියකඳ මගේ පිට මත වැටෙන විට දැනුනේ බොරළු කැට ගොඩකින් පිටට දමා ගසනවාක් වැනි හැගීමකි. ................................................................................................................................................. අපහට කිතුල්ගල බෙලිලෙනට යාමට හැ
සල්ගල වන අරණ (Salgala)................................................................................. සංචාර කැමරාව | Sanchara Camerawa වනවාසී භික්ෂූන්වහන්සේලා වැඩවාසය කරන සල්ගල ආරණ්‍ය සේනාසනය වරකාපොලින් රුවන්වැල්ලට තියන පාරේ,ගලපිටමඩ ප්‍රදේශයේ තියන වැල්තැල්ල - කැටගිල්ල රක්ෂිතයේ තමා පිහිටලා තියෙන්නේ.නිහඩ නිස්කලංක පරිසරයකට කැමති ඕනෑම කෙනෙකුට මේ වන අරණේ පැය කීපයක් ගත කරලා එන්න පුළුවන්. ආරණ්‍යය ඇතුලේ තියෙන බැලුම්ගලට නගින කෙනෙකුට කැටගිල්ල රක්ෂිතයයෙත්, ප්‍රදේශය වටකරගත්ත කදු පංති වලත් සුන්දර දර්ශන වගේම අහස පැහැදිලිදවසක ශ්‍රීපාදය උනත් බලාගන්න පුළුවන්.සල්ගල ඉතිහාසය වළගම්බා රජු ...
සිංහරාජයේ පුරාණ ගම්මාන | Pitadeniya-Lanka gama සංචාර කැමරාව | Sanchara Camerawa "බොහොම ඉස්සර කාලෙක මේ කැලේ ඉඳල තියනවාලු දරුණු සිංහයෙක්... කැලේ මැද්දෙන් ගිය මිනිස්සුන්ට මේ සිංහයා හරියට කරදර කරලා තියනවා...ලංකා කියල තරුණයෙක් මේ සිංහයාට ගල් වලින් ගහල මරල තියනවලු....ඔය සිංහගලට යන පාරේ තියන අමුතු ගල්ගොඩ සිංහයා මරලා දාපු තැන කියලයි ගම්මු විස්වාස කරන්නේ...ලංකා කියන තරුණය හිටපුගම තමා ලංකා ගම කියල අදටත් පැවත එනනෙ..."------------------------------------------------------------------------------------------------------------------------- වෙලාව උදේ හතට විතර ඇති.සුදු පාට බෝඩ් ලෑල්ලක ...
බැමිණිතියා සාය සංචාර කැමරාව | Sanchara Camerawa “මෙම ලංකාද්වීපයෙහි එක් සමයෙකැ බැමිණිතියා සාය නම් වූ දුර්භික්ෂයක් දොළොස් අවුරුද්දක් පැවැත්තේය.ඒ දොළොස් අවුරුද්ද මුළුල්ලෙහි මෙම ලංකාද්වීපයෙහි වැසි පොදකුත් නො හෙලීය.එසේ හෙයින් දුර්භික්ෂය විය.අහර නොලැබීමෙන් උපදෘත වූ මනුෂ්‍යයින්ට රෝග භය විය.එකලැ ශරීරයෙහි ලෙහෙ මස් සිදී අස්තිචර්මවශේෂ වූ මනුෂ්‍යයෝ ඉතා දුඃඛිත වූහ.” [ වත්ථුලපබ්බත වස්තුව - සද්ධර්මාලංකාරය ] බැමිණිතියා සාය සම්බන්ධයෙන් මහාවංශයේ වැඩි විස්තරයක් සඳහන් නොවේ.නමුත් සද්ධර්මාලංකාරය,සීහළවත්ථුප්පකරණය වැනි ඉපැරණි ග්රන්ථ ...
මානැල්ල | Manalla සංචාර කැමරාව | Sanchara Camerawa සල්ගල අරණ්‍ය සේනාසනය හොයාගෙන ගිය ගමන අවසානයේදී අපිට හම්බඋන තවත් සුන්දර දිය ඇල්ලක් ගැනයි මේ කියන්න යන්නෙ.ඇත්තම කිව්වොත් මේ දියඇල්ල අපිට හම්බඋනා නෙමෙයි හෙන කට්ටක් කාගෙන හොයාගෙන ගිය එකක්...සල්ගලට ගොඩක් ලඟින් තියන බවක් ආරංචි උනත් හරියටම පාරක් දන්නේ නැතුව ආපු නිසා ඇල්ල හොයාගන්න එක ලේසි උනේ නැහැ.සල්ගල වන අරණේ පැය ගානක් ඇවිදපු හින්දයි ඔය කාලේ Man Vs Wild බලබල ...
මඩුවන්වෙල වලව්ව (Maduwanwela walawwa).................................. සංචාර කැමරාව | Sanchara Camerawa රත්නපුරේ කිව්වහම මතක් වෙන්නේ හැමතිස්සෙම වැස්ස තියන තෙත් පළාතක් නේද...? එත් රත්නපුරේ පහු කරගෙන ඇඹිලිපිටිය පැත්තට යනකොට තියෙන්නේ ඊට වඩා සම්පුර්ණයෙන්ම වෙනස් දේශගුණයක්.හරියට වැස්සක් නැති, දවසපුරාම වැටෙන තද අව්වට පිළිස්සෙන කදුකර පරිසරයක් තමා ඔය කියන ඇඹිලිපිටිය පැත්තේ දකින්න තියෙන්නේ...පුද්ගලිකව මම නම් නුවරඑලිය වගේ තෙත් කදුකර පළාතකට වඩා වියලි කදුකර පළාත් වලට කැමතියි...වේලිච්ච ගස්වැල් වලින් ඇහෙන "සර සර" හඬත් වියලි ...
ඕලු ඇල්ල (Olu Fall)................................................................................ සංචාර කැමරාව | Sanchara Camerawa ලංකාවේ උසින් පස්වෙනි තැන ගන්න ඕලු ඇල්ල (127m) පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ති‍්‍රක්කයේ යටියන්තොට ප්‍රදේශයේ...එච්චරම ප්‍රසිද්ධ නැති උනත් ශ්‍රිලංකාවේ පස්වෙනි තැනට උසම දිය ඇල්ල විදියටත් කොළඹට ආසන්නයේම පිහිටලා තියන ප්‍රමාණයෙන් විශාල දිය ඇල්ලක් විදියටත් ඕලු ඇල්ල නම් කරන්න පුළුවන්....හරියටම තැන කියනවනම් යටියන්තොටින් මලල්පොල හරහා සීපොන් වලට තියන පාරේ (B482) 16 වෙනි කිලෝමීටර් කනුව ගාව තමා ඇල්ල පිහිටලා තියෙන්නේ.. ඕලු ඇල්ල ...
කිරිගල්පොත්ත (Kirigalpoththa - Second highest peak in Srilanka)....... සංචාර කැමරාව | Sanchara Camerawa ලංකාවේ උසම කදු මුදුන් වලින් දෙවැනි ස්ථානය ගන්න කිරිගල්පොත්ත කන්ද හෝර්ටන් තැන්නේ පිහිටලා තියනවා.සාමාන්‍යයෙන් හෝර්ටන් තැන්නේ ලෝකාන්තය බලන්න යන ඇතුල් වීමේ ඉදන් කිලෝමීටර් 7ක් දුරින් තමා කිරිගල්පොත්ත කදු මුදුන පිහිටලා තියෙන්නේ.අපි ගමන පටන්ගත්තේ ඔහිය දුම්රිය ස්ථානයෙන්.ඔහියේ ඉදන් කිරිගල්පොත්ත කන්ද නැගල පට්ටිපොලින් එලියට එන සම්පුර්ණ ගමන කිලෝමීටර්36ක් විතර වෙනවා.කදු නගින්න කැමති කෙනෙකුට වගේම හෝර්ටන් තැන්නේ ටිකක් ඇතුලට ඇවිදින්න කැමති කෙනෙකුට ...