අනුරාධපුර පෙම්වතුන්ට පොලිසිය දුෂ්ටයා වෙයි Sri E News අනුරාධපුර මල්වතුඔය අසබඩ පිහිටා ඇති රිවර් පාර්ක් උද්‍යානයේ අශෝභන ලෙස පෙම්සුව විඳිමින් සිටි බව කියන තරුණ තරුණියන් සියයකට වැඩි පිරිසක් අනුරාධපුර මූලස්ථාන පොලීසිය කළ වැටලීමකින් පෙරේදා 18දා පොලිස් භාරයට පත්වී ඇත. පොලීසිය මෙම වැටලීම කරන අවස්ථාවේ රිවර් පාර්ක් උද්‍යානයේ විවිධ ස්ථානවල පෙම් සුව විඳිමින් තරුණ තරුණියන් 120කට ආසන්න පිරිසක් සිට ඇත. මෙම පිරිස අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ...
හොඳට ඉන්න පවුල් කඩන එක ආනන්තරීය පාප කර්මයට සමාන පවක් කියලයි මම හිතන්නේ --- ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ Sri E News ප්‍රවීණ රංගන ශිල්පියකු මෙන්ම අධ්යක්ෂවරයකු වූ සනත් ගුණතිලක මේ දවස්වල අලුත් චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටයේ නම “සිනහව අතරින්”.“සිනහව අතරින්” චිත්‍රපටයේ ප්‍රධාන රංගන ශිල්පිනිය හැටියට කටයුතු කරන්නේ සේමිණී ඉද්දමල්ගොඩයි. “සේමිණී මේ චිත්‍රපටයේ අපූරුවට රඟපානවා.” ඊයේ පෙරේදා දවසක අහඹු විදියට හමුවුණු සනත් ගුණතිලකත් අප සමග කිව්වා. කොහොම හරි මේ ගැන වගේම සේමිණීගේ අලුත් තොරතුරු මොනවද කියලා හොයලා බලන්න හිතාගෙන අපි ඇයට ...
එන්.එස්.කේ. ගෲප් ඉඩම් හොරා දැලේ නිවසේ තිබී අනුන්ගේ ඉඩම් ඔප්පු 50 ක් හසු වෙයි Sri E News කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල වටිනා ඉඩකඩම් කුණු කොල්ලයට උකසට ගෙන එම ඉඩම් සඳහා ව්‍යාජ ඔප්පු සකස් කර ඒවා හොර රහසේම විකුණා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ඉපැයූ කොළඹ යූනියන් පෙදෙසේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.ප්‍රබල දේශපාලනඥයන් සමීපව ඇසුරු කරන එන්.එස්.කේ. ගෲප් නමැති ව්‍යාපාරය හිමි මෙම පුද්ගලයා සිදු කර ඇති මහා පරිමාණ වංචාවල වටිනාකම මෙතෙක් ...
උතුරේ 17%කට පමණ තවමත් ජාතික හැඳුනුම්පත් නෑ Sri E News උතුරු පළාතේ ජනතාවගෙන් 17%කට පමණ තවමත් ජාතික හැඳුනුම්පත් නොමැති බවත් එළැඹෙන සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත උතුරු පළාත්සභා මැතිවරණය ඉලක්ක කර ගනිමින් එම පලාතේ ජාතික හැඳුනුම්පත් නොමැති පුද්ගලයින් සඳහා හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙලක් පැෆ්රල් සංවිධානය විසින් ආරම්භ කර තිබෙන බවත් වාර්තා වේ. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව එම වැඩසටහන ආරම්භ කෙරේ. මේ අනුව ලබන පළමුවනදා සිට දින හතරක් යාපනයේ ජංගම සේවයක් ...
සල්මන්ට රුමේනියානු රූමතියක් ළංවෙයි Sri E News රූපවාහිනි කැමරා ඉදිරියේ දී, පුවත්පත් සම්මුඛ සාකච්ඡාවලදී එකක් කියා ඊට ඉඳුරාම වෙනස් දෙයක් සිදු කිරීම දැන් බොලිවුඩ් නළු නිළි පරපුරට හුරු පුරුදු වී ඇතුවා වගෙයි. ඔවුනුත් හරියට දේශපාලනඥයන් වගෙයි.මාධ්‍යවේදීන් ඉදිරියේදී තමන් ගේ රංගන ජීවිතය ගැන, පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්නේ විවෘත හදවතින් වගෙයි අපට පෙනෙන්නේ. ඒ වුණත් මතුපිටින් කියන කතාවට වඩා රහස්, මේ බොලිවුඩ් ජීවිතවල ඇතුල් පැත්තේ තියෙනවා. ඒ බව ...
දුරකතන සහ ඊමේල්වලින් සුවඳ යවන ක්‍රමයක් Sri E News දුරකථන ඔස්සේ හෝ අන්තර්ජාලය හරහා මිතුරු මිතුරියන් වෙත පණිවුඩ යවනා විට ඊට ගැළපෙන සුවඳක් සමග මුසු කොට යැවිය හැකි ක්‍රමයක් ජපාන තාක්ෂණික සමාගමක් සොයා ගෙන තිබේ.එම සමාගම චැට්පර්ෆ් (Chatperf) නම් වේ. සුවඳ විහිදුවාලන මෙම වනතම සන්නිවේදන උපකරණය හැඳින්වෙන්නේ සෙන්ට් (Scentee) ලෙසය. තවමත් ප්‍රදර්ශනාත්මක මූලාකෘතියක් ලෙස පවතින මෙම උපාංගය ඇපල් වර්ගයේ ජංගම දුරකථනවල දැනට ක්‍රියාත්මක කළ හැකි බවත් එළැඹෙන සැප්තැම්බර් මාසයේදී ...
සී.එෆ්.එල්. බල්බ ගැන පරෙස්සමෙන් Sri E News ප්‍රමිතියෙන් බාල සී.එෆ්.එල්. (CFL) ල්බ මේ දිනවල විශාල වශයෙන් වෙළෙඳපලේ අලෙවිවන බැවින් ඒ පිළිබඳව වඩාත් කල්පනාකාරී වන්නැයි විෂ තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි. ප්‍රමිතියෙන් බාල මෙම බල්බවල රසදිය අධික ප්‍රමාණයක් අන්තර්ගතව තිබෙන බැවින් එම බල්බ බිඳී යන මොහොතකදී පරිසරයට රසදිය විශාල වශයෙන් එකතු වන බවත් ඊට දරුවන්ගේ ස්නායු පද්ධතියට බරපතළ හානි සිදු කිරීමේ හැකියාව ඇති බවත් එම මධ්‍යස්ථානය අනතුරු අඟවයි. තවද ...
වැරැදි දෙයක් දැක්කම මට තරහ යනවා වැඩියි ---- තුෂාරි වේහැල්ල Sri E News මීට කලකට පෙර ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘ආදරණීය චංචලා’ ටෙලිනාට්‍යයේ අරුණි ලෙස රඟපෑවේ ඇයයි. එසේම “පෙන්ෂුයි ගෙදර’ ටෙලිනාට්‍යයේ මීනා ලෙස ද ‘අහස්ගව්ව‘ ටෙලි නාට්‍යයේ ෂෙරීන් ලෙස ද රඟපෑවේ ඇයයි.ඇය තුෂාරි වේහැල්ල. තුෂාරි රංගන ක්ෂේත්රයේ සිටින දක්ෂ යොවුන් රංගන ශිල්පිනියක් ලෙස හැඳීන්වීම නිවැරදියි. රූපවාහිනි වෙළෙඳ දැන්වීම් ගණනාවකින්ම ප්‍රේක්ෂකයින් හමුවට එන තුෂාරි මේ වන විට චිත්‍රපට කීපයකටම ද රංගනයෙන් දායක වී ඇත. ...
ගුරුවරියක් හා සිසු පෙම්වතා තවත් ගුරුවරියකගේ බැංකු ගිණුමෙන් ලක්ෂ ගණනක් හොරාට අරන් Sri E News පාසල් ගුරුවරියකගේ බැංකු ගිණුමකින් රුපියල් 3,80,000/- ක මුදලක් වංචා සහගත ලෙස ලබාගත් පාසල් ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අ.පො.ස. (උ.පෙ.) සිසුවෙකු අත්අඩංගුවට ගත් බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි.මෙම පාසල් ගුරුවරියන් දෙදෙනා එකම නවාතැනක සිට පාසල් දෙකක සේවය කරන ගුරුවරියන් දෙදෙනෙකි.පැමිණිලිකාර පාසල් ගුරුවරියගේ බැංකු ගිණුම් පොත සොරකම් කර ඉන් සූක්ෂම ලෙස අත්සන් යොදා රුපියල් 3,80,000/- ක් වංචා කළ සැකකාර ගුරුවරිය ...
දැරිය දූෂණය කළ පෙම්වතාට සහ ඇෆ්ගන් ඉන්ජිනේරුවරයාට ඇප Sri E News ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලැබූ බාලවයස්කාර සිසුවියක් දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටි ඇගේ පෙම්වතා සහ ඇෆ්ගනිස්තාන් ඉන්ජිනේරුවරයා ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රභාෂා රණසිංහ මහත්මිය විසින් එක් අයකු වෙනුවෙන් රුපියල් විසිපන් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහරිනු ලැබුවාය. සැකකරුවාට විදේශගතවීම ද තහනම් කළාය.අබ්දුල් සාහිම් නමැති සිසුවකු සහ මොහොමඩ් අන්වර් නමැති ඇෆ්ගනිස්තාන් ඉන්ජිනේරුවරයකු මෙසේ ඇපමත ...
තිරුක්කෝවිල් ඉපැරණි දාගැබක් නිධන් සොරුන් හාරලා Sri E News තිරුක්කෝවිල් පොලිස් බලප්‍රදේශයේ සාගම වෙම්බඅඩිකුලම් ප්‍රදේශයේ පිහිටා තිබුණු ඉපැරණි දාගැබක් නිධන් සොරුන් විසින් නිධන් ලබාගැනීමට විනාශ කර තිබේ.මාස කිහිපයක සිට මෙම දාගැබෙහි නිධන් හෑරීම සිදුකර තිබේ. 16 දා සවස අක්කරපත්තුව සිංහල බෞද්ධ සංගමයේ ලේකම් එච්. සමන් මහතා සහ තවත් අයකු සමඟ එම ස්ථානයට ගිය අවස්ථාවේ නිධන් හාරමින් සිටි පිරිස් බඩු මුට්ටු ද දමා පලාගොස් තිබේ.පසුව තිරුක්කෝවිල් පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට ...
වීදුරු පෙරේතයා Sri E News ටොඩ් රොබින්ස් අමෙරිකාවේ නිව්යෝක් නුවර සන්දර්ශනකරුවෙක්. ඔහු වේදිකාවට පැමිණෙන්නේ දැල්වෙන විදුලි බුබුලක් සහිත මේස ලාම්පුවක් අතින් ගෙන.මොහොතකින් ඔහු විදුලි බුබුල ගලවාගෙන එය මුවට ගෙන හපන්නට පටන් ගන්නවා. සංදර්ශන ශාලාවේ ඇසෙන්නේ වීදුරු කුඩු වෙන හඬ පමණයි.ප්‍රේක්ෂකයන් ඇසි පිය නොහෙලා බලා හිඳිද්දී ටොඩ් විදුලි බුබුලේ වීදුරු කොටස් සම්පුර්ණයෙන්ම ආහාරයට ගෙන නිම කරනවා. “උණුසුම් කෑම වේලක අපූරුව!” ඉනික්බිති ඔහු හිනැහෙමින් පවසනවා.ටොඩ් පළමු වරට ...
ලාංකිකයින් අමෙරිකාවට ඇද්ද ජාවාරමක් හෙළිවෙයි Sri E News ශ්‍රී ලාංකිකයින් සහ ඉන්දියානුවන් අමෙරිකාවට නීති විරෝධීව රැගෙන යාමේ ඉක්වදෝරයේ සිට ක්‍රියාත්මක වු ජාවාරමක තොරතුරු හෙළිව තිබේ.මාස 2 ට අධික කාලයක් සිදුකළ විමර්ශනයකින් අනතුරුව අදාළ ජාවාරම මෙහෙය වු පුද්ගලයින් හය දෙනෙකු ඉක්වදෝර ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.එම පුද්ගලයින් අතර ඉන්දීය ජාතිකයින් තිදෙනෙක් සහ ඉක්වදෝර සංක්‍රමණ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.ඔවුන් විසින් අමෙරිකාවට ...
පින්නවල අලියෙක් සේවකයෙකුගේ පිටකොන්ද හපා කාලා Sri E News පින්වල අලි අනාථාගාරයේ සේවකයෙකුට අලියෙකු විසින් පහර දී හපා කෑමෙන් පසු බරපතල තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇතැයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.16 මෙම අලියා නහවා ගෙනැවිත් බැඳ සවස 4 ට පමණ රාත්‍රී කෑම වේල දී ජලය ලබා දීමට යාමේදී අලියා විසින් පහර දී, හපා කා ඇතැයි රඹුක්කන පොලිසිය පැවසීය. මෙම ...
මව දරුවන් ළිඳට දමයි , තිදෙනාම මියයති Sri E News 17 දා උදැසන සියදිවි නසා ගැනීමේ චේතනාවෙන් වවුනියාව තාන්ඩිකුලම් ප්‍රදේශයේ මවක් තම දරු තිදෙනා ළිඳකට දමා ඇයද එම ළිඳට පැන ඇත. මෙහිදී වයස අවුරුදු හතරේ තුනේ හා අවුරුදු එකහමාරක් වයසැති ගැහැණු ළමයින් තිදෙනෙක් මිය ගොස් ඇත. ගම්වැසියන් විසින් මව බේරා ගෙන ඇති අතර වවුනියාව පොලිසිය විසින් ඇය අත් අඩංගුවට ගෙන තිබේ.මානසික ආබාධයකින් පෙලුන මවක් අද උදේ සිය දරුවන් තිදෙනා ළිඳකට ...
කිඹුලාට බිලිවූ මවගේ සිරුරේ කොටස් හමවෙලා Sri E News පසුගිය 12 දා දඹාන උල්හිටිය ඔයෙහි දිය නාමින් සිටියදී කිඹුලකු විසින් ඩැහැගෙන ගිය කාන්තාවගේ සිරුරේ අතක කොටසක් ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය ධීවර ගම්මානයේ ධීවරයකුට උල්හිටිය ජලාශය මැද පාවෙමින් තිබියදී 15 වැනිදාහමුවී ඇත.එම අතෙහි කොටස කිඹුලා විසින් ඩැහැගෙන ගිය කාන්තාවගේ පවුලේ උදවිය විසින් හඳුනාගෙන ගත්හ.කිඹුලන් සිටීම හේතුවෙන් නාවික හමුදාවේ කිමිදුම් අංශයේ නිලධාරීන් පැමි”ම ප්‍රතික්ෂේප කළ අතර මහියංගණ පොලිසිය හා වනජීවි නිලධාරීන්, ගම්වාසීන් එක්ව ...
අද නාට්‍යවල රසය විතරයි ගුණය නැහැ ---- කෞශල්‍යා ප්‍රනාන්දු Sri E News ‘මවුස්’ ‘සුළඟ එනු පිණිස’ ‘ආකාස කුසුම්’ ආදී චිත්‍රපටවල මෙන් ම ‘දුන්හිඳ අද්දර’, ‘වනස්පති’, ‘ඉසුරු ගිර’, ‘සෙදෝනා’ ආදී ටෙලිනාට්‍යයන්හි ද මතක හිටිය චරිත රඟපෑ ඇය රඟපෑමට යොමු වුණේ වේදිකා නාට්‍යයෙනි. ඒ අම්මාගේ අඩි පාරේ ගමන් කරමින්. ඇගේ මව ප්‍රවීණ නාට්‍යවේදිනි සෝමලතා සුබසිංහයන් ය. ඇය රූපවාහිනි, චිත්‍රපට, වේදිකා නාට්‍ය නිළි මෙන් ම නාට්‍ය නිෂ්පාදිකා කෞශල්‍යා ප්‍රනාන්දු ය.“මම කලාවට පිවිසුණේ අම්මාගේ නාට්‍ය වලින්. ...
වීරවංස සිව සේනා කුක්කෙක් - බොදු බල සේනා Sri E News විමල් වීරවංස යනු ජාතිකත්වයේ සළු පිළි පොරවාගත් අවස්ථාවාදියෙකු බවත් සිංහලයා වෙනුවෙන් කිසිදු වැදගත් මෙහෙවරක් සිදුකොට නැති ඔහුට ඉන්දියාවේ ශිව සේනා සංවිධානය සමග සමිප සම්බන්ධතාවයක් ඇතැයි පිළිගත හැකි සාක්කි රැසක් තමන් සතු බවත් බොදු බල සේනා සමිතිය පවසයි.13දා මාධ්‍ය හමුවේ අදහස් පල කල බොදු බල සේනා සමිතියේ ලේකම් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැඩිදුරටත් පැවසුයේ බුදුන් වහන්සේ ලංකාවේ උපන් බවට ප්‍රචාරයක් ගෙනයන කල්ලියක ...
මම හිස බූ ගෑවේ හතරවැනි වතාවටයි ---- රන්ජන් රාමනායක Sri E News මේ දිනවල ඔබ කාර්යබහුලද?පසුගිය දිනවල "රන්ජා චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණ නිසා කාර්ය බහුල වෙලා හිටියේ. මේ චිත්‍රපටයෙ රඟපාන චරිතය නිසා කොණ්ඩය සම්පූර්ණයෙන්ම කපාදාන්න සිද්ධවුණා නේද?ඒ අවස්ථාවට මම මුහුණ දුන්නෙ පළවැනි වතාවට නෙවෙයි. උදයකාන්තගෙ සාගරය පරදා ටෙලි නාට්‍යයේ සහ එයාගෙම යකඩ පිහාටු චිත්‍රපටයෙත් හිස බූ ගාන්න සිද්ධ වුණා. ඊට පස්සෙ මගේ වන්ෂොට් වන් වෙනුවෙන් හිස බූ ගෑවා. දැන් මේ හතරවැනි ...
ෆොටෝ කොපි නළුවෝ සහ රසිකයෝ Sri E News සංචාරක ව්‍යාපාරයෙහි යෙදී සිට මෑතකදී විශ්‍රාම ලැබූ අප මිත්‍රයෙක් කාලය ගෙවා ගැනීම සඳහා තෝරා ගැනීමකින් තොරව ම ටෙලි නාට්‍ය නරඹයි.අපට වඩා වැඩිහිටි ඔහු, අප නොනැරඹූ චිත්‍රපට ද නැරැඹුවෙකි. එහෙයින් ඔහු හමුවන බොහෝ අවස්ථාවල සිංහල චිත්‍රපටි ගැන කතාබහට මා පෙලඹෙන්නේ නොදත් දෑ දැන ගැනීමේ රිසියෙනි.මෑතකදී අප හමුවූ විටෙක ඔහු සිංහල ටෙලි නාට්‍ය ගැන කතා කරන්නට විය.”දැන් චිත්‍රපටි බලන්නෙ නැද්ද?”මම ඇසුවෙමි.”හොඳ එකක් ...