චූටී..... හස රැල් චූටී අපේ ගෙදරට ඉස්සෙල්ලම ආවේ 1992 අවුරුද්දේදී.....මට අදටත් හොදටම මතකයි.කවුදෝ කෙනෙක් දවසක් රෑ අපේ සීයාගේ කඩේ ගාව පූස් පැටව් වගයක් අතැරලා ගිහින් තිබුනා.මේ වෙනකොට මාත් ඉස්කෝලේ දෙක වසරේ ඉගෙනගත්තේ.මං උදේ නැගිටලා කඩේ පැත්තට යනකොට චූටී විතරක් කඩේගාව අයිනට වෙලා හිටියා.එයාගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම පාරේ යන වාහනවලට යටවෙලා.අපි ඉස්කෝලේ යන්න බස් එකට නැග්ගේ අපේ කඩේ ගාවින්.මං ඉස්කෝලේ ගිහින් ආපු ගමන්ම බැලුවේ ...
ණය නොගෙව්වොත් මොකද වෙන්නේ ???? හස රැල් ඔන්න බැංකුවයි ඔබයි ලිපි පෙලේ කලින් ලිපියේ පොරොන්දුවුණු පරිදි අද මං කියන්න යන්නේ ණය මුදලක් නිසි පරිදි ගෙවාගන්න බැරිවුනොත් මොකද වෙන්නේ කියන කාරණයයි.ඒකත් කලින් ලිපියේ පරිදිම ප්‍රශ්නෝත්තර ආකාරයෙන් ඉදිරිපත් කරනවා ඔබේ පහසුව සඳහා.මං මේකෙදි කතාකරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම බැංකුවලින් ගන්න ණය සම්බන්දවයි.ලීසිං ,ෆිනෑන්ස් වලදී මං මේ කියලා තියෙන කාරණා ටිකක් වෙනස්වෙන්න පුළුවන් හොඳේ...ණය මුදලක් ගෙවාගන්න බැරිවෙන්නේ ඇයි?අපි ණය මුදලක් ගැනීමේදී ...
ප්‍රධාන ආරාධිත අමුත්තා...... හස රැල් ස්ථානය - ධවල මන්දිරය ,වොෂින්ටන් ඩී.සී. , එක්සත් ජනපදය.වෙලාව - පෙ.ව.5.30 ,2013.10.02----------------------------------------------------------------------------------------බබා... බලන්නකෝ මේ ටයි එක හොඳද කියලා...මොකද වදේ මේ උදේ පාන්දර නැගිටගෙන බෙරිහන් දෙන්නේ,තව චුට්ටක් නිදාගමුකෝ....අනේ බෑ පැටියෝ.....මෙහෙ බලන්නකෝ....ම්ම්ම්......උදේ පාන්දර නැගිටගෙන මේ කොහෙද දුවන්න හදන්නේ,අද මුකුත් විශේෂ වැඩක් නැහැනේ.අනිත් එක ඔයා ඊයේ රජයත් වහලා දැම්මානේ.....මේක විශේෂ වැඩක් බබා....මට ලැබිච්ච ආරාධනාවක්....ප්‍රධාන ආරාධිත අමුත්තා විද
නිකං ඉන්න බැරුවට කොරපු වැඩක් - 2 හස රැල් කෝමද මේ දවස්වල දවල්ට රස්නේ...සනීපයිනේ..ඉරිදා ගෙදර ඉන්නකොට දවල්වෙද්දී ටික ටික රත්වෙන්න ගත්තා.කරුමෙට ගෙදරටම තියෙන්නේ ෆෑන් එකයි.දැන් ඉතින් මේ හදිසියට කොහෙන් ෆෑන් හොයන්නද...ඔහොම හිතනකොට තමයි මතක් වුනේ අපේ ගෙදර ඉස්සර තිබිච්ච National ෆෑන් එක.කලින් හොදට වැඩකලත් ටික කාලෙකට ඉස්සර වැඩ කරන්නැතුව ගිය නිසා පැත්තකට දාලා ගබඩා කාමරේ මුල්ලක තියලා තිබුනා.මේක හදලා ගන්න පුලුවන්නම් හරිනේ කියලා හිතුනු නිසා ඔන්න මං වැඩේට අත ...
තර්කය ... හස රැල් දැන් කොහොම.....දැන් ඉතින් කොහොම වුනාම මොකද.අපිට ඕවා වලක්වන්න බෑනේ.අපි කිව්වය කියලා ඕවා වෙනස්වෙන්නෙත් නෑ.ඇමෙරිකාවේ ජනාධිපතිකමට බ්රූස් ලී පත්වෙනකොටම අපි ඕක හිතුවා.මොකද අපේ රටෙත් නැහැනේ හරි හැටි කතාවක් කරගන්න එකෙක්.ඔන්න ඉතින් හූ ජින්තාවොනම් නම් ඉන්නවා.මිනිහා මහනුවර නගරසභාවට ඉල්ලනකොට අපි හිතුවේ නෑනේ මෙහෙම දෙයක්වෙයි කියලා.අනිත් එක මං අහන්නේ අපේ මිනිස්සුන්ට මොලයක් නැද්ද ඔය තුට්ටු දෙකේ ගායකයෝ පස්සේ යන්න.හොදට සින්දු කියන්න ඇහැකි වුනු ...
සිරදම හා මිතුදම - Shawshank Redemption හස රැල් ඔන්න ඉතින් කාලෙකට පස්සේ චිත්තරපටියක් ගැන විස්තරයක් දෙන්න හිතුනා.අද මං කියන්න යන්නේ Shawshank Redemption චිත්‍රපටිය ගැන.මේක බලපු අයත් ඉන්න පුළුවන්...කතාව ටිකක් කියන්නම්කො....Andy Dufresne කියලා බැංකුවක වැඩකරන කෙනෙක් තමන්ගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා මරා දැමීමේ වරදට ජීවිතාන්තය දක්වා සිර දඬුවමකට ලක්වෙනවා.කතාව පටන් ගන්නේ එතැනින්.ඉතින් මෙහෙම හිරගෙදරට එන Andyට හමුවෙනවා හොද යහළුවෙක්.ඔහුගේ නම red.එයාගේ විශේෂත්වය වෙන්නේ ඔහුට තියෙනවා බලධාරීන්ට හොරෙන් හිරගේ ...
හොල්මන් දූවේ අභිරහස - The case of haunted mangrove island හස රැල් ඒ 1891 වර්ෂයේ ජනවාරි මාසයේ දිනයක් බව මාගේ සටහන් පිරික්සා බැලුවිට මට පෙනීයයි.කවුළුවෙන් පිටත බලාගෙන සිටි මාහට බේකර් වීදියේ එහා මෙහා යන මිනිසුන් පෙනුනේ එක්වරම මීදුමෙන් මතුවී මීදුමේම සැගවී යන අවතාර මෙනි.මේ හෝම්ස් සහ මා ගතකල ඉතාමත්ම අවිවේකී කාලයක් බව මට සිහිකළ හැකිය.වසර කිහිපයක්ම එකදිගට පරීක්ෂණ කටයුතුවල නියුතුවීම හෝම්ස්ගේ ශරීර සුවතාවයටනම් කෙසේවත් සුබදායී ලෙස බලපෑවේ නැත.අවසානයට අපි යෙදුනු පරීක්ෂණ වුයේ ...
බැංකු ණයක් ගමුද ???? හස රැල් අපේ බැංකුවයි ඔබයි පාඩම් එහෙම්මම නැවතුනානේ.ඔන්න ඒක නිසා අද මං අලුත් පාඩමක් ලියන්න හිතුවා.අද මං කියලා දෙන්න යන්නේ බැංකු ණය ගැන.ඉතින් වෙනදට වඩා වෙනස් විදිහකට ලියන්න හිතුනා.මගෙන් ගණුදෙනුකරුවන් නගපු ප්‍රශ්න සහ ඒවාට මං දුන්නු උත්තර විදිහට මේ පොස්ට් එක ලියනවා.බලන්න මේ ප්‍රශ්න ඔයාලටත් තියෙන ඒවාද කියලා....බැංකු ණයක් ගන්න තියෙන්න ඕන සුදුසුකම් මොනවද?මේක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්.ඔබ ස්ථිර රැකියාවක් කිරීම ණයක් ...
සඳ ගමන - Trip to the moon හස රැල් මගේ ජීවිත කතාව හොදින් මුද්‍රා තබන ලද පොතක් වැනිය.එහි සමහර කොටස් මාගේ සමීපතමයින් පවා හරිහැටි නොදනී.එහෙත් මගේ බ්ලොග් අඩවියට ගොඩවදින ඔබ වෙනුවෙන් මගේ ජීවිත අත්දැකීම් ලියාතැබිය යුතුයැයි මම තීරණය කලෙමි.ඒ අනුව අද ලියවෙන්නේ එහි කොටසකි.කුඩා කල පටන්ම සඳ තරු ගැන මට තිබුනේ අමුතුම කියවීමකි.කුඩා කල ආච්චී සස ජාතකයේ පරිදි හඳේ හාවා ගැන කියූ කතා මගේ සිතේ මුල් බැසගත්තේය.තරු අහසේ තියෙන්නේ ...
නිකම් ඉන්න බැරුවට කොරපු වැඩක්.... හස රැල් ඔන්න ඔය පහුගිය සතියේ පොඩි අසනීප ගතියකින් හිටපුනිසා ගේ ඇතුලටමවෙලා තමයි ඉන්න වුනේ.ඔහොම ඉදිද්දී ඉතින් නානාප්‍රකාර දේවල් හිතෙනවනේ.මට හිතුනා අපේ ගෙදර පැත්තකට දාලා තියෙන පරණ රේඩියෝ එකට ආයෙත් පණ දෙන්න පුලුවන්ද කියලා බලන්න.මේක මේ 1960 විතර පරණ රේඩියෝ එකක්.හරියටම නිෂ්පාදිත අවුරුද්ද දන්නේ නෑ.වර්ගය Siemens.Model එක Batteriesuper 440b.ආ .....මේක මේ ජරුමන් රටේ හදොපු එකක්.සිංහලෙන් කිව්වොත් Made In Germany.ඔන්න ඔය විස්තර විතරයි ...
අපේ උන් විතරද උස්සන්නේ....... හස රැල් මාත්තුරුකාව දක්කගමන් කලබල වෙච්ච අය සමාවෙන්නලා.අද මට ලියන්න හිතුනේ සින්දු ටිකක් ගැන.දැන් ඔය අපේ සිරිලන්කාවෙත් පැරණි ගීත නව පරපුරේ අය ගායනා කරනවා නොවැ.[ඔව්..ඔව්...ගායනා කරනවා කියලා තමයි එකට කියන්නේ].ඉතින් ඕවා අවසර ඇතුව නැතුව හරි ගායනාකරලා ඉතින් එයාලත් කීයක්හරි හම්බුකොරගන්වනේ.ඒ ගැන වැඩිය කියන්න ඕන නෑ පහුගිය කාලේ ඇතිපදම් ඔය අයිතියන් ගැන කතාවුනානේ.ඉතින් මට අද මුණු පොතේ මං ආසාකරන පරණ ඉංගිරිසි සින්දු ටිකක් ...
මට වෙච්ච දේ ..... හස රැල් අද මම මේ ඔබට කියන්නට යන්නේ මට වෙච්ච පුද්ගලික අත්දැකීමක්.මම මේ බ්ලොග් එක ලියන්න පටන් අරන් දැන් සැහෙන කාලයක්වුනත් මගේ ජීවිතේට සම්බන්ද පොස්ට් ලියලා තියෙන්නේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.ඒකට විශේෂ හේතුවක් නැතිවුනත් කොහොම කොහොමහරි ඒවා කිසිම දෙයක් ලියවුනේ නෑ.පහුගිය දවස්වල මට බ්ලොග් පැත්තේ පයගහන්න වුනෙත් නෑ.ඒකට හේතුවුණු දේ තමයි මං අද මේ ඔයාලට කියන්න යන්නේ.කොහොමවුනත් මේවගේ දේකට පස්සේ ඇතිවෙන මානසික ...
රබර් ඇටෙන් රූං පෙත්තක් හදමු - Weekend Project හස රැල් ඔන්න ඉතින් මාසෙකටත් පස්සේ මේක ලියන්න ගත්තේ.පහුගිය කාලේ හරිම අවිවේකී වුනා නොවැ.තාමත් එහෙම තමයි.ඒත් ඉතින් මේක අතැරලා දාලා පුළුවනෑ.ඒක නිසා ඔන්න අද weekend project එකක් දාන්න හිතුනා.ඒකත් weekend එකත් end වෙන්න ගියාමයි ලියන්න හිතුනේ.අද වැඩට ගිහින් එද්දී (අපි ඉරිදත් වැඩ තමා අනේ )මගදී බයිසිකලේ රෝදෙට අහුවෙලා මොකක්ද මන්දා "පටාස්" ගාලා පුපුරලා ගියා.කෝකටත් කියලා බයිසිකලේ නවත්තලා බැලින්නම් රබර් ඇටයක්.ඒ විතරක්ය පාර ...
අපේ ගම මාතර - ආනයනය කරන ලදී ...... හස රැල් ඔයාල දන්නවා ඇතිනේ මගේ තව බ්ලොග් එකක් තිබුනා අපේ ගම මාතර කියලා.ඒත් ඉතින් මගේ අතින් පොස්ට් ලියවෙන්නේ නැති නිසාම ඒක අභාවයට ගිහින්.ඒක නිසා ඒකෙ තියෙන වැදගත් පොස්ට් ටික මේ බ්ලොග් එකට ගේන්න මං තීරණය කළා.කියවලා නැති අය කියවලා අදහසක් දාන්නකෝ.....මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියාමාතර කිව්වම ඉස්සෙල්ලම මතක්වෙන්නේ කවුද ?මාතර අපි කාගේත් සුන්දරී - රුහුණු කුමාරිනිවාඩුවට travel එකක් - මාතර නගරය ...
උගතමනා ශිල්පයමයි මතු රැකෙනා - The First Grader හස රැල් ඔන්න ඉතින් 417 හන්දියේ කතාවලට පොඩි විරාමයක් තියලා අද වෙනත් කතාවක් කියන්න හිතුනා.අපි කවුරුත් උපන්දා ඉදලම ඉගෙන ගන්නවනේ.ඉතින් මේ ඉගෙනගැනීම කෙලවරවෙන්නේ කොතැනින්ද?කවුරුත් පිලිගන්නවා ඇතිනේ අපේ මරණ මොහොත වෙනකල්ම අපි මේ ලෝකේ යම්කිසි දෙයක් ඉගෙන ගන්නවා කියලා.ඉතින් අද කියන්න යන්නේ ටිකක් අන්න ඒ වගේ කතාවක්.ඔයාල දන්නවා ඇතිනේ අපේ රටේ නිදහස් අධ්‍යාපනය [නිදහස්ද නැත්ද කියන එක වෙනම කතාකරමු ] තිබුනට ලෝකේ ගොඩක් ...
417 හන්දියේ කතා..... හස රැල් කොහෙන් පටන් ගන්නදැයි හිතාගන්නට බැහැ.ඒ තරම් දේවල් ඔළුවට එනවා.අපේ ලමාකාලයේ සුන්දර ,අසුන්දර,භයානක,දුක හිතෙන,සතුට දැනෙන ගොඩක් දේවල් මතකෙට එනවා.කෝකටත් එහෙනම් පටන්ගමුකෝ......මේ රටේ 417 හන්දි තියෙන්නේ එකකි.ඒ වෙන කොහෙවත් නොව අපේ ගමේ අපේම ගෙදර ලග හන්දියයි.හැබැයි මේක බලන කෙනෙක් අපේ ගමට ඇවිත් 417 හන්දිය කොහේදැයි ඇහුවොත් උත්තර දෙන කෙනා අනුව උත්තර දෙකක් ලැබෙන්නට පුළුවන.ගමේ සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවොත් "එහෙම හන්දියක් ගැන ඇහුවෙත් අදයි"යනුවෙන් ...
අපේ ගමේ බස් එක සහ 417 හන්දියේ කතා ... හස රැල් චායාරූපය -sltbus.blogspot.comපහුගිය දොහේ බ්ලොග් ලිවිල්ල එපාවී තිබුනේය.ඒත් ඉතින් එහෙම ඉදලාත් බැරිය.පස්සෙන් පන්නන උන්ගේ මඩ ප්‍රහාර දරාගැනීමට හොද හයිය හිතක් තිබිය යුතුය.අලුත්ම මඩ ප්‍රහාරය දේශකයාගෙනි.ඉවසීමේ සීමාව ඉක්මවා ගිය බැවින් පෝස්ට් එකක් දමන්නට සිතුනි.අද ඉතින් ලියන්නේ අපේ ගමේ බස් එක ගැනය.ඒක ඔය උඩ තියෙන පින්තුරේ ජාතියේ එකක්ය.60 දශකයේ ඉස්සෙල්ලාම ගමට බස් එකක් ලැබුණි.එතකොට අපි ඉපදීලාවත් නැත.ඊට කලින් අපේ තාත්තලා සීයලා මාතර ගියේ ...
විසිතුරු මනස - Beautiful Mind හස රැල් ඕන්න එහෙනම් දීර්ඝ විරාමයකට පස්සේ ආයෙත් බ්ලොගේ ලියන වැඩේට අතගැහුවා.මංවත් පහුගිය දොහේ මේ පැත්තේ ගොඩ නොවැදුනාට සෑහෙන පිරිසක් ඇවිත් ගිහින් තිබුනා.ඒකනිසා මේක වල්වැදෙන්න දෙන්න හොද නෑ කියලා හිතුනා.ඕන්න විරාමයෙන් පස්සේ අද ලියන්න යන්නේ චිත්තරපටියක් ගැන.මං ඔයාලට ගෙනෙන ගොඩක් කතා වගේම මේකත් ටිකක්විතර ඇත්ත කතාවක්.චිත්තරපටිය තමයි A Beautiful Mind. 2001 වර්ෂයේදී තමයි තිරගතවෙලා තියෙන්නේ.චිත්තරපටිය ගැන කියන්න කලින් ඒකට මුල්වුණු කෙනා සහ ...
පොල්පිති හරකෙක් හදමු - Weekend Project හස රැල් ඔන්න යාලුවනේ ඔයාලට වෙච්ච පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ.මං කිව්වනේ ගමේ ආවම ආයෙත් Weekend Project වැඩසටහන ආයෙත් පටන්ගන්නවා කියලා.ඔන්න එක නිසා අද වැඩේට ආයෙත් බහිනවා හොදේ.ඔන්න අද කියලා දෙන්නේ පොල්පිති හරකෙක් නැත්නම් පොල්පිති ගොනෙක් හදාගන්න විදිහ.මුලින්ම සුපුරුදු විදිහට අවශ්‍ය වෙන දේවල් .....පොල් පිත්තක් - අමු හෝ ගොඩක්ම වේලිච්ච නැති එකක් [මේකේ මුල හරියයි අග හරියයි කපලා ගන්න පින්තුරේ තියෙන විදිහට]පොල් කට්ටක්ලණු ...
පිය සෙනෙහසට කව් ගී ලියවුනා මදී.... - pursuit of happyness හස රැල් මේ ලෝකේ උතුම්ම ආදරේ මොකක්ද කියලා ඇහුවොත් කවුරුත් වගේ දෙන උත්තරේ තමයි ඒ අම්මගේ ආදරේ කියන එක.ඒත් තාත්තගේ ආදරේ ගැන කවුරුත් කතාකරනවා අඩුයි.කොටින්ම තාත්තලා පවා ඒ ගැන කතාකරන්නේ නෑ.තාත්තාලාගේ ආදරේ ගොඩක් පේන්නේ කතාවෙන් නෙවෙයි ක්‍රියාවෙන්.කොහොමවුනත් මං අද ඔයාලට ලියන්න බලාපොරොත්තුවුනේ තාත්තා කෙනෙක්ගේ ආදරේ ගැන කියවෙන ලස්සන චිත්‍රපටියක් ගැන කියන්නයි.සාමන්යෙන් බටහිර චිත්‍රපටිවල මානව සම්බන්දතා ගැන කියවෙන චිත්‍රපටි අඩුයි.ඒකට හේතුවෙන්න ඇත්තේ ඒ ...