Helsinki Diaries -1st page හෙල්සින්කි දිනපොත - පලමු පිටුව හස රැල් හෙල්සින්කි දිනපොත ලියලා තිබුනට මුලින්ම කියන්න ඕන මේක මගේ දිනපොතක් ලිවීමක් නොවෙන විත්තිය.කාලෙකට පස්සෙ විවේකී කාලසීමාවක් ආපු නිසාත් අලුත් රටක වාසයට ඇවිත් අලුත් අත්දැකීම් ගොඩකුත් දිනපතා එකතුවෙන නිසත් ඒ අත්දැකීම්වලින් ලියන්න තරම් වටිනවා කියල හිතෙන දේවල් ගැන ලියන්න හිතුනා.බ්ලොග් කෙරුවාවට සමුදීලා අවුරුදු 10 ක් විතර වෙන්නත් ආවා.බ්ලොග් ලිවිල්ල නිසා හමුවුන පාඨකයෙක් ජීවන සහකරු වුන නිසා බ්ලොග් ලිවිල්ලත් එහෙම්මම නැවතුනා.බලන්න නයනී ...
චේ ගුවේරා සහෘද ඇසින් හස රැල් ඔබ ගැන ඔබගේ සහෘදයින් පොතක් ලියුවහොත් එය කෙසේ වනු ඇතිද ?ආර්ජන්ටිනාවේ උපන් "අර්නස්ටෝ රෆායෙල් ගුවේරා ඩි ලා සර්නා" නොහොත් අපි කවුරුත් දන්නා නමින් කියතහොත් "අර්නස්ටෝ චේ ගුවේරා" එම දුලභ වාසනාව ලද්දෙකි.Guerrillero HeroicoPicture taken by Alberto Korda on 5 March 1960, at the La Coubre memorial serviceඑහි විශේෂත්වය නම් ඔහුගේ ජීවිතය # තම මිතුරෙකුගේ ඇසින්# තම බිරිදගේ ඇසින්# තම පියාගේ ...
මරණ බිය - Going Solo 12 හස රැල් මනුස්සයෙක් ජීවිතයේ වඩාත්ම අසරණ කරන හැගීම මොකක්ද කියලා මම ඔබෙන් ඇහුවොත් ඔබේ උත්තරේ මොකක් වෙයිද? මරණ බිය ..... ජීවිතයේ අපි ගොඩක්ම අසරණ කරන හැගීම...මටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න වුනා...මේ ඒ අඳුරු යුගයේ කතාවයි.....දිනය - 2008.01.16 ස්ථානය - බුත්තල වෙනදා වගේම දවසක්...බදාදා....හම්මේ පොළ දවස.....බුත්තල ටවුමට වැඩියෙන්ම මිනිස්සු එන දවස.... හේනේ වවාගත්තු දෙයක් විකුණගන්න, ලයිට් බිල ගෙවාගන්න...නැත්නම් ගෙදරට ඕන අඩුම කුඩුම ටික ...
කරවිලේ කතාව - Going Solo 11 හස රැල් කෝමද ඉතින්? දැන්නම් අපිව මතකත් නැතිව ඇති නේද ගොඩක් අයට..යාළු මිත්ත්රයෝන්ගේ කොතෙක් අවවාද අනුසාසනා තිබ්බත් සමහර අයට හැදෙන්න නම කෙලවෙන්නම ඕනලුනේ..ආන්න ඒ වගේ..මාත් කොච්චර අය කිව්වත් ලියන්නේ නැතිව අතැරදාල තිබ්බ බ්ලොගේ මතක්වුනේ කකුලේ වළලුකරට පොඩි අතුරු ආන්තරාවක් වෙලා ඇඳට වැටුනම තමා ඕන්න.වයිද්ද උපදේසේ සතියක් ඇඳට වෙලා හිටු කියලා.ඒ කිව්වට බොලන් එහෙම කොහොමෙයි ඇඳට වෙලා සතියක් ගතකොරන්නේ.ඒක නිසා ආයෙත් එන්න ...
බට්ටාගේ පලහිලව්ව - Spirit of the game හස රැල් හී...ඊ..ඊ...ඊ..ඊ..බට්ටෝ .....මොකෝ මගේ සුදු පුතේ....හී...ඊ..ඊ.. අනේ අම්මේ මන්නම් ආයි අර පින්වත්තේ කොල්ලෝ එක්කනම් ක්‍රිකට් ගහන්න යන්නේ නෑ....ඊ..ඊ....ඊ...ආ..නාඩ..නාඩ හිටපන් මගේ රත්තරනේ...මොකක්ද ඒ අසමජ්ජාතියෝ මගේ බට්ටට කරේ....අනේ අම්මේ උන් අද අපිත් එක්ක ක්‍රිකට් ගහන්න ඇවිත් හොර කරලා මාව අවුට් කළා....ඊ..ඊ..ඊ...අනේ මේ උඹලගේ ඔය කිරිකොට් කෙරුවාව ගැන මට ඒ හැටි තේරෙන්නේ නෑ...තාත්තා ආවමවත් කියහන්කෝ...දැන් ඉතින් නාඩ ඉඳින් තාත්තා එනකල්....----------මේ මැණිකේ...හරිම මහන්සියි...හදමුකෝ හොඳවයින් තේ ...
මොකක්ද මේ ක්ෂුද්‍ර මූල්‍ය [Micro-Finance] කියන්නේ ? හස රැල් "ඈ බං සොපි අක්කේ මේ පාර අවුරුද්දට පොඩිවුන්ට රෙදි කෑල්ලක්වත් අරන් දෙන්නේ කොහොමදැයි කියලා මං මේ කල්පනා කරේ" කරුණාවතී කිව්වේ දවල්වරුවේ වැවට ගොස් රෙදි සෝදන අතරතුරේය...."ඉතින් බං උඹ ඔය කැවිලි පෙවිලි රහට හදන්න දස්සයා වෙච්චි,හදලා දාපන්කෝ ටවුමේ කඩවලට කැවුම් ,අතිරහ ටිකක්.කීයක් හරි හොයාගන්න බැරුවය""ඒකනම් එහෙම තමා,ඒත් ඉතින් මුලින් පිටි සීනි ටික ගන්නවත් මයේ අතේ කීයක්වත් නැහැ නොවැ,කඩේ මුදලාලි අපිට දැන් ...
බජ්ජන් දමනය.... හස රැල් බජ්ජන් ඉස්සෙල්ලාම අපේ ගමට ආවේ මට මතක හැටියට 2001 අවුරුද්දේය.බජ්ජන් අපේ ගමට කඩාවැටුනේද අහම්බෙනි.බජ්ජන්ලාගේ තාත්තා අපේ ගමට අල්ලපු ගමක කඩයක් කළේය.කුමක් හෝ හේතුවකට බජ්ජන්ලාගේ තාත්තාට හදිසියේම කඩය වසා නැවත භාරදෙන්නට සිද්දවුනේය.බඩු මුට්ටු ටිකත් ගෙන පාරට බැස්ස බජ්ජන්ලාගේ තාත්තා කඩකාමරයක් හොයමින් අහල පහල ගම්වල කරක් ගහද්දී අපේ මුත්තාගේ වසාදමා තිබු කඩකාමරය දැක අපේ ආච්චි හමුවී කඩය දමාගන්නට කඩකාමරය ඉල්ලා ගත්තේය.බජ්ජන්ලාගේ තාත්තාගේ ...
පරණ ලයිටරෙන් මෝටර්සයිකලයක් හදමු - Weekend Project හස රැල් http://www.instructables.comකාලෙකින් ඔන්න ඔයාලට සෙල්ලම් බඩුවක් හදන හැටි කියලා දෙන්න හිතුනා...මීට අවුරුදු 10 කට 15 කට කලින් මං නිතරම හදපු සෙල්ලම් බඩුවක් තමයි මේ.මීට කලින් Weekend Project වැඩසටහනෙන් කියලා දුන්නේ ස්වභාවික දේවල් වලින් හදන සෙල්ලම්බඩු වුනාට ඔන්න මේ පාර කියලා දෙන්නේ අපතේ යන කෘත්‍රිම දෙයකින් හදන චුට්ටිම චුට්ටි ඒත් ආස හිතෙන සෙල්ලම් බඩුවක්.අද තවත් විශේෂත්වයක් තියෙනවා.මට හදිස්සියට අවශ්‍යකරන දේවල් හොයාගන්න බැරිවුනා.ඒත් ...
සැන්ඩි දූපත..... හස රැල් මිනිසුන්ව ඉපදුනු අපි හැමටම සිහින ඇත්තේය.....කුඩා කල කෙනෙකු ලොකුමහත්වී දොස්තර කෙනෙකු වන්නට සිහින දකින අතර තවකෙකුට ඇත්තේ ඉංජිනේරුවකු වීමේ සිහිනයකි..කුඩාකල පටන්ම මා සතුව පවතී සිහිනය වුනේ කවදා කෙසේ හෝ මේ කරදිය වළල්ලෙන් එපිට රටකට පය ගැසීමේ සිහිනයයි....දිගුකාලයකට නැතත් කෙටි සංචාරයකට හෝ පිටරටකට යමියි මා අදිටන් කරගෙන සිටියෙමි.නොබෝ දිනකින්ම මා හට ඒ සඳහා අවස්තාවක් ලැබුණු අතර එය තායිලන්ත සංචාරයක් විය...මගේ සංචාරය ...
"මා නිර්දෝෂයි ස්වාමීනි" - මහඋළු ගෙදර සිට ලියන වගනම්.... හස රැල් කාළය යන්න ආපසු හැරවිය හැකිනම් අද දිනයේ මේ ලෝකයේ වඩාත්ම සතුටුවන පුද්ගලයා මම වෙමි.ජීවිතයේ ගන්නා කුඩාම කුඩා තීන්දු තීරනයක්වුවද අපේ ජීවිතය එළියෙන් අඳුරට ඇදදමන්නට ගන්නේ නිමේෂයකි.ඊයේ දිනයේ අධිකරණය වෙත ඉදිරිපත්කරනු ලදුව දින 14 කින් රිමාන්ඩ් කාළය දීර්ගකිරීම නිසා නැවතත් මගේ සිරකුටියට කොටුවුනෙමි.ඇප ඉල්ලීමක් කිරීමටවත් මාහට කෙනෙකු නොමැති වීමත් නීතිවේදීන් මා වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මා හට අද මේ ...
Year- End පාටි සහ තවත් කතා - Going Solo 10 හස රැල් හප්පේ.... ඒ අවුරුද්දත් අහවරයි නේද....මටත් බ්ලොග් එකක් කියලා දෙයක් තියෙනවා කියලා මතක්වුනේ ඕන්න අද ගෙදර ආවම තමා ඕන්.මමවත් මේක පැත්තපළාතේ පස්නොපෑගුවාට ගොඩක් උන්දැලා මගේ අඩවියේ දිනපතා කරක්ගහපු බවනම් පේන්න තියෙනවා.පහුගිය දොහේනම් පුල් නස්තාර් වෙන්න වැඩකරලා ඕන්න අද තමයි යාන්තම් හුස්මක් කටක් ගත්තේ.වෙන අවුරුදුවල වගේ නෙමෙයි මේ අවුරුද්දේ වැඩකරන්න වුනෙම ණය අංශෙ.ඉතින් වර්ශාවසානේ කියන්නේ යුද්ධයක්ම තමා.ඔය බැංකුවල වැඩකරන උන්දැලා ඕවා දන්නවා ...
අපි කෑ හැටි මොකා දනී.... - Going Solo 9 හස රැල් මනුස්සයාගේ ප්‍රධානම අවස්සතා වෙන්නේ කෑම,ඇදුම් සහ වාසස්තානනේ.ඔව්...ඔව්...තවත් එකක් තියෙනවා තමයි....හරි...හරි...ඕන්න අද කියන්න යන්නේ රස්සාවට ගිහින් අපි කාපු බීපු කෑම ගැන තමා.මේ කියන්න යන්නේ අර රයිස් කුකර් කතාවේ කියපු අමුතු කෑම ගැන එහෙමනං නෙවෙයි.කෝමත් ඉතින් ලංකාවේ පැත්තෙන් පැත්තට ඔය කෑම ජාති එහෙමත් වෙනස්වෙනවනේ.ඕන්න ඉතින් ඔය අපි රාජකාරි කොර පැත්ත ගැන කියනකොටම ගොඩක් උන්දලාට මතක්වෙන්නේ ඉතින් දඩමස් නෙව.ඒකනම් ඇත්ත ආයුබෝවන්ඩ වැඩිපුර මස්මාන්ස ...
යකා බාස්ගේ කතා වස්තුව - Going Solo 8 හස රැල් කොහොම කොහොමහරි අලුත් තැන ජීවිතෙත් පටන්ගන්න වුනා.හැබැයි ඉතින් සමහර දේවල් අපහසුවුනා වගේම සමහර දේවල් ඉස්සරට වඩා පහසුවුනා.මං කලින් කිව්වනේ අලුත් තැන තිබ්බේ අපේ සබ්බ්රාන්ච් එකක් කියල.ඉතින් ඒ හින්දම සේවකයින් දෙන්නෙයි ආරක්ෂක මහත්තයයි විතරයි රාජකාරි කෙරුවේ.පහසුකම් එහෙමත් සෑහෙන්න අඩුවෙන් තමයි තිබුනේ.හැබැයි තනියම හිතලා මතලා වැඩකරන්න නිදහසනම් ලැබුනා.පහසුකම් අතින් කිව්වම ඉස්සෙල්ලම මතක්වුනේ කරන්ට් එක ගැන.ඕයි කාලේ ඒ පැත්තේ නිතරම කරන්ට් එක යනවා.ඉතින් ...
රැකියා ස්ථානයේ උසස්වීමක් - Going Solo 7 හස රැල් කොහොමින් කොහොමහරි මං කියාගෙන ආපු සිද්දි කරුණු කාරනා අතරේ මාස 5 ක් 6 ක් විතර ගෙවුනා.ඔන්න ඊට පස්සේ දවසක උදේ මාව තමන්ගේ ගාවට කැඳවපු මැනේජර් මහත්තයා මට රැකියා ස්ථානයේ උසස්වීමක් සහිත ලිපියක් බාරදුන්නා.ඊළඟ සතියේ ඉදන් එතන වැඩකරන්න කියලා.සාමාන්යෙන් උසස්වීමක් ලැබෙනවා කියන්නේ පාටි දාලා සමරන්න ඕන වැඩක්නේ.ඒත් ඉතින් මේ උසස්වීමනම් මගේ හිතේ පොඩ්ඩක්වත් සතුටක් ඇති කලේ නෑ.මොකද මේ උසස්වීම මට ලැබුනේ ...
දුප්පත් අපගේ බයිසිකලේ - Going Solo 6 හස රැල් ඕන්න එහෙනම් ඊළඟ කොටසටත් ආව.කලින් පොස්ට් එකේ අපේ අලි පැන්නිල්ල ගැන අපේ බ්ලොග් ලියන අවතාර් කොලුවා සුන්දර මඩ ප්‍රහාරයක් එල්ල කරලා තිබුනනේ.ඒවා බලල දැන් හිනා ගියත් ඇත්තටම ඒ සිද්දියට මූනපාපු වෙලේ දැනිච්ච මර බියනම් පොඩ්ඩක්වත් අමතකවෙන එකක් නෑ.එහෙනම් අද කතාවට.අද ඉතින් කියන්න යන්නේ මගේ පලවෙනි ගමන් සගයා වෙච්චි මගේ දුප්පත් බයිසිකල් කට්ට ගැන.පොළොන් කතාවලදී මං කිව්වනේ පයින් ගමන අවදානම් නිසාම ...
ඡන්ද ඔට්ටුව සහ අලි පැන්නිල්ල - Going solo 5 හස රැල් සතියක්ම ගතවුනත් මොකුත්ම ලියන්න වුනේ නෑ.මුණු පොතේ කරක් ගහගහ හිටියා මිසක් මේ පැත්තේ එන්නවත් බැරිවුනා.ඒත් ඉතින් ගොඩක් අය කියෝලා මඩ එහෙමත් ගහලා තිබුනා.අනේ අපිනම් ඕවා පයිසෙකටවත් ගණන් ගන්නේ නෑ ආයුබෝවන්ඩ.ඒක නෙමෙයි දැන් අපේ ගෙදර නාකිත් දනගාන්න පටන් අරං තියෙන්නේ.මේ තියෙන්නේ ඒ ගොල්ලොන්ගේ වැඩ...කළු සුදු - අපේ අක්කන්ඩිගේ බ්ලොගේ හරියටම වැරදියි - අපේ අය්යන්ඩිගේ බ්ලොගේඒ පැතිවල ගිහිල්ලා නැති අය ඒ පැත්තේ ...
ගුණේගේ ඇඟට වැටුණු කරුමේ සහ තවත් පොළොන් කතා - going solo 4 හස රැල් කස්ටියම ආසාවෙන් මගේ Going solo කතා පෙළ කියවන බව පේනවා.ඒක නිසා මේක දිගටම ඇදගෙන යන්න ඕන කියලා මට හිතුනා.මෙහෙම රස්සාව කරගෙන ඉන්නකොට අපිට හතුරුකම් කරන්න ආපු කස්ටියක් ගැනයි අද කියන්න යන්නේ.වෙණ කවුරුවත් නෙවි ඔය උඩ තියෙන පින්තුරේ ඉන්න කස්ටිය ගැන.අපි හිටපු පැත්තේ මෙයාලගෙන්නම් අඩුවක් තිබුනේ නෑ.ඒක ඔයවගේ පැතිවල හිටපු dude,කෙන්ජි එහෙමත් දන්නවා ඇතිනේ.උදේ වැඩට යනකොට පාරපුරාම ස්ටිකර් ගැහුවා වගේ දෙතුන් ...
රයිස් කුකර් එක සහ කුකරි කතා - Going solo 3 හස රැල් රස්සාවේ පලවෙනි දවස ගැන කස්ටියම කියවන්න ඇතිනේ.ඔන්න ඔහොම ඉතින් ටික දවසක් යද්දී අපිත් ඉතින් සුපුරුදු පීල්ලටම වැටුනා.උදේට නැගිටිනවා, කනවා, වැඩට යනවා, දවල්ට කනවා, ආයේ ආපහු එනවා, ඇගපත හෝද ගන්නවා, රෑට කනවා, නිදාගන්නවා.ඔතනින් ඉතින් ටිකක් විතර හැමදාම වෙනස් වෙන්නේ ඉතින් කෑම වේල තමයි.උයන වැඩේ එච්චර සාර්ථකව ක්‍රියාත්මක වුනේ නෑ.විශේෂයෙන්ම උදේට උයන්න ඉන්න කෙනා මරනවා වගේ තමයි නැගිටින්නේ.ඉතින් ගොඩක් දවසට උදේටයි දවල්ටයි ...
රස්සාවේ පලවෙනි දවස - Going Solo 2 හස රැල් ජීවිතේ ඉස්ඉස්සෙල්ලාම රස්සාවට යන දවස.....ඒත් මට කිසිම අමුත්තක් දැනුනේ නෑ.උදෙන්ම චමරියේ අනිත් අයත් එක්ක වැඩට ගියා.අපේ චමරිය තිබුනේ බැංකුවට වඩා සෑහෙන්න දුරින්.කිලෝමීටරයක් විතර දුර මම ඇවිදගෙනම ගියා.ටයි එකක් දාගෙන යන්න ඕන කියලා හිතුනත් වවුලගේ ගෙදර ගියාම එල්ලිලා ඉන්න ඕන නිසා ඒ අදහස අතහැරියා.ඒ දවස්වල අපේ බැංකුව ඒසී කරලා තිබුනේ නැහැ.උදේ පාන්දරම මැනේජර් මහත්තයා වැඩට ඇවිත් තිබුනා.මම වැඩට ගියේ සුමති අය්යත් ...
තනිව ගිය මග - Going solo හස රැල් බස් එකේ පිටිපස්සේ සීට් එකේ යන එක ලේසි පාසු වැඩක් නෙවි.මග දිගටම පාර කැඩිලා.අනේ මන්දා අපේ රටේ පාරක් තොටක් හරියට හදන්නේ කවදද මන්දා?......හෙට තමයි මට මගේ ජීවිතේ පලවෙනි රස්සාවේ වැඩ භාරගන්න තියෙන්නේ.හෙටින් පටන්ගන්න ජීවිතේ මොන වගේ වේවිද?මීට කලින් ගෙදරින් පිටනම් ඉදලා තියෙනවා.ඒත් තනියම ඔක්කොම කරගන්න එක ලේසි වෙන එකක් නෑ.ඒත් මං බලාපොරොත්තුවෙන් හිටියේ මේ වගේ දේකට නේද ....අද ඒ චාන්ස් ...