මවුනි සඟමිත්.... පුලින ප්‍රාසාද ඉස්සර දවසකඇවිදන් ගිය ඒපුරුදු මාවතේආයෙත් යන විටබෝපත් සිලි සිලිහඬ නංවා ලූබෝ මැඩ සිප එනසුළඟ විඳින විටමල් ගොමුවකබිඟු කැලතක් සේපොඩි පැටවුකෙලිදෙලෙන් දුවන පනින විටසඟමිත් පිළිරුවඅභියස හිඳ මමසිතින් දුව ගියාපාසල් සමයටඑදා, අද මෙන්මහෙටත් ඔබ මෙතැනකුළුනුබර නෙතින්බලා හිඳිනු ඇතමා මෙන්ම තව අයෙක්මෙහි පැමිණඔබෙන් මේ පැනයමනගනු ඇතකිනම් හෝ අරුමෙකින්,ගෙවී ගිය ළමා වියනැවත එළඹුනොත්මා වෙතසඟමිත් මවුනි,ආයෙමත් වතාවක්ඔබ තුරුල්ලටඑන්න මට අවසරද? ...
සිනාසෙන්න කියාදෙන්න... පුලින ප්‍රාසාද උල්පත සේ උණු කඳුලු ගලයි නම්නෙතු අග්ගිස්සෙන් ගලා යන්න හැකි.....දෑසම වියලී ගොස් ඇති පමණින්තුටින් පිරෙන්නට සිතේ ඉඩක් නැති.....හඬන්න කඳුලක් නොගලන මොහොතකසිනාසෙන්න මට කියා දෙන්න බැරි.....ඇයි දැයි කියලා දෙනවද හිතවතඒ ගැන තේරුම් කෙරුවොත් නම් ඇති..... ...
සමාව..... පුලින ප්‍රාසාද දුර ඈත අතීතයෙවූ එක වැරැද්දක්...මතකයේ තබාගෙනවිඳවන්න නැහැ ඉඩක්...දස දහස් වරක් නොවඑකම එක වතාවක්..සමාවක් නො ඉල්ලූනමුදු නුඹ මෙතුවක්...මා හිතේ කිළුටක්නෑ ඉතින් අදටත්... ...
ඇත්ත... පුලින ප්‍රාසාද ක්ෂිතිජයේ ඈත ඉමෙහිමහ සයුර සිප ගනියිනිල් අහස් ගැබ...එනමුදු හමු නොවෙයිකිසි කලෙක...ඇසට හසුවන මායාවසත්යයට වඩා සුන්දර වූ කලඇත්ත නම් තිත්ත යයි කියනු මිසඅන් කවරක් කල හැකිද මට? ...
උසස් පෙළ... පුලින ප්‍රාසාද විඩාබර නෙතු අගටඉසිඹුලන හිත මතටනිදි සුවය ලබන්නටඅවසරය නැත මෙමටගොඩගැහෙන පොත් කන්දමහමෙරක් සේ උසටදකින හැම මොහොතකම බිඳී යයි ලපටි සිතහිතන්නටවත් එක මොහොතකඉඩ හසර නොතබාමදහසකුත් එකක් දෑමොළය තුල සිර කෙරෙනනෙතු පියන් සලිත වීදෑස පියවී යනෙනනමුදු නිදි ගැට කඩායලිඳු පොතටම යොමනඅහිංසක පැතුම් පොදිසිත තුළ ගොඩගැහෙනඉගිල්ලෙන්නට තනනමසිත සිර කර ලමිනනිරන්තර දුටු සිහිනනෙතු අභියස මැවෙනසැබෑවක් කරනු වස්මා නිතොර වෙහෙස වන.....Composed in 2010 prior to my ...
අහිමි කුසුම... පුලින ප්‍රාසාද උස් කටු කම්බිවැටෙන් වටවූකාගෙදැයි නොදන්නාඋයනෙකපිපී වැනෙනකුසුමක් දුටිමි....නෙලා ගන්නටනැතැයි අවසරකියා දන්නා හෙයින්දුරින් හිඳ මම,දෑස නොපියාබලා හිඳිනෙමි..... ...
පෙරදා මහ රෑ............ පුලින ප්‍රාසාද සඳ මඬල නැග දිලෙනමේ අහස් වියන යටපියවර නැගූ හැටිතවම මතකද ඔබට?තනිව මේ වෙරළ මතපෙර දිනෙක හිඳ නොමැතසඳවතියෙ ඔබට මාහැඳින ගන්නට හැකිද?
දෛවය... පුලින ප්‍රාසාද නොසිදුවන දේසිදුවෙතැයිපැතුවද...සිදුවනදේනොම වෙතැයිසිතුවද...මා අභිමතයමඇත්තක්වන්නට...දෛවයෙන් ඉඩහසරනැත මට...
අක්කණ්ඩියේ.... පුලින ප්‍රාසාද කඳුල පිසලන්ටසතුට දෝතින් රැගෙනනොසැලී ලඟ රැඳුනේනුඹයි හසරැල්ලක්ව....හදවතින් වැලපුනදඒ කඳුලු මට නොදීසඟවා ගත්තේ නුඹයි,සතුටම ඉතිරි කර....සසර කතරේ පියමනිනාකාලය පුරාවටණයගැත්තෙමි,දයාවිය නුඹට....ළබැඳි සොයුරියේ,ජීවන මං තලාවේපාරමිතා පුරන්නටනිරතුරුව එන්නෙමිඔබ හා...භවයෙන් භවයටඔබේ සෙවනැල්ල වීමෙතුවක් ආ විලස... ...
පොල් ගෙඩි 8 පුලින ප්‍රාසාද මෙච්චර කල් හැමෝම කැගැහුව නොවැ අපේ දූපතේ හරිහැටි නීතියක් නැතෙයි කියල.ඕන් ඊයේ ඒ හැමෝටම නියම උත්තරේ දීල තියෙන්නේ පත්තරේ....මව්බිම මුල් පිටුව 13/02/07අප්පා! මෙහෙමත් ආශ්චර්යයක්.... ආශ්චර්ය පිටාර ගලනව...කවුරු කලත් වැරද්ද නම් වැරද්දම තමයි. පොඩි එකී කියල කොරන්ට දෙයක් නෑ. ඔහොම හොරකන් කරන පොඩි එවුන්ම නොවැ මහ එවුන් උනාමත් පුරුද්දට හොරකන් කොරන්නේ.අපේ මහ පුටු වල ඉන්න ලොකු උදවිය ගැන නම් නෙවෙයි මන් ...
අමුතු ඇටය සහ අපි පුලින ප්‍රාසාද මේ ධර්මද්වීපය නම් බොහොම අ"මුතු" ඇටයකි. මේ දිනවල මුහුණු පොතේ කරක් ගසන විට එය මොනවට තහවුරු වේ. බලන බලන අත "ජාත්‍යාලයෙන්" ඔද වැඩී බෙරිහන් දෙන්නෝය; posts share කරන්නෝය; ජාතිමාමකත්වය ගැන වාද විවාද කරන්නෝය; වෙනත් ජාතිකයන් ගේ වෙළඳසල් වර්ජනය කරන්නැයි කියන්නෝය...තම ජාතිය පමණක් මෙරටෙහි රැඳිය යුතු යැයි ද, අනිත් වුන් පන්නා දැමිය යුතු යයිද කෑගසන්නෝය. එ මතු ද නොව මෙකී නොකී ...
මේ පාරෙන් එන්න..... පුලින ප්‍රාසාද තල් වැට මායිම අද්දරනැගුණු කිරි සිනා හඬනෑසුනද කලක සිටගහකොළ කේඩෑරි වී ගියනිසරු වැලි පොළව මතඇඳුනු බියකරු සෙවනැලිවියැකී ගිය අරුමය....මැකී ගියමුත් එකී සෙවනැලිහද වසාගත් කඩතුරාවෝදැනුදු නැත ඉවත් වී....සතුට, සැනසුම,සිනා පිරි මුව කමලදැනුදු නැත පසක් වී....ඉරි තලා ගිය එහද මඬලටසිහිල් පැන් පොදක් වනු වස්,එන්න මේ මාවතේ....අත්වැල් පවුරු බැඳසතුට සිනහව රැගෙන....for VIHASARA 2009 Science day ~ Sanghamitta Balika Vidyalaya ...
හම්බන්තොට එලිය කල උසස් පෙළ ප්‍රථිපල පුලින ප්‍රාසාද 2012 උසස් පෙළ ප්‍රථිපල - ආණ්ඩු විරෝධී මනසට විචිකිච්චාවක් ඇති කරමින් ද, ආණ්ඩු විරෝධී 'ජඩ' මාධ්‍ය වලට විකුණන්නට පුවතක් සපයමින් ද නිකුත් කෙරින. (කිනම් හෝ දේශපාලන න්‍යාය පත්රයකට අනුව වැඩ කරන, ආණ්ඩුවට පක්ෂග්රාහී හෝ ආණ්ඩු විරෝධී අසමබර මාධ්‍ය භාවිතාවක් සහිත ඕනෑම මාධ්‍යයක් ජඩමාධ්‍ය ගණයට වැටේ)ඒ ගණිත හා විද්‍යා විෂය ධාරාවන් දෙකෙහිම දිවයිනේ ප්‍රථම ස්ථාන දෙක වීරකැටිය රාජපක්ෂ විදුහලට ලැබීමත් සමගය. ...
මා බලා සිටියා දිවා රෑ... පුලින ප්‍රාසාද කප්පරක් පැතුම් පොදිසිත තුළ හිර කරන්...බලාන උන්නටමේ දෑස රිදෙනකන්...දනිමි මම සොඳින්නුඹ ආයෙ එන්නේ නැතත්...පුරුදු ඉදිකඩ ලඟමරැඳෙමි මම මතුවටත්...
සැඟවී සිටියෙමි... පුලින ප්‍රාසාද කාටවත් පෙන්නේ නැති වෙන්න බ්ලොග් පිටුව හංගල තිබුනේ ගොඩක් කල්...ආයෙමත් ඇවිදින් ලියන්නයි කල්පනාව!වෙනසක් කරන්නත් ඕන නේ...ඉතින් අද ඉඳල බ්ලොග් පිටුවේ නම "පුලින ප්‍රාසාද"කඩුවෙන් කොටන්නේ දැන් වෙනම පිටුවක.... Aurora ...
ආයුබෝවන්! පුලින ප්‍රාසාද හිත රැඳි තෙරපෙන සිතිවිලි ගොන්නකිගණන් හදන්නට හුරු වුන සුරත කිඇඟිලි තුඩු අතර රැඳවුණු පෑනකිගණනට නොව කවියට මුල් තැන දුනි
කවිය... පුලින ප්‍රාසාද වදන් අමුණාඅරුත් ගලපාමෙතුවක් කල්මා පබැඳූ කවියටතව තවත් පද වැල්අමුණා ලන්නටනේක කවි සිතුවිලිගලා ආ මුත් සිතටපන්හිඳ තුඩඇසිල්ලෙකින්බිඳී ගිය අරුමය!
මතක හෙවනැලි... පුලින ප්‍රාසාද තේරුමක් නැති හිස්අකුරු වැල් දිහාපැයක්,දෙක තුනක්බලාන උන්නට...එකම පිටුවෙහිදෑස යොමමින්අකුරු අමුනන්නවෙහෙස දැරුවට...මතක හෙවනැලිතුළින් නුඹ ඇවිදින්මගෙ හිතේ හෙමි හෙමින්පියමං කරන සඳ...හිත ඉගිල්ලෙන්න තතනයිමටත් හොර රහසේම... ...
පිය සබඳ.... පුලින ප්‍රාසාද අද දවසත් හැමදාම වගේ...ලස්සනද, නරකද, කියන්න මාත් හරියට ම දන්නෙ නෑ....වැඩට යනව..ගෙදර එනව..කනව, බොනව...නිදාගන්නව...මගේ සුපුරුදු දින චර්යාව මේ....පිලිවෙලට තිබුන ජීවිතේ....එක පාරටම අවුල් වුනා.....නොහිතපු මොහොතක...හීනෙන්වත් නොහිතපු විදියට.....මේව අහගෙන ඉන්න බෑ...මම ඒක දන්නව...ජීවිතේ අවුල් ජාලයක් කරගත්ත කොල්ලෙක්ගේ අඳෝනාව අහගෙන ඉන්නවට වඩා වැඩ තියෙනව හැමෝටම...ඒත් එක මොහොතක් අහගෙන්න ඉන්න පුලුවන් නම්........මම කියන්නෙ මොනවද කියල මාත් හරියටම දන්නෙ නෑ....ඒත් එක දෙයක් නම් හරියටම කියන්න ...