බොදු බල සේනාවෙන් අන්‍යාගමිකයන්ට පහර දීමේ සැලස්මක් ! Ape News ආගමික ගැටමුක් ඉදිරියේදි අනිවාර්යයෙන්ම ඇතිවන බව බොදු බලසේනා අනතුරු අගවයි. එහි මහ ලේකම් ගලබොඩඅත්තේ අත්තේ ඥාණසාර හිමියෝ සදහන් කළේ පවතින කළු සුද්දන්ගේ නීතිය හමුවේ එවැනි ගැටුමක් ඇතිවීම වැලැක්විය නොහැකි බවයි. ඒ හිමියෝ මේ අදහස් පැවැසුවේ බොදුබල සේනා මූලස්ථානයේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය. මෙරට ක්‍රියාත්මක වන මූලධර්මවාදී අන්‍යාගමික සංවිධානවලට එරෙහිව ඇසළ පෝයට කලින් බලධාරීන් කටයුතු නොකළහොත්, ලංකාවේ නිල නොවන පොලිසිය ...
මුස්ලිම් ජාතිකයන්ට නුවරඑළි නොයන්නැයි SMS යවා තිබෙන්නේ 15 හැවිරිදි ළමයෙක් Ape News වසන්ත සමයේ නුවරඑළියේ මුස්ලිම්වරුනට ජගම දුරකතනයෙන් කෙටි පණිවුඩයක් එවූ පුද්ගලයා කොළඹ පෞද්ගලික පාසලක පහළොස් හැවිරිදි සිසුවෙකියි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි. ඥාතියකට ඔහු එම පණිවිඩය යවා ඇති බවත්, ඔහු එය තවත් කිහිප දෙනකුට යවා ඇති බවත් පොලීසිය කියයි. නුවරඑළියේ වසන්ත සමයට නුවරඑළියේ කිසිදු බලපෑමක් නොවූ බවත්, මුස්ලිම් ජනයා කිසිදු බියකින් හෝ සැකයකින් තොරව පැමිණි බවත් මාධ්‍ය ...
සිංහල – මුස්ලිම් ජනතාව ශෝකයට පත්කළ හෙම්මාතගම විහාරාධිපතිගේ අභාවය Ape News හෙම්මාතගම කපුරක බෞද්ධ විහාරස්ථානයෙහි නායක විහාරාධිපති සමන් විජය බණ්ඩාර හිමිවරයාගේ හදිසි අභාවයෙන් එම ප්‍රදේශයෙහි බෞද්ධ සහෝදරවරුන්ට පමණක් නොව මුස්ලිම් ජනතාවටද දැවැන්ත අහිමිවීමක් බව එම ප්‍රදේශයෙහි ජනතාව පවසති. 2014-03-28 වැනි දින අප ප්‍රදේශයෙහි අති උතුම් පුද්ගලයකුව අපි අහිමිකර ඉතා ශෝකයෙන් සිටින බව ප්‍රදේශයෙහි ජනතාව පවසති. අභාප්රාත්තවූ නායක හිමිවරයා සිංහල හා මුස්ලිම් ජනතාව අතර ඉතා සුහඳ මිත්රිශිලිව කටයුතු කළ බවද පැවැසේ. 2003දී ...
මුස්ලිම් ජනතාවගේ ඉඩම්වල හමුදා කඳවුරු තුනක් ඉදිකිරීමේ සැලස්මක්-SLMC Ape News නැගෙනහිර පළාතයෙහි ජීවත්වන මුස්ලිම් ජනතාව පසුගිය වසර 500ක් තිස්සේ කල්බද්ද යටතේ ගොවිතැන් කටයුතු සඳහා ලබාගෙන තිබූ ඉඩමකදී හමුදා කඳවුරු තුනක් ඉදිකිරීමට සැලසුම්කර ඇතයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය චෝදනාකර තිබේ. ඔළුවිල් වරායට අසලද, සායින්දමරුදු නින්දාවූර් ප්‍රදේශයේදීද, පොතුවිල් ප්‍රදේශයේදීද මෙලෙස හමුදා කඳවුරු ඉදිකිරීමට සැලසුම්කර ඇති බවත් වසර ගණනක් තිස්සේ තම ජීවනෝපාය රැකියාව ලෙස ගොවිතැන විස්වාසයකළ එම ජනතාව දැන් පීඩාවට පත්වී සිටින බවද ...
පැපිලියාන සිද්ධිය ජාත්‍යන්තරයම දන්නවා – ලැජ්ජාව කාටද? Ape News කරු ජයසූරිය මහතා පැපිලියාන සිද්ධිය ගැන මේවන විට මුළු ලෝකයම දන්නා බවත් මේ නිසා ශ්‍රී ලංකාවට අපකීර්තියක් සිදුව ඇති බවත් එජාප මන්ත්‍රී කරු ජයසූරිය මහතා පවසයි. සීගිරිය විකුණන බවත් කැසිනෝ ශාලා ආරම්භ කරන බවත් එවකට දිගින් දිගටම එජාප රජයට චෝදනා කළේ යැයි මන්ත්‍රීවරයා සිහිපත් කරයි. එදා එජාජයට චෝදනා කළ පිරිස් අද බලයේ සිටිමින් එවැනි ක්‍රියා ආරම්භ කිරීම කණගාටුවට කරුණක් බව ...
කව්ද ඇත්ත කියන්නේ? පොලීසියද? “බොදු බල සේනාව”ද ? Ape News (තොරතුරු :වරකාපොලේ සිට අබූ සහ්ලා) ගිය අඟහරුවාදා(2013/02/12) ටි.එන්.එල් රූපවාහිනියේ විකාශය වූ “එලිට්චි” වැඩසටහනේ රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරකාපොලේ සිදුවුනු සිද්ධියක් සම්බන්ධයෙන් ඉතා සාහසික ආකාරයෙන් අසත්‍ය ප්‍රකශ පල කරන ලදී… එම ගරුතර ස්වාමීන්වහන්සේ පැවසුවේ ගිය වසරේ 2012/12/07 වැනි දින වරකාපොල නාංගල්ලේ නම් ප්‍රදේශයේ ලොරියකට ගැටී දැරියක් අනතුරට පත්වූ බවත් එම අවස්ථාවේ අසල පල්ලියෙන් සිටි මුස්ලිම් වරුන් පිරිසක් පැමිණ එම ...
මත්තලින් ගිහින් ඇත්තේ ගුවන් යානා 728යි Ape News මහ බැංකුවේ හා ලංකා බැංකුවේ ආර්ථිකය මේ වන විට සෘණ මට්ටමට පත්ව ඇති බවත් එයාර් බස් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වූ රුපියල් කෝටි 31,500ක කැබිනට් පත්‍රිකාව අනුමත වී නැතැයි ඇතැම් ඇමතිවරුන් තමාට පැවසූ බවත් එජාප මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. අද (10) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය. මත්තල ගුවන් තොටුපළින් මේ දක්වා ගොස් ඇත්තේ ගුවන් යානා 728ක් ...
තණමල්විල පොලීසියේ 8 දෙනෙකුට වැඩ නැති වෙයි Ape News ශ්‍රී ලංකාවේ උද්ඝෝෂකයින් පිරිසකට එල්ලවූ ප්‍රහාරය සහ මුස්ලිම් පල්ලියකට එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් තම අවධානය යොමුව ඇති බව යුරෝපීය සංගමය පවසයි. එම සංගමය පෙන්වා දෙන්නේ වැලිවේරිය සිද්ධියේ දී සිදුවූ වෙඩි තැබීමත්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ වූ සිදුවීමත් පිළිබද සාධාරණය ඉටුකිරීමට පියවර ගත යුතු බවයි. සාමකාමීව රැස්වීමත්, ආගමික නිදහසත්, ප්රජාතන්ත්රවාදී සමාජයක මූලික හරයන් බව එම සංගමය සිය නිවේදනයෙන් පවසයි. මෙම සිදුවීම් 02 පිළිබදවම අපක්ෂපාතී ...
මාධ්‍යන් හි හෙට දිනයේ විකෘති කර පල කරන්නට නියමිත ප්‍රවෘතිය… Ape News මීට වසරකට පෙර විශාල ලෙස කතා බහට ලක්වූ පුවතක් ලෙස “ග්‍රීස් යකා” පුවත හදුන්වා දිය හැකීයි. බොහෝ දුරට මුද්‍රිත මාධ්‍යන් හා වෙබ් මාධ්‍යන් වල එම පුවත මුස්ලිම් වරුන්ගේ කුමන්ත්‍රයක් ලෙස හුවා දැක්වූවද රජයේ නොවන ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකවන්හි ඒ සම්බන්ධයෙන් ඉතා මධ්‍යස්ථ මතයෙන් කටයුතු කිරීම අපිට දැකගන්නට හැකිවුණි.එයින් බොහෝ දුරට චෝදනාවට ලක්වුයේ ආණ්ඩුවයි.එයට හේතුව වුයේ ග්‍රීස් යකා යනුවෙන් රටේ ...
මහියංගන මුස්ලිම් දේවස්ථානයට ම්ලේච්ඡ ප්‍රහාරයක් Ape News ඊයේ එනම් 11-07-2013 රාත්‍රී 11.20 පමණ මහියංගන අරෆා ජුම්මා දේවස්ථානය වෙත නාඳුනන අන්තවාදීන් පිරිසක් පැමිණ පල්ලියට පහරදී ඇත. ඉන්පසුව මෙම අන්තවාදී කල්ලිය විසින් මුස්ලිම් සමාජය විසින් අපිරිසිදු සතෙකැයි සැලකෙන ඌරෙකුගේ මස් සහ ලේ එම පල්ලිය පුරා විසුරුවා ඇත. මේ අවස්ථාවේ නගරයේ විදුලිය විසන්ධි කර තිබෙන අතර සිද්ධිය සම්බන්ධව මේ වන තෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. පසුව ප්‍රදේශවාසීන් වසින් හා පොලිසියේ ...
පරගහදෙනිය පුවරුවකට බෙදුම්වාදීන්ගෙන් පුහු චෝදනාවක් Ape News -as requested- ඉස්ලාම් දහමේ ඉගැන්වීම් හා එහි හරය පිළිබඳව සමාජයට අවබෝධයක් ලබා දීම සඳහා විවිධ ඉස්ලාමීය සංවිධාන ඉමහත් මහන්සියක් දරන්නේ මෙලොව හා පරලොව ජයග්‍රහණයට ඇති එකම මග ඉස්ලාම් වීම නිසාත් එම ජයග්‍රහණය සියලුම මිනිස්සුන්ට හිමි විය යුතුයි යන කැමැත්ත මුස්ලිම් ජනතාවගේ සිත තුල තිබීම නිසාත්ය. නමුත් මෙම සත්‍ය දහම පිළිගැනීමට ඇතැමුන් අකමැති වන්නේ ඔවුන් පරම්පරාවක් පාසා විශ්වාස කරගෙන පැමිණි දහම ...
දිග්ගැසෙන මුස්ලිම් විරෝධි ක්‍රියා!! තවත් මුස්ලිම්වරයෙකුට ප්‍රහාර! Ape News ශ්‍රී ලංකා මුස්ලිම් මීඩියා සංසදයේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධිකාරක ඉල්යාස් තාසීම් හට බෞද්ධ අන්තවදීන්ගේ ප්‍රහාරයක් එල්ල වී ඇත. ඊයේ දින අළුයම 1.00 ට පමණ තමන්ගේ ව්‍යාපාර ස්ථානයේ සිට නැවත පැමිණෙමින් සිටියදී තිදෙනෙක් විසින් ඔහුව වටකර ප්‍රහාර එල්ල කර තිබේ. ප්‍රහාර එල්ල කරන අතරවාරයේ ඉල්යාස් මහතාට මුස්ලිම් විරෝධි සටන් පාට කියමින් බැන වැදී ඇත. පානදුර වලාන,ශ්‍රී සංඝානන්ද කනිෂ්ඨ විද්‍යාලය අසල දී මෙම සිදුවීම ...
අලූත්ගම ප්‍රහාරයේ හෙළි නොවූ රහසක් ? Ape News අලූත්ගම ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඔහු සතුව තිබු වෙළඳ සැල් 25 ක් මුස්ලිම් ජනතාවට කුලියට ලබාදී තිබෙන බවත්, පුදුමයට කරුණ වන්නේ පසුගිය දා ගැටුම් ඇතිවු අවස්ථාවේ දී එම එක් වෙළඳ සැලකට හෝ හානි සිදු නොවීම බවත් ජාතික සමගි පෙරමුනේ නායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා පවසයි. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙම කාරණයක්ද හෙළි කළේය.මෙම සිද්ධිය අනුව ඉතා ...
මම සිසුන්ට මැරෙන්න ඉඩ ඇරලා තිබුනේ – එස් බී Ape News සබරගමුවේ මාරාන්තික උපවාසයේ නිරත සිසුන්ට තමන් මැරෙන්නට ඉඩහැර තිබු බව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියයි.සබරගමුව සරසවි සිසුන්ගේ උපවාසයට ප්‍රහාර එල්ල කිරීම පිලිබදව ගුව්න විදුලි නාලිකාවක් වෙත අදහස් දක්වමින් අමාත්‍ය එස් බී දිසානායක මහතා මේ බව සදහන් කර තිබේ.ශිෂ්‍ය සංගම් තහනම් කළ පාලක සභාව සිසුන් සිව් දෙනෙකුට මාස 8ක තාවකාලික තහනමක් පැනවු බවත් එහිදීද සිය උපදේශය වුයේ මාස 8ක් නොව වසර 4ක ...
මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නොහොත් සේනාවේ කුණු බිත්තර රංගනය Ape News බොදු බල සේනාව ප්රමුඛ ජාතිවාදීන්ගේ අලුත්ම නපුංසක ජවනිකාව වන “මුස්ලිම් ව්‍යාපාර වර්ජනය නොහොත් සේනාවේ කුණු බිත්තර රංගනය” දැන් කරළියට පැමිණ තිබේ. ඔවුන්ගේ රුකඩ බවට පත්ව ෆේස්බුකියේ උදේ හිටන් රැ වෙන තෙක් ජාතිවාදය වපුරවන ඔලමොට්ටල නපුංසක ජාතිවාදී කීබෝර්ඩ් වීරයන් රැළ විසින් මෙරට සමස්ත ජනතාවට තලිබාන්වරු කරන ආකාරයේ නියෝගයක් මේ අතර කර තිබේ. එනම් මුස්ලිම් ජාතිකයින් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර වර්ජනය කරන ...
ඩුබායි වෙරළ කාන්තාවන් වෙනුවෙන් දවස් දෙකක් වෙන් කරයි… Ape News වහා ක්‍රියාත්මක වන පරිදි ඩුබායිහි වෙරළ තීරය සති දෙකක් කාන්තාවන් වෙනුවෙන් පමණක් වෙන් කිරීමට එරට රජය තීරණය කර ඇත. ඩුබායිහි වෙරළ තීරයන් දෙකින් එකක් වන අල්-මම්ජාර් වෙරළ තීරය ඉරිදා හා අගහරුවාදා යන දවස ද අනිත් වෙරළ තීරය වන ජුමයිරාහ් වෙරළ තීරය සදුදා හා සිකුරාදා දිනයේදී කානතාවන්ට පමනක් වෙන් කිරීමට එරට රජය තීරණය කර ඇත. කාන්තාවන්ට පමණක් සුවිශේෂී වූ එම දින ...
භික්ෂූන් වහන්සේ නමකට ඉන්දියාවේ දී හිරිහැර(With Video) Ape News බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකට ඉන්දියාවේ දී හිරිහැර සිදුව තිබේ.නවදිල්ලියේ පුරාවිද්‍යා අධ්‍යයන ආයතනයක ඉගෙනුම ලබන අදාළ හිමිනම ඇතුළු සිසුන් පිරිසක් ක්ෂේත්‍ර චාරිකාවක නිරතව සිටියදී මෙය සිදුව ඇති බව “ද හින්දු“ පුවත්පත වාර්තාකරයි. ඔවුන් හින්දු කෝවිල් භූමියකට ගිය අවස්ථාවේ දී නාම් තමිසර් පක්ෂය සහ තමිෂ් දේශීය පොදුඋඩමෙයි පක්ෂයට සම්බන්ධ පිරිසක් විසින් භික්ෂුන් වහන්සේගේ සිවුරෙන් ඇද පහරදී ඇති බව අනාවරණය වී තිබේ. පසුව ...
අලුත්ගම සිද්ධියේ මහ මොළකරු පතිරාජගොඩ හිමියන්ය–පොසොන් පෝදා භික්ෂුවකට පහරදූන්නා කියා අත්අඩංගුවට ගත් මෞලවි අස්කර්ගේ කතාව! Ape News මෞලවි අස්කර් දර්ගා නගරයේ ඉල්හාමුල් ඉස්ලාම් අරාබි විද්‍යාලයේ අධ්‍යාපනය ලබා දර්ගා නගරයේම අරාබි මද්රසාවක් පවත්වාගෙන යනු ලබන මෞලවිවරයෙකි. අළුත්ගම දර්ගා නගරයෙහි සිදුවූ ගැටුමට මුලික කාරණාව වූ පොසොන් පෝදා කාදියවත්ත පන්සලේ හිමිනමට පහරදුන්නා යැයි කියන සිද්ධියෙහි පළමුවෙන්ම අත්අඩංගුවට ගනු ලැබූවේ මෞලවි අස්කර් ය. මේ වන විට ඇප මත නිදහස ලබා සිටින අස්කර් විසින් සිදු වූවා යැයි කියන ගැටුමෙහි සුලමුල පිළිබඳ පළමුවරට ...
රෝහින්ගා මිනිස් සංහාරය Ape News රෝහින්ගා Rohingya යනු මියන්මාරයේ රක්නී Rakhine නම් පලාතේ ජීවත්වන මුස්ලිම් ජන කොට්ඨාශයකි. රක්නී නම් පළාත සුළු ජාතියක් වන රෝහීන්ගා වැසියන් හා මහ ජාතිය වූ රක්නී බෞද්ධ ජනතාවගෙන් යුතු වන අතර එම පළාත මියන්මාරයට ඇදී ඇත්තේ ක්‍රි.ව 1700 තරම් ඈත කාලයේය. ඒ අනුව රෝහින්ගා වැසියන් මියන්මාරයේ රාජ්‍යයට අයත් වැසියන් වී ඇත. 2012 රෝහින්ගා වැසියන් ලක්ෂ 8 ක් පමණ ජීවත්ව ඇති අතර ...
පැපිලියානේ ‘ෆැෂන් බග්’ රෙදි ගබඩාවට ප්‍රහාරයක් Ape News පැපිලියාන මංසන්ධියේ පිහිටි ‘ෆැෂන් බග්’ රෙදි ගබඩා සංකීර්ණයට මැර පිරිසක් විසින් අද (28) පස්වරුවේදී පහරදී තිබේ. අද (28) පස්වරුවේ සිට දෙපිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් පැවති බවත්, එහිදී පැපිලියාන මංසන්ධියේ වෙළඳසැලකටද අලාභ හානි සිදුව ඇති බවත් පොලිසිය පවසයි. 15 හැවිරිදි මුස්ලිම් තරුණයකු විසින් සිංහල තරුණියක් අපයෝජනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ගැටුම අරම්බවී ඇතැයි පැවසේ. කෙසේ වුවද, පොලිසියේ මැදිහත්වීමෙන් තත්ත්වය ...