උඹට කියන්න මචං පුතේ.... නຌය නຌරතන https://www.facebook.com/slmemesපුතේ... ඒ කාලේ තිබ්බලු රටක් සිරි ලංකාව කියලා...අපි ඒ රටේ ආඩම්බරකාර පුරවැසියෝ වෙච්චි...දැන් නම වෙනස් උනාට...තිබ්බලු ඒ රටේ මහ ගොඩක් සම්පත්..කාබාසිනියා කෙරුවලු මහ එවුන් අද ඔය නොදන්නා ගානට හිනා උනාට...තිබ්බලු වෙඩි ඉල්ලපු උන්ට වතුර...පෙව්වලු වස ඉදා බිපිය කියා වද කරඅද ඔය පිටරටින් ගෙන්නුවට වතුර...වවාගෙන කෑවලු යුද්දේ කාලයක් ගජරාමෙටඉවර කලාලු සෙට් එක දීලා එකෙක්ට ඔක්කොගෙම නම්බුව ඉඳා ඇදපන් අවුරුදු ගානක් ...
අද සෙනසුරාදා නຌය නຌරතන උදේ 6.10 බස් එක අල්ලගන්න...තෙරපිලා මිරිකිලා ෆුට් බෝඩ් එකේ එල්ලිල්ලා යන්න.ජනේලෙන් ඇතුලේ ඉන්න නංගිට බෑග් එක දෙන්න..ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...ක්ලාස් එක ළඟට ගිහින් හැරිලා එන්න.ක්ලාස් ෆීස් ඉතුරු කරන් ෆෝන් කට්ටක් ගන්න..ක්ලාස් අරින වෙලාවටම ගෙදරට යන්න..ආසයි බං මං ආයෙත් AL පන්ති යන්න...ලේක්සිකොන් සිප්වින් ළඟ මුරේ දාන්න..Art කොමස් ක්ලාස් ලඟත් තනිය රකින්න...කුඩේ යටින් උඹ එක්කන් වැව රවුමට යන්න...ආසයි ...
කොටු : කවියක් කතා කරයි - අංක 02 නຌය නຌරතන පහුගිය නාඩිය කස්ටිය පොඩ්ඩක් අන්ද මන්ද කොලා කියලා ටිකක් සද්ද බද්ද ආවා. කොරන්ඩ දෙයක් නෑ! ඒ ඉතිං නාඩියාගේ හැටි! තියෙන මල ඉලව් හංගලා හරි කොටලා දානවා!ඒකෙ අන්තිමට “To be continued… “ කියලා තිබ්බනේ. මේ ඒ ටික.මේ නාඩියේදී මම පොඩ්ඩක් ස්ත්‍රීවාදී වෙන්ඩ (ත්‍රස්තවාදී නෙවෙයි ඈ) හිතුවා. හැබැයි ඉතිං වරද පටවන්න යන්නේ පිරිමි සනුහරේට විතරක් නෙවෙයි. මේකට ඉතිං දෙගොල්ලොම සම්බන්ධයි!මේකේ ඒකෙ ...
දයාබර වැම්පියර්තුමනි නຌය නຌරතන අපි ඔබතුමාට මෙසේ රපෝර්තු කරමු... හයක් හතරක් නොදන්නා මෝඩ අමනයන් රැලක් හිටියා එකතු වී මහ පාරේ! යකෝ! කාගේ හයියෙන්ද අපි දාපු කාපට් උඩ උන් නිදා ගෙන සිටින්නේ! කාන්තාරේ පණ අදින මි හරක් ඔටු රැලක් සේ තප්පුලෑවා උන් “වතුර” කියා! උන්ගේ අම්මලාට @#^$ ඇයි යකෝ තියෙන්නේ බෝතල් ඇමරිකන් වෝටර් පුරෝලා! එවන්නේ බවුසර් හැමදාම තොපිට නාන්න කරන්න රෙන්න පුක හෝදන්න! ආදරයෙන් ...
සුභ සන්ධ්‍යාවක් වේවා!!! නຌය නຌරතන උදේ අටයි පහයි.....ගොජ ගොජ සද්දේ දාගෙන යාල්දේවිය නාගොල්ලාගමින් අද්දදීම යාන්තම් එල්ලුනා. හොඳ වෙලාවට කන්දේ සුමනේ මාමාගේ බල්ලෝ ගිය බයිසිකලේ හරි ගෙදරින් එලියට බහිද්දිම හම්බ උනේ! නැත්නම් අදත් හුළං! පෙට්ටි 4ක් 5ක් වත් ඇද ගත්තොත් නංගි ඊයෙත් නහයෙන් අඩ අඬා කියපු පොත් ලිස්ට් එක පුරෙන් ගන්න පුළුවන් වෙයි.ටිනර් පතුරු ගැලවිලා දාඩියට කළු පාට වෙච්චි බොන්ගෝ එකත් අරගෙන මම කැන්ටිම් පෙට්ටියේ ...
රතු පාට ලේ නຌය නຌරතන මේ නාඩිය කොටන්න ඉස්සරලා ප්‍රමුදි ළමයාට ස්තුතියි කියන්න ඕනේ.. මොකෝ ඒ ළමයා තමයි මේ අපූරු වැඩේට පලයන් කියලා මාව තල්ලු කලේ! හැබැයි එහෙම ටෝක්ස් දීපු එයානම් ඇවිත් හිටියේ නෑ...Future Leaders Conference Season5 – 2013; Sri Lanka Unites නැත්නම් “එක්වෙමු ශ්‍රී ලංකා” සංවිධානය පස්වෙනි වරටත් සංවිධානය කරපු අනාගත නායකයන්ගේ සමුළුව!ශ්‍රී ලංකාවේ හතර දිග්බාගයෙන්ම විවිධ ජාතින් නියෝජනය කරන පාසල් ළමුන් 500කත ...
ඉරට්ටෙන් වතුර හොයමු නຌය නຌරතන මේක අමුතුම කතාවක්.. විශ්වාස කරන්න අමාරු උනත් විශ්වාස කරන්න වෙන කතාවක්! මොකද අදෘශ්‍යමාන බලවේග... භූතයෝ... කුම්භාණ්ඩයෝ ගැන කතා කරන ලෝකේ.. අංජනම් එලි වලින් ලෝකේම හොල්ලන කාලේ අපේ මනුස්සයෙක් ඉරට්ටෙන් පොළොව ඇතුලේ හැංගිලා තියෙන භූගත ජල ධාරා ඉරට්ටකින් හොයන්න පටන් අරගෙන! මේ සිද්ධිය මට ආරංචි උනේ අවාරෙට පොල් වැටෙනවා වගේ ගමේ ගිය වෙලාවක. ආරංචිය ආපු විදිහට මේ හපන්කම කරන කෙනා ...
අ.පො.ස. (18+) නຌය නຌරතන Image Source - nation.lkදුඹුරු පාට දුවිලි පිරිච්ච බස් එක කළු පාට ඩිසල් දුම් ගුලි පිඹලා අලුතින් කාපට් දාපු රත් වෙච්ච පාරට දැම්මා.. යාන්තම් ස්ටෑන්ඩ් එකෙන් එලියට දානකොටම බස් එකෙන් පැන ගත්තේ.. නැත්නම් ආයේ හෝල්ට් දෙක තුනක්ම පයින් බඩ ගාන්න වෙනවා මේ ඉලව් පත්තර මිටියත් උස්සන්!අද නම් මහ චාටර් දවසක් .. උදේ කුදලාගෙන ආපු මිටියෙන් තාම බාගයක්වත් ගිහින් නෑ! මේ ...
ආදර මලකෙලි නຌය නຌරතන පහුගිය දොහේ අහපු දැකපු ඒවා දැකලා ඇඟේ මයිල් කෙලින් උනා ආයිබෝවන්ඩ! පිස්සු බම්ප් උනා! ලස්සනට තියෙන්න තිබිච්ච සරසවි ආදරයක් හුටස් පටස් වෙලා මෙඩිකල් ෆැකල්ටියේ හිටපු පිරිමි ළමයා එයා පණ වගේ ආදරය කරපු ගෑනු ළමයටත් වස දීලා ඒ මනුස්සයත් මැරිලා! සත් කෝරළය පැත්තේ පිරිමි ළමයා හදවත ඉල්ලන ආදරය ලැබුනේ නෑ කියලා ඒ කෙලිට පිහියකින් කොටලා මරා දාල ඒ කොල්ලත් සිය ...
එමමයි! අපේ මැයි! නຌය නຌරතන නැගිට ඉදිව් නිල් කොඩි තොග ගෙන අතට... කෑමට බත් පාර්සල දෙයි හෙට දවාල ට... හවසට නිකං ගල් බොමු තනි උගුරක ට... හිරුණිලා දුමින්දලා අත් අල්ලන් යා වී... රතු කොළ පාට කොඩි කඳුලින් තෙත් වේ වී... හවසට පාරේ බැරියර් ලඟ තග දා වී... ගෙවපං ලයිට් බිල් දැං මගෙ බඩ යා වී... කියපං කට වහං හිටියා හොඳට ඇතී... 'දිනවව් අපේඅතිගරු මිහිඳු ජනපතී... ...
සයිබරේ අවුරුදු නຌය නຌරතන සයිබර් සිහින උළෙල අහවර උනාය! ඒ 21ය! මේ දවස් ටිකේ බුකියේ ටැග් ගැහුණු ෆොටෝ කෑලි ටික.. බ්ලොග් ලියවිලි ටිකවත් ඉස්පාසුවක් ඇතිව බලා කියා ගන්න බැරි උනේය! “වසන්තය” ඇවිත්ය. ;) පිලි ගන්නට ගජරාමෙට වැඩ තිබ්බේය!මොනවා නොකිව්වත් 21 වැඩේ ගැනනම් ටිකක්වත් කොටන්නට ඕනෑය! උදේ පාන්දරම ලක ලැස්ති වී මංතුමා මාරගම බලා යන ගමන පටන් ගතිමි. තව පොඩ්ඩෙන් අවුරුදු කුමාරයාටයි කුමාරිටයි දාන්න ...
පේමේ මාමාට රෙවුනේය! නຌය නຌරතන මේක ඉස්සර කාලේ සිද්ධ වෙච්ච දෙයක්ය. අපෙ ගමේ පේමේ මාමා කියා ඩයල් එකක් සිටියේය. මිනිහා කලේ ඉලෙක්ට්‍රික් වැඩසටහන්ය! ඒ කිව්වේ ගෙවල් දොරවල් වයරින් කරනවා වගේ වැඩය! ඒ පැත්තටම සිටියේ ඒකා පමණකි! ඒ නිසා හොඳ මාකට් එකක් තිබුනේය! සල්ලි බාගේ අතේ නිතර ගැවසුනේය!පොඩි පරහක් තිබුණි!පේමේ මාමා කෝපි කඩේ අබිලින්ගේ වැරදුනු ෂොට් එකක ප්‍රතිපලයකි! ඒ මහා කුජිතකර්මයේ ප්‍රතිපලයක් ලෙස පරම්පරා කුට්ටම ...
ඇවිල්ලලු අවුරුදු!!!! නຌය නຌරතන colombogazette.com'එරබදු මල් කෙට්ටු කෙට්ටු කොහා බදී පත්තු පත්තු' බඩගින්නේ තටමන ගමන් ඇඟිලි තුඩු අස්සෙන් හිරිකිත හීන මිරිකන අපිටත් ඇවිල්ලලු අවුරුදු...!!ස්ත්‍රීලිංග ගානට පාටි දාන තඩි බඩගෙඩි කාරයන්ට සැන්ඩි දාන්නමූදෙ ලුණු වතුරත් මදි වෙද්දි.., බතට පොල් ගන්න... බැදුමට තෙල් ගන්න... ණය වෙනවා අපේ උන් හතර අතේ...!!අඩේ ජයලලිතා වරෙන් 'උණු කිරිබත් කටක් කමු... කළු කෝපි උගුරක් බොමු...' අපි නොදකින ආශ්චර්යමත් අනාගතේටවත් බලාපොරොත්තු වෙමු; ...
තෙල් ඉහිරෙන්ඩ හිනා වෙන්ට 21යි නැකත!!! නຌය නຌරතන https://www.facebook.com/JehansVideosකොහෝ කොහෝ....කොහේ ඉඳන් කොහෝ කියනවදෝ ඇසූ පසු මම කොහේ සිට කොහෝ කීවත් උඹට *කද කියලා අහන කාලේ මේකය!!! ඒ කියන්නේ අවුරුද්දය! මටනම් මේ ටික පට්ට ෆන් වන්නේ කොකිස් සමග අච්චාරු කෑමට පුළුවන් වෙන නිසාය! ටෙස්ට් කර බලා ගුණදොස් පවසනු යෙහෙකි! බඩේ රුජාවට වග කියනු නොලැබේ!14 උදේ පාන්දර කිරිබත් එහෙම කා බි 15 තෙල් ගා නෑදෑ සනුහරේ බලාකියාගෙන එන්න නාඩියා ...
මගේ ආදරේ පටන් ගත්ත හැටි! නຌය නຌරතන නෝනාවරුනි මහත්වරුනි, ඔබ මෙට්ටේ කොහු කමින්..කෝට්ටේ පුළුං කමින් බලා සිටි ඒ අසිරිමත් මොහොත පැමිණිලා! මඩ පුවත් රචකයන් දත් කමින්..පැන්සල් උල් කරමින්... කි බෝඩ් කරේ තියා ගනිමින් බලා සිටි කාලය පැමිණිලා!නාඩියාගේ අතිවිශේෂ ස්වයං හෙළිදරව්ව! මගේ ආදරේ පටන් ගත්ත හැටි! ;)බොහෝ දෙනා දන්නවාද ඇත! නොදන්නවාද ඇත! නාඩියාට ප්‍රේමවන්තියක් ඇත!!! ඈ අනිකුන්ට වඩා විශේෂය! ඇස් ඉස් මස් නහර වලින් සෑදී නොතිබ්බාට වැඩිය ...
කැම්පස් සහ පැම්පස් නຌය නຌරතන ගොඩ කාලයක් තිස්සේ කොටන්නම් කියලා හිතාගෙන හිටියට එක එක හේතු නිසා කොටන්න බැරි වෙච්ච එව්වා මෙව්වා ටිකක් ඔන්න අද නාඩියා කොටනවා! මේ නාඩිය කියවන්න ඉස්සරලා කස්ටියම දාගෙන ඉන්න පාට කන්නාඩි ගලවලා පැත්තකින් තියන්න! නිල්,කොළ,රතු,කහ එක එක පාට කන්නාඩි දාගෙන මේ නාඩිය කියවන්න බෑ!ඒත් එක්කම නාඩියා හෙවත් මංතුමා ගැන තියෙන මතක, ප්‍රතිරුප(තියනවනම්), ඇදුනුම්කම්, ආලවන්තකම් ;) ඔක්කොම ටිකකට පැත්තකින් තියන්න. මොකෝ ...
මලේ පිපුණු මලක්... නຌය නຌරතන Needy Readers; නාඩියාගේ බ්ලොග් එකේ දකුණු පැත්තේ තියෙන අපූරු පින්තුරේ දැකලා පුරුදු අපේ අයටනම් අමුතු වචනයක් නෙවෙයි! 2012 අවුරුද්දේ පටන් අරගෙන, ලංකාවේ අවශ්‍යතා ඇති පාසල්, පුස්තකාල, සංස්කෘතික මධ්‍යස්ථාන වලට කියවන්න පොත් බෙදා දෙන අපේ පුංචි වෑයම!2013 අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත් වල ආදරණිය නංගිලා මල්ලිලාගේ අතට කියවන්න පොතක් දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළා. මේ අවුරුද්දේ අපි මුලින්ම පොත් බෙදා දෙන්න හිතුවේ ...