දියව් දියව්!!!!! නຌය නຌරතන වැඩ කරන ජනතාවගේ දවසේ හැම තැනම පේන්න තියෙන පෝස්ටර් බැනර් වල තියෙන්නේ “දියව් දියව්!!!” කියලා! කොහෙවත් “ගනිව් ගනිව්” කියලා නෑ! අනේ මන්දා....රටේ විරැකියාව උග්‍ර වෙලාලු! රැකියා නැහැල්ලු! උපාධිධාරියෝ මහපාරෙලු!! ඔව්! සේරම ඇත්ත! උඩ ඉදන් යට තැන වෙනකම් ඔක්කොම මේකට වැරදිකාරයෝ! අපිත් එක්ක! ඔක්කොම වැරදිකාරයො!කැම්පස් පැම්පස් නාඩියේමංතුමා කිව්වේ කැම්පස් වලින් එලියට එන අපේ උන්ට යන කලදසාව ගැන.ඒ අහව් අස්සේ “ඇයිරත්තරං ...
සයිබරේ 20 නຌය නຌරතන මුලින් හිතාගෙන හිටියේ 20 ගැන කොටන්නේ නම් නැතිය කියාය. හැබැයි කොහේදෝ කැසිල්ලකට 20 ගැන ලියන්නට හිතුනේය.වෙනදා වගේම ඉතිං සයිබරේ මඟුලක් කියපු සැනින් මං තුමා ගොයින් දැම්මේය. තනියම ඇවිත් ඩබල් යනවා කියා ටෝක්ස් දුන්නේය! ඒවා නම් හරි ගියේ නැත. කොහොමෙන් කොහොම හරි මරු පහේ දවසක් උනේය.කලින් දවසේ නිකමට වගේ ළඟ පාත ඉන්න රන් ගොජා ට චැට් පාරක් දැම්මෙමි.“මේ උඹ හෙට ...
ඔන්ලයින් අවුරුදු? ඈ??? නຌය නຌරතන කජු ඇට ද කොස් ඇට ද! මෙන්න online අවුරුදු! ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙන්න full online අලුත් අවුරුදු උත්සවයක්!! පිස්සු බම්ප් වෙනවා ඈ! ඇතෙක් බරට තෑගී ලු!ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම Online අවුරුදු උළෙල, IMCD අපි ඔබ වෙත ඉදිරිපත් කරන්නෙ මහත් වූ ආඩම්බරයකිනි! ඔබ ලොව කොතැනක සිටියත් ,තරඟ ඉසව් රැසක් සමඟින් මෙම අවුරුදු උළෙලේ අසිරිය විඳ ගැනීමට ඔබට අවස්ථාවක් ලබදීමට අප සූදානම්! ...
ආටක නාටක නຌය නຌරතන ඇතාවැටුණු වැව සියාතු ගොයියාට කාසි පනම් වල අඩුපාඩුවක් තිබුනේ නැත. වතු පිටි වලින් එන ආදායමට හරි හරියට හරකා බාන නඩත්තු කරන එකෙන් එන මිල මුදල් ටිකත් එකතු පහදු උනාම අඩුවක් පාඩුවක් නැතිව විය පැහැදම් කරන්නට කාසි පනම් අතේ තිබ්බේය. ඒ අස්සේ මැම්බර් මහතැන් ගිය ජන්දෙන් පස්සේ ගංතුලානේ උන්නැහේට උදව් පදව් කරපු මිනිස්සුන්ට තාන්න මාන්න දීපු වෙලේ සියාතු ගොයියටත් සාම ...
රාධා නຌය නຌරතන “යුද්දේ ඉවර වෙලා අවුරුදු ගානක් ගියත් අපේ අයගේ හිත් ඇතුලේ යුද්ධේ තාම ඉවර වෙලා නෑ රාධා..” මොනරගල කෙළවරින් රතු පාටට ගිනියම් වෙච්චි ඉර බැහැලා යනවා. ආකාසේ පාවෙන වලාකුළු අමුතුම පාටක් අරගෙන සැර හුළං කොඩේට අහු වෙලා ආරාධනා ගල පැත්තට තල්ලු වෙනවා. හුළඟ නැවතිලා ඉගිල්ලිලා යන්න හදපු කොහොඹ ගහේ අලුතින් ලියලපු දළු සද්ද නැතිව පාතට වැක්කෙරෙනවා. තාමත් මෙහෙන්දි පාට ගිහිං ...
ආයිබෝ වේවා යම රජාණෙනි නຌය නຌරතන ආදරණිය යම රජතුමාණන් වෙත ලියමි,හුඟ දවසක ඉඳන් ලියුම් කරදහියක් ලියන්නට හිටියත් මලදාන,හත් දවස දාන, සත්යග්රහ අනම් මනම් ඒවා මේවා හින්දා ඉස්පාසුවක් තිබ්බේම නැත. තරහ අවසර (නො) යම ද කින් තුමෝ මම මේ ලිපිය ලියන්නේ ඔබතුමාගේ කුඩා මොළේට නූලෙන් ඩිස් මිස් විය හැකි ඉම්පෝටන්ට් ටොපික්ස් ටිකක් මතක් කොරන්නටය!මේ දොහේ අපේ ලන්තේ ජනතා මතයට දෙකට තුනට නැමී හිස නමන චන්ද කාලේය! ...
ටීචර්.... නຌය නຌරතන බස්සි අක්කා එක දවසක් ගුරුවරු ගැන සොඳුරු මතකයන් කෙටුවට පස්සේ මංතුමාටත් හිතුනා ඒ වගේ ලස්සන දවස් ටික ගැන මතකේ ආයේ එකතු පහදු කරගෙන නාඩියක් කොටන්න ඕනේ කියලා.දැනට ඉස්කෝලෙන් එලියට පැනලා අවුරුදු 4ක් විතර වෙච්චි ඉස්කෝලේ කාලේ වෙච්චි කෙරිච්චි දේවල් මතක් වෙද්දී තාමත් ඉස්කෝලේ යන්න හිතෙනවා. ඒ කාලේ කරපු ගොබ්බ වැඩ, මෝඩ වැඩ එහෙම දැන් මතක් වෙද්දී බඩ අල්ලාගෙන හිනා ...
රත්තරං ඇයි ඔය අත් වල මජං නຌය නຌරතන පහුගිය දොහේ නාඩියා ආසියාතික රටක තානාපති කාර්යාලයක් සමඟ පොඩි ව්‍යාපෘතියකට සම්බන්ධ වී සිටියේය. ජනියා ගේ කොන්ටැට් එකකට එතනට යන්නට මඟ පෑදුණේය. තිබිච්ච project එකනම් හීනෙකින්වත් මම කොරන්නට හිතලා නැති filed එකකි. Automobile industry නැත්නම් ශ්‍රී ලංකාවේ මෝටර් රථ කාර්මික අංශයේ සේවක ගුණාත්මක භාවය වැඩි කරන මෙව්වා එකක්ය. කොහොමෙන් කොහොම හරි ව්‍යපෘති ආනුභාවයෙන් සතියක් විතර නුවර, කෑගල්ල, ගම්පල පැති වල රවුම් ...
තනිකම නຌය නຌරතන සීත හිමේ ගොඩක් කල්... මම බලාගෙන හිටියා...තනියම? නෑ... තනියම නෙවෙයි.... මගේ තනියට හිටියා... හුළඟ...නෑ?ඔව්... හුළඟ හිටියා මුමුණ මුමුණා...මොනවද?කාගෙන් කාගෙන් හරි හොරෙන් අහුලා ගත්තු පෙම් පල හිලව්...ඉතිං....?නෑ.. මට මොකුත් හිතුනේ නෑ... මොකෝ මං බලං හිටියා හුඟක් කල්...තනියම?නෑ... තනියම නෙවෙයි මගේ තනියට හිටියා අහස....නෑ?ඔව්.. අහස හිටියා ගෝරනාඩු කර කර..ඇයි ඒ?ලැබුනේ නෑ කියලා සීත හිම ශිඛරේ ලැම තුරුලේ ඉන්නට...ඉතිං...?නෑ.. මට මොකුත් හිතුනේ ...
සරණයි.. සරණා...යි.... නຌය නຌරතන සිරිපා කරුණා සමය සිතල උදුවප් මාසයේ නමෝ විත්තියෙන් පටන් ගත්තු වෙලේ ඉදන් අපේ උන් ලක ලැස්ති උනේ සිරිපා කරුණා කරන්න. කොහොමෙන් කොහොම හරි ඉස්පාසුවක් හොයා ගන්න පුළුවන් උනේ 14, 15 වැටිච්ච නිවාඩු දවස් දෙක! හරිම අමාරුවෙන් අනිත් වැඩ කටයුතු පස්සට දාල දවස් දෙක නිදහස් කර ගත්තා. මේ කට්ටිය කිව්වේ අපේ විස්සවිද්යාලේ අතීසාර මිත්තරයෝ ටිකය!13 වෙනිදා උදා විය! වෙනසක් නැත! ...
දයාබර පරිගණිකාව නຌය නຌරතන අලුත් අවුරුද්දේ පළවෙනි නාඩිය ටිකක් වෙනස් විදිහකට කොටන්න හිතුවා. දැන් ඉතිං ඔක්කොම දවසේ වැඩි දවසක් ජිවත් වෙන්නේ පරිගණක රාජයා එක්කනේ! අපේ සමහර උන්ට නම් ඉතිං ලැපී නැත්නම් ජිවිතයක් නෑ. මංතුමාටත් එසේම තමා. ඔය පරිගණක රාජයෝ එක්ක ගනුදෙනු කරන්න යමක් කමක් කරන්න පුළුවන් එකා වෙච්චි මට ඔය අන්ජබකල් වෙච්චි ලැප් කේස්.. මැෂින් කේස් බර ගානක් අහන්න වෙනවා. “අනේ මේක හදලා ...
මනුස්සකම නຌය නຌරතන පහුගිය සිකුරාදා. ඒ කිව්වේ දෙසැම්බර් 6 වෙනිදා මගේ අතිජාත මිත්තර අසීම්, මටයි පොලොස් මාමාටයි එවලා තිබ්බා අපූරු ආරාධනා පත්‍රයක්. සිරස News First, UN Volunteers සමඟ සමාජ සේවා දෙපාර්තමේන්තුව සංවිධානය කරපු V Awards 2013 අවසන් රාත්‍රිය බලන්න එන්න කියලා. Volunteering කියන එක ඔළුවට ගහපු එවුන් වෙච්චි අපිට ආයේ හිත හිතා ඉන්න දෙයක් තිබ්බේ නෑ! එක පයින් එතන! තිබ්බේ සිරස රත්මලාන ...
භූත රේල්ලුව නຌය නຌරතන දෙසැම්බර් 5 ලංකාවට නොව මුළු ලෝකෙටම වැදගත් දවසක්ය! අපේ උත්තම පුරුෂයෝ අද උත්කුරුෂ්ට සොයා ගැනීමක් කලෝය! ප්‍රශ්න ගොඩකට එවෙලේම බඩු පැකට් විසඳුම් ගෝනි ගණන් ලැබිණි! අනේ වාසනාවන්!අපි ඩයිවර් නැතිව කෝච්චි එලෝන තාක්සනේ සොයා ගත්තෙමු!ලංකාවේ හැටි එහෙමය. මෙච්චර ලොකු වැදගත් සොයා ගැනීමක් කරලත් වැඩිය එලියට පහලියට ෂෝ එක දමන්නේ නැත. කියන්නේ අත් වැරදීමකින් හරි මොකක් හරි එකකින් කෝච්චිය අච්චර දුරක් ...
රේල් පාර නຌය නຌරතන පීලි දෙකම එක වගේ.....එකම හැඩ...එකම ගනකම......කාටවත් කරදරයක් නොවී....මජං තැවරිච්ච සිල්පර කොට උඩ.....බලං ඉන්නවා හැමදාම...හම්බෙන්නේ නෑ කවදාවත්ම....කොතනදිවත්.....ඒත්......ටොන් ගානක් බර සිතුම් පොදියක්ඒ උඩින් යනවා හැමදාම...... ...
චෝගම් දෙබරෙට ගල් ගැසීම නຌය නຌරතන කලින් නාඩියා දෙබරෙට ගල්ගැසුවා වගේ CHOGM කතාවක් ලියා කස්ටිය ඇවිස්සුවේය! දැන් ඉතිං උත්තර දිය යුතුය. වැඩේ සාධාරණය. මොකෝ උඩින් පල්ලෙන් කියෙව්වාට අපේ උන්ට හරි යන්නේ නැති බැවිනි.ඒත් ඉස් ඉස්සරින් කරණු කාරණා තුනක් සිතේ තබා ගන්නවානම් හොඳය.නාඩියා මේ සමුළුවට සහභාගී වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කරන තරුණයන්ගෙන් සුසැඳි සමාජ සේවා ආයතනයක් නියෝජනය කරමින් විනා පාලක පක්ෂය හෝ දේශපාලන මතයක් නියෝජනය කරමින් ...
CHOGM ගිය නාඩියා නຌය නຌරතන මේ ටිකේ ලංකාවේ කඩේ පිලේ වෙලේ ඉපනැල්ලේ වැඩියෙන්ම කතා වෙන්නේ CHOGM ගැන. ඕන චුයින්ගම් එකක් කියලා නාඩියා CHOGM ගත වෙච්චි හැටි කොටන්න හිතා ගත්තා. නාඩියාත් ඔන්න CHOGM ගියා. CHOGM කියන්නේ Commonwealth Heads Of Governments Meeting කියන එකලුනේ! නාඩියා සහභාගී උනේ ඊට සමගාමිව පවත්වපු Commonwealth Youth Forum ( පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව) කියන එකට! තිබ්බේ හම්බන්තොට මාගම් රුහුණුපුර අන්තර්ජාතික ...
හිත ගිය තැන මාළිගාව නຌය නຌරතන සුරුට්ටුවක් වගේ දුම් පිඹගෙන යන යාල්දේවියට හයි කරපු අලුත් නිල් පාට කෝච්චි පෙට්ටි අනුරාධපුරේට උදේට සැරේට වැටෙන අව්වට දිලිසෙනවා. පේන තෙක් මානෙකට විහිදිච්ච වෙල් යාය හාල කරලා වපුරන්න ලඟයි. හිනියට එන රොන් මඩේ කුයිල නහය හාරගෙන යනවා. අලුත් ටයිම් ටේබල් එක හින්දා සිට් ඕනේ තරම් තියනවා. මමත් කරේ එල්ලගෙන ආපු විසාල බෑග් මල්ල උඩින් ගහලා තියෙන සුදු යකඩ රාක්කෙට තල්ලු ...
ලංකාවේ IT නຌය නຌරතන Image Source : http://community.telecentre.org/profiles/blogs/year-of-english-amp“කම්පියුටර් නැත්නම් බං job කට්ටක් හොයා ගන්න බෑ බං” ගෙදර ආපු වෙලේ සැලුන් එක පැත්තේ කැරකුනා. අපිත් එක්ක එක පන්තියේ හිටපු ඩයල් එකක්! දැන් ගාමන්ට් එකක සුපවයිසර්! උගේ බජාජ් ඩිස්කවරි බයික් එකේ මාව ගෙදරට ගෙනත් දාන ගමන් කිව්වා. උඹනම් කියයි තෝ සුපවයිසර් වෙලා බයික් එකක් හරි අරගෙන. මෙච්චර කොරලා අපි තාම දුවන්නේ ලක්ෂ 60 රෝද 6 ...
චේ නම් චේ අපේ චේ.... නຌය නຌරතන ගහගනින් බං චේ shirt එකක්! පුළුවන් නම් හොයා ගනින් බොබාගේ මාලයක්! ඇයි බං රස්තා පාට hand band! අන්න odel එකේ තිබ්බා පට්ට බ්‍රෑන්ඩ් එකක් ඇවිත්. දා ගනින් කළු බෙරස් එකක්. ගහගනින් තරුවක්! විප්ලවේට ඕවා ඕනේ බං! සුරුට්ටු නම් හොයන්න නෑ බං. John player එකක් නරකමත් නෑ! ධනවාදී ආර්ථිකේට පොඩි ගානක් නේ යන්නේ. ;) අපිට කොහෙන්ද Norton බයික් රට වටේ ...
යාල් දේවි කිලිනොච්චි ගියා.. දැන් ඔක්කොම හරිද?? නຌය නຌරතන පහුගිය දොහක යාල්දේවි මුලින්ම Made in China කෝච්චියක කිලිනොච්චි ගියාය. ලබන සිංහල අවුරුද්දට ආස්මි කොන්ඩ කැවුම් අතිරස හදාගෙන යාල්පානම් ඇවිත් කොට්ට කිලංගු අරං යන්න එනවයි කියා කීවාය. පලවෙනි සැරේ චීනෙක් එක්ක ගියාට දැන් යාල්දේවි සුරුට්ටු බොන ඉන්දියන් කෝච්චියේ හැමදාම කිලිනොච්චි යයි! එතකොට දැන් ඒ තිබිච්ච කේස් බේස් ඔක්කොම ඉවරද??මොකද්ද බං තිබිච්ච ප්‍රශ්නේ??උදේට කාපු බීපු දේ මතක නැති අපේ උන්ට ...