මසක වෙනස සිඩ්නි සිතුවිලි (2012 - ජූලි)ජූලිය එළඹ ඇති නිසා නැගෙමින් තිබුණු තද ශීතල මුහුද දෙසින් හමා එන සුළඟ හේතුවෙන් දෙගුණ වී ගිය ද ශීත දෙස හිත යොමන්නට නොහැකි තරමට සිත බරව ඇත. සිඩ්නි ඔපෙරා රඟහල දෙසට ඇදෙන්නෝ මා ඉදිරිපසින් දකුණු පසට ද, අනෙත් අන්තයේ වන කලාගාර වෙත ඇදෙන්නො වම් පසට ද ඇවිද යති. සිඩ්නි හාබරය අහම්බෙන් නෙත ගැටී, මා විශ්මයට පත් වුණු රාත්‍රියේ ...
නීල් සහ හායි සිඩ්නි සිතුවිලි - (2012 ජූනි)- “මම යනව එළියට... පොඩ්ඩක් ඇවිදල එන්න!“මදෙස බලා එසේ කියූ පැට්රික් මගෙන් පිළිතුරක් ලැබෙන තෙක් නොරැඳීම කාමරයෙන් පිටව ගියේ ය.නිහඩ රීජන්ට් වීදියනිවස මැද, සැමට අයත් සාලය දෙසින් ඇසෙන ජුන්ගේ සහ මර්සෙලෝගේ සිනා හඬ පැට්රික් පිටව යමින් කවටකමක් කළ බවට ගෙනෙන හැඟවුමකි. පිරිසගේ කතාබහ අතරට එක් වන්නට සාලය දෙසට යා යුතුය යන හැඟීම යළි යටපත් වූයේ වැතිර උන් තැනින් ...
ගනේෂ් සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් මස 20 වැනිදා -සිකුරාදා )නිල්වන් අහස් ගැබත්, දිදුලන සූර්යාලෝකයත් සිඩ්නියට පැහැදිලි දිනක් එළඹ ඇති බව කියයි. මධ්‍යම දුම්රිය පළ ඉදිරිපට බුහුටි තණනිල්ල මත වාඩි වූ මම ගනේෂ් ද සමග, මොහොතකට පෙර ‘සබ් වේ‘ අවන්හලින් මිළට ගත්, එළවළු සැන්විචස් රස විඳින්නට පටන් ගත්තෙමි. මහ මග නොකඩවා ඇදෙන රථ පෙළ වර්ණ ආලෝක සංඥාවන්ට කීකරු වූ වහාම මාර්ගය හරහා එන මහ ...
ගුවන් කරණම් සිඩ්නි සිතුවිලි (2012 මාර්තු මස 18 වැනිදා)ජුන් සහ අල්ලපු කාමරයේ ප්‍රංශ මිතුරා ගුවනින් බිමට පැන ගෙදර ආවෝ ය. අප රටේ ගුවන් හමුදාව පමණක් සිදු කරන ගුවනින් ගොස් පැනීම මෙහි විනෝදාංශයකි. අවශ්‍ය වන්නේ ඩොලර් දෙතුන් සියයක් පමණි. ඔබ වෙනුවෙන් සියල්ල කර දීමට බලා සිටින සමාගම, ඔබට උපදෙස් දී, ඇඳුම් අන්දවා, ගුවනට රැගෙන ගොස් බිම හෙළනු ඇත. මරණය පිළිබඳ බියක් ඇති කරගත යුතු නොවන්නේ ...