චෙස් ශූරයෝ සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් මස 30 වැනිදා) විදුලි දුම්රියේ මැදිරියක ඉහළ මාලයේ කවුළුවක් අසළ ආසනයේ අසුන්ගත් මම සතුටින් වටපිට බැලීමි. මධ්‍යම දුම්රියපළේ වේදිකාංගන කොපමණදැයි මා හරිහැටි දන්නේ නැත. දුම්රිය ගමනට පෙර ගමනාගමන විස්තර ලබාගත හැකි පරිගණක වෙබ් අඩවියෙන් දුම්රියේ වේලාව සොයාගත් මම මෙහි පැමිණියෙමි. නවාතැනේ බිම් මහලෙන් පසුපස වීදියට බැස ඉදිරියට යාර කිහිපයක් ගිය තැන දුම්රිය පළේ උතුරු පිවිසුම කරා දිවෙන උමං ...
‘ගිහින් එන්න!‘ සිඩ්නි සිතුවිලි - 2012 මැයි 09 වැනිදා -නවාතැන් කාමරය නිහඬ ය. රැකියාවට ගිය පැට්රික් තවමත් පැමිණ නැත........ ෂින් ද පෙනෙන්නට නැත. ෂින්ගේ ඇඳ මත කුඩා ග්‍රොසරි බෑගයක ඇඳුමක් සහ දත් බුරුසුවක්, ෂැම්පු බෝතලයක් වැනි අඩුම කුඩුම කිහිපයක් ඇති බව පෙනේ. කාමරයේ ගත කළ සෑම තත්පරයකම ක්‍රියාත්මක වෙමින් ඔහු වෙත ජපාන සජීවකරණ චිත්‍රපට දායාද කළ ඇපල් පරිගණකය ද හකුලා ඇඳ මත ය. ...
හැංගිමුත්තං සිඩ්නි සිතුවිලි (2012 මාර්තු 20 වැනිදා) රීජන්ට් වීදියේ නවාතැනේ විශාල කාමරයේ ලැගුම්ගෙන උන් ජුන් කොරියානුවෙකි. ඉතා ලගන්නා සුළු අවිහිංසක සිනාවක් මුවග රඳවාගෙන සිටින ඔහු පරිගණක සජීවකරණය සිය ප්‍රධාන විෂයය ධාරාව ලෙස තෝරාගත් අයෙකි. එහෙත් ඔහු මෙහිදී ඒ විෂයය වෙත අවධානයක් යොමු කරන්නේ නැත. රැකියා සඳහා වන වීසා බලපතකින් මෙහි පැමිණ ඇති ජුන් සිඩ්නියේ කොරියානු හෝටලයක සේවය කරයි. සිය සේවා ස්ථානයට උදෑසනම පිටව ...
වැස්සත් සමග... සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් මස 18 වැනිදා බදාදා)ධාරාණිපාත වර්ෂාවක පෙර ළකුණු පල කරමින් සිඩ්නියේ අහස් කුස තදින් කළු පැහැ ගැන්වෙමින් තිබිණි. මුහුදුබඩ පිහිටි නගරය හරහා හමන කටුක සුළඟ තරමක් රළු ස්වභාවයකට හැරෙන්නට විය. රැකියාව නොමැති වූ පසු, වැඩි කතා බහකින් තොරව නිහඬව කල් යැවූ ජුන් කිසිවිටක සවස් කලෙක නිවසින් බැහැර යනු මා දැක නොතිබුණ ද ජැකට්ටුව ද ගනිමින් ඔහු සූදානම් වන්නේ ...
රස්සා... සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් මස 05 වැනිදා) දයාබරිත සිනහවක් සහිතව නිතර අප සමග කුළුපගව විසූ ජුන්ගේ සිනහව එක්වරම අතුරුදන් විය. සිඩ්නියේදී, නීත්‍යානුකූලව පැයක සේවයට ඩොලර් 18-20 ක අවමයක් ගෙවිය යුතු වුව ඩොලර් 11කට නගරයේ ප්‍රධාන කොරියානු හෝටලයක සේවය කළ ඔහු හේතු නොදන්වාම සේවයෙන් පහ කර තිබිණි. “අද උදේ වැඩට ගියාම කිව්ව මාව අයින් කළා කියල... හේතුවක් කිව්වෙ නැහැ...“අසරණ මුහුණින් යුතුව ජුන් පැහැදිලි ...
සොහොයුරිය සිඩ්නි සිතුවිලි ( 2102 ජූනි) මම යළි පහළ වීදිය දෙස බැලුවෙමි. අලුත විවාපත් යුවළක් විවාහ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටතට පැමිණ මිතුරු කැළ හා සිනාසෙමින් ඡායාරූප ගනිති. විසිතුරු ඇඳුමින් සැරසුණු යහළු යෙහෙළියෝ යුවල වෙත විවිධ කෝණයෙන් කැමරා මානමින් නොයෙක් දේ කියන බව පෙනුන ද මා සිටින තැනට ඔවුන්ගේ හඬ පැහැදිලි ව ඇසෙන්නේ නැත. මග දිවෙන වාහනවලින් නැගෙන ඒකාකාරී එන්ජින් හඬත්, දකුණු පස ඈතින් ...
‘කඳුවැටියත් මුහුදත් අතරින්...‘ සිඩ්නි සිතුවිලි - 2012 මැයි 11 වැනිදා -රමණීය දිනක අරුණළු කාමරය පුරා විහිද ඇත. වොලොන්ගොන් නගරාසන්නයේ පෙදෙසක පිහිටි ධනන්ජය අයියාගේ නිවසේ ඔහුගේ කන්තෝරු කාමරයේ කවුළුවෙන් හිරු එළිය කාමරයට ගලයි. සිඩ්නියේ නවාතැනේ දී දැණුනු ශීතලට වඩා තද ශීතලක් වොලොන්ගොන් හිදී මම අත් විඳිමි. ශීත සෘතුව එළඹ නැතත් උණුසුම් රටක සිට පැමිණි මට මෙම ශීතලය තරමක අපහසුවක් ඇති කරයි. මම යළි පොරෝනය තුළ රැඳෙමින්ම ...
අපරිමිත කතන්දර සිඩ්නි සිතුවිලි වඩාත් වේදනාබර මොහොතවලදී අපට සියල්ල දැනෙන්නේ ද හැඟෙන්නේ ද කරදරකාරී ලෙස හා අපිළිවෙල ලෙස අප වෙතම යොමුව ඇති දේ වශයෙනි. සිඩ්නි චෙස් ඇකඩමියෙන් පිටව යළි නගරය දෙසට යන්නට පිටත්ව උන් මට සියල්ලම මගේ හිස වටා කැරකවෙමින් පවතින, මා ඉලක්ක කරගත් හා මා බිඳ දමන්නටම සැදී පැහැදී උන් දේ ලෙසම දැනෙන්නට විය. දැන් යළිත් රැකියා සොයා වෙහෙසිය යුතු ය. රැකියාවක් ...
වැස්සත් සමග.... (අවසන් කොටස) සිඩ්නි සිතුවිලි (පසුගිය ලියවිල්ලෙන්...)කාන්තාරයක ගමන් කරන්නෙකුට ක්ෂේම භූමියක් මුණගැසීම තරම් තවත් සතුටක් නොවන බව අපි කොතෙකුත් වර කියවා ඇත්තෙමු. එනිසාම දුර පෙනෙන මිරිඟුවට රැවටී දිවිය හානිවන තෙක්ම ඒ පසුපස ගිය මිනිසුන් පිළිබඳ අනුවේදනීය කතා ලෝක සාහිත්‍යය තුළින් ඇසුරු කර ඇත්තෙමු. වනයක අතරමං වූවකුට ද මිනිස් වාසයක් පිළිබඳ දැනෙන සුළු සංඥාවක් වුව ගෙන එන සතුට පෙර කී ක්ෂේම භූමිය හමුවන්නාට දැනෙන සතුටම ...
වැස්සත් සමග... (2 වන කොටස) සිඩ්නි සිතුවිලි (පසුගිය ලියවිල්ලෙන්...)රණමුරේ ග්‍රාමයෙන් පිටවන්නට මොහොතකට පෙර...සිහිනයකදී, මහත් බියජනක සිද්ධියක් දැක ඒ නිසාම මහහඬින් මොර දෙන්නට යද්දී ශබ්දයද නොනැඟෙන විට දැනෙන තිගැස්සෙන සුළු භීතිය මා මෙන්ම ඔබද අත් විඳ ඇතැයි සිතමි. විශාල එනසාල් පත් මතට මහ හඬ නංවමින් ඇද වැටෙන වැසි බිඳු, අඳුරු වනාන්තරය තුළ වන භංයකරත්වය ගුණාකාරව වැඩි කර දුන් අතර කිසිදු මග සළකුණක් නොපෙනෙන, බැලු බැලු අතින් එනසාල් ...
අවුරුදු සිඩ්නි සිතුවිලි ( 2012 අප්‍රේල් මස 15 වැනිදා ඉරිදා )මධ්‍යම දුම්රිය පළෙන් පෙනන්ට් හිල්ස් බලා දිවෙන දුම්රියකට ගොඩ වැදුණේ සිඩ්නි නුවර ශ්‍රී ලාංකිකයින්ගේ අවුරුදු උත්සවයට යන්නට ය. කිසිදු කිරිබතක්, කැවුම් ගෙඩියක් නොදුටු ජීවිතයේ ප්‍රථම සිංහල අවුරුද්ද මෙයයි. සිඩ්නි දුම්රිය ගමන් තරමක් හුරු වී තිබුණ ද පෙනන්ට් හිල්ස් ගමන තරමක දිගු කාලයක් ගන්නා එකකි. මධ්‍යම දුම්රිය පළෙන් පිටවන දුම්රිය, උමං මාර්ගයක් ඔස්සේ ...
ඩාලින් හාබරය දෙසට ඇවිද යාම සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් මස 08 වැනිදා ඉරිදා)කලින් තීරණය කරගෙන උන්නාක් මෙන් හිරු උදාවත් සමග කුසීතකම හා පාළුව ඔබ වෙත පැමිණ සිටිනු ඇතැම් උදෑසනවලදී ඔබට දකින්නට ලැබෙනු ඇත. සමාගමයට කෙතරම් අකමැති මොහොතක වුව මෙම මිතුරන් දෙපළ පැමිණි පසු පිටත් කරවීම පහසු කරුණක් නොවන බවත් ඔබටම වැටහී යනු ඇත.නිවැසියන් හා නෑ මිතුරන්ගෙන් දුරස්ථව ගෙවෙන කාලයේ දී හමුවට එන මෙම සමාගමය ලෙන්ගතු මිත්‍ර සමාගමයක් ...
තවත් එක් සිකුරාදාවක් නොවුණු සිකුරාදාවක්! සිඩ්නි සිතුවිලි (2012 ජූනි 29 වැනිදා)දිනය එළැඹී හෝරා දෙක තුනක් ගතව තිබිණි. කිසි දින අත් විඳ නොතිබුණු ශීත සමයකට මාහට සූදානම් ව සිටින්නැයි හඟවමින් පෙර දිනයට වැඩි ශීතයක් නිවස වෙලා ගනිමින් සියලු කාමර සහ විසිත්ත කාමරය පුරා සිය අණසක පතුරමින් සිටින බව මට පෙනෙන්නට තිබිණ. ස්ථිර පසුබිමක් සාදා දෙන රැකියාවක් පිළිබඳ සඳහනක් තවමත් නැත. විශ්වවිද්‍යාලය දෙසට පා එසවීම කිසිදු අරමුණකින් තොර ...
ඉසිඹුවකට අවසර! සිඩ්නි සිතුවිලි සිඩ්නි ශීෂ්‍ය දිවියේ අවසන් ශීත සෘතුව පැමිණ ඇත. ශීතයෙන් මිදීම සඳහා ඇඟලාගත් උණුසුම ගෙනෙන ඇඳුම් ද මද වූ තැන මම පසෙක වන කුඩා තාප ජනකය ක්‍රියා කරවමි. පසුව යළි දෙනෙත ඉදිරිපස ඇති කුඩා පරිගණක තිරය මත අලවමි.ගෙවී යන කාලය පිළිබඳ සංඥා සපයන කුඩා ඩිජිටල් ඔරලෝසුව මේස කොණකට වී රත් පැහැ අංක පුවරුව දල්වා මදෙස බලා සිටියි. ඉන් දෙනෙත් පසෙකට ගෙන ...
ශීතයත් සමග පත්තර... සිඩ්නි සිතුවිලි නිහඬ පාළු මාවතෙහි ඈතට නෙත් යොමු කළ මම කිසිවකු හෝ දකින්නට වෙත්දැයි විමසා බැලුවෙමි. වේලාව රාත්‍රී අට පසුවෙමින් තිබිණ. වීදි ලාම්පු, නිශ්චිත දුරින් යුක්තව රැඳෙමින්, සමාන ආලෝක කදම්භ නිකුත් කරමින් අඳුර නසා දමා තිබුණ ද කිසිදු මිනිස් රුවක් මගේ නෙතට හසු වූයේ නැත. අතැති පත්තර සහ දැන්වීම් බන්ඩල අතරින් එකක් ගත් මම එය මගේ ඉදිරියෙහි වූ නිවසේ ලියුම් පෙට්ටිය පසෙක ...
චෙස් පොඩ්ඩෝ සිඩ්නි සිතුවිලි 2012 මැයි 05 වැනිදාදුම්රිය මැදිරිවල දිනකට කෙතරම් වේලාවක් ගත කරන්නට වෙත්දැයි මට අදහසක් නැත. උතුරු දිගට හෝ බටහිර දෙසට දිවෙන සිඩ්නියේ ප්‍රත්‍යන්ත දුම්රිය මාර්ග ඔස්සේ මට නියමිත පාසැල් වෙත යන්නට පුළුවන. වෙරළාසන්න කූගී පෙදෙස වෙත හා රැන්ඩ්වික් වෙත යන්නට පමණක් දුම්රිය මගක් නොමැති අතර මා එපෙදෙස්වලට යා යුතුව තිබුණේ බස් රථයෙනි.නෝමන්හර්ස්ට්, කූගී, රැන්ඩ්වික්, චැට්ස්වුඩ් සහ බීක්‍රොෆ්ට් යන ප්‍රත්‍යන්ත නගරයන්හි ...
‘වොලොන්ගොන්‘ සිඩ්නි සිතුවිලි - 2012 මැයි 09 වැනිදා -සාමාන්‍ය ගමනකදී මා ගොඩ වදින දුම්රිය මැදිරියකට වඩා සුවපහසු දුම්රිය මැදිරියේ අසුන්ගත් මම වේදිකාවේ පියස්සට සවි කොට ඇති ඩිජිටල් ඔරලෝසුව දෙස බැලීමි. දුම්රිය පිටව යාමට තව මිනිත්තු කිහිපයක් ඇත. සෙමෙන් ඇවිද එන මගීහු කිසිදු කලබලයක් නොපෙන්වමින් මැදිරි දොරටුවලින් ඇතුළුව බොහෝ හිස් අසුන් සහිත මැදිරියේ තමනට උචිතයැයි හැඟෙන අසුන් සොයමින් ඔබ මොබ සරති. විශාල සුපැහිදිලි දුම්රිය ...
‘වසන්තය, ගිම්හානය, සිසිරය, ශීතය හා... යළිත් වසන්තය‘ සිඩ්නි සිතුවිලි (2012 අප්‍රේල් මස 24 වැනිදා) රීජන්ට් වීදියේ කෙළවරින් පැරමටා පාරට හැරුණු මම විශ්වවිද්‍යාලය වෙත පිය එසවීමි. රීජන්ට් වීදියේ නවාතැනේ සිට විශ්වවිද්‍යාලය වෙත ඇවිද යාමට ගතවන්නේ විනාඩි පහළවක - විස්සක කාලයකි. ප්‍රධාන නගරයෙන් පිටව නිව් ටවුන් දෙසට යන බසයක නැගී ඒ වෙත යාමට ගතවන්නේ විනාඩි කිහිපයක් වුව ඒ සඳහා ගෙවිය යුතු මුදල විශාල හෙයින් බස් නැවතුම දෙස නොබලාම මම පෙරට ඇවිද ...
මතක සිතුවම් සිඩ්නි සිතුවිලි (2012 ජූනි)දයි සවෙත් - ගෝල්ඩන් සලම්බර්ස් චිත්රපටයෙන්රීජන්ට් වීදිය සුපුරුදු අඳුරු වැහිබර සන්ධ්‍යා කාලය පිළිගන්නට සූදානමින් මෙන් මග දිවෙන වාහන සංඛ්‍යාව පහළ දමා ඇත. සමාගමයට කිසිදු මිතුරකු නොමැති නවාතැනින් මා පිටතට ඇදී වීදියට බැස තිබුණේ පුරුද්දට මෙනි. සිහිල් සුළං රැල්ලක් ද සමගින් සිඟිති වැහි බිඳු කිහිපයක් පාළු වීදිය දෙපස වුණු උස් ගොඩනැගිලි අතරින් වීදියට බසින්නට පටන් ගත්තේ වීදියේ වූ පාළුව හා ...
බටහිර දෙසට පළමු වරට...! සිඩ්නි සිතුවිලි දුම්රිය ස්ට්‍රැත්ෆීල්ඩ් දුම්රියපළ පසු කරමින් තිබිණි. සිඩ්නි චෙස් ඇකඩමියේ කටයුතු පිණිස බටහිර දෙසට ඇදෙන දුම්රියක නැගී ආ කාලයේ මා පැමිණ තිබුණේ බර්වුඩ් දුම්රියපොළ වෙත පමණි. ස්ට්‍රැත්ෆීල්ඩ් යනු බර්වුඩයට පසු හමුවන දුම්රියපොළ ය. එය පොල්ගහවෙල නැතිනම් මහව හන්දිය දුම්රියපොළ සිහි කළේ එක් ඉලක්කයක් ඔස්සේ ඇදී ආ දුම්රිය මග දෙපසකට බෙදා හරිමින් ගමනාන්තයන් දෙකක් වෙත දුම්රිය යොමු කළ හෙයිනි. බටහිර දෙසට විහිදුණු ...